BREAKING NEWS

අද(21) කුරුණෑගල ඔර්ලෝසු කනුව ඉදිරිපිට දී ‘විමල් වීරවංශ වහා නිදහස් කරනු!’ යන තේමාව යටතේ පැවැති පොදුජන විරෝධතාවයේ ඡායාරූප සටහන සහ මහජන නියෝජිතයන් දැක්වූ අදහස්.

අද(21) කුරුණෑගල ඔර්ලෝසු කනුව ඉදිරිපිට දී ‘විමල් වීරවංශ වහා නිදහස් කරනු!’ යන තේමාව යටතේ පැවැති පොදුජන විරෝධතාවයේ ඡායාරූප සටහන සහ මහජන නියෝජිතයන් දැක්වූ අදහස්.

නීතිවිරෝධී ලෙස විනිසුරන් පත් කරන මේ ආණ්ඩුව
අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳ වට්ටලා තිබෙනවා

– ඒකාබද්ධ විපක්‍ෂයේ කුරුණෑගල දිස්ත්‍රික්
පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක

නීතිවිරෝධී ලෙස විනිසුරන් පත් කරන මේ ආණ්ඩුව අද අධිකරණය පිළිබඳ ජනතා විශ්වාසය බරපතළ ලෙස බිඳ වට්ටවා ඇති බව ඒකාබද්ධ විපක්‍ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද(21) කුරුණෑගල නගරයේදී ‘විමල් වීරවංශ වහා නිදහස් කරනුෟ’ යන තේමාව යටතේ පැවැති පොදුජන විරෝධතාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ සාලින්ද දිසානායක මහතා මෙසේද සඳහන් කළේය.

“විමල් වීරවංශ මහතා නිදහස් කරන ලෙස බල කරමින් පවත්වන පොදුජන විරෝධතා මාලාවේ තවත් පියවරක්. අද මෙසේ කුරුණෑගල නගරයේදී පැවැත්වෙනවා. මේ ආණ්ඩුව 2015 ජනවාරි 08 වැනිදා බලයට ඇවිල්ලා අද වන විට මොනතරම් ප්‍රජාතන්ත්‍රවිරෝධී කටයුතු කරලා තිබෙනවාද? නීතිවිරෝධී ලෙස අද විනිසුරන් පත් කරමින් අධිකරණය පිළිබඳ විශ්වාසය පවා බිඳ වට්ටලා තිබෙනවා. මාධ්‍ය නිදහස අහිමිකර තිබෙනවා. තමන්ට විරුද්ධ ප්‍රවෘත්තියක් පළ වුවහොත් විද්්‍යුත් මාධ්‍ය ආයතනයක බලපත්‍රය පවා අහෝසි කරන බවට මේ ආණ්ඩුවේ ඉහළම නායකයන් අද බලපෑම් කරනවා.

මේ යන ගමන දිගටම ගියොත් ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම උදාවේවි. මේ තත්වයට එරෙහිව අපි කළ යුතු සියලු දේ කළ යුතුයි”

මෙම අවස්ථාවට ජානිපෙ ප්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල්. කුරුණෑගල දිස්ත්‍රික් නායක කැලුම් ජයසුමන යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක්ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-02-21

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*