BREAKING NEWS

අනුර දිසානායක ‘20 වැනි සංශෝධනය’ ගෙනවිත් පණ අදින ආණ්ඩුවට ඔක්සිජන් දෙන්න හදනවා

අනුර දිසානායක ‘20 වැනි සංශෝධනය’ ගෙනවිත් පණ අදින ආණ්ඩුවට ඔක්සිජන් දෙන්න හදනවා

– ජානිපෙ නායක විමල් වීරවංශ

මෙරට ජනතාව පෙබරවාරි 10 වැනිදා වත්මන් ආණ්ඩුවට පක්‍ෂ සහ විපක්‍ෂ ලෙස අඳිනු ලැබූ බෙදුම් රේඛාව මකා දමා ‘20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය’ නැමති ආණ්ඩුවට වාසිදායක බෙදුම් රේඛාවක් නිර්මාණය කිරීමට ජවිපෙ සැරසෙන බවත් එය පණ අදින ආණ්ඩුවට ඔක්සිජන් දෙන ව්‍යාපෘතියක් මිස අන් යමක් නොවන බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මසහතා පෙන්වා දෙයි.

අද (01) කඩුවෙල මහා නගර සභා රැස්වීම් ශාලාවේ දී පැවැති ජානිපෙ පළත් පාලන මන්ත්‍රීවරුන්ගේ ජාතික හමුවේ දී විශේෂ දේශනයක් සිදු කරමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

“2015 මහින්ද රාජපක්‍ෂ පාලනය ගෙදර යවන්න විදේශ ඔත්තු සේවා ඇතුළු විවිධ බලවේග තිරය පිටුපස සිට දැවැන්ත මෙහෙයුමක් දියත් කළ බව ඔබ දන්නවා. 2015 ජනවාරි 08 සිදු වුණේ සාමාන්‍ය මහජන ක්‍රියාකාරීත්වයක් නිසා ඇති වුණු බල පෙරළියක් නොවෙයි. සාමාන්‍ය මහජන ක්‍රියාකාරීත්වයකට බටහිර බලවේග විසින් ලබා දුන් උත්තේජනයක් නිසා ඇති වුණු බල පෙරළියක්.

මේ බටහිර බලවේග ඒ බල පෙරළියෙන් පසුව නිහඬ වී නැහැ. ඔවුන් බලනවා, තමන් හදපු රූකඩ බෙලහීන ආණ්ඩුව මගින් ශ්‍රී ලංකාව තම සිතැඟි පරිදි ගිල ගැනීමට අවශ්‍ය වන ආර්ථිකමය, දේශපාලනමය, සමාජමය ක්‍රියාමාර්ග දියත් කරවීමට. ඒ සඳහා බටහිර බලවතුන් අතේ සැලසුමක් තිබෙනවා.

‘කාන්තා මන්ත්‍රීවරියන්ගේ ඔළු හේදීම’

නිදසුනක් ලෙස බලන්න, පළාත් පාලන ආයතනවල කාන්තා ප්‍රතිශතය 25%ක් කිරීම. මේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ විසින්. දැන් මේ කාන්තා මන්ත්‍රීවරියන්ට වැඩමුළු කිරීමට රාජ්‍ය නොවන සංවිධාන බලා ඉන්නවා. කන්න දීලා, බොන්න ඕනෙ නම් බොන්නත් දීලා තරු පහේ හෝටල්වල මේ වැඩමුළු තියාවි. මන්ත්‍රීවරියන්ගේ ඔළු සෝදන්න. අපි මේ කරුණු හොඳින් තහවුරුකර ගෙන ඉදිරිපත් කරන්නේ. වසර 04කට මේ කටයුතු සඳහා රාජ්‍ය නොවන සංවිධාන මුදල් වෙන් කරලා තිබෙනවා. මෙහිදී මුලින්ම කරන්නේ මේ කාන්තාවන් තම පවුල මුදුන් මුල කරගෙන හිතන එක වැළැක්වීම. ‘පවුල මූලිකයි’ යන්න වෙනුවට පුරුෂ විරෝධී, ස්ත්‍රීවාදී මානසිකත්වයක් හදන්නයි යන්නේ. එහෙම ආරම්භ කරන වැඩමුළු මගින් අවුරුදු 04 අවසන් වන විට ෆෙඩරල් ක්‍රමය පිළිගන්න තැනට මේ නෝනලාගේ ඔළු ටික හදන්නයි මේ යන්නේ. පිරිමි මන්ත්‍රීවරුන්ටත් මෙවැනි සැලසුම් හදලා ඇති. මේ විදියට කාන්තා නියෝජනයක් ගෙන ආවේ කාන්තාවන්ට ආදරේට නොවෙයි, ඔවුන් ‘පිරිමින්ට වඩා කාන්තාවන් තමන්ගේ මතයට නම්මා ගන්න පහසුයි’ කියලා හිතන නිසයි.

කොට්ඨාසයේ පාලම, බෝක්කුව ගැන විතරක් දැන ගෙන වැඩක් නැහැ’

දැන් මේ බටහිර බලවතුන් බලනවා පෙබරවාරි 10 වැනිදා තමන්ගේ සතුරු පිලට ලැබුණු ජයග්‍රහණය ආපස්සට හරවන්නේ කොහොමද?’ කියලා. පෙබරවාරි 10 වැනිදා බෙදුම් රේඛාව ඇඳුණේ ආණ්ඩුවට මිතුරු සහ ආණ්ඩුවට සතුරු කියලයි. දැන් මේ බෙදුම් රේඛාව වෙනුවට වෙනත් බෙදුම් රේඛාවක් නිර්මාණය කළ යුතුව තිබෙනවා. මේ අය දැන් පෙබරවාරි 10 වැනිදා ඇඳපු බෙදුම් රේඛාව මකලා අඳින්න හදන අලුත් බෙදුම් රේඛාව කුමක්ද? කියා ඔබට හිතන්න පුළුවන් විය යුතුයි. ඔබගේ කොට්ඨාසයේ පාලම, බෝක්කුව ගැන, ලයිට් කණුව ගැන පමණක් දන්නා මන්ත්‍රීවරයකු ලෙස දිගින් දිගටම ජයග්‍රහණය කළත් වැඩක් නැහැ. සිදු වෙමින් තිබෙන සියුම් දේශපාලන චලනයන් ඔබට වටහා ගන්න හැකි විය යුතුයි. පසුගියදා අප සමග සිටි කිහිප දෙනෙකු ගියෙත් සිදු වෙමින් පවතින දේශපාලන චලනය තේරුම්ගත නොහැකිවයි. දැන් ඔවුන්ට තමන් ගියපු දේශපාලන කඳවුරේ නායකයාගෙන් දුරකථන ඇමතුමකට පිළිතුරක්වත් ලැබෙන්නේ නැතිලු.

‘අලුත් බෙදුම් රේඛාවක් නිර්මාණය කිරීම’

දැන් අපි බලමු ‘ආණ්ඩුවට පක්‍ෂ සහ ආණ්ඩුවට විපක්‍ෂ ලෙස ඇඳපු බෙඳුම් රේඛාව’ මකලා අලුත් බෙඳුම් රේඛාව අඳින ආකාරය ගැන. මේ අලුත් බෙඳුම් රේඛාව ඇඳීමට බාර දී ඇත්තේ ජවිපෙ අනුර දිසානායකටයි. ඒ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලෙස උපදෙස් දීමෙන්. ඒ අනුව, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදයේ අග්‍රගණ්‍ය ඒජන්තයා බවට බෞතීස්ම වෙලා ‘20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය’ අරගෙන එනවා. දැන් අපේ කඳවුරෙත් සමහරු කියනවා, ‘විධායකය අහෝසි කිරීමට අපි නම් පක්‍ෂයි’ කියලා. ඒ ගොල්ලෝ හිතන්නේ ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළාම සිරිසේන ජනාධිපතිවරයාගේ රස්සාව නැති වෙනවා’ කියලයි. නමුත් ජනතා විමුක්ති පෙරමුණ දැනටමත් පවසා තිබෙනවා ‘අපි ගෙන එන සංශෝධනයෙන් සිරිසේන ජනාධිපතිවරයාගේ ධුර කාලයට කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ. ධුර කාලය අවසන් වූ පසුවත් ඔහුට ගෞරවනීය පැවැත්මක් හදලා දෙනවා’ කියලා.

‘මූණත් එක්ක තරහා වෙලා නහය කපා ගැනීම’

ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ තිබෙන කෝන්තරයක් නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න සහාය දෙනවා නම් ඒක හරියට ‘මූණත් එක්ක තරහා වෙලා නහය කපා ගත්තා වාගේ’ වැඩක්. දැන් මේ බටහිර බලවේග සහ ඔවුන්ගේ ඔත්තු සේවා බලනවා අපේ කඳවුර ඒ නහය කපා ගන්න ඉරණමට ඇදලා දමන්න. මේ විධායක ජනාධිපති ක්‍රමය ඇති කළේ ජේ. ආර්. ජයවර්ධන විසින් ගෙන ආ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනුයි. ඒ වගේම 1987 දී ඉන්දු – ලංකා ගිවිසුම මගින් බලහත්කාරයෙන් මේ රටේ මූලික නීතියට පළාත් සභා ක්‍රමය ඇතුළත් කරනු ලැබුවා. ඒ, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගිනුයි. එදා ‘13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මේ රටේ ඒකීයභාවය අහෝසි වෙනවා. ඒ නිසා මේ සංශෝධනය සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් උවමනා බවට තීන්දුවක් දෙන්න’ කියා රටට ආදරේ කරන පිරිස් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් 09 දෙනාගෙන් හතරදෙනෙක් ඍජුවම කීවා, ‘13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් වෙනවා’ කියලා. තවත් හතරදෙනෙක් කීවා, ‘මේ ව්‍යවස්ථා සංශෝධනය නිසා ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් වෙන්නේ නැහැ. අපි එහෙම තීන්දු කරන්නේ මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය තුළින් උපදින විධායක බලය, මුළු රටේම ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වන ජනාධිපතිවරයා සතුව පැවතීම නිසයි. ඇමති මණ්ඩලය, මහ ඇමති හෝ පළාත් අමාත්‍ය මණ්ඩල හරහා හෝ ක්‍රියාත්මක වන්නේ එම විධායක බලයයි. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එවැනි මුදුනකින් විධායක බලය ක්‍රියාත්මක වීම වෙනස් කර නොමැත. එම හේතුව මත ශ්‍රී ලංකාව ෆෙඩරල් නොවේ’ කියලා. නවවැන්නා කීවා, ‘මෙම සංශෝධන සිදු කළහොත් ෆෙඩරල් නොවේ. ඒවා සිදු කළහොත් ජනමති විචාරණයක් අවශ්‍ය නොවේ.’ කියා. ඔහු කියූ සංශෝධන සිදු කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වෙලා තමයි එදා ‘13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය’ තුනෙන් දෙකක ඡන්දයෙන්, ජනමත විචාරණයකින් තොරව සම්මත කර ගනු ලැබුවේ.

‘තීන්දුවට හයිය ලැබුණු තැන’

එදා ‘ශ්‍රී ලංකාව 13 නිසා ෆෙඩරල් නොවේ’ කියා තීන්දු කරන්න ඉහත කී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 04දෙනාට ‘හයිය’ ලැබුණේ කොතැනින් ද? 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළේ විධායක ජනාධිපති ක්‍රමය තිබුණු නිසයි. විධායක ජනාධිපති ක්‍රමය කියන්නේ අනභිභවනීය දෙයක් නොවෙයි. නමුත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවාට පසු ශ්‍රී ලංකාවේ ඒකීයභාවය නමට හෝ රැඳී තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය නිසයි. ඒ නිසා එදා ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 04දෙනා ලබා දුන් තීන්දුවෙන්ම පෙනෙනවා, ‘මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෑලි ගලවන්න ගියොත් ලොකු අමාරුවක වැටෙනවා’ කියලා.

මේ රටේ දැන් තිබෙන ලොකුම ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය ද? වයඹ, උතුරු මැද ජනතාවට බොන්න, වගා කරන්න ජලය නැහැ. මහ බැංකු හොරකම කරපු අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවට වෙලා ජොලියේ ඉන්නවා. යුද්ධය පවතිද්දීත් මහින්ද රාජපක්‍ෂ පාලනය මේ රටේ 6.5%ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගෙන ගියා. දැන් මහ බැංකු අධිපතිවරයා කියන විදියට ආර්ථික වර්ධන වේගය 3.1%යි. එය 2.5% දක්වා පහත වැටීමට නියමිතයි. මහා බදු බරක් අප්‍රේල් 01 වැනිදා සිට ජනතාවගේ කර මත පටවලා. මහා ඇමති මණ්ඩලයකුත් ජනතාවගේ කර මත නැගලා.

‘ෆොන්සේකාට වනජීවී දීම විද්‍යාත්මකයි’

ඔන්න අද ඇමති මණ්ඩලය ආයෙත් සංශෝධනය කරනවා. මම හිතන්නේ කෙටිම කාලයක් තුළ වැඩිම සංශෝධන ප්‍රමාණයක් කරලා මේ ආණ්ඩුව ලෝක වාර්තාවක් තියන්නයි යන්නේ. අද විද්‍යාත්මක ක්‍රමයට ඇමති මණ්ඩලය පත් කරලා. මම බැලුවා, එක් කෙනෙකුට නම් විද්‍යාත්මක ක්‍රමයට ඇමතිකමක් ලැබිලා තිබෙනවා. සරත් ෆොන්සේකාට ‘වන ජීවී’ දීලා තිබෙනවා. ජාන විද්‍යාවට අනුව ඒක නම් විද්‍යාත්මකයි. මේ රට අද මෙවැනි අලකලංචි තිබෙන රටක්. ඒ වගේම රට සමාජීය වශයෙන් දැවැන්ත පරිහානියකට ලක් වෙලා තිබෙනවා. පසුගියදා පොලිස් නිලධාරීන් පිරිසක් විහාරස්ථානයක දී කාන්තාවන්ට පොලුවලින් පහර දී තිබෙනවා. ලෝකයේ අශීලාචාරම පොලිසි තිබෙන රටකවත් මෙවැනි පහරදීම් සිදුව නැහැ. නිල ඇඳුම් ඇඳගත් මහත්වරුන් එවැනි අශිෂ්ට තත්වයකට අද පත්කර තිබෙනවා. රාජ්‍ය සේවය අද සේවාවන් ලබාගත නොහැකි තත්වයකට බිඳ වට්ටවා තිබෙනවා. සමාජ බෙදීම් තීව්‍ර වෙලා තිබෙනවා. සිංහල සමාජය තුළ වගේම අනෙකුත් ජන සමාජ තුළ ද ආතතීන් හට ගෙන තිබෙනවා. මේ ආණ්ඩුවට අද මේ කිසිම ප්‍රශ්නයක් ගැන කිසිම හැඟීමක් නැහැ. එහෙම තිබියදී ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්’ හදිසියේම පාදූර්භූත වෙනවා. මේක පෙට්ටගමක දාලා තිබුණු පරණ දූවිලි වැදුණු සටන් පාඨයක්. ඉතිහාසය පුරා හැම ජනාධිපතිවරණයකටම කලින් ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සළුව’ වනපු ගමන් ඒකට අහුවෙන අයියලා ටිකකුත් ඉන්නවා.

‘ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එකඟ අය’

මේ පාර මේ සළුව වනන්නේ ඇයි? මේ විධායක ජනාධිපති ක්‍රමය අද අහෝසි කරවා ගැනීමට අවශ්‍ය කාට ද? 2013 දී මංගල සමරවීරලා ගෝලීය දෙමළ සංසඳය සමඟ සිංගප්පූරුවේ දී එකඟ වූ සිංගප්පූරු එකඟතා 10 අතුරෙන් එකක් වන්නේ ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම’. ඒ අනුව අද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරවා ගැනීමට අවශ්‍ය එක කණ්ඩායමක් වන්නේ දෙමළ බෙදුම්වාදීන්. ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් උවමනායි. ඒ එයාට ජනාධිපතිවරණයකට ඇවිත් දිනන්න බැරි නිසයි. දිනන්න බැරි නිසා යන්න කීවත් එයා ‘හාකොබොන්ඞ් ගෑවා වගේ’ නායක පුටුවේ වාඩි වෙලා ඉන්නවා. එයා එළවන්න හදපු අය, විශ්වාසභංගයේ දී එයාට විශ්වාසය පළ කළා. දැන් එයා එළවන්න හදපු මාධ්‍ය නාලිකාවකුත් ‘සීතල වතුර වීදුරුවක් බීලා’ ෂේප් වෙන්න හදනවා’ කියලා ආරංචියි. ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළාම මහින්ද රාජපක්‍ෂ මහත්තයාටත් මගක් පෑදෙනවා’ කියලා අනුර දිසානායක අද කියනවා. එහෙම කියලා ඒ ටොෆිය කවන්න හදනවා. ඒ විදියට අපේ කඳවුරෙනුත් පුළුවන් නම් සහාය ගන්න හදනවා. එහෙම වුණොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පාර්ලිමේන්තුව තුළ ජවිපෙ, එජාප, ටීඑන්ඒ, එකඟයි. (මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය එකඟ නැහැ.) නමුත් අපි හිතමු එකඟ වුණා කියලා. එහෙම වුණොත් සියලු පක්‍ෂ එකඟයි. ඒ අනුව පාර්ලිමේන්තුව තුළ ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය’ තුනෙන් දෙකෙන් සම්මත වුණොත් ඊට පසුව කුමක්ද සිදු වන්නේ?

‘ආණ්ඩුවට ගහපු ජැක් එකක්’

ඊට පසුව ජනමත විචාරණයක් එන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ, ආර්. සම්බන්ධන්, මහින්ද රාජපක්‍ෂ, අනුර දිසානායක, හකීම්, රිෂාඞ් බදූර්දීන් ඇතුළු සියලු දෙනා ඊට පසුව එකට ඉඳගෙන කියන්න ඕනේ ‘ජනතාවනි, 20ට පක්‍ෂව කලගෙඩියට ඡන්දය දෙන්න’ කියලා. එහෙම වුණොත් පෙබරවාරි 10 වැනිදා ඇඳපු ආණ්ඩුවට පක්‍ෂ සහ ආණ්ඩුවට විපක්‍ෂ බෙදුම් රේඛාවට මොකද වෙන්නේ? එතකොට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය, මේ කඩා වැටෙන්න ඔන්න මෙන්න ආණ්ඩුවට ගහපු ජැක් එකක් වෙන්නේ නැද්ද? ඒක ආණ්ඩුවට ඔක්සිජන් දෙන ව්‍යාපෘතියක් බවට පත් වෙන්නේ නැද්ද? කලින් බෙදුම් රේඛාව මකලා වෙනත් බෙදුම් රේඛාවක් අඳින්නේ ආණ්ඩුවට වාසිදායක තත්වයක් හදලා දෙන්න නොවෙයි ද? අනුර දිසානායක අරන් එන ‘20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය’ තමයි අන්න ඒ ආණ්ඩුවට අවශ්‍ය අලුත් බෙදුම් රේඛාව. කවුරුහරි කියනවා නම් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂ වෙන්න කියලා ඒ කියන්නේ, ‘ආණ්ඩුවට පක්‍ෂ වෙන්න, ආණ්ඩුවත් එක්ක එකට හිට ගන්න’ කියලයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කියන බෝඞ් එකට මුවා වෙලා ආණ්ඩුවත් එක්ක හිටගන්නයි මේ කියන්නේ.

මෙහෙම ගිහින් ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය’ තුනෙන් දෙකෙන් සම්මත කර ගෙන ඉදිරි ජනාධිපතිවරණය ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ජනමති විචාරණය’ බවට පත්කර ගැනීමට මේ ආණ්ඩුව කටයුතු කරවි. එහෙම වුණොත් යළිත් නිර්පාක්ෂික ඊනියා පොදු අටේක්ෂකයකු කරගහගෙන ජවිපෙ ඒවි. යළිත් හංස පූට්ටුවකට පාර කැපේවි. එහෙම වුණොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න තුනෙන් දෙක හදන්න ඡන්දය දුන්නු ඒකාබද්ධයකට වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කරන්න පුළුවන් ද? මේ ලණුව කෑවොත් දිගටම කන්න වෙනවා. ඒත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමැති බෙදුම් රේඛාව ඇඳීමට ඉඩ දී රට මර උගුලකට ඇද දැමීමට අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2018/05/01

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    අර සිංගපූර් ගිවිසුම ගැන නඩු දාල තියෙන එකෙන් වැඩක් නැහැ. මේ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සල්ලිවලට අරන් වගේම අධිකරණය, නීත්පති දෙපාර්තුමේන්තුව සහ පොලිසිය යන තුනම තමන්ට ඕනේ විදියට හසුරන කොට අධිකරණයෙන් යුක්තියක් බලාපොරොත්තු වෙන්න බැහැ. අනිවාර්යයෙන්ම අත්සන් කරනවා කියලා රනිල් කියපු ETCA ගිවිසුම නැවතුනේ තදබල මහජන විරෝධයක් සහ හාමුදුරුවන්ගේ විරෝධයක් ආපු නිසා. නැත්නම් අත්සන් කරල මෙලහකට. ඒ වුනාට ඒ ගිවිසුමේ තියෙන දේවල් කෙරෙනවා. අයවැයෙන් ඉඩ දුන්න විදේශ සමාගම් වලට තමන්ගේ මිනිස්සුන්ව කරන්න. බියර් වලට තරම් විරෝධයක් ඒකට ආවෙ නැහැ මම හිතන්නේ. එහෙම වුනානම් ඒකත් නවත්ත ගන්න තිබුන. මේ ආණ්ඩුව මොනවා හරි නතර කළා නම් කලේ ප්‍රබල මහජන විරෝධයක් ආපු වෙලාවල විතරයි.

  2. Champa Reply

    අර bribery case එක මම මුලින් දාපු comment එක (Ada) වැටිලා තිබුනේ නැහැ. news item දෙකක් තිබ්බ මුල එක නැතුව පස්සේ දෙවෙනි එක දාළ තිබුන. විමල් මම හිතනවා අර දෙන්නව frame කළා කියලා. දන්නවනේ කවුද කියලා. මම ලිව්වා “Did somebody frame them? If not, they should be very very brave to do something like this.

    • Champa Reply

      Oh, my this comment is only crap. Don’t read it. You know sometimes, I think aloud. They were caught red handed. No excuse.

  3. Champa Reply

    ගම්පහ ගම්කබරය ආපහු නිල මැස්සෝ යවන්න පටන් අරන් මගේ නමින්. දැන් “අද” පත්තරේට යවල. අර ළමයෙක් යට කරපු කතාවට. මගේ නමින් comment එකක් දාල කියලා. I saw only now. ඉස්සරත් ඕ වගේ ඒවා කළා LCN එකටයි Colombo Telegraph එකටයි. වැඩක් වුනේ නැහැ. රත්තරන් සුර දාගෙන වශී ගුරුකම් කරගෙන අනුන්ට කොඩිවින කර කර ඉන්දියාවේත් ගිහිල්ල මන් වගේ තව තරහ කාරයෝ මරන්නත් හැදුවට වැඩක් වෙන්නේ නැහැ. අපරාදේ සල්ලි. මාව නවත්තන්න ඔය මොනවා කරත් බැහැ. ලංකාවේ ඊළඟ ජනාධිපති වෙන්න ඕනේ ඉන්දියාවේ වශී ගුරුකම් වලින් මිනිස්සුන්ව අල්ලාගෙන තමන්ට කැමති කරවාගෙන ඉන්න මිනිස්සු නෙමෙයි. රටේ නායකයන් වෙන්නේ ඕනේ රත්තරන් සුර, වශී ගුරුකම් නෙමෙයි අඩු ගානේ අතේ අපලෙකට මුද්දක්වත් නොදාන මිනිහෙක්.

  4. Champa Reply

    ඒකාබද්ධ විපක්ෂයේ දෙවන ඉනිම පටන් අරන්ද? මම කිව්වේ පලවෙනි ඉනිම බැසිල් ගැහැව්වනේ. දැන් දෙවෙනි ඉනිම මෛත්‍රී සෙල්ලම් කරනවා නේද? 2/3 නැති වෙන කතාව ඇත්ත. හැබැයි අවාසි ගොඩයි. විමල් මම කලිනුත් කීප සැරයක් කියල තියෙනව. 2019/2020 ලේසි වෙන්නේ නැහැ. එක පැත්තකින් දේශපාලන බලය නැහැ. අනිත් පැත්තෙන් හොර චන්ද මගඩියක් ආපහු කරන්න පුළුවන්. දෙකම අවාසියි. ඊළඟ එක ඕගොල්ලන්ට තනි තීරණයක් නැහැ ඊළඟ ජනාධිපති විදියට කාවද දාන්නේ කියල. ගෝඨාභයයි බැසිලුයි දෙන්නම මහින්දගේ නම පාවිච්චි කරනවා ඇරුනහම වෙන තමන්ම කියල හදා ගත්ත නමක් නැහැ. ඉල්ලුවත් දිනන්නෙත් නැහැ. කලබල වෙන්න දෙයක් නැහැ. වෙන කරන්නම දෙයක් නැත්නම් ඉතින් ගහමු අන්තිම තුරුම්පුව.

  5. Champa Reply

    අන්තිම තුරුම්පුව කියන්නේ 2015 ඉඳන් කියපු දේ. පාරේ වාඩිලා ගමු. කොළොඹ වටකරමු. මහින්ද බැසිල්ව ඒකාබද්ධ විපක්ෂේට අරන් කාල දැම්මේ නැත්නම් මේ ආණ්ඩුව මෙලහට ගෙදර. දැන් බලන්න රනිලුයි මෛත්‍රීයි දෙන්නම ආපහු ඉල්ලන්න හයියක් ආවේ කොහොමද?

  6. Champa Reply

    කොහොමද ගෝඨාභය අනිත් පැත්තේ common candidate වුනොත්? ගෝඨාභය බැසිල් දෙන්නම ශත පහකට විශ්වාස කරන්න බැහැ. මහින්දව ගෙදර යවන්න ඒගොල්ලොත් හවුල්. අනාගත බලාපොරොත්තු තියාගෙනයි එහෙම කලේ. මහින්ද ඉන්න කම් එගොල්ලන්න තැනක් නැති නිසා. හොඳට මතක තියා ගන්න, දැන් මොනව කිව්වත් ජනාධිපති මැතිවරණය කාලෙට ගෝඨාභය මහින්දගේ අවසර ඉල්ලා ඉල්ලා ඉන්නේ නැහැ. එයා ඉදිරිපත් වෙනවා. මම කියන කතාව ඇත්ත වෙනවා. ඒ කියන්නේ මහින්දව දේශපාලනයෙන් ඉවත් කරන්න උත්සහයක් තියෙනව කියන එක. මහින්ද විශ්‍රාම යවන්නේ එයාගෙම අය. ගෝඨාභයට ඕගොල්ලෝ වැඩක් නැහැ. ඒ හින්ද ගෝඨාභයට support කරන එක නවත්තන්න. තමන්ගේ සහෝදරයට විරුද්ධව පිට මිනිහෙක් තරඟ කරනවා දැන දැනම ඒක හැංගුව මිනිහට රට වෙනුවෙන් මොන පාවා දීමද නොකරන්න බැරි? එහෙම එකක් එකපාරකුත් කරානේ අර ඇමෙරිකන් ගිවිසුම. මහින්ද මොනවත් දන්නේ නැහැ. වෙලාවකට මට පව් කියලත් හිතෙනවා ඔයාගේ godfather ගැන. මම මේ උඩ කියන එක වෙන්න ගියොත්, ඒ කියන්නේ ඊළඟ “හංසයා” ගෝඨාභය වුනොත් ඕගොල්ලන්ට එයාට විරුද්ධව ඉදිරපත් කරලා දිනවන්න කෙනෙක් ඉන්නවද? ඕගොල්ලන්ගේ පැත්තෙන් ඉදිරිපත් වුනත් එයා අනිත් පැත්ත හැරෙනවා බලය ලැබුණු ගමන්ම. 2015 පැත්ත පළාතක නොහිතපු ගෝඨාභයට මහින්දව පැත්තකට කරලා මහින්දගේ ජනප්‍රියත්වයම පාවිච්චි කරලා මහින්දව එලවපු මිනිස්සුත් එක්කම, චන්දෙට ඉදිරිපත් වෙලා දිනන්න දීල නිකම් බලන් ඉන්නද යන්නේ? වෙන්න පුළුවන් දේවල් ගැන හිතලා eventualities ගැන හිතල ඒවාට ලැහැස්ති වෙන්න. ගෝඨාභය එනවා කියලා දැන ගත්තොත් මහින්ද ළඟ ඉන්න මිනිස්සු එයාව දාල ඒ පැත්තට යයි. මම කියන දේ තේරෙනවද. මට ඔයාගේ godfather එක්ක වෙලාවකට කේන්ති යනව තමයි. ඒ වුනාට එයාට තුන්වෙනි පාරටත් එකම අසාධාරණේ එකම අවමානය වෙන්න දෙන්න බැහැ. එයා කවද හරි විශ්‍රාම ගන්න ඕනේ විදියක් තියෙනවා. එයාට තේරුම කරලා දෙන්න අනුර කුමාරගේ 20A පිටිපස්සේ තියෙන භයානකකම. කෙලින් කතා කරන්න කියන්න. අනිත් පැත්තේ මිනිස්සු හැමෝම අපහු එකතු වෙලා දෙමල මුස්ලිම් පක්ෂ එක්ක එක පැත්තකට ආවොත් ඊට වඩා වැඩි ශක්තියකින් ඒ හැමෝම පරද්දන විදියක් ගැන දැම්මම හිතල තියන්න. 2015 මහින්දට වුනා වගේ surprise එකක් වෙන්න ඉස්සෙල්ල. කවුරු හරි එයාව දේශපාලනයෙන් අයින් කරන්න හදනව නම් ඒක නවත්තන්න ඕනේ. වෙන මුකුත් හින්ද නෙමෙයි අපි හැමෝම අද හුස්ම ගන්නේ මහින්ද හින්ද හින්ද. එහෙම නොකොළොත් අපි හැමෝම හුඟක් පසු තැවෙයි පස්සේ. සමහරවිට 2015 ටත් වඩා. ඒ හින්ද ගෝඨාභයට support කරන එක නවත්තන්න.

  7. Champa Reply

    දැක්කද කතාව. ඉවත් වූ 16 ට පක්ෂ නායක රැස්වීමට යන්න ඉඩ දෙන්නලු. UPFA එකේ පක්ෂ (eg: NFF, MEP) වෙන වෙනම පිළිගන්න බැහැයි කියපු මිනිස්සු එලොවටත් නැති මෙලොවටත් නැති, ජනාධිපති තමන්ගේ නායකයා නමුත් එයාගෙම ආණ්ඩුවට විරුද්ධ අප්‍රභංශ අනාථ පිලක් පක්ෂ නායකයන විදියට පිලි ගන්නේ කොහොමද? ඔයාට තේරෙනවද මන්ද විමල්, මේ එන්නේ මොකොටද කියලා. බැසිල් පලවෙනි ඉනිම සාර්ථකව අවසන් කළා. මේ ගහන්නේ මහින්ද සහ ඒකාබද්ධ විපක්ෂය දුර්වල කිරීමේ දෙවෙනි ඉනිම. බෝල දාන්නේ මෛත්‍රී. Bat කරන්නේ අනාථ පිල. යන්න එපා match එක බලන්න. එතකොට cheer කරන්න කවුරුවත් නැහැ. තේරෙනව නේද මම කියන දේ.

Leave a Reply

*