BREAKING NEWS

අපි අද ආරම්භ කළේ මේ තක්කඩි ආණ්ඩුව ගෙදර යවන සටනයි

13423745_2048691658689596_8140654325642176122_nඒකාබද්ධ විපක්‍ෂය අද දින ආරම්භ කළේ රටේ ආර්ථිකය කම්බස්කර, ජනතාව මත බදු බර පටවා, හොරකම මහදවල් සිදුකරගෙන යන මේ තක්කඩි ආණ්ඩුව ගෙදර යවන සටන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පවසයි.

අද(24) ඒකාබද්ධ විපක්‍ෂය විසින් කොළඹදී පැවැත්වූ විරෝධතා පාගමනින් අනතුරුව ඊට සහභාගී වූ පිරිස අමතා ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘‘ඒකාබද්ධ විපක්‍ෂය අද ආරම්භ කළේ වෙන මොකක්වත් නොවෙයි, රටේම ආර්ථිකය කම්බස් කරලා, බදු බර පටවලා, හොරකම මහ දවල් කරගෙන යන මේ තක්කඩි ආණ්ඩුව ගෙදර යවන සටන. මේ ආණ්ඩුව මේ අවුරුද්ද ඇතුළත පලවා හරින්න රටම පාරට බහින බව අපි මේ ආණ්ඩුවේ සියලූම ලොක්කන්ට පෙන්වා දෙන්න කැමතියි.

මහජනතාවට තුන්වේල කන්න නැහැ. බදු බර උහුලන්න බැහැ. ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්, මහජන නියෝජිතයන් බොරු චෝදනා දාලා දවස ගානේ හිරගෙවල්වල දානවා. මේ ද්‍රෝහී ආණ්ඩුව හිතනවා නම් ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් හිරේ දාලා, මර්දනය කරලා මේ සටන නතර කරන්න ‘අපි ඔප්පු කරලා පෙන්වනවා කවුරු හිරේ දැම්මත් මේ ජනතා අරගලය ජයග‍්‍රහණයෙන් තොරව කෙළවර වෙන්නේ නැහැ’ කියලා.

අපි අගමැති වික‍්‍රමසිංහට කියනවා,‘ගජමිතුරු බැඳුම්කර හොරාව බේරාගන්න විගණකාධිපතිතුමාව පාර්ලිමේන්තුවට ගෙනල්ලා බලපෑම් කළාට හරි යන්නේ නැහැ’ කියලා. ඒ වගේම අපි විගණකාධිපතිතුමාට කියනවා, ‘මේ පරඩැල් ආණ්ඩුවට යටත් වෙන්නේ නැතිව ඔබ රාජකාරිය නිසි ලෙස ඉටු කරන්න. ඒ කාරණාවේදී මුළු රටම ඔබ සමග හිටගන්නවා’ කියලා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ හමුදා ආරක්‍ෂාව සම්පූර්ණයෙන්ම ඉවත් කරලා හිතනවානම් එතුමාව කූඩු කරලා තියාගන්න, එක සිහිනයක් පමණයි. අපි කවුරුත් කූඩු කරලා තියාගන්නත් බැහැ. අපි මේ සටන ජයග‍්‍රහණයෙන් තොරව ඉවර කරන්නෙත් නැහැ.

අද වැට් බද්දට එරෙහිව ව්‍යාපාරිකයෝ කඩ වහනවා. අපි ඒ සටනට සුබ පතනවා. ඒ වගේම අපි මුළු රටටම ආරාධනා කරනවා, ‘තව නොබෝ දිනකින් අපත් සමග පාරට බැහැලා, මේ ආණ්ඩුව ගෙදර යවන වීදි සටනට සූදානම් වෙන්න’ කියලා.’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.06.24

13483045_959714917479662_4509747082009864815_o 13495668_959715564146264_2922641791036785592_o 13497899_959713954146425_1906504183381462859_o 13517425_959715224146298_8381131438370925323_o 13497982_959714230813064_2560329689705684127_o

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*