BREAKING NEWS

අද රතු අලිපැටියා රාජ්‍ය අනුග‍්‍රහයෙන් ‘සමාජවාදී විප්ලවයට’ යන පාර කපනවාද? – ජානිපෙ නායක, විමල් වීරවංශ

 නිෂ්පාදන වියදම පමණක් රුපියල් ලක්‍ෂ 16ක් වන ස්වාධීන රූපවාහිනී ආයතනයේ පැය 04ක විකාශන කාලයක්, රුපියල් ලක්‍ෂ 08ක මුදලක් ගෙවා ලබාගත් බව කියමින් තම ‘දේශපාලන නිරුවත’ වසා ගැනීමට උත්සාහ ගන්නා වත්මන් ජවිපෙ නායක අනුර දිසානායක අද රාජ්‍ය අනුග‍්‍රහයෙන් සමාජවාදී විප්ලවයට යන පාර කපමින් සිටින්නේ දැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ප‍්‍රශ්නකර සිටියේය.

    ඊයේ(26) මාතලේ දිස්ත‍්‍රික්කයේ ලග්ගල ආසනයේ නාඋල නගරයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එජනිස ජනරැලියේදී ඒ මහතා මෙසේ ප‍්‍රශ්නකර සිටියේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය. 

    ” සෝමවංශ අමරසිංහ මහත්තයා අහනවා ‘ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ අංක 2ට නම තියෙන නීතිඥ මහත්තයා ශ‍්‍රී ලංකාවේ සිටින NGO නියෝජිතයෙක්. එයාගේ නම කොහොමද ජාතික ලැයිස්තුවට ඇතුළත් වුණේ’ කියලා. සෝමවංශ අමරසිංහ මහත්තයා කියන අර රතුඅලිපැටියාට රජයේ ස්වාධීන රූපවාහිනියේ සහ ලක්හඩ ගුවන්විදුලියේ පැය 04ක සජීවී විකාශයක් ලැබුණා. පැය 4යි ලක්‍ෂ 08යි. අගෝස්තු 02 වැනිදා මගෙත් පොත් 2ක් එළිදැක්වීමේ උත්සවයක් තියෙනවා. මමත් ස්වාධීන රූපවාහිනියෙන් ඒ සඳහා සජීවී විකාශයක් ඉල්ලූවා. සභාපති මට ලියුමක් එවනවා’ ඒකනම් කරන්න බැහැ. පක්‍ෂ සමුළුවක් නම් සජීවී විකාශයකට ඉඩ දෙන්න පුළුවන්, ඒත් අපේ වැඩසටහන්වලට හානියක් නොවෙනවානම්.’ කියලා. එතකොට රතුඅලිපැටියාට සජීවී විකාශනය ලබාදෙන කොට වැඩසටහන්වලට හානියක් වුණේම නැද්ද? රතුඅලිපැටියාට විකාශන කාලය පැය 04ක් ලක්‍ෂ 08කට දුන්නේ කොහොමද? පැය 04ක විකාශනයකට යන වියදම විතරක් ලක්‍ෂ 16යි. දැන් දැක්කාද?. රාජ්‍ය අනුග‍්‍රහයෙන් සමාජවාදී විප්ලවයට යන පාර කැපෙන හැටි. ජයවේවා! ‘සාදුකින් පෙළෙනවුන් දැන් ඉතිං නැගිටියවු! සිරිකොතේ විප්ලවේ පෙරටයවු!’ වික‍්‍රමසිංහගේ රතුකොලූගැටයා තමයි අනුර කුමාර දිසානායක. එයා තුට්ටු දෙකට වාමාංශික ව්‍යාපාරය බස්සලා, අද සල්ලිවලට ජනතා විමුක්ති පෙරමුණ විකුණලා ඉවරයි.

    දැන් බලන්න, ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ මැතිවරණ ප‍්‍රකාශනය එළිදක්වා තිබෙනවා. බුද්ධාගමේ පන්සිල් පද 05 වගේ තමයි ජනතා විමුක්ති පෙරමුණේ ‘රාජ්‍යයේ ඒකීයභාවය සුරැුකීම’ කියන පදය. එහි කවර ප‍්‍රකාශනයකත් මේ කාරණය අවධාරණයකර තිබෙනවා. සිරිකොතේ රතුඅලිපැටියාගේ නායකත්වයෙන් එළිදක්වපු මෙවර මැතිවරණ ප‍්‍රකාශනයේ ‘රාජ්‍යයේ ඒකීයභාවය සුරකිනු ලැබේ’ කියන වාක්‍යය නැහැ. ‘ඒකීයභාවය’ හලලා. එක්සත් ජාතික පක්‍ෂය සමග එකට දීග කන්න පුළුවන් වෙන තාලයට දැන් ජවිපෙ ප‍්‍රතිපත්ති සකස් වෙමින් තිබෙනවා.

    මේ රතුඅලිපැටව්, ආලාපාලූ ප.ච. රණවකලා ‘මෙගාඞීල්, ජනතා ධනය කොල්ලකෑම’ වගේ කැටයම් දාපු වචන දාලා කොහොමහරි ජනතාව රවටලා ජනවාරි 08 වැනිදා බලය අතට අරන් මාස 06ක් තිස්සේ මොකද කළේ කියලා බුද්ධිමත්ව හිතලා බලන්න. මේ ආලාපාලූ මහත්තයා කැබිනට් මණ්ඩලයේ ඉඳගෙන සිටිද්දීම තමයි කීවේ ‘මහබැංකු බැඳුම්කර වංචාවට අගමැති රනිල් වික‍්‍රමසිංහ වග කියන්න  ඕනේ’ කියලා. අද එයා ධර්ම රාජ්‍යය හැදීම අතහැරලා, අලියාගේ වලිගේ එල්ලීලා දිව්‍ය ලෝකයට යන්න හදනවා. මේ වගේ තක්කඩි රැුලකට ජාතියේ ඉරණම තීරණය කරන්්න ඉඩ දෙනවාද? එහෙම ඉඩ දෙන්න බැහැ. මේ රට අද වෙනදාටත් වඩා වැඩියෙන් වටින රටක්. මේ පූජනීය, වන්දනීය මාතෘභූමිය රැුකගත්තේ අවසන් සටනේදි ජාතියේ සුජාත දූ පුතුන් 27,000ක් තමන්ගේ ජීවිත පූජා කරලා.

    කාවේරි ද්‍රෝණියේ තිබෙන ස්වාභාවික වායු නිධිය අපට අවුරුදු 200කට සෑහෙනවා. ඒ වගේම මන්නාරම් ද්‍රෝණියේ තිබෙන ස්වාභාවික වායු නිධියත් අපට අවුරුදු 200කට සෑහෙනවා. ඒ අමිල සම්පත් කොල්ලකන්න බටහිර ගැති තුප්පහි පාලනයකට ඉඩ දෙන්න එපාෟ රනිල් වික‍්‍රමසිංහගේ පාලනයකට ඉඩ දුන්නොත් මේ ස්වාභාවික සම්පත් අපට අහිමි වෙනවා.

   බටහිර පිල්ලි – බටහිර පඹයෝ’

    ඊළාම් සිතියම ඇඳලා තියෙන්නේ කාවේරි ද්‍රෝණිය සහ මන්නාරම් ද්‍රෝණිය යන දෙකම ඊළමට අයත්වන විදිහට. නෝර්වේ තමයි මේ සිතියම ඇදලා දුන්නේ. ඊළමට අයත් වන මුහුදු පතුලේ මෙම ස්වාභාවික සම්පත් තිබෙන ආකාරයට තමයි මේ රට බෙදන්න හදන්නේ. බටහිර පිල්ලි, බටහිර පඹයෝ බලයට ආපු හැම අවස්ථාවකම මේ රට බෙදීමේ, අස්ථාවර කිරිමේ න්‍යාය පත‍්‍රය වේගයෙන් ක‍්‍රියාත්මක වෙනවා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ඔප්පු කරලා ඉවරයි තමන් අග‍්‍රගණ්‍ය බටහිර පිල්ලියක් කියලා.

    මාසයක් ඇමරිකා එක්සත් ජනපදයේ ඉඳගෙන බරක් ඔබාමාගෙන් රනිල් වික‍්‍රමසිංහ ටියුෂන් ගත්තලූ, මහින්ද ගෙදර යවන්න. ‘හොරා, හොරා, හොරා, හොරා, කියලා ජප කළාම මහින්ද ගෙදර යයි කියලාලූ ඔබාමා ටියුෂන් දුන්නේ. මාස 06ක් ගියා එක හොරෙක් ඇල්ලූවාද? දැන් ජනතාව දන්නවා රනිල් වික‍්‍රමසිංහලා කියන්නේ පට්ට කෙබර කියලා. දැන් ඒ පරණ තුරුම්පුවලට ජනතාව රවට්ටන්න බැහැ. අද රටම කියන්නේ ‘පරණ තුරුම්පු වා! 18 වැනිදාට මහින්ද තමා  ඕනා!’ කියලා.

    මාතලේ දිසාවේ රණකාමී ජනතාවනි, පෙරට එන්න. නුඹලාගේ මුතුන්මිත්තන් අත තිබූ සිංහ කොඩිය අතට ගන්න. මේ රටට එරෙහි බටහිර වටලෑමට තිත තියන්න පෙරට එන්න, එක්රොක් වන්න. රටට හිතැති ඔබට හිතැති, පාලනයකට පණ දෙන්න. පණ ඇති මිනිසා ඇතුළු බුලත් කොළයෙන් සටන් වදින සැබෑ දෑහිතකාමීන් 17 වැනිදාට ඉහළින්ම ඔසවා තබන්න.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ )
මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්
මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
2015-07-27      

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*