BREAKING NEWS

“අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කිරීමේ බරපතළ අනතුර පිළිබඳව“ යන ශීර්ෂය යටතේ අද(15) දින ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය වෙනුවෙන් එහි නායක විමල් වීරවංශ මහතා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වෙත යවන ලද ලිපිය…

“අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කිරීමේ බරපතළ අනතුර පිළිබඳව“ යන ශීර්ෂය යටතේ අද(15) දින ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය වෙනුවෙන් එහි නායක විමල් වීරවංශ මහතා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වෙත යවන ලද ලිපිය…

අතිගරු ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

අතිගරු ජනාධිපතිතුමනි,

අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කිරීමේ බරපතළ අනතුර පිළිබඳව

මෙම මස 20 වැනිදා පාර්ලිමේන්තුව හමුවේ විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතව ඇත්තේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවත් 21 වැනිදා විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතව ඇත්තේ අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අදාළ නීති බලාත්මක කෙරෙන පනත් කෙටුම්පත බවත් ඔබතුමන් දැනුම්වත්ව ඇතැයි සිතමු. එමෙන්ම, මෙම මස 21 වැනිදා “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ යාවත්කාලීන කරන ලද අතුරු වාර්තා කෙටුම්පත” ඊනියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙත අගමැතිවරයා විසින් ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇත. ඉදිරි සතිය තුළ ආණ්ඩුව විසින් ගනු ලැබ තිබෙන මෙම පියවර තුන පිළිබඳව අපගේ මතය ඔබතුමන් වෙත ඉදිරිපත් කිරීම වැදගත්වේ යැයි ජාතික නිදහස් පෙරමුණ තීරණය කරන ලදී. මෙම ලිපිය ඔබතුමන් වෙත ඉදිරිපත් කරනුයේ, අප පක්‍ෂයේ දේශපාලන මණ්ඩලය ගනු ලැබූ එම තීරණය ප්‍රකාරව ය.

අතිගරු ජනාධිපතිතුමනි,

1) 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

මෙම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු කරනුයේ පළාත් සභාවන් 03ක මැතිවරණ කල් දැමීම හා ජනවරමකින් තොරව නීතියට පටහැනිව එම පළාත් සභාවන්හි ආයු කාලය දීර්ඝ කර ගැනීම ය. මෙය බරපතළ ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරක් බව කවරකුට වුව වැටහේ.

පළාත් සභා මැතිවරණ ජාතික මැතිවරණ නොවේ. පළාත් සභාව පිහිටුවන්නේ අදාළ පළාතේ ජනතාවගේ ඡන්දයෙනි. එබැවින් පළාත් 09ක මැතිවරණ එකම දිනයක පැවැත්වීමේ වැදගත්කමක් පෙන්වා පළාත් කිහිපයක ඡන්ද අවලංගු කර ජනවරමකින් තොරව දැනට පවත්නා පළාත් සභා ආයු කාලය දීර්ඝ කිරීම මහජනතාවගේ ඡන්ද අයිතිය කොල්ලකෑමකි. මේ නිසා ප්‍රජාතන්ත්‍ර විරෝධී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ විවාද කර සම්මත කිරීමේ පියවර අවලංගු කරන මෙන් අපි ඉතා ඕනෑකමින් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

2) අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කිරීම

මේ වන විට ද විවිධ හේතු මත අතුරුදහන්වීම් පිළිබඳ කාර්යාල පනත මගින් පිහිටුවීමට නියමිත අර්ධ අධිකරණ කොමිසමට අදාළ ගැසට් නිවේදනයට ඔබතුමන් විසින් අනුමැතිය ලබා දී තිබේ. එම කාර්යාලය ක්‍රියාත්මක වීම ආරම්භ වීමෙන් පසුව බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීම සඳහා දායක වූ ඕනෑම හමුදා නිලධාරියකුට එරෙහිව බොරු චෝදනා ඉදිරිපත් කොට දේශීයව හා ජාත්‍යන්තරව චූදිතයකු බවට පත් කළ හැකි ය. මෙම කාර්යාලයට සාක්‍ෂි ආඥා පනත අදාළ නොවන බවත් රණවිරුවන් ව්‍යාජ චූදිතයන් බවට පෙරළීමේ ඔවුන්ගේ කාර්යය කිසිම අධිකරණයකදී ප්‍රශ්න කළ නොහැකි බවත් මෙහිලා සිහිපත් කිරීම වැදගත් ය.

මෙම 21 වැනිදා අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කරන්නට ආණ්ඩුව සැරසෙන්නේ එබදු තත්වයක් දැනටම ඇති වී තිබෙන පරිසරයක් තුළ ය.

අතිගරු ජනාධිපතිතුමනි,

ඔබතුමන් විසින් දැනටම අනුමැතිය ලබා දී ඇති අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනත මගින් යුද සමයේ සිදුවීම් මුල්කර ගෙන ව්‍යාජ චෝදනා මත චූදිතයකු බවට පත් කෙරෙන හමුදා නිලධාරියකුට, දෙවන පනත මගින් පිහිටුවීමට නියමිත දේශීය යුද අපරාධ අධිකරණය ( විශේෂ මහාධිකරණය ) මගින් දඩුවම් කළ හැකි ය. එසේම, අදාළ ප්‍රඥප්තියට අත්සන් තබා ඇති සම්මුති රාජ්‍යයකින් ඉල්ලා සිටිනු ලබන අවස්ථාවක ප්‍රශ්න කිරීමකින් තොරව එම චූදිත නිලධාරියා ඉල්ලා සිටින රටට පිටුවහල් කිරීමට ද සිදු වේ.

දැනටමත් ලතින් ඇමෙරිකානු රටවල් කිහිපයක හිටපු හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව යුද අපරාධ චෝදනා යටතේ විවිධ රාජ්‍ය නොවන සංවිධාන මගින් එම රටවල අධිකරණ හමුවේ පැමිණිලි කර තිබේ. එමෙන්ම එම පැමිණිලි විභාග කිරීමට ද නියමිතව තිබේ. 21 වැනිදා අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත පාර්ලිමේන්තුව තුළ සම්මත වුවහොත්, අදාළ ලතින් ඇමෙරිකානු රටවල් (ඒවා ද මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් තබා ඇති රටවල් නම් ) ඉල්ලා සිටින විට ජෙනරාල් ජගත් ජයසූරිය එම රටවල් වෙත පිටුවහල් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍යය නෛතිකව බැඳී සිටී. සැබවින්ම, මෙය ජෙනරාල් ජගත් ජයසූරිය සම්බන්ධව පමණක් නොව යුද්ධයේදී මූලිකත්වය ගෙන කැප වූ සියලු රණවිරුවන්ට ඉදිරියේදී මුහුණ දීමට සිදු වනු ඇති අවාසනාවන්ත ඉරණමකි.

ශ්‍රී ලංකාව රෝම ප්‍රඥප්තියට අත්සන් කොට නැතත්, අපේ රණවිරුවන් චූදිතයන් බවට පත්කර නඩු විභාගයක් අරඹනු ලබන විදේශීය රට රෝම ප්‍රඥප්තියට අත්සන් තබා තිබෙන රටක් නම්, තමන් බාරයට පත් කරනු ලබන ශ්‍රී ලංකා හමුදාවන්හි රණවිරුවන් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය හමුවට පැමිණවීමට ද මෙමගින් පාර කපා දී තිබේ. හිටපු විදේශ අමාත්‍යවරයා මෙම පනත අතීතයට බල නොපාන බව පැවසුව ද එබඳු සඳහනක් මෙම පනතේ කිසිම තැනක සඳහන් කර නැත. එමෙන්ම නීති විශාරදයන් දැනටමත් පෙන්වා දී ඇත්තේ මෙම පනත අතීතයට බලනොපාන බව පැවසීම පිළිගත නොහැකි බව ය.

21 වනදා සම්මත කර ගැනීමට නියමිත මේ පනතත්, දැනටම වැඩ අරඹා තිබෙන අතුරුදහන් වීම් පිළිබඳ කාර්යාලය පිහිටුවිමේ පනත ද එකට ගෙන සලකා බැලූ විට, අපමණ කැපකිරීම් සිදුකර රටට සාමය දිනා දුන් රණවිරුවන් පාවා දෙනු ලබන අන්දම විශ්වාස කිරීමට තරම් අසීරු ය.

ලෝකයේ රටවල් 54ක් හැර සෙසු රටවල් විසින් අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් තබා නැත. ඇමෙරිකා එක්සත් ජනපදය, බි්‍රතාන්‍යය මෙන්ම ඉන්දියාව ද ඒ අතර වේ. එබඳු තත්වයක් යටතේ, රට බේරා ගත් රණවිරුවන් බිලි දෙන මෙම ප්‍රඥප්තිය අප රට තුළ නීතියක් බවට පත් කිරීම නොකළ යුතු ය. 21 වන දා පාර්ලිමේන්තුව තුළ එය නීතියක් බවට පත්කර ගනු ලැබුවහොත් මෙරට ත්‍රිවිද හමුදාව පාවා දුන් දිනය බවට එම දිනය ඉතිහාසයේ සටහන් වනු ඇත. එම අපකීර්තිය ඔබතුමන් වෙත ද එල්ල වනු වැළැක්වීම අසීරු ය.

3) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ යාවත්කාලීන
කරන ලද අතුරු වාර්තා කෙටුම්පත

අතිගරු ජනාධිපතිතුමනි,

ඉහත දක්වන ලද කෙටුම්පත මෙම 21 වනදා ඊනියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. එම කෙටුම්පත එම මණ්ඩලය තුළ විවාද කර අනුමත කරන ලද හොත් අමාත්‍ය මණ්ඩලය තුළ අනුමැතිය ද ලැබී ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් බවට පත්ව නැවත එය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ඇත.

මෙම කෙටුම්පත අප හොඳින් අධ්‍යයනය කරනු ලැබුවෙමු. ශ්‍රී ලංකාව පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කිරීම මෙය මූලික නීතිය බවට පත් කරන ලදහොත් සිදුුවනු නියත ය. ඉඩම්, පොලිස්, පරිපාලන ආදී සියලු බලතල හිමි වන්නේ පළාත් සභාවට ය. ශ්‍රී ලංකාව ආණ්ඩු 9ක් ක්‍රියාත්මක වන රටක් බවට පත් කිරීම මෙමඟින් සිදු කෙරේ. දෙමළ ඊළාම් බෙදුම්වාදයට දීර්ඝ කාලයක සිට ඇති වී තිබූ පිපාසාව මෙයයි. රාජ්‍යයේ ඒකීයභාවය වනසා දමා, ෆෙඩරල් රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමෙන් පසු තවත් එක් පියවරකින් දෙමළ ඊළම නිර්මාණය කර ගැනීමට දෙමළ බෙදුම්වාදී දේශපාලනඥයනට හැකියාව තිබේ.

එබැවින් මේ සියලු කරුණු සලකා බලා

1) ප්‍රජාතන්ත්‍ර විරෝධී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත
වීම නවතන ලෙසත්

2) රණවිරුවන් සාමූහිකව පාවා දෙන අතුරුදහන්වීම් වැළැක්වීමේ
ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කිරීමෙන් වළකින ලෙසත්

3) ශ්‍රී ලංකාව කැබලිකරණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටු වාර්තාව හා එය ශ්‍රී ලංකාවේ මූලික නීතිය බවට පත් කිරීමේ මෙහෙයුම නතර කරන ලෙසත්

අපි ඉතා ගෞරවයෙන් ඔබතුමන් වෙතින් ඉල්ලා සිටිමු.

ප්‍රතිපත්තිමය වශයෙන් අප අතර දේශපාලන විවාද තිබිය හැකි වුව ද මාතෘභූමියේ ආරක්‍ෂාව හා පැවැත්ම සම්බන්ධයෙන් අප අතර විවාදයක් තිබිය නොහැකි ය. එබැවින් රාජ්‍ය නායකයා වශයෙන් ඔබතුමන් මෙම කරුණු කෙරෙහි බරපතළ අවධානය යොමු කරනු ඇති බවත් අවශ්‍යවේ නම්, මේ පිළිබඳව ඔබතුමන් හමුවී වැඩිදුර සාකච්ඡා කිරීමට වුව මාතෘභූමියේ නාමයෙන් අප සූදානම් බවත් දන්වා සිටිමු.

ස්තුතියි,
මෙයට,
විශ්වාසී,

විමල් වීරවංශ (පා.ම)
සභාපති,
ජාතික නිදහස් පෙරමුණ
දේශපාලන මණ්ඩලය වෙනුවෙන්,
2017 සැප්තැම්බර් 15 පිටපත් :- සියලු ජනමාධ්‍ය

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    “On behalf of Polit Bureau”….? What is this? This is not your decision and you were forced to send this letter. Am I right? Because I couldn’t find any other letter sent on behalf Polit Bureau.

    I thought if the Polit Bureau decided to reunite with UPFA and contest for LG and PC elections, will you agree? I saw Yapa saying they are going to contest as UPFA.

    I have a comment already written before this English one. I am thinking whether I should send it or not. I support Executive Presidency for obvious reasons but I cannot agree with another August 2015. If this happens, it is a mass betrayal to the nation. Of all the people you can’t do that.

  2. Champa Reply

    ඔන්න අර අප්‍රේල් මාසේ වගේ මාත් එක්ක තරහා වෙන්න එපා විමල් ඔයාගේ පක්ෂේ ගැන කතා කරනවා කියලා. කාටවත් අයිතියක් නැහැ මම ඔයා ගැනවත් ඔයා නායකත්වය දෙන පක්ෂේ ගැනවත් කතා කරන එක නවත්තන්න. අඩු ගානේ ඔයාටවත් අයිතියක් නැහැ මම ඔයා ගැන කතා කරන එක නවත්තන්න. මිනිස්සුන්ට අයිතියක් තියෙනවා සිංහලයන්ට කොන්ද කෙලින් තියා ගෙන නැගිටින්න ශක්තිය දීපු තමන්ගේ දේශප්‍රේමී නායකයා ගැන කතා කරන්න. මිනිස්සු විමල්ව සලකන්නේ ජාතික වස්තුවක් විදියට. මම විමල්ට අරම කරන්න එපා මෙහෙම කරන්න කියන්නේ විමල් මුළු රටටම අයිති නායකයෙක් නිසා. විමල් කරන කියන දේ රටේ අනාගතයට බලපාන නිසා. පක්ෂේ විමල්ව දුර්වල කරන්න හදනවා කියන්නේ ඒ හරහා මුළු රටේම ජනතාව දුර්වල කරන්න හදනවා කියන එක. ඒකට ඉඩ දෙන්න බැහැ. NFF එක හිතනවා නම් නැත්නම් එකේ දේශපාලන මණ්ඩලේ හිතනවා නම් විමල් වීරවංශ අයිති තමන්ටයි කියලා ඒගොල්ලන්ට වැරදිලා. විමල් අයිති රටට, සිංහලයන්ට. පක්ෂෙට තියෙන අයිතියට වඩා විමල් ගැන අයිතියක් තියෙනවා රටේ ජනතාවට.

    මම විමල් එක්ක ඉන්නේ විමල් ජාතික නිදහස් පෙරමුණේ නායකයා නිසා නෙමෙයි, විමල් ලංකාවේ දේශප්‍රේමී ජනතාවට නායකත්වය දෙන එකම නායකයා නිසා. විමල්ට ආදරේ කරන අනිත් මිනිස්සුත් එහෙමයි. මට මතකයි ගිය අවුරුද්දේ බැසිල් මොකක්ද රැස්වීම් වගයක් තිබ්බ මතක හැටියට වයඹ පැත්තේ. ඒකෙ දාල තිබුන videos වලට අමතරව වෙනස් videos මම දැක්ක. ඈත ගම් වලින් ආපු මිනිස්සු කිව්වා ඒගොල්ලෝ ආවේ විමල් එනවා කියපු නිසා. විමල්ව බලන්න කියලා. විමල් ගැන කතා කරන කොට මිනිස්සුන්ට පක්ෂ භේදයක් නැහැ. විමල් එනව කිව්වහම ගම්වල මිනිස්සු විමල්ව බලන්න එනවා. විමල් තවම මිනිස්සුන්ට ගැම්මක් දෙන්න එයාට තියෙන හැකියාව ප්‍රයෝජනයට අරන් තියෙන්නේ 50%ක් විතරයි.

    ඇයි විමල් ඔයා මේ දේශපාලන මණ්ඩලයක් පක්ෂ නායකත්වයට උඩින් තිබ්බේ මේ පක්ෂේ හදන කොට? මම දන්නවා තව දෙන්නෙක් එක්ක කියල හැදුවේ. හැබැයි JVP එකට දේශපාලන මණ්ඩලයක් තියෙන එක සාධාරණ වුනාට NFF එක එහම තිබ්බ එක වැරදියි. ඒ මොකොද කිව්වා නම් JVP කියන්නේ established පක්ෂයක්. ඒකෙ පැවැත්ම තියෙනේ නායකයා මත නෙමෙයි. හැබැයි NFF එක එහෙම නෙමෙයි. මුළු NFF එකම පවතින්නේ විමල් වීරවංශ කියන නම මත. විමල් නැත්නම් ඔය පක්ෂෙන් කාටවත් වැඩක් නැහැ. පක්ෂෙ ගොඩ නඟන්න දුක් විඳපු තමන්ගේ නායකයාව දුර්වල කරන්න පක්ෂෙ ඇතුළෙන්ම කුමන්ත්‍රණ කරන එක අන්තිම කැතයි. විමල් කියන්නේ අත පය බැඳලා කටට plaster දාල නවත්තන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ජනතාවට වැදගත් විමල්ගේ ප්‍රතිපත්ති මිසක් පක්ෂේ ප්‍රතිපත්ති නෙමෙයි. ඇත්තම කිව්වොත් මම නම් දන්නෙත් නැහැ NFF එකේ ප්‍රතිපත්ති මොනවාද කියල.

    මිනිස්සු විමල්ව සලකන්නේ ජාතික වස්තුවක් විදියට. මම විමල්ට අරම කරන්න එපා මෙහෙම කරන්න කියන්නේ විමල් මුළු රටටම අයිති නායකයෙක් නිසා. විමල් කරන කියන දේ රටේ අනාගතයට බලපාන නිසා. පක්ෂේ විමල්ව දුර්වල කරන්න හදනවා කියන්නේ ඒ හරහා මුළු රටේම ජනතාව දුර්වල කරන්න හදනවා කියන එක. ඒකට ඉඩ දෙන්න බැහැ.

    දැන් මම අර කලින් ලියපු එක දාන්නම්.

  3. Champa Reply

    “On behalf of Polit Bureau..”?

    විමල්, මොකක්ද ඔයා මට මේ කියන්නේ? මම මේක හරියට දකින්න ඉස්සෙල්ලයි අර Wow කියල ලිව්වේ. පස්සේ හිතවා එහෙම නොලිව්ව නම් හොඳයි කියලා මොකොද මට කාරණේ තේරුනේ පස්සේ. මේක ඔයාගේ තීරණයක් නෙමෙයි.

    මට තේරෙන දෙකක් කියන්නම්. Ok අන්තිමට කියන්න හිටපු දේ ඉස්සෙල්ල කියන්නම්. ඔයා UPFA එක්ක එකතුවෙලා පළාත් පාලන චන්දෙටවත් පළාත් සභා චන්දෙටවත් ඉල්ලන්නේ නැහැ. කොන්ද කෙලින් තියාගෙන ආණ්ඩුවට එකතු වෙන්න තිබුන ගිය අවුරුද්දේ JO එකට. හැබැයි දැන් නෙමෙයි. දැන් ගියොත් යන්නේ දෙකේ කොලේට වැටිලා.

    ඔයා යන්නේ නැහැ ආපහු ඒ පැත්තට. ඒක ස්ථිරයි. ඔය දේශපාලන මණ්ඩලේ ඇම්බැට්ටයෝ තීරණය කලොත් UPFA එකට එකතු වෙලා PC election ඉල්ලන්න, ඔයා කියන්න ආණ්ඩුවට එකතු වෙනවට වඩා ඔයා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අත අරින්න ලෑස්තියි කියලා.

    “විමල් වීරවංශ ආණ්ඩුවට එකතු වීමට පක්ෂය ගත් තීන්දුවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අත හරී” පත්තර වල මෙහෙම වැටෙයි. ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙයි ඊට පස්සේ සිද්ධ වෙන දේ. මම මේකට කොච්චර කැමතිද කියල දන්නවා නේද?

    ඔයාට එදාට තේරෙයි ලංකාවම ඔයා එක්ක කියල. තමන් කොර ගත්ත මෝඩකම පාන්පාරුවන්ට තේරෙන කොට ඔයා එළියේ ඉඳන් අලුත් පෙරමුණක් හදලා ඊළඟ ජනවාරි වෙනකම් ඉන්න විතරයි තියෙන්නේ ලියාපදිංචි කරන්න. එහෙම බැරි වුනොත් ස්වාධීන කණ්ඩායම් දාන්න පුළුවන්. ඔයා මන්ත්‍රී වැටුපෙන් ජීවත් වෙන කෙනෙක් නිසා ඊළඟ අවුරුදු දෙකට ඔයාගේ වියදම ගැන වැඩ පිළිවෙලක් හදන්න පුළුවන්. විශේෂ account එකක් open කරන්න විතරයි තියෙන්නේ. විමල් මම කියලා තියෙනවනෙ ඔයාට මම ඉන්නව කියල. හිරේ දැම්මොත්, මේ පාර ආණ්ඩුව, මම හිරගෙදර ලඟින් ගෙයක් කුලියට ගන්නවා. ඊට පස්සේ මගෙ නම යනවා ලෝකේ පුරා, කවුරු වගේද? Guess. විමල් මම ටික කාලෙකට ඉස්සෙල්ල comment එක්ක එව්වා එක ඔයා delete කළා. ඒකෙ විදියට මම දැන් පාර හදලා ඉවරයි. ඒ හින්ද මම මේ කියන ඒවා වලට දවස විතරයි තීරණය කරන්න තියෙන්නේ. ඉස්සර ඔයා හිරේ ඉන්න කොට මට තේරිච්ච දෙයක් තමයි ලංකාවේ මිනිස්සුන්ට ඉස්සරහට එන්න නායකත්වයක් අවශ්‍යයි කියන එක. එතකොට එහෙම පාරට එන්න මට පුළුවන් කමක් තිබුනෙවත් මම ලැස්ති වෙලා හිටියෙවත් නැහැ. හැබැයි දැන් පුළුවන්. (මව්බිම වෙනුවෙන් අත්හල නොහැක්කක් නොමැත. – විමල් වීරවංශ)

    බලන්න මම මේක කියන්න හිටියේ ඊළඟ අවුරුද්දේ, මතකද මම කිව්වා අපි හම්බ වෙලා man-to-man කතා කරන්න ඕනේ කියලා. ලියන්න කැමති නැහැ කියලා. බලන්න ඒක තමයි මේ උඩ ලිව්වේ. මට ඕනේ වුනා ඔයාට කියන්න තීරණාත්මක අවස්ථාවක මන්ත්‍රී ධූරය අත අරින්න ලෑස්ති වෙලා ඉන්න කියල. “විමල් වීරවංශ මව්බිම වෙනුවෙන් මන්ත්‍රී ධූරය අත හරී.” කොහොමද? අවුරුදු දෙක සිං සිං ගාල යයි. අප්පේ අපිට කරන්න ගොඩක් වැඩ තියෙනවා. මිනිස්සු දැන් විසිරිලා වාගේ හිටියට විසිල් දෙකකට මිනිස්සු ආයේ එකතු කරගන්න පුළුවන්. අපි දෙන්න එක stage එකට නැග්ගොත් ලංකාවම අල්ලට අරන් පෙන්නන්න පුළුවන්. ඔයා වගේ නෙමෙයි මම නම් කිසි අනුකම්පාවක් පෙන්නන්නේ නැහැ. මැටි හරක්ට.

    දැන් මුලින් කියන්න හිටපු එක කියන්නම්. හැබැයි වටිනාකමක් නැහැ. උඩ දැන්මම කියල තියෙන නිසා. පක්ෂ නායකයට උඩින් දේශපාලන මණ්ඩලයක් තියෙනවා JVP එකේ නේද? ඒගොල්ලන්ගේ තීරණේ තමයි පක්ෂේ තීරණේ. හැබැයි ඔයාගේ පක්ෂේ එහෙම පක්ෂයක් නෙමෙයිනේ. ජාතික නිදහස් පෙරමුණ කියන්නේ one man show එකක්. විමල් නැත්නම් පක්ෂයක් නැහැ. විමල් නැති පක්ෂෙන් මිනිස්සුන්ට ඇති වැඩකුත් නැහැ. පක්ෂේ දේශපාලන මණ්ඩලේ තීරන මිනිස්සුන්ට වැඩක් නැහැ. මිනිස්සු චන්දෙ දෙන්නේ විමල් නිසා. විමල්ගේ ප්‍රතිපත්ති නිසා. ජාතික නිදහස් පෙරමුණේ තීරන විමල්ගේ තීරන කියල හිතන නිසා.

    ඔයාට මේක වෙච්ච පලවෙනි වතාව නෙමෙයි මේ. හැබැයි හිර ගෙදරට යනකම් මම මේ වගේ දේශපාලන මණ්ඩලය වෙනුවෙන් කියල ඒවා දැක්කේ නැහැ. ඒ කියන්නේ ඔයා දන්නේ නැති වුනාට කුමන්ත්‍රණයක් තිබිලා තියෙනවා පක්ෂය ඇතුලේ ඔයාව පැත්තකට කරන්න. දෙකක් තිබිලා තියෙනවා. හිරේ ඉඳන් ආවට පස්සේ මේවා වුනු එකේ තේරුම ඔයා හිර ගෙදරින් නිදහස් වෙලා එයි කියලා බලාපොරොත්තු නොවිච්ච අය ඉඳල තියෙනව.

    ඔයාගෙ පහනෙන් එලිය බලලා ඒ එලියෙන් හැදිලා ඒ එලිය යටම තමන්ගේ පහන් පැලුත් අටවගෙන, තමන්ට එලිය දීපු පහනටම ගල් ගහන තැනට ඔයා දුක් විඳලා හදපු පක්ෂෙ ඇවිල්ල ඉන්නව. JVP එක කලෙත් ඕකමයි. කිසි කෙනෙක්ව විශ්වාස කරන්න බැරි වෙලා තියෙනවා ඔයාට දැන්.

    ලංකාවේ එක දේශපාලකයෙක් ඉන්නවා නම් තනතුරු, නායකකම්, පක්ෂ, සන්ධාන ඔය ඔක්කොම අත ඇරලා හිස් අතින් පාරට ඇවිල්ල චන්දෙට ඉඳලා වැඩිම චන්ද අරගෙන පාර්ලිමේන්තු යන්න පුළුවන්, ඒ ඔයා විතරයි. අඩු ගානේ මහින්දටවත් බැහැ. හැමෝම survive වෙන්නේ ඒගොල්ලන්ගේ පක්ෂෙ නිසා සහ තමන්ට loyal පාක්ෂිකයො නිසා. හැබැයි එහෙම වුනත් මිනිස්සු ඕනේ වෙලාවක එක පාරට අත ඇරලා දානවා.මහින්දට එහෙම වුනා. ඔයාට විතරයි පක්ෂයක් නැතුව තනි පුද්ගලයෙක් විදියට “විමල් වීරවංශ” කියන නම විතරක් පාවිච්චි කරලා පාර්ලිමේන්තු යන්න පුළුවන්.

    අනිත් එක ඔයා තනතුරු පක්ෂ අරව මේවා බලන කෙනෙක් නෙමෙයි. ඔයා කවදාවත් තමන්ගේ ප්‍රතිපත්ති පාවලා දෙන්න නැහැ. PC චන්ද වලට ජාතික නිදහස් පෙරමුණ (as per a Polit Bureau decision) UPFA එකට එකතු වෙනවා කියන්නේ මුළු රටම පාවලා දුන්න කියන එක. ඔයා කවදාවත් රට පාවලා දෙන්නේ නැහැ විමල්. ඔයා පක්ෂෙයි පක්ෂ නායක කමයි මන්ත්‍රී කමයි තුනම අත ඇරලා තමන්ගේ ප්‍රතිපත්තියි රටයි ජනතාවයි පාවා නොදී ගෙදර යනවා. ඔයාගේ පක්ෂේ ඉන්න ඇම්බැට්ටයෝ මම තරම් ඔයා ගැන දන්නේ නැහැ. මම වගේ ඔයාට ආදරෙත් නැහැ.

    පරිස්සමින් ඉන්න හොඳද. ඔයාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.

  4. Champa Reply

    විමල්, මට සිංහලෙන් ලියන්න තැනක් හම්බ වුනා, CT එකේ.

  5. Champa Reply

    Wimal, when you get an opportunity, please read this. I posted this to EN, only first part was published. No problem I am happy.
    ————————————————————————–

    The Joint Opposition (JO) is not an “Ambalama” (resting place) for sacked Ministers.

    Both Priyakara and Arundika are turncoats. They enjoyed ministerial privileges and perks without question for years. In 2015 they betrayed people who voted them by joining the hybrid traitorous government. The moment they are sacked they become ‘patriots’. This is unacceptable. They crossed over only after trying various avenues to get their position back. Turncoats are not trustworthy. JO is not bankrupt to accept sacked Ministers.

    JO should have the backbone to reject all sacked Ministers. They deserve people’s wrath. Losing Ministerial position does not make them principled people. If they are principled, they should not have accepted Ministerial positions in the first place. JO doesn’t need showmen. JO comprised of politicians who opposed the government in principle. At times, we have differences. JO is under my attack constantly when they are disoriented. I have a right to criticize whenever they fail to maintain the high standards we expected from them. The same way, as someone from the public, it it my duty to raise my voice when I see them act like headless chickens.

    Contd’…..

    Continuation…….

    There is no need for the “number game” any more. We have passed that period. Half of the tenure of this government is over. The country is heading for Presidential and General Elections less than 2 ½ years and before that PC and LG elections, which I doubt. There is no need to increase the number now. Time is passed. Therefore, JO should maintain and stick to its original mission with original people. The general public is determined to send this government home. But they will do that with true patriots of the country. The road ahead is only for quality people.

    As I see now, NFF’s letter is a result of a political maneuvering. When I first saw it, I was surprised but I didn’t want to criticize Wimal, as I support/use Executive Presidency to stop Ranil down his treacherous path. So I said very good for writing direct to President. Then only I realized it was written on behalf of the Polit Bureau which is above the Leader/NFF. Then JO’s sudden meeting with President made me shocked. What is the hurry? The timing of the ICPPED to be presented in Parliament, coinciding with UNGA is pre-planned, I guess to save the President. President was warned by Chief Prelates and the public on the gravity of the ICPPED adequately. What JO should have done was earnestly request Chief Prelates to approach the President again before his departure as Wimal’s hands are tied by the Polit Bureau. Never mind, now. I believe the President will use the meeting and especially the NFF letter to his advantage as proof to convince international community and the UNSG that the opposition is not against his government but they are willing for negotiations, especially Wimal Weerawansa, the strongest ever opponent of the government. (MR is an SLFP MP). Who knows, even Federal Constitution will brand as an essential tool for “reconciliation”.

    I am angry with MR and JO. But I must tell them that they need not to compromise. What matters is the country. The most dangerous Act is OMP not ICPPED. JO was adequately make known about that but they ignored. It was passed without any opposition vote. ICPPED Act is only an extension of the OMP. In other words OMP is the practical tool of the ICPPED and Ranil managed to sign and ratified Sri Lanka already. However, enacting ICPPED should be stopped by using public opposition.

    I think it is time to “get back to real politics.” In other words, JO’s political ‘nonagathaya’ should be over. Political rallies are not effective anymore. A “Pada Yatra” type huge campaign against ICPPED and Federal Constitution, which shows the real strength of the public, is what is needed now. (Over to you, Wimal).

    • Champa Reply

      I want to stress the point that I am not with MR or JO. There is no change in my decision. I am writing for you and the other patriotic people. I don’t want them be passive. I don’t care whether you or your party need me or not but I stay. Nobody can send me away.

      • Champa Reply

        Hey, you have a choice to block me here but I still write about you in other forums.

  6. Champa Reply

    Rock eel.

  7. Champa Reply

    Thank you මේක update කලාට. සමහර මිනිස්සු නොකා නොබී මූණ බලන්න බලන් ඉන්නවා කියල දන්නේ නැතුව ඇති. අනේ මට නම් කිසිම ඕනේ කමක් නැහැ.

  8. Champa Reply

    මොකොද මේ ඔයා එක පාර්ට poster එකට නිල් පාට දැම්මේ? කළුතර එකේ ඉඳන් මේක පටන් ගත්තේ. මේකට Kaluthara poster එකටත් වඩා ටිකක් වැඩිපුර නිල් පාට දාලා.මොකක්ද මේ කියන්නේ? නිල්පාට SLFP එකේ පාටනේ. ඒ පාට දැම්මේ මොකොටද? මොකක්ද අනේ මේ කියන්නෙ? ඒකාබද්ධ විපක්ෂේ කෑල්ලක් කියලද? මට මේක තේරෙන්නේ නැහැ. කොහෙන් හරි ගිහින් මට තේරෙන්නේ නැති මොකක් හරි එකක් කරනවා. දැන් ඉතින් මට නින්ද යන්නේ නැහැ නිල්පාට දැම්මේ මොකොටද කියල තේරෙනකම්. ඉන්න දෙන්න එපා මිනිස්සුන්ට සැනසිල්ලේ. වීරවංශ කියන්නේ මෙලෝ යකෙකුට තේරුම් ගන්න බැරි කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද තේරෙන්නේ නැති තනිකරම ප්‍රහේලිකාවක්. ඇත්තමයි විමල්, ඔයා නම් වෙලාවකට තනිකරම වැල්වටාරමක්. හරිම සංකීර්ණ විකාරයක්.

  9. Champa Reply

    විමල් අර කතාව අහන කොට නම් මට තේරෙන්නේ 2020 වෙනකොට ෆෙඩරලුත් දීල විධායක ජනාධිපති ධූරයත් නැති කරලා රනිල්ට රටත් බාර දීලා වෙන රටක ජීවිත ආරක්ෂාව ඉල්ලලා මුළු පවුලත් එක්කම President වෙන රටක පදිංචියට යයි වගේ. මම කිව්වනේ OMP අත්සන් කරන්නේ නැහැ, ආයේ චන්දෙ ඉල්ලනවා නම්. මේ දවස් ටිකේ පාර්ලිමේන්තුවට ගන්න පනත් ටිකයි UNGA එකයි අතර දින වකවානු එක වෙන්නෙ අහම්බයක් නෙමෙයි. Closed door meeting එකේ අනිවාර්යයෙන්ම ජීවිත ආරක්ෂාව ගැන කතා කරලා තියෙනවා. මම මේක නිකම් කිව්වේ. දන්නවනේ මට සමහර විට පිස්සු කතා හිතෙනවා. ඉස්සරහට එන්නේ හොඳ කාලයක් නෙමෙයි විමල්. ඉතුරු ටික බේරගන්න පුළුවන් වෙයිද? මට බය හිතෙනවා.

    I hope this will not happen and the President is genuinely committed to protect the country and war heroes.

    • Champa Reply

      Although I get angry at times, I feel sorry for the President. He is looking for surviving tactics. If I think fair, I can’t blame him. Someone different should take over the country in 2020. Otherwise, what can happen is even unthinkable.

  10. Champa Reply

    I don’t like Sumathipala, the Deputy Speaker. Whenever he announces your name, he takes extra time unnecessarily. About half a minute. And always look here and there as if to show that he has other work to do other than announcing your name. Turncoats like Sumathipala who came from national list should not be given a responsible position like Deputy Speaker. He should remember that every MP is represented by people of a certain district. In your case, you represent the entire country. I hate people like them, Wimal, who snob others as a habit. He should learn to look at the MP direct and announce the name promptly. You must learn to maintain eye contact without looking here and there. You know what, when I see things like this, my determination for something gets more intense.

    • Champa Reply

      Correction:

      It should be “he” NOT “you” must learn to maintain eye contact without looking here and there.

  11. Champa Reply

    මට පින්තූරේ හොඳට තේරෙනව. ඇන්දේ කවුද කියලත් දන්නවා. විමල් වීරවංශත් deal දාල කියලා කියන්න සෑහෙන දැඟලිල්ලක් දඟලල තියෙනව.

  12. Champa Reply

    විමල් ඔයා දැන් දශක දෙකකටත් වඩා තුනකට කිට්ටු වෙන්න රට වෙනුවෙන් කෑගහනවා. බලන්න උදේ මාධ්‍ය හමුවක් තියලා දවල්ට අර කුරුනෑගල ඈත පළාත් වලටත් ගිහින් සම්මන්ත්‍රණ තියලා මිනිස්සුන්ට කතා කරනවා. දාඩිය පෙරාගෙන උගුර ලේ රහ වෙනතුරු කෑගනවා. මම දැන් අවුරුදු දෙක හමාරක් තිස්සේ මේක බලා ඉන්නවා. මට දකින්න කලින් අවුරුදු 30කට කිට්ටු වෙන්නත් ඔයා මේ විදියටම මහන්සි වෙනවා රට වෙනුවෙන්. අපි තවදුරටත් මෙහෙම යනවද? හැමදාම මේ විදියට රට හදන්න කෑගගහා ඉන්නවද? එහෙම නැත්නම් මීට වඩා රට වෙනුවෙන් අභියෝගාත්මක කර්තව්‍යයක් භාර අරන් මෙයින් පස්සේ මේ රට කවදාවත් පර පොශිතයන්, බල ලෝභීන්, පරගැතියන්, පාවා දෙන්නන් අතට නොගිහින් රටට හැබෑවටම ආදරේ කරන මිනිස්සු අතට ඊළඟ අවුරුදු 30 පියවරෙන් පියවර, පිළිවෙලකට රට යන විදියට නිවැරදි පාරක් මිනිස්සුන්ට හදලා දෙනවද?

  13. Champa Reply

    ගිය අවුරුද්දේ විතරක් මිනිස්සු 3000ස් ගානක් සිය දිවි නසා ගෙනලු විමල්. 30ක් කියන්නෙත් ලොකු ගානක්. 3000ක් මිනිස්සු එක අවුරුද්දක ජීවිත නැති කරගන්නවා කියන්නේ සමාජ ව්‍යසනයක්. තව කොයි තරම් මිනිස්සු වාහන අනතුරු වලින් මැරෙනවද? මේ අවුරුද්ද මුල 400කට කිට්ටු වෙන්නද කොහෙද ඩෙංගු වලින් මැරුණා. තාමත් මැරෙනවා. අනේ විමල් කොහොමද අනේ මේ තරම් මිනිස් ජීවිත නිකරුනේ නැතිවෙන්නේ? කලින් යුද්ධෙන් මැරුණා. දැන් අනතුරු වලින් හිතා ගන්න බැරි තරම් මිනිස්සු මැරෙනවා. තුවාල වෙනවා. මට නම් මේක හරිම අස්වාභාවිකයි. රටේ පාලකයෝ දැහැමි වෙන්න ඕනෙලු රටකට හරි යන්න.

    ඔයා ඔය ඈත පළාත්වලට යනවා නේද, එතකොට මිනිස්සු එක්ක කතා කරනකොට මිනිස්සු කියනවද අමාරුවෙන් ජීවත් වෙන්නේ කියලා. නැත්නම් සාමාන්‍යයෙන් හොඳ ජීවිත ගත කරනවද?

    කුඹුරු කෙටුවේ නැත්නම් ඒකටත් දඩයක් ගනවලු. හැම එකටම දඩ ගහනවා. සුද්දගේ කාලේ නම් මෙහෙම දඩ ගැහැව්වා. මේ යක්කු සුද්දන්ටත් අන්තයි. මේ ආණ්ඩුව මහජනතාවගෙන් හරිම දුරස්තයි. මිනිස්සුට සලකන්නේ හරියට කරදරකාරයෝ එහෙම නැත්නම් තරහකාරයන්ට වගේ. කොහොමද විමල් මෙවුන් චන්දයක් ආපහුවහම මිනිස්සු ඉස්සරහට යන්නේ මෙහෙම කරලා?

  14. Champa Reply

    මුස්ලිම් මිනිහෙක් කියනව Rohingya ළමයෙක්ව පොලිස් කාරයෙක් rape කළා කියල. ඒක බොරුවක් නේද? So disturbing.

    • Champa Reply

      Oh, forget about this. I think that man is lying. Sometimes I get upset for no reason.

Leave a Reply

*