BREAKING NEWS

අද ක‍්‍රියාත්මක වන්නේ ජාතිය ආරක්‍ෂා කළ හැකි නායකයා ‘සතුරා’ ලෙස ප‍්‍රතිරූප ගන්වමින් ජාතිය දිනාගත් ජයග‍්‍රහණ සහමුලින්ම අහිමි කරවීමේ දේශපාලන මෙහෙයුමක්! – ජානිපෙ නායක විමල් වීරවංශ

ජාතිය ආරක්‍ෂා කළ හැකි නායකයා සතුරා ලෙස ප‍්‍රතිරූප ගන්වා රට ඉදිරියේ පෙන්වා දෙන අතරේ ජාතිය දිනාගත් ජයග‍්‍රහණ සහමුලින්ම අහිමි කරවීමේ දේශපාලන මෙහෙයුමට එරෙහිව 17 වැනිදා තම ඡන්දය භාවිතා කරන ලෙස ජානිපෙ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මුළුමහත් ශ‍්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    ඊයේ(02) කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේදී පැවැති තම ‘යුද්ධය නැති රට යහපාලනයෙන් දෙකඩ වන හැටි’ කෘතිය එළිදැක්වීමේ උත්සව සභාව අමතමින් විමල් වීරවංශ මහතා මෙසේ ඉල්ලා සිටියේය.

    එහිදී දීර්ඝ ලෙස අදහස් දැක්වූ  විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

    ”මැතිවරණ ව්‍යාපාරය ඇතුළේ මා ලියපු පොතකුත් මා ගැන ලියැවුණු පොතකුත් ඔබ අතට පත්ව තිබෙනවා. අපි ඒ පොත් ඔබ අතට පත් කළේ මේ මැතිවරණ ව්‍යාපාරය ප‍්‍රඥාව වඩවාලීමකින් තොරව ජයග‍්‍රහණය කරවිය නොහැකි වන නිසයි. සතුරු බලවේග ප‍්‍රඥාව වඩවාලන්න තිබෙන අවස්ථාවන් වහලා ඒ වෙනුවට ‘බොරු සෝබන’ දේශපාලනය ඉදිරියට ගෙන තිබෙනවා. ඒ තත්වය පරදවන්න නම් අපි ජාතියක් ලෙස බරසාර අවබෝධයක් සහිතව ඒ අභියෝගයට මුහුණ දිය යුතු වෙනවා. ඒ සඳහා ජන සමාජය පෙළඹවීම වෙනුවෙන් අපි දියත්කර ඇති ක‍්‍රියාන්විතයේ එක් පියවරක් ලෙස තමයි මෙම කෘති එළිදැක්වීම මම දකින්නේ.

‘වැරැදුණු පළමු තැන’

    2009 මැයි 18 වැනිදා අපේ සමාජය එක්තරා පරිපූර්ණ තෘප්තියකට ආවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් දශක තුනක් තිස්සේ ඇදී ගිය අසීරු යුදමය අභියෝගයට මනා කළමනාකරණයෙන් යුතුව මුහුණ දිලා ‘සතුරා ඉවරයි’ කියන සුබ පණිවිඩය රැගෙන ආවා. තමන්ගේ ප‍්‍රතිවාදියා අවසන් කියන හැගීම ජාතියට දැනුණා. ඒ සමගම ජාතිය වෙනත් ඉසව් කරා රැගෙන යාමට සතුරු බලවේගවලට හැකියාව ලැබුණා. සතුරා ඉවරනම්, ජාතිය ඉදිරියේ වෙනත් ප‍්‍රතිවිරෝධතා නැත්නම්, අභ්‍යන්තර ගැටුම නිමා වෙලා නම්, බෙදුම්වාදය නැමති ප‍්‍රපංචය අතීතයට අයිති සාධකයක් වෙලා නම් ප‍්‍රශ්නය ඉවරයි. ජාතිය එහෙම හිතන්න පෙළඹුණා. එතැන තමයි වැරැදුණු පළමු තැන.

    2009 මැයි 18 වැනිදාට පෙර ශ‍්‍රී ලංකාවේ දේශපාලනයේ ගුරුත්වකේන්ද්‍රය වුණේ වේළුපිල්ලේ පිරබාහරන්. ගුරුත්වකේන්ද්‍රයේ පිරබාහරන් ඉන්නවා, අනෙක් අයට එයාට සාපේක්‍ෂව ස්ථානගත වීමට සිදු වුණා. එක් කණ්ඩායමක් වේළුපිල්ලේ පිරබාහරන් සමග ස්ථානගත වුණා. තවත් කණ්ඩායමක් ඊට ප‍්‍රතිවිරුද්ධව ස්ථානගත වුණා. 2009 මැයි 18 වැනිදාට පෙර දේශපාලන පිටියේ හැටි එහෙමයි.

    2009 මැයි 19 වැනිදා අපි හිතුවේ ගුරුත්වකේන්ද්‍රයේ ‘ඇබෑර්තුවක්’ ඇතිවෙලා කියලයි. ගුරුත්වකේන්ද්‍රය හිස් වුණා වගේ පෙනෙන්න පටන් ගත්තා. තමන් එක මිටකට එකතු කිරීමට මෙහෙයවනු ලැබූ තමන්ගේ සතුරා අවසන් යැයි ජාතිය විසින් සිතන්නට පෙළඹීමෙන් දේශපාලනයේ හිස් අවකාශයක් නිර්මාණය වුණා. ඒක වැරදි අවකාශයක්. නමුත් ඒක එහෙම වුණා.

    එහි ප‍්‍රතිඵලය වුණේ ජාතියේ සකලවිද සතුරන්, වේළුපිල්ලේ පිරබාහරන්ට සාපේක්ෂව හිටගන්න සිද්ධ වුණු සියලූ බලවේග පිරබාහරන් හිටපු ගුරුත්වකේන්ද්‍රයේ මහින්ද රාජපක්‍ෂව හිටවනු ලැබීමයි. ජාතිවාදී, බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය පරදවලා ජාතියට නිදහස හා සාමය දිනා දුන්නු නායකයා සතුරා බවට ක‍්‍රමානුකූලව බෞතීස්ම කිරිමේ ව්‍යාපෘතිය ආරම්භ වුණා. ඒකට උදව් වුණා අර කියන හිස්තැන.
   
    පරදවනු ලැබුවේ බෙදුම්වාදයේ මිලිටරිමය පෙරමුණ පමණක් වුවත් එය සම්පූර්ණ ජයග‍්‍රහණයක් ලෙස වින්දනය කරන්නට යෑමේ ප‍්‍රතිඵලය තමයි වේළුපිල්ලේ පිරබාහරන් හිටපු ගුරුත්වකේන්ද්‍රය මතට, සතුරා විසින් මහින්ද රාජපක්‍ෂ රැගෙන ඒම. දැන් බලන්න, පිරබාහරන් ජීවතුන් අතර සිටිනා විට ඒකීයභාවය වෙනුවෙන් පණ දෙන්න සිය සාමාජිකයාට කතා කරපු දේශපාලන පක්‍ෂය, 13 වැනි සංශෝධනය රට බෙදීමක් කියලා කියපු දෙශපාලන පක්‍ෂය, ‘ඉන්දු – ලංකා ගිවිසුම ඉරා දමන්න, පළාත් සභා අහෝසි කරන්න අවි අතර ගනිමු!’ කියපු දේශපාලන පක්‍ෂය, රනිල් වික‍්‍රමසිංහ සටන් විරාම ගිවිසුම අත්සන් කරන විට ඊට එරෙහිව සන්ධානය හදලා ‘ඒකීයභාවය අපේ අතේ, ෆෙඩරල්වාදය, එක්සත්භාවය ඔබේ අතේ, අපි අපේ තැන ඉන්නම්. ඔබ ඔබේ තැන ඉන්න.’ කියලා චන්ද්‍රිකා මැතිනියට කියපු දේශපාලන පක්‍ෂය පිරබාහරන් මියගියාට පසුව ‘ඒකීයභාවය’ කියන වචනයත් තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් ඉවත්කර ගනු ලැබුවා. ඔවුන් සිතුවා සියල්ල අවසන් කියලා. ‘දැන් එළඹෙමින් ඇත්තේ සහජීවනයේ උදම් රළ මතුවන කාලයයි’ කියලා අධිනිශ්චය කිරීමකට ඔවුන් ගමන් කළා.

    ‘බමුණා සහ හොරු පස්දෙනා’

    එදා දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට හිතවාදීව එජාපය, දෙමළ ජාතික සන්ධානය, සමහර පැරණි වමේ පක්‍ෂ, රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රභාකරන් ඉන්න රටේ, ප‍්‍රභාකරන්ට සාපේක්ෂව එකමුතුව හැදුවා නම් ප‍්‍රභාකරන් ඉන්න රටේ ඊට සාපේක්ෂව හැදුණු අනෙක් කඳවුර කුමක්ද? ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය, මහා සංඝරත්නය ප‍්‍රමුඛ ජාතිකවාදී බලවේග. එදා එහෙමයි දෙපිල බෙදුණේ. එදා ඒකීයභාවය නොපිළිගන්නා  කඳවුර එක පැත්තක, ඒකීයභාවයේ කොඩිය අතට ගත්තු ඒ වෙනුවෙන් කැපවන බලවේග අනෙක් පැත්තේ සිටියා.

    වේළුපිල්ලේ පිරබාහරන් මියගියාට පසුව ජවිපෙ තමන් එතෙක් නියෝජනය නොකළ කඳවුරේ මිතුරෙක් බවට පත්වුණා. ජාතික හෙළ උරුමය පසුගිය ජනාධිපතිවරණය වන කොට, (එහි ප‍්‍රධාන ලේකම් චම්පික රණවක මහත්තයා කියන විදිහට) ‘නූතන දොන් ජුවන් ධර්මපාල පෙරියබණ්ඩාරගේ’ චක්ගෝල දේශපාලනයේ අසරණ සාමාජිකයකු බවට පත් වුණා. ගුරුත්වකේන්ද්‍රයට මහින්ද රාජපක්‍ෂ ගෙනල්ලා ඒකාධිපතියා, ඒකාධිපති රෙජීමය කියන තැනට මතය හැදුවා. හිට්ලර්ගේ රැවුලත් ඔහුගේ රුවට එක් කළා. ඒකාධිපතියකු නොවන නායකයකු ඒකාධිපතියකු ලෙස බෞතීස්ම කරනු ලැබුවා.

    රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කියනවානේ, එයා ඇමෙරිකාවේ ගිහින් මාසයක් තිස්සේ මහින්ද එලවන හැටි ඉගෙන ගත්තා කියලා. ඒකට ඇමෙරිකාවට යන්න  ඕනේ නැහැ, දේශීය දැනුම තිබුණාම ඇති. මම මේ දවස්වල කියන, අර හොරු පස් දෙනා බමුණා රවටලා ඔහු මිලදී ගත්තු එළුවා පැහැර ගත්තු හැටි දැන ගත්තාම හොදටම ඇති. බමුණා රැුගෙන ගිය එළුවා, ‘එළුවෙක් නොවෙයි බල්ලෙක්’ බවට දිගින් දිගටම බොරු කියලා, එළුවා අතහැර යන තැනට බමුණා පත් කරන්න හොරු 05 දෙනා සමත් වුණා.

    රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට දේශීය ඥානය තිබුණා නම් රට යන්න උවමනා නැහැ. එයාට තියෙන්නේ විදේශ ඥානයක්. හැබැයි ඒකත් හරියට නැහැ. ‘ගොබෙල්ස් න්‍යාය’ කියන්නෙත් මේකටම තමයි, ‘එකම බොරුව, නැවත නැවත ඇසෙන්නට සැලැස්වීම.’ ඒක මේ අය කළා. ඒකට විවිධ පිරිස් යොදා ගත්තා. ඒ පිරිස්වලට හොඳට සැලකුවා. සිංගප්පූරු ගෙනිහිල්ලයි සැලකුවේ. සලකපු තරම පෙනෙනවා, දැන් ඒ අය දාන රූපවාහිනී මැතිවරණ ප‍්‍රචාරක දැන්වීම් දැකපුවාම. මේ චරිත ටික, වට කරලා පහර දීලා රට බේරාගත්තු නායකයාව එලෙව්වා. මොකටද එලෙව්වේ? ගුරුත්වකේන්ද්‍රය මහින්ද රාජපක්‍ෂ වුණාම එයාව එතැනින් අයින් නොකර දේශපාලන සිතියමේ ඊළග අදියර ආරම්භ වෙන්න බැහැ.

‘අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසිය’

    නව දෙමළ බෙදුම්වාදී මෙහෙයුම ආරම්භ කිරිමේ පූර්ව කොන්දේසිය තමයි ඊට පටහැනිව බලවත් පෞරුෂත්වයකින් යුතුව රටට නායකත්වය දෙන ප‍්‍රතාපවත් නායකයාව පරාජයට පත් කිරිම. ඔවුන් ඒක කළා. ‘ඉන්ටර්නැෂනල් ක‍්‍රයිසිස් ගෲප්’හි ප‍්‍රධානියා, ඇලන් කීනන් 2013දී පවසා තිබුණා ‘දෙමළ ජනතාවගේ අපේක්‍ෂාවන් ඉටුකර ගැනීම සඳහා අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසිය වන්නේ මහින්ද රාජපක්‍ෂ රෙජීමය ඉවත් කිරීමයි’ කියලා.

    මේ පූර්ව කොන්දේසිය ඉටුකර ගැනීම අත්‍යවශ්‍ය වන්නේ ඇයි? එය ඉටුකර ගැනිීමෙන් යන්නට හදන ගමනේ කෙළවර කුමක්ද? ඒකයි අපි ඉදිරිපිට තිබෙන වැදගත්ම ප‍්‍රශ්නය. දැන් නව දෙමළ බෙදුම්වාදී  මෙහෙයුම ආරම්භ වී තිබෙනවා. ‘සීතල යුද්ධය, අවි නොගැටෙන අවි වෙනුවට රාජ්‍යතාන්ත‍්‍රික කස පාවිච්චි වන යුද්ධය, අවි වෙනුවට එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහා මණ්ඩලය උපයෝගී වන්නා වූ යුද්ධය, අවි වෙනුවට 13 පූර්ණ වශයෙන් බලාත්මක කරලා මධ්‍යම රජය සම`ග සමගාමීව සටන් වදින අවදිය, ‘ස්වාධීන පාලනයක් දියව්’ කියලා හර්තාල් කරන අවදිය’ දැන් ආරම්භ වී තිබෙනවා.

    ඒ විතරක් නොවෙයි, දෙමළ ජාතික සන්ධානය, ‘උතුරු – නැෙ`ගනහිර ඒකාබද්ධ කළ යුතුයි, ස්වයංතීරණ අයිතිය පිළිගත යුතුයි, පූර්ණ ස්වයං පාලනය දිය යුතුයි’ කියන කරුණු මෙවර සිය මැතිවරණ ප‍්‍රකාශනයෙහි ඇතුළත්කර තිබෙනවා. මෙසේ තිබියදී එක්සත් ජාතික පක්‍ෂය බලන් ඉන්නවා තමන්ට තනියෙන් ආණ්ඩුවක් පිහිටුවන්න බැරි නිසා දෙමළ ජාතික සන්ධානය සමග පාලනයක් හදන්න. ඔවුන් ඒ න්‍යාය පත‍්‍රය අනුව කටයුතු කරනවා.

    අනෙක් පැත්තෙන් ‘සමූහ මිනිස් ඝාතන’ පිළිබඳ චෝදනා ඉස්මතු කරනවා. මේ ආණ්ඩුව බලයට ආපු ගමන් උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහත්තයා ‘1948 ඉදලා ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සමූහ වශයෙන් සිදුවුණු හිරිහැර, ඝාතන පිළිබඳ දීර්ඝ යෝජනාවක්’ උතුරු පළාත් සභාවේ සම්මත කර ගත්තා. ඉන් පස්සේ ඒක ලෝකය පුරා ප‍්‍රචාරය කරලා හැරියා.

    නව දෙමළ ඊළාම් බෙදුම්වාදී ව්‍යාපාරය වරගන්වා ඉදිරියට ගෙන යාමට නම්, 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කරලා ඉඩම්, පොලිස්, මූල්‍ය බලතල ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති ප‍්‍රමාණයටත් වඩා පාවිච්චි කරන වාතාවරණයක්, උතුරු – නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරලා ඇති කරන්න  ඕනේ. ඒක එක අවශ්‍යතාවක්.

    අනෙක් අවශ්‍යතාව තමයි, සමූහ මිනිස් ඝාතන චෝදනාව අන්තර්ජාතිකව සනාථ කිරීම. යම්කිසි රටක නීත්‍යනුකූල හමුදාවක් ඒ රටේ ජීවත්වන යම් ජනකොටසක් ඔවුන්ගේ අනන්‍යතාව මත පදනම්ව සමූහ වශයෙන් ඝාතනය කොට තිබේනම්, එම ජනකොටසට තමන් ජීවත්වන භූමි ප‍්‍රදේශය තුළ වෙනම  රාජ්‍යයක් පිහිටුවාගෙන ජීවත්වීමට ඇති අයිතිය එක්සත් ජාතින්ගේ සංවිධානය පිළිගෙන තිබෙනවා.

    බටහිර බලවතුන්, ’13ට නැති පණක් අරෝපණය කර දෙන, බෙදුම්වාදයේ සුවච, කීකරු ගෝලයා’ විධායක අගමැති කරන්න බලා ඉන්නවා. අනෙක් පැත්තෙන් යුද අපරාධ විමර්ශනයේ වාර්තාව සැප්තැම්බරයේ එළියට එනවා. සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු සහ ආරක්‍ෂක අංශ නිලධාරීන් 41ක් ඊට වගකිව යුතුයි’ කියලා එම වාර්තාවේ තිබෙනවා. මේ දෙක සිදු වුණාම මොකද වෙන්නේ? උතුරු – නැෙ`ගනහිර ඒකාබද්ධ වෙයි. ව්‍යවස්ථානුකූලව නම් එය ජනාධිපතිතුමා විසින් පිලිගත යුතුයි. මම දන්නේ නැහැ. එතුමා එසේ පිළිගනීවිද, නොපිළිගනීවිද, කියලා. මම මේ පොතේ නම් ලියලා තියෙන්නේ ‘එසේ පිළිනොගනීවි’ කියලා. පිළිගත්තත්, නොපිළිගත්තත් යාවත්කාලීනව උතුරු-නැගෙනහිර ඒකාබද්ධතාවයක් පවත්වා ගැනීමේ සටන ඔවුන්ට මධ්‍යම රජය සම`ග අරඹන්න පුළුවන්.

    13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙහි ඇතුළත් පොලිස්, ඉඩම්, මූල්‍ය පාලන බලතලවලට පණ ආවොත් මොකද වෙන්නේ? දැනටමත් ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු පළාත් සභාවට කෙලින්ම ඇමරිකානු ණය යෝජනා ක‍්‍රම යටතේ ණය ලබා දීමට සූදානමින් සිටින බව වාර්තා වෙනවා. ඒ විතරක් නොවෙයි. කොටි ඩයස්පෝරාවට නිදහස ලැබෙනවා. සැප්තැම්බරයේ ඔවුන් ගෙන්වා ගෙන කොළඹදී සැණකෙළියක් පවත්වනවා.  දෙමළ ඩයස්පෝරාව සතු නීතිවිරෝධී මුදල් ගෙන ඒමට සූදනම් වෙනවා. ‘ජැෆ්නා බෑන්ක්’ නම් වූ බැංකුවක් ආරම්භ කරනවා. ඒ මගින් උතුරු පළාත් සභාවේ සහ රටේම ආර්ථිකය හැසිරවීමේ හැකියාව ලබා ගැනීමට ඔවුන් සූදානම් වෙනවා.

‘සමූහ මිනිස් ඝාතන චෝදනාව’

    සමූහ මිනිස් ඝාතන චෝදනාව වරගන්වා ඉදිරිපත් කරලා, මධ්‍යම රජය සහ උතුරු නැගෙනහිර ස්වයං පාලනය අතර ඇති වන ගැටුම් නිරාකරණය කිරීමට තුන්වැනි පාර්ශ්වයක් ගෙන ඒවි. සෝල්හයිම් වැනි තුන්වැනි පාර්ශ්වයක් ව්‍යවස්ථාමය ගැටුම් හා වෙනත් ගැටුම් නිරාකරණය කිරීමට මැදිහත් වේවි. දකුණු අප‍්‍රිකාව මේ සඳහා යොදා ගන්නා බවයි දැන ගැනීමට තිබෙන්නේ.

    මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු රණවිරුවන් 41 දෙනා හේග් නුවර යුද අපරාධ අධිකරණයට ගෙන යන්න වෙර දරනවා. ඒක කරන්නේ මේ දෙපොළගේ ප‍්‍රතිරූප කෙළසලා. රට බේරාගත් වීරයා ‘හොරකු’ ලෙස ප‍්‍රතිරූප ගන්වා හේග් නුවර දක්වා රැුගෙන යාමයි මේ අයට ලැබී ඇති කොන්ත‍්‍රාත්තුව. මේක තියුණු බලපෑමක් නොවෙයිද?

    මේ නිවට බටහිර ගැති, රූකඩ වික‍්‍රමසිංහ නැවත බලයට ආවොත්, දෙමළ ජාතික සන්ධානයේ පදයට නටන ආණ්ඩුවක් හැදුවොත් ඔහු දැනටමත් පොරොන්දු වී ඇති පරිදි උතුරු – නැගෙනහිර ඒකාබද්ධ කොට, 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක‍්‍රියාත්මක කරාවි.

    දැන් විධායක ජනාධිපති ධුරයේ බලතලත් දුර්වලයි. බැඳුම්කර වංචාව සිදු වූ පසු මහ බැංකු අධිපති සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුත්තේ ජනාධිපති. එහෙත් පසුගිය කාලයේ එතුමා පැවසුවා ‘මම කිව්වා රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමාට චෝදනා එල්ල වුණාට පස්සේ මහ බැංකු අධිපති ඉවත් කරන්න’ කියලා. එකෙන්ම පැහැදිලියි අද ජනාධිපතිවරයා පත්ව සිටින තත්වය. ඒ නිසා ‘දොන් ජුවන් ධර්මපාල පෙරියබණ්ඩාර’ විධායක අගමැති කළොත් උතුරු – නැෙ`ගනහිර ඒකාබද්ධවීම සිදු නොවෙයිද? 13 වැනි සංශෝධනය පූර්ණ ලෙස ක‍්‍රියාවට නොනැගෙයිද? ඒ විතරක් නොවෙයි ඊළ`ගට ප‍්‍රශ්නයක් එනවා ‘සමූහ මිනිස් ඝාතනයට ලක් වූ ජනකොටසක් ශ‍්‍රී ලංකාව නැමැති රාජ්‍යයේ ප‍්‍රාන්තයක් ලෙස ඉන්නේ ඇයි?’ කියලා.
    උතුරු පළාත් සභාවට අවශ්‍ය බලතල විතරක් නම් ඇයි ඒකට නිජභූමි සංකල්පය, ස්වයං තීරණ අයිතිය පිළිබඳ සංකල්ප, ගෙන එන්නේ? මෙතැන තමයි කතන්දරය එළියට එන තැන. මේ තමයි නව දෙමළ ඊළාම් මෙහෙයුම. 

    දකුණේ, රටට පණ දෙන්න බැරි පඹයන්ගේ පාලනයක් ඇතිවේවි. උතුරේ, නැෙ`ගනහිර සම`ග ඒකාබද්ධ වී ස්වයං පාලනයක් අත්පත්කර ගැනීිමේ දිසාවට ගමන් කරාවි. මේ පාලන දෙක අතර ගැටුම්කාරී තත්වයක් ඇතිවේවි. එය විසඳා දීමට දකුණු අප‍්‍රිකානු මැදිහත්වීමක් සිදු වේවි. මේ අතරේ සමූහ මිනිස් ඝාතනයට ලක් වූ ජන කොටසක් සේ සලකා එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ පූර්ණ අනුමැතිය යටතේ දෙමළ ජනතාවට වෙනම රාජ්‍යයක් ලැබේවි. මේක තමයි අපි මුහුණ දීලා ඉන්න ඇත්ත තර්ජනය, අභියෝගය.

    නමුත් අද ජවිපෙ අනුර දිසානායකගෙන්, හෙළ උරුමයේ චම්පික රණවකගෙන්, දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධන්ගෙන්, ගෝලීය දෙමළ සංසඳයේ එමානුවෙල් පියතුමාගෙන්, දේශසීමා නැති ඊළාම් රාජ්‍යයේ නායක නීතිඥ රුද්‍රකුමාරන්ගෙන් අහන්න මේ රට මුහුණ දී ඇති ඇත්ත තර්ජනය, අභියෝගය කුමක්ද? කියා. ඔවුන් කියාවි, පළමුවත් මහින්ද රාජපක්‍ෂ, දෙවනුවත් මහින්ද රාජපක්‍ෂ, තෙවනුවත් මහින්ද රාජපක්‍ෂ කියා.

    ජාතිය ආරක්ෂා කළ හැකි නායකයා සතුරා ලෙස ප‍්‍රතිරූප ගන්වා රට ඉදිරියේ පෙන්වා දෙන ගමන් ජාතිය දිනාගත් ජයග‍්‍රහණ සහමුලින්ම අහිමි කරවීමේ දේශපාලන මෙහෙයුම, දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට පණ දීමේ මෙහෙයුම, අධිරාජ්‍යවාදී මෙහෙයුම සක‍්‍රීය කිරීම නොවෙයිද මේ සිදුවන්නේ? ඒ අතරේ නීත්‍යනුකූල නොවන ආකාරයෙන් පිහිටුවපු FCIDය යොදා ගනිමින් ජාතිකවාදී බලවේග කුඩුපට්ටම් කරමින්, විපක්‍ෂය ඩෝසර් කරමින් තමයි ඔවුන් ඉදිරියට යන්න සූදානම් වුණේ.

    ‘පෙබරවාරි 18 නොමැකෙන සන්ධිස්ථානයක්!’

    නමුත් අපි ඒ ආකාරයට කැරකැවෙමින් ආපු සුළිය, අනෙක් පැත්තට හරවන්න සූදානම් කියලා පෙබරවාරි 18 වැනිදා  ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් නුගේගොඩට ගෙනවිල්ලා මේ සතුරු බලවේගවලට පෙන්වා දුන්නා. ඒක අපි ආපු මේ ගමනේ නොමැකෙන සන්ධිස්ථානයක්. ඒ වගේම අපට අවසානයේදී හැකිවුණා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටු සභාපතිත්වය හිටපු ජනාධිපතිතුමන්ට ලබා දෙන්න.

    දැන් තමයි ඉතිරි තීරණාත්මක භූමිකාව තියෙන්නේ. මේ සටන ජයග‍්‍රහණයෙන් මිස පරාජයෙන් කෙළවර කළ යුතු වන්නේ නැහැ. මේ සටන ජයග‍්‍රහණයෙන් කෙළවර කළොත් මිස ජාතියට සුරක්‍ෂිතභාවය හිමිවන්නේ නැහැ. 17 වැනිදාට අපට තීරණය කිරීමට ඇත්තේ ‘දෙමළ බෙදුම්වාදී මෙහෙයුමට පණ දෙනවාද?’ නැත්නම් ‘2005 බලයට ඇවිල්ලා 2009 මැයි 18 වැනිදා රටට පණ දුන්නු සිංහයාට නැවත පණ දීලා ජාතිය ආරක්‍ෂාකාරීව ඉදිරියට ගෙන යනවාද?’ කියන කාරණය විතරයි.

    මේ තියුණු දේශපාලන අභියෝගය හමුවේ නිවැරදි තැන හිටගන්නවාද? නැද්ද? කියලා විතරයි අපට තීන්දු කිරීමට ඇත්තේ, ජාතියේ සැබෑ සතුරා හඳුනාගන්න. ඒ සතුරා තමයි අධිරාජ්‍යවාදය. එය නිවැරදිව වටහාගෙන ඉදිරියට යාමෙන් මිස ජාතියට ජයග‍්‍රහණ ගෙන එන්න බැහැ. ප‍්‍රඥාවන්තව  මේ සටන ඔබේ අතට ගන්න.

    අපි 17 වැනිදාට සිංහ කොඩිය යටතේ එක්රොක් වෙමුෟ 27,000ක් දරුවන් ජීවිත පුදලා රැකදුන්නු ‘ඒකීයභාවයේ ධජය’ අතට ගනි! ඒ සඳහා පෙරමුණ ගනිමු! ඔබට යෝධ බල, යෝධ විර්ය ලැබේවා!”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*