BREAKING NEWS

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත යළි පාර්ලිමේන්තුවට ගෙන ආ යුතුයි

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත යළි පාර්ලිමේන්තුවට ගෙන ආ යුතුයි
– විමල් කතානායකගෙන් ඉල්ලයි

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සඳහා සහාය දුන් පාර්ශ්ව ඉදිරිපත් කළ සංශෝධන පවා අැතුළත්ව නොමැති බව ඔවුන් පෙන්වා දෙන තත්වයක් තුළ එම පනත යළි පාර්ලිමේන්තුවට ගෙන ආ යුතුව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඉහත පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරනු ලැබූ සංශෝධනයන් එයට ඇතුළත්ව නැති බවට ජවිපෙ මන්ත්‍රීවරුන් පෙන්වා දුන් අවස්ථාවේදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.

එසේම කථානායකවරයා මෙම පනත් කෙටුම්පත පසුගිය 11වැනිදා සම්මත වීම පිළිබඳව සිය මතය දක්වමින් පවසා සිටියේ විවාදය අවස්ථාවේ කලහකාරී තත්වයක් පැවැතියද විමල් වීරවංශ සහ චන්ද්‍ර‍සිරි ගජධීර යන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තම අසුන් වෙත ගොස් අදහස් දැක්වීමේ අවස්ථාව ඉල්ලා සිටි බවය.

එහිදී නැගී සිටි විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසා සිටියේ තම ඉල්ලීම දැක දකත් එදා කථානායකවරයා තමාට කථා කිරීමේ අවස්ථාවක් ලබා නොදීමෙන් තම වරප්‍ර‍සාද අහිමිකර ඇති බවය. ‘‘ ඔබතුමාම මගේ වරප්‍ර‍සාද අහිමි කළා නම් කාට කියම්ද මේ අවනඩුව‘‘ යනුවෙන්ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා එහිදී කථානායකවරයාට පවසා සිටියේය.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*