BREAKING NEWS

අධිකරණය අද දින ගත් පියවර මගින් සනාථ වන්නේ ‘රහස් පොලීසිය’ පෙන්වන අන්දමේ බරපතළ ගැටළුවක් මෙහිදී පැනනැගී නොමැති බවයි – ජානිපෙ නායක, විමල් වීරවංශ

වලංගු ගුවන් ගමන් බලපත‍්‍රය යළි ලබාදීමට සහ තමන්ට ගුවන් ගමන් වාරණයක් නොපැමිණවීමට ගරු අධිකරණය ගෙන ඇති පියවර මගින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව පෙන්වාදෙන අන්දමේ බරපතළ ගැටළුවක් මෙහිදී පැනනැගී නොමැති බව සනාථ වන්නේ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද(28) දින මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘අද දිනයේදී අපේ නීතිඥ මහත්වරුන්ගේ ඉල්ලීම පරිදි ගරු අධිකරණය මගින් මගේ වලංගු ගුවන් ගමන් බලපත‍්‍රය මාහට ලබාදුන්නා. ඒ වගේම මෙම නඩුව විමසීම ලබන වසරේ මැයි දක්වා කල්තබනු ලැබුවා. මම හිතනවා අධිකරණය මෙහි සත්‍ය තත්ත්වය ඉදිරි කාලයේදී අනාවරණය කරයි කියලා.

මම හිතන්නේ නැහැ මෙතැන බරපතළ තත්ත්වයක් තිබුණා නම් ගරු අධිකරණය විසින් මගේ වලංගු ගුවන් ගමන් බලපත‍්‍රය මා වෙත ලබාදෙයි කියා. ඒ වගේම මා වෙත ගුවන් ගමන් වාරණයක් ද පනවා නැහැ. අධිකරණය විසින් ගෙන තිබෙන ඒ පියවර දෙක මගින්ම අනෙක් අතට සනාථ වෙනවා, ‘රහස් පොලීසිය පෙන්වන අන්දමේ බරපතළ ප‍්‍රශ්නයක් මෙතැන තිබිලා නැහැ’ කියලා.

අපි ජනමාධ්‍යයට ස්තූතිවන්ත වෙනවා මේ සිදු වීම පිළිබඳව නියම තත්ත්වය ජනතාව වෙත  රැගෙන යාමට දැක් වූ සහයෝගය පිළිබඳව. ඒ වගේම මේ මොහොතේදී අපට සහාය දුන් නීතිඥ මහත්වරුන් ඇතුළු සැමට අපේ ස්තූතිය පළ කරනවා.’’

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා…

ප‍්‍රශ්නය:- ඔබේ සංචාරයේ ඉදිරි තත්ත්වය කෙසේ වේවිද?

පිළිතුර :- අපි බලාපොරොත්තු වෙනවා, අදාළ රටවල ශ‍්‍රී ලාංකිකයන් සමග සාකච්ඡුා කොට අපේ දේශන මාලාව ඒ රටවල කලින් යොදාගත් පරිදිම පවත්වන්න.

ප‍්‍රශ්නය:- අගමැතිතුමා ඔබතුමාට සහයෝගය දුන්නා කිව්වා..

පිළිතුර :- දුන්නු ‘සහයෝගයේ’ තරම තමයි මේ.

මහජන එක්සත් පෙරමුණේ නායක, දිනේෂ් ගුණවර්ධන, සිසිර ජයකොඩි, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණේ වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු, රොජර් සෙනෙවිරත්න, ලලන්ත ගුණසේකර යන පළාත් සභා මන්ත‍්‍රීවරු ඇතුළු විශාල පිරිසක් මීගමුව උසාවි සංකීරණයට පැමිණ සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015.10.28

01 02 2 3 4 5 6 7 8 10 11 12

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*