BREAKING NEWS

අගමැතිගෙන්- ජනාධිපතිගෙන් හිඟා කාලා ඇප ලබා ගැනීමේ උවමනාවක් අපට තිබුණේ නැහැ

අගමැතිගෙන්- ජනාධිපතිගෙන් හිඟා කාලා ඇප ලබා ගැනීමේ උවමනාවක් අපට තිබුණේ නැහැ
– ජානිපෙ නායක විමල් වීරවංශ
මාස තුනක් සිරගතව සිට අධිකරණයෙන් ඇප ලබා ගත් තමාට අගමැති හෝ ජනපතිගෙන් හිඟා කා ඇප ලබා ගැනීමේ උවමනාවක් නොතිබූ බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
අද (07) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැරි අවස්ථාවේ දින 87කට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.
“ මට ඇප ලබා දෙන්න කියලා නීතිඅංශවලට අගමැතිවරයා උපදෙස් දී ඇත්නම් එයින් පැහැදිලි වෙන්නේ, මාව දින 87ක් රඳවාගෙන ඇත්තෙත් ඔහුගේ උපදෙස් මත බවයි. අධිකරණයේ ස්වාධීනත්වයට ඉන් ඔහු කර ඇති අවමානය ඉතාමත් බරපතළයි. අද පළව ඇතැයි කියන ප්‍රවෘත්තියෙන් පෙනී යන්නේ බළලා මල්ලෙන් එළියට පැන ඇති ආකාරයයි.
ඒ වගේම කියන්න ඕනෙ අපට අගමැතිවරයාගෙන් පමණක් නොවෙයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් හෝ හිඟා කාලා ඇප ලබා ගන්න කිසිඳු උවමනාවක් නැහැ. අපි මාස තුනක් හිරේ හිටියේ ඒ අයගෙන් හිඟා කාලා ඇප ලබා නොගත්ත නිසයි. අධිකරණයෙන් ලැබුණු ඇපවල ලකුණු දමාගන්න කවුරුහරි බොරු ෂෝ දමනවා නම් ඒක ඉතා පහත් පෙළේ උත්සාහයක්.
ඒ වගේම මම ස්තූතිවන්ත වෙනවා අගමැතිතුමාටත් ජනපතිතුමාටත් කිසිඳු පිළිගතහැකි චෝදනාවකින් තොරව මාව මාස තුනක් හිරේ දාලා මේ රටේ දේශපාලනයේ ඉදිරි පරිච්ජේදය නව ජවයකින් ආරම්භ කිරීමට අවස්ථාව උදා කර දීම පිළිබඳව. අපි මතක්කර දෙන්න ඕනෙ එක කාරණයක්.“ උඳුන රත් වුණාට පස්සේ තමයි වානේ හොදට පදම් වෙන්නේ.” “ උඳුන ” රත් කරපු ඒ සියලුම මහත්වරුන්ට මම මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ අවනීතියේ අවනඩුවේදී අපට සහාය දැක්වූ සියලුම මාධ්‍ය ආයතනවලටත් අසත්‍ය පුවත් මවමින් අපට මඩ ගසා අපේ සිතට ධෛර්යයක් ගෙනනදුන් ඇතැමුන්ටත් අප ස්තුතිය පුද කරනවා.”
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා
ප්‍රශ්නය:- අද අධිකරණ පද්ධතිය ස්වාධීනද?
අද පුවත්පත් ගණනාවක තිබෙනවා ‘අගමැතිවරයා විමල් වීරවංශට ඇප ලබා දෙන ලෙස නීති අංශවලට උපදෙස් දුන්නා’ කියා. ඒ ප්‍රවෘත්තිය නිවැරදි නම් ‘අධිකරණය ස්වාධීනයි’ කියන අපේ සිතුවිල්ල ප්‍රශ්නාර්ථයකට ලක් වෙනවා. අධිකරණය ස්වාධීන නම් විමල් වීරවංශට ඇප ලබා දීමට අගමැතිවරයාට උපදෙස් දෙන්න බැහැනේ. ඒ නිසා ඔබ ‘අධිකරණය ස්වාධීනද?’ කියන ප්‍රශ්නය ඇසිය යුත්තේ. විමල් වීරවංශට ඇප ලබා දීමට උපදෙස් දුන්නැයි කියන අගමැතිවරයාගෙනුයි.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-04- 07

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    ප්‍රියතම මන්ත්‍රීතුමා, මට මේකට comment එකක් තියෙනවා. හැබැයි, පරක්කු කලේ උවමනාවෙන්මයි. ඔබ තාම අසනීපෙන් නිසා. දවස් ඉවර වෙනකොට ඒක දාන්නම්, හෙටට කියවන්න. ඔබට ශ්‍රී දළදා සමිඳු පිහිටයි.

    • Champa Reply

      අඳුරු අහස එලිය කරන්
      ඔබ පායා ආව වගයි
      රට නිදි කල නොනගතයට
      නැවතීමක් වැටුණු හැඩයි

      ඔබ නොසිටියෙ මාස තුනයි
      පරගැතියන් පිනුම් ගසයි
      රණවිරුවන් බිලි ගන්නට
      මැතිසබයට පනත් ගෙනෙයි

      පොලීසියයි උසාවියයි
      සිපිරි ගෙයයි ඔබට හුරුයි
      ආව ගමන බොහොම දුරයි
      නැවතුම ඔබෙ රජ ගෙදරයි

      පීනන්නට කාලේ හරියි
      මුහුදට ඔබ බැසිය යුතුයි
      තනි ගමනක් අරඹන්නට
      අඩිතාලම දැමිය යුතුයි

      රට ඉහගෙන වළඳනවා
      කොළ අලියයි අත ලකුණයි
      මතු පරපුර වෙනුවෙන් ඔබ
      පෙරමුණ අර ගතයුතුමයි

      විසිරුණු දන එකතු කරන්
      බලයක් ගොඩ නැගිය යුතුයි
      මහ සම්පත් රටක් වටින
      විකුණන්නට නොදිය යුතුයි

      පරම්පරාවෙන් රැක ගත්
      ඉඩම් අහිමි වෙන්න ලඟයි
      රට විකුණන බව දැක දැක
      නීරෝ වීනාව වයයි

      නිසි දැක්මක් නැති පරපුර
      ඉතිහාසෙට දැමිය යුතුයි
      මතු පරපුර රැකගත් බව
      ඔබෙ අකුරින් ලිවිය යුතුයි

      (විමල්, මගේ කවිය පොඩ්ඩක් පරක්කු වුනා).

  2. Champa Reply

    විමල්, ඔබට අධිකරණයෙන් ඇප ලැබුනේ දින 9ක් නිරාහාරව ඉඳිමින්, යුක්තියම ඉල්ලමින් ඔබ කල සටනේ ජයග්‍රාහී ප්‍රතිඵලයක් විදියට.

    ඔබටම විශේෂ කරලා අධිකරණයට කල බලපෑම් නවත්තන්න ඒවා කල මිනිස්සුන්ට සිද්ධ වුනා. එක්තරා පැහැදිලි රටාවකට දිනෙන් දින කල් දැමුණු ඔබේ නඩුව, එක පිට එක ප්‍රතික්ෂේප කල ඔබේ ඇප ඉල්ලීම් තවදුරටත් ඒ විදියටම කරගෙන යන්න අධිකරණයට අපහසු වුනා. ඔබ නමවෙනි දිනටත් ඔබේ උපවාසය අරන් යනකොට, මුළු රටටම පෙනුනා ඔබට කළ අසාධාරණය සහ ඔබ ජීවිතය ගැනත් තැකීමක් නැතුව අයුක්තියට, අවනීතියට, අසාධාරණයට එරෙහිව නැගී සිටීම. ඔබ මොන තරම් ප්‍රබල විදියට ඔබේ සටන සමාජයට කාවද්දුවාද කිව්වොත් දින 80ක් තිස්සේ ඔබට වෙන අසාධාරණය ගැන නොතකා හිටපු ලංකාවේ සමහර නමගිය හාමුදුරුවරුන්ට සිද්ධ වුනා ඔබේ සටන ඉදිරියට ගෙනියනවා කියලා පොරොන්දු වෙලා, ඔබේ ජීවිතය බේරන්න මැදිහත් වෙන්න, මහජන නැගිටීමකට ඉස්සෙල්ල ඔබේ උපවාසය නවත්තන්න.

    ඔබ අවනීතියට එරෙහිව උපවාසයක් නොකරන්න ඔබේ මේ ඇප ඉල්ලීමත් ප්‍රතික්ෂේප වෙන්න තිබුනා. ඒ මොකොද කිව්වා නම්, ඔබේ දරුවාගේ මානසික තත්වය කියලා මේ ඇප ඉල්ලීම ඉදිරිපත් කලාම, ඒක වෙන කිසිම කෙනෙකුට නොකළ විදියට දවස් 10කින් කල් දැම්ම. අධිකරණයට බලපෑම් කල නොමිනිසුන් හිතන්න ඇති ඔබ උපවාසේ නවත්තයි කියල. හිතන්න නැතුව ඇති ඔබ දවස් 9ක් සහ හාමුදුරුවරු මැදිහත් නොවුනා නම් ඊටත් එහාට වුනත් නිරහාරව ඉන්න තරම් ඔබට ආවේගයක්, අසාමාන්‍ය චිත්ත ශක්තියක් ඇති කියලා.

    තනිකරම ඔබටම ආවේනික ඔබේ තනි ශක්තියෙන් ඔබ අයුක්තිය පරදා යුක්තිය දිනා ගත්ත කියන එක, මේ තාක් ඔබ රට වෙනුවෙන් කල උදාර සටනට, අප්‍රමාණ මෙහෙවරට සහ අසාමාන්‍ය කැපකිරීමට කරන ගෞරවයක් විදියට සටහන් කරන්නට කැමතියි.

    ඔබට සහයෝගය දීපු මාධ්‍ය තිබුනා. නමුත් මාධ්‍ය සදාචාරය, මාධ්‍ය නිදහස ගැන මහා ඉහලින් කතා කරන ලංකාවේ ‘ජාතික පුවත්පත්’ කියලා හිතා ඉන්න පත්තර ලෝකයේ දැවැන්තයන්, නමින් සඳහන් කරනවා නම්, Daily Mirror, Sunday Observer, Sunday Leader (I saw only these) and Divaina news item on the 7th, ඔබේ නඩුව ගැන පලකල අවස්ථාවාදී, අන්තවාදී, පක්ෂග්‍රාහී, වෛරයෙන් මුසපත් වුනු, ද්වේශ සහගත, ඉතාම පහත්, නිර්ලජ්ජිත ලිපි ඉතාම පිළිකුල් බව කියන්න ඕනේ. මාධ්‍යකට වැටෙන්න පුළුවන් අන්තිම පහත් තත්වෙට වැටුනා, කොයි තරම් පහත්ද කිව්වොත් ඒ කරුණු වැරදි කියල මම යවපු rebuttal එකක්වත් පල නොකරන්න තරම් පක්ෂග්‍රාහී වුනා. (Sunday Leader විතරයි comment එක දැම්මේ. පස්සේ තිබුණු ඒවාට මම ලිව්වේ නැහැ, ඒ කියපු දේවල් ඔබේ උපවාසය සම්බන්ධ සහ වෙනත් කිසී වැදගත් කමක් නොතිබුණු දේවල් නිසා).

    සමහරු ඔබේ දින 9 මේ උපවාසය කලින් 2010 උපවාසයට සමාන කලා. ඔබට එදා තිබුණු තරම් ජන සහයෝගයක් නැහැ කිව්වා. හැබැයි ඔවුන් උවමනාවෙන්ම මඟ ඇරියා වැදගත්ම කරුණ. ඔබ මේ වතාවේ උපවාසය කලේ එළිමහන් තැනක නෙමෙයි, මිනිස්සුනට නොපෙනෙන බන්ධනාගාරයේ කියලා, ඊට පස්සේ සාමාන්‍ය මිනිස්සුන්ට යන්න බැරි බන්ධනාගාර රෝහලේ කියල. ඊටත් පස්සේ තමයි මිනිස්සු ඔබව දැක්කේ ජාතික රෝහලට ගෙනවහම. මිනිස්සුන්ට ආවේගයක් ඇතිවුනේ ඔබව දැක්කහම. විමල් මට හිතෙන්නේ මිනිස්සුන්ව ග්‍රහණය කරගන්න, ආකර්ෂණය කරගන්න ඔබට තියෙන හැකියාවට මේ හැමෝම බයයි කියලා.

    ඔබේ නඩුව ගැන මේ පුවත්පත් පලකල ලිපි මෑත ඉතිහාසයේ කිසිම දේශපාලකයෙකුගේ හෝ වෙනත් කෙනෙකුගේ නඩුවක් සම්බන්ධයෙන් නොකළ ඉතාම දරුණු සහ අවිචාරවත් විදියට අධිකරණයට කල අත පෙවීමක්. මේ වගේ නෙමෙයි මහා පරිමාණ වංචා දූෂණ ගැන තිබුණු නඩු ගැන මේ පුවත්පත් කට හෙල්ලුවේ නැහැ. අනිත් හැමෝටම අදාළ, “උසාවියෙන් වරදකරුවෙකු කරනතුරු හැම චුදිතයෙක්ම නිර්දෝෂියි” කියන සිද්ධාන්තය මේ පුවත්පත් ඔබට වලංගු කලේ නැහැ. ඔබේ නඩුව ගැන අමූලික බොරු ලිව්වා. දරුවෙකුගේ මානසික බිඳ වැටීම ඇප ලැබිය යුතු හේතුවක් විදියට නීතියේ නැහැයි කියල බොරු ලිව්වා. ඇප දෙන්න පුළුවන් කාරණාවකට නඩු දමලා තිබුණ ඔබේ නඩුවට ඇප දෙන්න බැහැයි කියල බොරු ලිව්වා. ඔබේ නඩුවේ කරුණු දාල ඒවාට ඔබ වරදකාරයෙක් කරලා ලිව්වා. කොටින්ම උසාවියේ තියෙන ඔබේ නඩුව ගැන පාඨකයා නොමඟ යවන විදියේ පට්ටපල් බොරු කිසි හිරිකිතයක් නැතුව ලිව්වා. අධිකරණයට බලපෑමක් වෙන විදියට ඔබේ නඩු තීන්දුව මේ පුවත්පත් ලිපි වලින් වේලාසනම දීල තිබුන.

    How do I describe the fate of these Newspaper Giants like “Divaina”, “Daily Mirror”, “Sunday Observer” and “Sunday Leader” other than;

    “A Free Fall from Media Grace”? If not,
    “A Pathetic End to Weerawansa Slandering” or
    “A Weerawansa Smear Campaign that Falls Flat on the Face” or
    “A Failed Attempt to Turn Justice into a Fast-moving Media Comedy” or
    “Overestimating Themselves for Misleading Readers” or
    “Bailcontrol”

    (Sounds familiar guys? Your own Titles sound superb when turned into my own version).

    ඔබව දිගින් දිගටම සිරගත කරවලා තියා ගන්න මේ පුවත්පත් අධිකරණයට කරපු බලපෑම පරද්දලා, අවනීතිය පරද්දලා ඔබට ඇප ලැබුනේ අනිත් හැම පුරවැසියෙකුටම හිමි නීතියේ සමානාත්මතාවය ඔබට විතරක් නොදී ඉන්න අධිකරණයට නොහැකි වුනු නිසා. වඩා විස්තර සහිතව කියනවා නම්, අර ඉහත ලිපි වලින් වැහුණු සත්‍යය එලියට ආපු නිසා. ඔබේම නඩුවේ අනිත් විත්තිකරු තමන්ගේ 12 හැවිරිදි දරුවාගේ මානසික තත්වය (depression) ගැන කියලා ඉල්ලපු ඇප ඉල්ලීම, මේ උසාවියම කිසි ප්‍රශ්ණයක් නැතුව පිලි අරන් ඔහුට ඇප දීපු නිසා, අධිකරණයට ඔබේ ඇප ඉල්ලීම නීතිමය සිද්ධාන්ත අනුව මේ වතාවේ ප්‍රතික්ෂේප කරන්න බැරි වුනා. අනිත් එක වෙනත් කිසිම නඩුවාරයකට වඩා මේ වතාවේ ලංකාවම බලා හිටියා ඔබේ නඩු තීන්දුව දිහෑ.

    අවනීතිය පරදා මේ වතාවේ ඔබට යුක්තිය ඉෂ්ඨ වෙයි කියල හිතපු “දිවයින” පත්තරේට මං හිතන්නේ හිතුන අධිකරණය හෑල්ලු කරලා ඔබේ නඩු තීන්දුවට වෙනස් අර්ථකතනයක් දෙන්න. වෙනත් විදියකට කිව්වා නම් වෙන කෙනෙකුට credit එක අරන් දෙන්න, තවත් කෙනෙකුගේ උවමනාවට. ඒකයි කියලා තිබුනේ රනිල් කිව්වා කියල ඔබට ඇප දෙන්න කියල, නීති අංශ වලට ඒ විදියට නඩු තීන්දුව දෙන විදියට කටයුතු සූදානම් කරන්න කියල. හැබැයි ඒ කතාවම පාරාවළල්ලක් වෙලා රනිල් අධිකරණයට අත පොවන බවත්, “දිවයින” පුවත්පත ඊට විරුද්ධ නැති බවත්, අධිකරණය ස්වාධීන නොවෙන බවත්, අපක්ෂපාතී නොවෙන බවත් ඔප්පු වෙන හොඳම සාක්කිය වුනා. මාධ්‍ය ඒ ගැන අහපු වෙලාවේ විමල් දීපු උත්තරේට මම හුඟක් කැමතියි. It was a superb reply.

    දන්නවද විමල් මම ඔබව දාලා යන්නේ නැත්තේ ඇයි කියලා. ඔබට කරන මේ පලිගැනීම්, නින්දා අපහාස, හෑල්ලු කිරීම් වලට මට ඉවසගෙන ඉන්න බැරි තරම් තදින් කේන්ති යන නිසා. මට ඒවාට උත්තර දෙන්න ඕනේ නිසා. කේන්ති ගියාම මම bulldozer එකක් වගේ යන්නේ. හැබැයි මම වෙන තැනක අද ලියපු එකක් නම් ඉවසීමෙන්, diplomatically ලිව්වා.

    මට ඇත්තටම ඔබට ලියන්න තවත් දෙයක් තියෙනවා. ඒ ටික වෙනම ලියන්නම්. මගේ හැටි දන්නවනේ. මම ලියන්න ගත්තහම නවත්ත ගන්න හරිම අමාරුයි. මට තවත් එහාට තවත් කරුණු තියෙනව ඕනේ නම් ඔබේ නඩුව රටේ අනිත් පුරවැසියන්ට අදාළ විදියට ලියන්න.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ගත්තොත් වරදකරුවෙකු නොවී ඔබේ සේවය ඡන්දදායකයන්ට මේ විදියට දිගින් දිගටම අහිමි කරන්න බැහැ.

    විමල්ගේ ඡන්දදායකයන්ට ඕනේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න තිබුන තමන් ලංකාවේ තුන්වෙනියා විදියට වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත් කල, රටේ ඒකීයභාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන්, වටිනා ජාතික සම්පත් රැක ගැනීම වෙනුවෙන්, රට විදේශිකයන්ගේ කොලනියක් කිරීමට එරෙහිව සහ රණවිරුවන් වෙනුවෙන් නොනවතින සටනක් කල ලංකාවේ ජනප්‍රියම විප්ලවවාදී මන්ත්‍රීවරයා, ඇප දෙන්න පුළුවන් කාරණාවකට ඇප නොදී දිගින් දිගටම රිමාන්ඩ් බන්ධනාගාරයේ අගතිගාමී ලෙස තබා ගැනීමෙන් ඔහුගෙන් පෞද්ගලිකව තමන්ගේ මැතිවරණ දිස්ත්‍රික්කයටත්, පොදුවේ මුළු රටටත් ඉටු වියයුතු වටීනා සේවය වලක්වලා තමන්ගේ සිවිල් සහ දේශපාලන අයිතීන් උල්ලංඝනය කළා කියල.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නියෝජනය කරන්නේ ගස්වැල්, කඳුහෙල්, යකඩ කූරු නෙමෙයි තමන්ගේ ඡන්දදායකයන්ව. ඡන්දදායකයන්ට අයිතියක් තියෙනවා තමන් පත් කල මන්ත්‍රීවරයාගේ සේවය දේශපාලන පලිගැනීම් මත උවමනාවෙන්ම තමන්ට අහිමි කරලා නම්, ඊට විරුද්ධ අධිකරණයට යන්න.

    An attempt to severe Voter-MP interconnection is deprivation of the civil and political rights of both parties as it has a clear nexus to enjoying their Constitutional Rights.

    විමල්, ඔබ සිරගත වෙලා හිටපු මාස තුනට රටේ තත්වය තිබුනට වඩා හුඟක් පහලට වැටිලා. ජනතා හඬ අඩපණ කරලා. ආණ්ඩුවට තර්ජනයක් නොවෙන තෝරාගත් හඬවල් ටිකක් විතරයි ඇහෙන්න සලස්වලා තියෙන්නේ. මම මේකට පස්සේ ලියන්නම්. විසඳුමක් ඕනේ විමල්. මේ විදියට අපේ ඇස පනාපිට අපේ දේවල් අහිමි වෙලා යන්න, රට විනාශ වෙන්න ඉඩ දෙන්න බැහැ. ඔබ කිව්වා නව ජවයකින් වැඩ කරනවා කියල. ඒ කතාවට මම හරිම කැමතියි. ඔබට හුඟක් ආදරෙන් සුභ පතනවා.

    • Champa Reply

      Someone asked me why did I mention the Media Institutions “by name”.

      Some Media can’t stand readers/viewers talking about the truth. As someone from the general pubic, I have every right to defend Wimal against slandering.

      If Media can name and shame Wimal and publish details of his case, pre-decide and try to influence the Judiciary and mislead citizenry, I also have a right to “expose Media Institutions by their names”.

      Because they should understand as to how much they could have damaged the image of Wimal who is a sitting Member of Parliament, by promoting smear campaigns, publishing erroneous details.

      Being prejudicial on a Court Case is very harmful to the individuals accused and the society as a whole. They should have first thought what will happen if the situation is reversed.

      Therefore, these Media Institutions should learn to act with responsibility, especially when relating to Court cases. They should be role-models to the society. I am not a journalist, but a normal citizen. This is how I perceive this matter.

      I only replied Wimal’s smear campaigners “in the same strength” they attacked him. If someone can’t take it or think it is too harsh or damaging, then they should understand how painful it could be to the other person (the victim), his supporters like me and his voters.

      People who live in glass houses shouldn’t throw stones at others.

      Those who are unable to respect the rights of others, should not claim their right to criticize others. The malicious slandering and smear campaigning in politics and Media should be stopped.

      (Wimal, as a politician, seems to have used to this type of slandering and unfairness who takes them as added strength but I am shocked. I saw this happening to Army Officers who were arrested, too. Media can ruin some people’s lives completely by giving a wrong impression to the public that they are responsible for corruption, fraud, torture and murder. Media should learn to act with responsibility. Having said that people are now way ahead of Media in critical, analytical and rational thinking).

      • Champa Reply

        විමල්, ඉස්සෙල්ලම කරන්න ඕනේ දෙයක් අන්තිමට වෙලා වගේ පේනව. ඔබේ නඩුව ජනාධිපති නීතිඥයෙකුට බාර දීම. මම දන්නේ නැහැ ඔබට වෙන මොන නඩු වැටෙයිද කියල ඉස්සරහට. මට හරියට මතක නැහැ, තව නඩුවක්ද දෙකක්ද තියෙනවා නේද මැයි මාසේ?

        මම හිතන්නේ විමල් මීට පස්සේ නඩු වලට ඔබ අන්තිමට කරපු දේ ඉස්සෙල්ල කරන්න. ජනාධිපති නීතිඥයෙක් වගේ හොඳ reputed lawyer කෙනෙක් කතා කලාම, මොන දේශපාලන බලපෑමක් තිබුනත් මම හිතනවා විනිශ්චයකරුවන්ට අර මතු කරන නීති තර්ක වලට එරෙහිව ගිහින් වෙන කවුරුවත් කියන විදියේ තීරණ ලබා දෙන්න බැහැ කියලා. ඒ අතින් විනිශ්චයකරුවන්ටත් සාධාරණයක් ඉෂ්ඨ වෙනවා. මේ කතාව සාධාරණ නැහැ, ස්වාධීන, අපක්ෂපාතී අධිකරණයකට. නමුත් දැන් ලංකාවේ අධිකරණය ගැන මිනිස්සුන්ගේ විශ්වාසය බිඳිලා නිසා සහ ඔබේ නඩුවෙ පෙර තීන්දු වලින් තවදුරටත් බිඳී ගිහින් තිබුන නිසා මේ ක්‍රමය තෝරා ගන්න වෙනවා. අනිත් එක මාධ්‍ය හරහා ඔබේ නඩු වලට අනිසි බලපෑමක් වෙනවා නම්, ඒ ගැනත් මේ වගේ නීතිඥයෙක් හරහා ඔබට උසාවියට දැනුම් දෙන්න පුළුවන්. (ඔබ ඒවා ගණන් ගන්නේ නැහැ කීව්ව. ඒ වුණත් ඔබ තරම් පොලීසි, උසාවි, කොමිසම්, සිර ගෙවල් වලට ගිය කෙනෙක්වත්, නින්දා අපහාස, අවමාන, අවලාද, කරදර හිරහැර විඳි කෙනෙක්වත් මම මේ අවුරුදු දෙකට දැක්කේ නැහැ. ඒකයි එහෙම කිව්වේ).

  3. Champa Reply

    ප්‍රියතම මන්ත්‍රීතුමා, පොඩ්ඩ ඇත්නම් කොක්ක වගේ තරහා වෙන නිසා, මගේ comment එක ලියන්න ඉස්සෙල්ල මේ ටික ලියන්න හිතුවා. ඒ මොකොද කිව්ව නම් අතන වගේ මෙතැන කවුරුවත් නැහැනේ මාව බේරා ගන්න.

    මම මේ ලියන්නේ NFF ඉදිරි වැඩපිළිවෙළ ගැන, අර මාධ්‍ය වලට කියපු “ලංකාවේ ඉදිරි දේශපාලන පරිච්ජේදය” කියල කිව්වේ මොකක්ද කියල දන්නේ නැතුව. අළුත් පිටුවක් පෙරලනවද? ඇත්තම කියනවා නම් A New Chapter කියලා වචනයක් මගේ හිතෙත් තිබුනා. ඒ පිටුව මටත් හරියන පිටුවක්ද? කළු සුදු පිටු වලට මං කැමති නැහැ. ලියවැල් තියෙන විචිත්‍ර පිටු වලට තමයි මම කැමති. මම දේශපාලකයෙක් නෙමෙයිනේ. ඒ හින්දා දේශපාලකයෝ හිතන විදිය මං දන්නේ නැහැ. ඒ හින්ද මේවා මගේ අදහස් විතරක් විදියට සලකන්න හොඳද.

    මට කියන්න ඕනේ මේක. විමල් මම ගොඩක් කාලයක් පෙබරවාරි 18 ගැන කතා කළා. සමහරු එහෙම කතා කරනවට අකමැති වුන. මම කිව්වේ ඔබ රට වෙනුවෙන් මහ ජන පවුරක් පෙබරවාරි 18 ගොඩ නැඟුවා. එදා නුගේගොඩට ස්වේච්ඡවෙන් ගලා ආපු දෙගොඩ තලා යන ජන ගඟටයි මුළු රටටමයි ඔබ දීපු ගැම්ම තමයි අදටත් තියෙන්නේ. ගම දනව් පුරා විතරක් නෙමෙයි, සත් සමුදුර එපිටත් ඇහුනු, සත්කුළුපව් පවා හෙලවපු ඔබේ සද්දෙට අහිංසක මම හිටපු ගොළුබෙලි කට්ටත් පුපුරල මාත් අර ජනගඟටම වීසි වුනා. ඒ කතාව මගේ හිතට කොච්චර තදින් වැදුනද කිව්වොත් (මේක ලියන ගමන් ඒ කතාවේ අග කොටස් ආපහු ඇහැව්වා), මට වැඩියම හිතට වැදුනේ “මේ ලක් පොලොව, මේ මව් පොලොව, දළදා හාමුදුරුවෝ වැඩ ඉන්න ලක් පොලොව, ජය ශ්‍රී මහා බෝධිය වැඩ ඉන්න ලක් පොලොව” තව ” අපේ මේ ඇඟේ දුවන ලේ, අපේ ජාන, අපේ වීර මුතුන් මිත්තන්ගෙන් පැවතෙන ලේ”. එදාට කලින් මම මේ වගේ දේවල් මේ වගේ කතාවක් කවදාවත් අහලා තිබුනේ නැහැ. ඒ හයියට තමයි තාම ඉන්නේ. මගේ විතරක් නෙමෙයි මුළු ලංකාවේම මිනිස්සුන්ගේ හිත් වෙනස් කරන්න, රටට ආදරේ මිනිස්සුන්ගේ ඒ ආදරේ තව තවත් වැඩි කරවන්න, රට ගැන නොහිතපු මිනිස්සුන්ගේ හිත්වල රට ගැන ආදරයක් ඇති කරවන්න, රට වෙනුවෙන් කතා කරන්න, විරෝධය දක්වන්න, ඉදිරියට එන්න හේතු වුනේ ඔබේ ඒ ඓතිහාසික කතාව.

    දෙවැනි එක අගෝස්තු 1 පාද යාත්‍රාව. මේකෙත් සියයට 95කටත් වඩා මිනිස්සු ආවේ ස්වෙච්චාවෙන්. දවස් 5ක් තිස්සේ නුවර ඉඳන් කොළඹටත්, කිලෝ මීටර් 113ක් විතර නුවර පාර දිගටත්, ලිප්ටන් වටරවුමේ අන්තිම රැලියටත් එකතු වෙච්ච මිනිස්සු ගණන මිලියන් දෙකකටත් වැඩි වුනා. මම අදටත් කියනවා ඔබ දවස් 5ක් පුරාම එක දිගට ඇවිද්ද නිසයි ජනතාවට ඒ ගැන හැඟීමක් ආවේ කියල.

    තුන්වෙනි එක දවස් 9ක් තිස්සේ වේල් 28ක් විතර නොකා ඉඳල ඔබ අවනීතියට එරෙහිව කරපු සටන. සාමාන්‍යයෙන් කෙනෙකුට වතර විතරක් බීල ඉන්න පුළුවන් දවස් 7ක් කියල කිව්වට ඔබට දවස් 9කුත් ඕනෙනම් තවත් එහාටත් යන්න තරම් තද ආත්ම විශ්වාසයක් සහ අසාමාන්‍ය චිත්ත ශක්තියක් තිබුන. මේ වගේ දේවල් කෙනෙකුට කරන්න පුළුවන් කියලවත් මම දැනගෙන හිටියේ නැහැ විමල්. දවස් ගානක් ඉහලට අල්ලන් හිටපු මගෙ හුස්ම පහලට වැටුනේ අර කහපාට shirt එක දැක්කට පස්සේ. ඔබේ අරමුණ වෙනුවෙන් ඔබ ජීවිතේ වුනත් දෙන්න ලෑස්තියි කියලා මම දැක්කේ එදා. මම හිතන්නේ මම ඔබව හරියටම අඳුර ගත්තේ මේකෙන්.

    පහුගිය අවුරුදු දෙක ඇතුලේ ඔබේ දේශපාලන ජීවිතේ මම දැකපු විශේෂතම සන්ධිස්ඨාන මේවා.

    2015 ට ඉස්සෙල්ල ඔබේ දේශපාලනය ගැන මම වැඩි විස්තර දන්නේ නැහැ. කපිල ලියලා තිබුන නිසා මම දැන ගත්ත උතුර නැගෙනහිර වෙන් කරන්න, CFA එකට විරුද්ධ P-TOMS එකට විරුද්ධව ඔබ රට වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා කියලා. තව මම දැක්ක ඔබ ඇමති ධූරයකට පත්වුණු පලවෙනි වතාවෙම නිවාස ජාතික ප්‍රතිපත්තියක් හැදුවා කියල. ඊට පස්සේ VAT වලට එරෙහිව ඔබ ඉස්සෙල්ලම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා දැක්ක. ඒ අරුනුහම රටේ ඒකීය භාවය වෙනුවෙන් දශක තුනකට කිට්ටු කාලයක් එක විදියටම වෙනස් නොවී සටන් කරපු ලංකාවේ එකම දේශපාලන නායකයා ඔබ. අදටත් තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් නොකර ඒ වෙනුවෙන් එදා වගේම පෙනී සිටින එකම දේශපාලන නායකයා ඔබ. එකම දේශපාලන පක්ෂය ඔබේ පක්ෂය. ඒ ඇරුනහම මේ අවුරුද්දේ මුල ඔබේ පක්ෂය අතිශයෙන්ම සාර්ථක වාර්ෂික සම්මේලනයක් පැවැත්තුවා.

    ඔබ දැන් අවුරුදු 30ක් විතර දේශපාලනය කරලා, අවුරුදු 25ක් විතර (?) නාගරික මන්ත්‍රීවරයෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට වැඩ කරලා තියෙනවා. ඔබේ පක්ෂය තනි ගමනක් අරඹනවා නම් හොඳයි නේද? මේ වතාවේ මැයි පෙලපාලිය තනියෙන් කලානම් හොඳයි. දැන් කමක් නැහැ. ඔබ විපක්ෂයේ ස්වාධීන වුනා නම් හොඳයි නේද? මම දන්නවා කථානායකගෙන් ඒකට ඉඩක් ලැබුනේ නැහැ කියල. ඒ ගොල්ලෝ කිව්වේ UPFA එකෙන් අයින් වෙලා විපක්ෂයේ සවාධීන වෙන්න දෙන්න බැහැ කියලනේ. UPFA එකේ ඉඳගෙන විපක්ෂයේ තනි පක්ෂ නායකයෙක් විදියට ඉන්න ඉල්ලන්න බැරිද? ප්‍රධාන අරමුණ ස්වාධීන වීම නේද? ඔබත් එක්ක මන්ත්‍රීවරු 5ක් ඉන්නවනේ. අර JVP එක 6ක් එක්ක වෙනම ඉන්නේ. ඒ විදියට. මම හිතනවා කිසි පැහැදිලි ප්‍රතිපත්තියක් නැති කැඳ හැලියක ඉන්නේ නැතුව (I saw their usual drama, the latest one staged to evade opposition to some action of the govt. Who they think people are, idiots?), ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක නිරත වෙන ඔබත් ඔබේ පක්ෂයත් විපක්ෂයේ ස්වාධීන වුනොත් රටට වඩා හොඳ සේවයක් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ මොකොද කිව්වා නම් පහුගිය කාලේ ඔබට බහුතර මතයට එකඟ වෙන්න සිද්ධ වුනානේ. වෙලාවල් බෙදිලා ගිය නිසා ඔබට කතා කරන කාලයත් සීමා වුනා. මම හිතන විදිය මේක. Your effort to make some progress is crucial at this juncture.

    ඊළඟට අර පෙබරවාරි 18 ඔබ රට වෙනුවෙන් ගොඩ නඟපු ජන පවුර. ඕකට පස්සේ වෙන අයිතිකාරයොත් ආවනේ. වෙන නමුත් දැම්ම. ඒ දවස්වල නම් මට කේන්තිත් ගියා ඒවාට. දැන් මං හිතන්නේ ඒක ඒගොල්ලන්ටම දීල දාල, ඔබ අළුත් ජනබලයක් ගොඩ නඟන්න කාලේ හරි. අළුත් ජන පවුරක් ඔබ වටා සහ ඔබේ පක්ෂය වටා අනිවාර්යයෙන්ම ගොඩ නඟන්න ඕනේ. මේ මැයි දිනය තමයි හොඳම. මම දන්නේ නැහැ හරියටම ඔතන වෙන්නේ මොකක්ද කියල. ඒ නැති වුනත් මැයි මාසේ වැදගත් දේවල් සිද්ධ වෙච්ච මාසයක්නේ. වෙසක් මාසේ, ලංකාව ජනරජයක් වෙච්ච මාසේ, යුද්ධය දිනපු මාසේ, තව මොනවාද, මට දැන් මතක නැහැ. මැයි මාසේ ඔබ මොකක්ම හරි අළුත් දෙයක් කළා නම් හොඳයි කියල හිතෙනවා. You need to make a fresh start. A new Chapter. Therefore, it is imperative for you to give a new impetus to people’s struggle. (Hey, I had a poem, I don’t remember all, I need to collect the verses).

    ඊට පස්සේ කරන්න තව හුඟක් දේවල් තියෙනවා. ඉස්සෙල්ල taraget එකක් හදා ගන්න. කල්පනා කරන්න. ඊට පස්සේ ඒක long term and short term targets කියල වර්ග කරන්න. පක්ෂෙට කාල සටහනක් හදා ගන්න.

    Long Term Targets එකට උදාහරණයක් මේක.
    (1) පක්ෂයක් විදියට ඔබ මේ රට කොයි විදියේ ප්‍රතිපත්තියක් අනුව ඉදිරයට අරන් යන්න ඕනේ කියලද හිතන්නේ? උදාහරණයක් විදියට අපේ රටට වඩාම හොඳ මොන වගේ ආර්ථිකයක් කියලද ඔබ හිතන්නේ? ඊට පස්සේ එකින් එක හැම ප්‍රධාන අංශයක් ගැනම ඔබ හිතන්නේ කොහොමද? (මේකට කාලයක් යනව විමල්. එකපාරට හිතලා කරන්න බැහැ. නමුත් අඩු ගානේ හැම මාසෙකටම පාරක් පක්ෂේ රැස්වෙලා, මොකක්ද ඒකට කියන්නේ දේශපාලන කමිටුවද, මට හරියට මතක නැහැ, ඒක රැස්වෙලා මේ ගැන සාකච්චා කරන්න). Mini Party Manifesto එකක් හදා ගන්න. Mini කියල කිව්වේ පස්සේ ඒක expand කරන්න පුළුවන් නිසා. දැනටම එහෙම එකක් තියෙනවද? එහෙනම් ඒක peruse කරලා බලන්න වෙනස්කම් කරන්න තියෙනවද, අළුතෙන් එකතු කරන්න තියෙනවාද කියල. මම මේ කියන්නේ Election Manifesto එකක් නෙමෙයි. උදාහරණයක් විදියට ලංකාවේ දේශපාලන ව්‍යුහය ගැන ඔබේ පක්ෂයේ ස්ථාවරය මට පැහැදිලියි. ඒ කියන්නේ ඔබේ පක්ෂය පෙනී හිටින්නෙ ඒකීය රාජ්‍යයක් වෙනුවෙන්. ඔබේ පක්ෂයේ දේශපාලන ප්‍රතිපත්තිය මට පැහැදිලියි. ඔබ පෙනී සිටින්නේ ජාතිකවාදී ප්‍රතිපත්තියක් වෙනුවෙන්. ඒ විදියට ආර්ථිකය ගැනත් වෙනත් අංශ ගැනත් ඔබේ පක්ෂෙට පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. මම කියන්නේ අර “දකුණට සිග්නල් දාල වමට හරවන එක සුළු දෙයක්” වගේ කතා ඔබේ පක්ෂෙට ගැලපෙන්නේ නැහැ කියන එක. 😀

    Short Term Targets එකට උදාහරණයක් මේක.
    2. ලබන අවුරුද්දේ මේ වෙනකොට කරන්න හිතන දේවල් මොනවාද? සැලැස්මක් හදා ගන්න. ඒ සැලැස්මට අනුව වැඩ කරන්න ගන්න පියවර මොනවාද කියල හිතන්න. ඊළඟට ඒවාට අදාළ වැඩ ටික ලිස්ට් කරන්න. ඊට පස්සේ ඒවා delegate කරන්න.

    3. ඔබේ පක්ෂය සහ පක්ෂ සංවිධායකයින් අතර අන්තර් සම්බන්ධතාවය — මේගොල්ලන්ට targets දෙන්න ඕනේ. එහෙම කරලා නිකම් ඉන්නේ නැතුව ඒ වැඩ වල progress එක බලන්න ඕනේ. (මම පස්සේ වෙන දවසක මේවා පැහැදිලි කරන්නම්).

    4. ඔබේ පක්ෂය සහ පක්ෂ සාමාජිකයන් අතර අන්තර් සම්බන්ධතාවය වැඩි දියුණු කර ගැනීම — අනිවාර්යයෙන්ම මේ අයත් එක්ක dialogue එකක් තියා ගන්න ඕනේ. අන්තිමට ඔබේ පක්ෂ සාමාජිකයන් හම්බ වුනේ කවදද විමල්? කලබල වෙන්න දෙයක් නැහැ. මම කියන්නම් කරන හැටි.

    5. ඔබේ පක්ෂය සහ ඡන්දදායකයන් අතර සම්බන්ධය — ඔබේ හැම ඡන්දදායකයෙක්ම ඔබේ පක්ෂ සාමාජිකයෙක් නෙමෙයි. ඒ නිසා ඒ අය ඔබේ පක්ෂයේ ග්‍රහණයේ තියා ගන්න කරන්න ඕනේ මොනවාද කියලා හිතන්න ඕනේ.

    6. පක්ෂයට අළුත් සාමාජිකයන් බඳවා ගැනීම — අනිවාර්යයෙන්ම මේ ගැන focus කරන්න ඕනේ. හැබැයි 2 ඉඳන් 6 දක්වා එන්න ඉස්සෙල්ල, අර මම උද කියපු 1 තියෙන්නේ ඒකෙ අඩු ගානේ සැකිල්ලක් හරි හදාගෙන තියෙන්න ඕනේ. මම කියන්නේ විමල්, ඔබ මේ තාක් කරපු දේවල් තියෙනවනේ, උදාහරණයක් විදියට ඔබ තරම් රණවිරුවෝ වෙනුවෙන් පෙනී හිටපු තවත් කෙනෙක් මේ රටේ නැහැනේ. ඔබ එහෙම කලේ අනිත් අය වගේ ඡන්ද ගන්න නෙමෙයිනේ. හැබැයි ඒ අයගේ පවුල්වල අය ඔබේ පක්ෂ සාමාජිකත්වය ගත්තොත්, දැන් ඔබ පොදුවේ කතා කරන දේට ඊට වඩා වැඩි බලයක් ලැබෙනවා. නැහැ, මෙහෙම් නෙමෙයි මට කියන්න ඕනේ. මට හරියට මගේ වචන එකතු කරගන්න බැහැ. ඔබට මේ අයව පක්ෂ සාමාජිකයෝ කරගන්න ඕනේ නැහැ, ඔබ පාට, පක්ෂ, ජාති භේද නැතුව රණවිරුවෝ වෙනුවෙන් කතා කරන කෙනෙක්. මම කියන්නේ ඔබේ පක්ෂෙට නෙමෙයි ඒ අයගේ පැත්තට වෙන සුබසෙත ගැන කියල දෙන්න කියලා. මම කියන එක තේරෙන්නේ නැත්නම් අමතක කරන්න මේක. මං පස්සේ පැහැදිලි කරන්නම්.

    (විමල් මම හිතන්නේ ඔබ සෑහෙන කාලයක් පක්ෂේ තනියම ඇද ගෙන ආව. 2015 මං දැක්කේ එහෙම. හැබැයි 2016 ජනවාරි මම දැක්ක ඔබ පක්ෂේ වැඩ delegate කරලා තියනවා. මම හිතනවා ඔබේ පක්ෂේ හැමදෙනාම එක වගේ මහන්සි වෙලා වැඩ කරලා අද ඉන්න සාර්ථක තත්වෙට එන්න ඒක හුඟක් උදව් වුනා කියල. ඔබ සිරගත කළාම ඔබේ පක්ෂේ කඩා වැටෙයි කියල කවුරුහරි හිතුවා නම් එහෙම වුනේ නැත්තේ ඒ හැමෝම එකම ශක්තියෙන් එකට නැගිටල හිටපු නිසා. ඔබේ මන්ත්‍රීවරු අතරින් මම දෙන්නෙක්ව හරියට study කරලා තියෙනවා කියල හිතනවා. ඔබේ නියෝජ්‍ය නායකයෝ දෙන්න. දෙන්නම හරිම strong චරිත දෙකක්. හැබැයි දෙන්නගේ strengths වෙනස්. වීරකුමාර කතා කරන්නේ මිනිස්සුන්ගේ මොලේට. ජයන්ත කතා කරන්නේ මිනිස්සුන්ගේ හදවතට. (You are unique, one part of your speech speaks to the brain, the other part speaks to the heart, simultaneously.). මම ඔබ වුනා නම් අර උඩ 6 මම ලියලා තියෙන්නේ ඒකට මේ දෙන්නව පාවිච්චි කරනවා (ඔබ දීලා තියෙන වෙනත් වැඩ වලට අමතරව). වීරකුමාර හොඳයි JVP එකේ පරණ අයට කතා කරලා ඔබේ පක්ෂෙට බඳවා ගන්න. මේක special assignment එකක් විදියට සලකන්න. අවුරුදු 10කට අඩු කලෙකදී JVP 39ක් හිට්යා නේද පාර්ලිමේන්තුවේ? කෝ ඒ ගොල්ලෝ? හුඟ දෙනෙක් JVP එක අතෑරලා කියන්න හොඳම උදාහරණෙ 2015 අගෝස්තු මහා මැතිවරණය. මට හිතෙන විදියට මේක කරන හැටි කියන්නම්. ඊළඟට ජයන්ත හොඳයි අනිත් අයට කතා කරන්න. ලංකාවේ හුඟක් මිනිස්සු emotioanl. අනිත් එක මිනිස්සුන්ට ඉස්සර වගේ නෙමෙයි හරි වැරැද්ද තේරෙනවා. රට යන්න ඕනේ හරි අත මොකක්ද කියලා තේරෙනවා. ජයන්තට පුළුවන් පැහැදිලි කරලා දෙන්න ඒ ගැන මිනිස්සු කොයි විදියටද contribute කරන්න ඕනේ කියලා.

    අම්මෝ, පත්තරයක්ම ලියලා. තව ඉවර නැහැ. මම මේ general විදියට කිව්වේ. පස්සේ දවසක ලියන්නම්. These are only my ideas. I have been watching you and your Party over two years. I saw how much you went through within the past 26 months. All these things came to my mind yesterday. I hope you don’t mind me sharing them with you.

    (ඔයාට දැන් ටිකක් සනීපද, විමල්? හුඟක් rest කරන්න, හොඳද. Take care. Love you a lot).

    • Champa Reply

      Oops…. one word is missing here.

      2. ලබන අවුරුද්දේ මේ වෙනකොට achieve කරන්න හිතන දේවල් මොනවාද?

    • Champa Reply

      අනේ, very sorry, මට තව වැදගත්ම නමක් අමතක වෙලානේ. මම හැමදාම කියවන්නේ එව්වට පස්සේ. හුඟක් දිග නම් ඒත් සමහර ඒවා miss වෙනවා.

      මොහොමඩ් මුසම්මිල්! පහුගිය කාලේ මම මුසම්මිල්ගේ හුඟක් කතාවල් ඇහුව. විමල් වෙනුවෙන් කරපු විරෝධතා වල මූලිකත්වය අරන් තියෙනවා මම දැක්ක. He is a great asset to your Party, Wimal, and one of your strongest stalwarts.

      මට තව නම් මතක් වෙනවා. උදයත් මතක් වුනා. අර දෙන්න ගැන විශේෂයෙන් ලිව්වේ මම කියපු කාරණාවට කෙලින්ම අදාළ නිසා.

Leave a Reply

*