BREAKING NEWS

අද(02) රත්නපුර නගරයේ දී ‘විමල් වීරවංශ වහා නිදහස් කරනු!’ යන තේමාව යටතේ පැවැති පොදුජන විරෝධතාවයේ ඡායාරූප සටහන සහ මහජන නියෝජිතයන් දැක්වූ අදහස්

විමල් සිරගත කරලා ආණ්ඩුවිරෝධී සටන නවත්වන්න මේ ආණ්ඩුව හිතනවා නම් ඒක මුලාවක්
– ඒකාබද්ධ විපකෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා

විමල් වීරවංශ වැනි ජාතික නායකයන් සිරගත කොට දිනෙන් දින ගරා වැටෙන මේ ආණ්ඩුව තම බලය රැකගැනීමට හිතනවානම් එය වැරදීමක් බව ඒකාබද්ධ විපකෂයේ, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පෙන්වා දෙයි.

‘විමල් වහා නිදහස් කරනු ’ යන තේමාව යටතේ ඊයේ (02) රත්නපුර නගරයේ පැවති පොදු ජන විරොධතාවයෙන් අනතුරුව මාධ්‍ය වෙත වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රංජිත් සොයිසා මහතා මෙසේද සඳහන් කළේය.

“මේ යහපාලන ආණ්ඩුව තමන්ගෙන් දිනෙන් දින ගිලිහී යන බලය රැකගැනීමට අද ඒකාබද්ධ විපකෂයේ නායකයන් දඩයම් කරමින් සිටිනවා. රට වෙනුවෙන්, රටේ ඒකීය භාවය වෙනුවෙන්, අයුක්තිය අසාධාරණය වෙනුවෙන් හඬ නඟන දේශපාලන නායකයින් මෙසේ දඩයම් කිරීමට එරෙහිවයි අද අපි මේ විදියට පාරට බැස්සේ.

විමල් වීරවංශ කියන්නේ මේ රට වෙනුවෙන් ඉදිරියෙන්ම සිට සටන් වැදුන නායකයෙක්. ඔවුන් මේ විදියට සිරගත කරලා මේ ආණ්ඩුවිරෝධී සටන යටපත් කරන්න බැහැ. අපි ඉල්ලනවා, වහා විමල් වීරවංශ මහතා නිදහස් කරන්න කියලා. රනිල්-මෛත්‍රී ආණ්ඩුව තේරුම්ගත යුතුයි, තමන්ගේ නොහැකියාව ඒකාබද්ධ විපකෂය මර්ධනය කරලා වහගන්න බැහැ, කියලා. ”

මෙම පොදුජන විරෝධතාවයට ජාතික නිදහස් පෙරමුණේ නියොජ්‍ය නායකවරුන් වන වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, ඒකාබද්ධ විපකෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර, යන පාර්ලිමේන්තු මන්ත්‍රී වරැන් ද ජානිපෙ ප්‍රචාරක ලේකම් මොහාමඞ් මුසම්මිල්, රත්නපුර දිස්ත්‍රික් නායක, පළාත් සභා මන්ත්‍රී දීපාල් ගුණසේකර යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක්ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-03-03

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    It is now common knowledge now as to who is behind Wimal’s imprisonment.

    It is the responsibility of the government to provide protection to Wimal.

    I hope the government have the heart to provide him adequate security in and outside the prison in view of the prison bus tragedy and the fact that there are hardcore LTTE terrorists in the same prison with him.

    Wimal’s case is still under investigation. There is no rationale whatsoever as to why he is in prison. The Judiciary should be impartial and release Wimal on bail until the FCID finalizes its investigations.

    I wonder as to why Ranil’s government was in such a hurry to declare open a Luxury Prison Resort in Hambantota. Is it a “gift” to someone at the expense of taxpayers? May be we will see some pre-arranged imprisonment drama to deceive people to get sympathy.

Leave a Reply

*