BREAKING NEWS

‘අන්තර්කාලීන පාලනය ‘ ජාතික බලවේග ලැබූ ජයග්‍රහණයකි!

‘අන්තර්කාලීන පාලනය ‘ ජාතික බලවේග ලැබූ ජයග්‍රහණයකි!

බෙදුම්වාදී ව්‍යවස්ථාවක්, රණවිරු දඩයම සඳහා වන පනත් මෙන්ම පන්සලේ පින් කැටයට ඉබ්බන් දැමීමට නීති, සම්පාදනය කරමින්, රුපියල වට්ටවා, මහ බැංකුව මංකොල්ල කමින්, රට පාවාදෙන ගිවිසුම් අත්සන් කරමින්, පාතාලයට හා කුඩු ජාවාරමට පාර කපමින් පැවති පාලනය රට ගෙන ගිය දේශද්‍රෝහී ගමන දෙස ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජාතික බලවේග මෙන්ම සියලු දේශහිතෛෂීන් බලා සිටියේ ඉමහත් කනස්සල්ලෙනි.

එබැවින් ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සහ තමන් උපන් බිමට ආදරය කරන සියලු ජනකොටස්වල ඉල්ලීම වූයේ නව අගමැතිවරයකු යටතේ අන්තර්කාලීන පාලනයක් ඇති කොට මේ දේශද්‍රෝහී ගමන නතර කරන ලෙස ය. ඒ අනුව දේශය සුරකින මුරදේවතාවුන් වහන්සේලා ඇතුළු පක්ෂ පාට භේදයෙන් තොර රටට හිතැති සියලු ජනකොටස්වල ඉල්ලීම පිළිගනිමින් සිදුකරන ලද මෙම පාලන වෙනසට ජාතික නිදහස් පෙරමුණේ පූර්ණ සහයෝගය පළකර සිටින්නෙමු.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති එකිනෙක පටලවමින් මෙම සිදුව ඇති පාලන වෙනස ව්‍යවස්ථා විරෝධී බවට කෙරෙන ප්‍රකාශ ජාතික නිදහස් පෙරමුණ ලෙස තරයේ ප්‍රතික්ෂේප කරන්නෙමු. මෙම සියලු කටයුතු සිදුකර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව බව ද මෙහිදී රට හමුවේ පෙන්වා දීමට කැමැත්තෙමු. අද මේ ව්‍යවස්ථා විරෝධී බව මැනීමට ‘කෝනමාන’ අතට ගෙන ඇත්තේ ව්‍යවස්ථා විරෝධීව වසර තුනක් තිස්සේ කටයුතු කළ පිරිස බව ද මතක්කර සිටින්නෙමු.

දේශපාලන මණ්ඩලය,
ජාතික නිදහස් පෙරමුණ,
2018-10-27

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    මේක ලියන්නේ හදිසියෙන්. මහින්දට majority තියෙනවද නැත්ද? නැත්නම් මම කියන්නම් කරන්න දෙයක්. හැබැයි හොරෙන් නෙමෙයි. මම CT එකට ලියනවා. ආපහු ආවට පස්සේ. සෙනසුරදයින් පස්සේ. මම ඕක ඔය කරපු විදිහට කැමති නැහැ. මහින්ද රාජපක්ෂ කියන්නේ ජනාධිපති කාර්යාලයේ පස්සේ දොරෙන් ඇතුළුවෙලා මයිත්‍රිව වඩා ගෙන අරලියගහ මන්දිරේට අරන් ගිහින් එතන බිමින් තියල මෛත්‍රීගේ කරේ නැගල ජනේලේ ග්‍රිල් එකෙන් ඇතුලට රිංගන්න ඕනේ කෙනෙක් නෙමෙයි. මම ඔය කතාව මීට කලිනුත් කිව්වා ඔහොම කරන්න එපා කියලා. කෑව මහින්දව. ඕකට වෙන දෙයක් තියෙනව කරන්න. මම ආවට පස්සේ CT එකට ලියනවා. හැබැයි මම ඕගොල්ලෝ එක්ක තරහයි. ඉන්නොකෝ ඊට පස්සේ මම දෙන හැටි බලන්න. එලව එලව ගහනව මස් කට්ටන්ට.

  2. Champa Reply

    රනිල්ව අයින් කරපු විදිහ වැරදියි. මම ඒකට කිසි විදිහකට එකඟ නැහැ. රනිල් ද්‍රෝහියෙක් තමයි. හැබැයි ද්‍රෝහියාට වුනත් සාධාරණය ඉෂ්ඨ වෙන්න ඕනේ.

  3. Champa Reply

    හොඳට මතක තියා ගන්න. රනිල් තාමත් අගමැති කියලා. Therefore, stay grounded, ok. If Mahinda or his sidekicks tried to remove Ranil from Temple Trees USING FORCE, remember this, I will be the first to raise my voice against Mahinda.
    According to twitter, Temple Trees electricity is disconnected, cleaning staff is removed and Ranil’s security is reduced. This is not right. This is political witch-hunt. I am ashamed of you all. Tell Mahinda to restore what is removed.

    • Champa Reply

      Somebody says removal of Ranil’s security and other things are Maithri’s doing. NOT Mahinda’s. If so, Mahinda should come forward to protect Ranil’s rights to minimize UNP’s animosity.
      One thing, DON’T support any move to an Impeachment against the President. It will backfire.

  4. Champa Reply

    ඕගොල්ලෝ මෛත්‍රිගේ සහ බැසිල්ගේ ලණුවද කෑවෙ? මම කිව්වා (“අද” CT දෙකටම ලිව්වා) මහින්දව දේශපාලනයෙන් අයින් කරන්න, මහින්දගේ ජනප්‍රියත්වය අඩු කරන්න කුමන්ත්‍රණයක් තියෙනව කියලා. මේ තමයි පටන් ගැන්ම. නිකම් අපරාදේ විසිරිලා හිටපු UNP එකට නැවත එකතු වෙලා කලින්ටත් වඩා හොඳින් සංවිධානය වෙන්න හේතුවක් හදල දුන්න. ඒකත් දැන් මහින්දට විරුද්ධව. ඕගොල්ලෝ ගිහින් ගඟේ පනින්න. කෑව මහින්දව.මහින්දව අගමැති වෙච්ච ගමන් මම ඒක ලිව්වා මෙතෙන්ට.

  5. Champa Reply

    “දිනා ගත්ත ජයග්‍රහණ” නේද? කොහෙද දිනා ගත්තේ? මංකොල්ල කෑමක්නේ ඕක. It was a daylight robbery of democracy. UNP කාරයෝ වත් ඔහොම වැඩ කලේ නැහැ. 2015 ජනවාරි සහ අගෝස්තු දෙකේදීම චන්දයක් තිබුන. අනිත් එක ජනාධිපති 2015 දිමු ට කරපු දේ වැරදියි කියල රටටම කියපු ඕගොල්ලෝ ඒ ජනාධිපති ලව්වම තවත් දිමු style එකේ පත්වීමක් කරගන්න හුඟක් ලජ්ජා වෙන්න ඕනේ.

    මහ ලොකු දේශප්‍රේමියෝ, අන්න මං දුන්න ඕගොල්ලන්ට … යන්න. අලුත් comments දෙක තාම වැටිලා නැහැ මයෙ හිතේ.

  6. Champa Reply

    ඕගොල්ලන්ගේ මොකක් හරි හෙට තියෙනවද? ඔන්න මහින්දට හොඳ අවස්ථාවක් ඇවිල්ල තියෙනව මහජනතාවගේ ඔල්වරසන් හඬ මැද්දේ, අගමැති කමෙන් ඉල්ලා අස්වෙලා, තමන්ගේ නම්බුවත් බේරාගෙන, රටේ නම්බුවත් බේරාගෙන, තමන් බලයට කෑදරකමක් නැති, ඕනේ වෙලාවක තනතුරු අත් හරින්න ලෑස්ති ආදර්ශමත් ජනනායකයෙක් කියල රටට පෙන්වන්න.

    කිසිම සූදානමක් නැතුව අහක යන ආණ්ඩුවක් අරන් රට පාලනය කරන්න ඕගොල්ලන්ට හිතුනේ මොකොද මං දන්නේ නෑ. රටක් ගොඩ නඟන්න ඕනේ කුඹලෙක් ගෙයක් හදනවා වගේ සීරුවට පියවරෙන් පියවරට පිළිවෙලකට. ආණ්ඩුවක ශක්තිමත් බව රැකෙන්නේ ඒ ආණ්ඩුවේ නීත්‍යානුකූල භාවය මත. එහෙම නැති ආවට ගියාට කලබලේට හදන ආණ්ඩු වැඩි කල් පවතින්නේ නැහැ. පේනවා නේද රනිල්ගේ ආණ්ඩුවට වෙලා තියෙන දේ? මෙලෝ හසරක් නැතුව ආණ්ඩුවක් හදල කිසි දෙයක් හරියකට කරගන්න බැරුව අවුරුදු 4ක් තිස්සේ දඟලනවා.

  7. Champa Reply

    හොඳයි වැඩේ නේද? දැන් හිරේ ඉන්න දරුණු ත්‍රස්තවදියොත් නිදහස් කරනවා කියලා නාමල් කියනව. රනිල්ට බැන බැන ඉඳල දැන් රනිල් TNA එකට දීපු පොරොන්දු ඉෂ්ඨ කරන්නේ මහින්ද. මොන තරම් දරුණු පාවදීමක්ද මේක? ඕවා කරලා එන්නකෝ චන්දෙකට. මම සිංහල ඉංග්‍රීසි පත්තර ඔක්කොටම ලියල මිනිස්සුන්ට කියනවා බල තණ්හාවට රට පාවා දීපු මහින්දට චන්දෙ දෙන්න එපා කියලා.

  8. Champa Reply

    අර පෝස්ටරේ පොඩි අඩුවක් තියෙනව නේද? LTTE is welcome කියලා ලිව්වේ නැත්තේ මොකොද?

  9. Champa Reply

    ha haa haaa

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.