BREAKING NEWS

අපි ලෑස්තියි ශ‍්‍රීලනිපයත් නැති වෙච්ච මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරන්න. වැඩි ඈතකදී නොවෙයි. ඊළඟ මැතිවරණයේදීම…

wimal-weerawansa-mජනාධිපතිවරණයේදී මොකද වුණේ?මින් ඉදිරියට මොකද වෙන්නේ ඒ පිළිබදව විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සමග කළ සාකච්ඡවක් මෙසේ සටහන් කර තබමු.

ප‍්‍රශ්නය – ඔබ මෙතැනින් කොතැනකටද?

පිළිතුර – මෙතැනින් කියලා අදහස් කරන්නේ මොකක්ද?

ප‍්‍රශ්නය – ජනාධිපතිවරණ සටනින් ඔබ පරාජයට පත්වුණා.මෙතැනින් එහාට ඔබේ වලංගු භාවය?

පිළිතුර – අපේ මුළු දේශපාලන ඉතිහාසයම සියුම්ව නිරීක්ෂණය කරලා බැලූවොත් පෙනේවි අපේ ව්‍යායාමය හැම තිස්සෙම බැ`දිලා තිබුණේ රටත් එක්ක.රටේ අභිප‍්‍රායන් එක්ක.රටේ අරමුණුත් එක්ක.ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කොටත් රට ඉස්මුදුනේ තියාගෙන තමයි අපි දේශපාලනය කළේ.එතැනින් එළියට බහින්න සිදු වුණෙත් රට රකින සංකල්පය.එතැන් සිටත්  අපි 2005 වෙන්න පුළුවන්,2010 ජයග‍්‍රහණයෙන් පසුව වෙන්න පුළුවන්,ඉන් අනතුරුව වෙන්නත් පුළුවන්,2015 දීත් අපි අපේ රට මුදුනේ තියාගෙන තමයි දේශපාලනය කෙරුවේ.ප‍්‍රධාන වශයෙන්ම දිනාගත් රාජ්‍ය ස්ථාවරව ඉදිරියට ගෙන යෑම,අපිට පෙනුණ 2010දී එකතු වුණු ඒ අශුද්ධ හවුල 2015 දීත් වෙනත් ස්වරූපයකින් කරළියට ආවා.අතිරේකව ඒකට ජාතික හෙළ උරුමය වැනි සිංහල බෞද්ධ ස්වරූපයේ වෙස් පැළ`ද ගත්තු පිරිස එකතු වුණා.රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ හ`ඩ පටයක් ඒ දවස්වල රූපවාහිනියෙන් ප‍්‍රචාරය වුණා.එහිදී ඔහු කියනවා ඔවුන්ගේ කුමන්ත‍්‍රණය මොකක්ද කියල.ඒ කුමන්ත‍්‍රණය අපි කල් ඇතිව දැක්කා.ඒ වගේම ආණ්ඩුව පැත්තේ තිබුණු ඒ කුමන්ත‍්‍රණය නොදැක කටයුතු කිරීමේ අඩුවක් අපි හො`දින් තේරුම් අරගෙන තිබුණා.ඔබට මතක ඇති ඔබේ පුවත්පතේම මම කරපු සම්මුඛ සාකච්ඡුා යළිත් කියෙව්වොත් මේ අනතුර අපි කල් ඇතිව දැක්ක බව ඔප්පු වේවි.අපි මේ අනතුර දැක්කා.රටට ඉතාම අහිතකර කල්ලියක් අතට රට පත්වෙනවා කියලත් අපි දැක්කා.ඒක වළක්වා ගන්න ගතයුතු පියවරයන් අපි ආණ්ඩුවට යෝජනා කළා.ඒවා නිසි පරිදි තේරුම් ගැනීමේ මනසක් තිබූ බව අපි දැක්කේ නැහැ.අවසානයේදී පරාජය වුණේ මහින්ද රාජපක්ෂ නොවෙයි රටයි.

ප‍්‍රශ්නය – ඔබ කියන්නේ මහින්ද නිසා මහින්ද පරාජය වුණා කියලද?

පිළිතුර – මහින්ද නිසා මහින්ද පැරදුණේ නැහැ.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධයට නායකත්වය දීපු මේ රටේ හිටපු රාජ්‍ය නායකයන්ගෙන් අසම සම නායකයා.හැබැයි ඔහු දේශපාලන වශයෙන් තමන් ඉදිරිපිට නිර්මාණය වන අභියෝග සියුම්ව හදුනා ගැනීමට සමත් වුණේ නෑ.සතුරා ඔහුගේ නිවෙස වටලා තිබෙන බව ඔහු දැක්කේ නැහැ.අපි මේවා දැක්කා.අප බලන්න…පී.බී ජයසුන්දරට අදාළව කිසිම වංචා දුෂණ චෝදනායක් ඔය ගරු කටයුතු මහත්වරුන් මතු කරන්නේ නැහැ.ඒක අපි ගොඩක් කලින් දැක්කා.ගොඩක් කලින් කිව්වා.හැබැයි කබ්රාල්ගේ ෆයිල් ගැන කතා කරනවා.එතුමා මේ අභ්‍යන්තර වැටලීම දැක්කේ නැහැ.

ප‍්‍රශ්නය – රාජපක්ෂ සහෝදරයන් හා පුතුන් සම්බන්ධයෙන් සමාජය තුළ බරපතළ විරෝධයක් තියෙනවා කියලා ඔබ පිළිගන්නේ නැද්ද?

පිළිතුර – පිළිගන්නවා.බැසිල් ඇමැතිතුමා වගේ අය ඒ වගේම ඒ වටා ගොඩනැගුණු කණ්ඩායම් විසින් විශාල අසහනයක් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් අතර ඇති කරලා තියෙනවා.ඒවා නිසා ඇතිවන ප‍්‍රතික‍්‍රියා ගැන අවධානයක් යොමුවෙලා තිබුණේ නැහැ.ඒ වගේම හතුරා ඇතුළෙන් කඩලා ගහන්න හදන බව දැක්කේ නැහැ.ඒ වගේ දුර්වලතා තිබුණා.හැබැයි ඒ වගේ දුර්වලතා මොනවා තිබුණත් මහින්ද රාජපක්ෂ කියන්නේ විසිකරන්න පුළුවන් නායකයෙක් නොවෙයි.ඔහු මේ ජාතියට දිය යුතු ලොකුම සහනය ලබාදීපු නායකයා.ඒ ගෞරවය සදාකාලිකවම ඔහුට හිමියි.ඒ නිසා තමයි ඔහු අතහරින කෙළෙහි ගුණ නොදත් ක‍්‍රියාව අපට කරන්න බැරිවෙලා තියෙන්නේ.දේශපාලනය කියන්නේ බල ක‍්‍රීඩාවක් පමණක් නම් මමත් අද මෙතැන නෑ.හැබැයි මම හිතනවා දේශපාලනය කියන්නේ බල ක‍්‍රීඩාවක් පමණක් නොවෙයි.එහි උත්තර මානුෂික සදාචාර සම්පන්න බැ`දීම් සමූහයකුත් තිබෙනවා.ඒ අර්ථයෙන් බැලූවම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ තිබුණු දුර්වලතා තරාදියේ එක පැත්තකට දැම්මොත් ඔහු මේ රටට ඉටු කරපු සේවාව තරාදියේ අනික් පැත්තකට දැමීමෙන් බර කොයි පැත්තද කියලා මේ රටේ ජනතාව දන්නවා.අද මේ ඔහුට එරෙහිවන නායකයන්ට එබදු තක්සේරුවක් හදන්න අපට බෑ.අපට පේනවා මේ ඇවිල්ලා ඉන්නෙ කවුද?මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා කියන්නේ ලංකාවේ බිහිවෙච්ච අසරණම විධායක ජනාධිපතිවරයා.තමන් සතු විධායක බලය පාවිච්චියට නොගැනීමට වැඩිම බාධාවන්ට මුහුණ දීලා ඉන්න පුද්ගලයා.රනිල් වික‍්‍රමසිංහ මේකෙ එක බල කේන්ද්‍රයක්.ඒ වගේම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සභාපතිකමට මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා පත්වුණාම ඒකත් මේ පාලනයේ එක බල කේන්ද්‍රයක්.මේක ඇතුළේ විපක්ෂනායකකම බොහෝ විට යන්නෙත් දෙමළ ජාතික සන්ධානයට එතකොට මෙන්න මේ වගේ ලංකා දේශපාලන සිතියමේ ඉතා අවාසනාවන්ත වෙනස්කම් රැසක් සිදුවෙමින් පවතිනවා.ඩග්ලස් දේවානන්දගේ ආරක්ෂාව ඉවත් කරලා තියෙනවා.ඔහුව විවෘත කරලා තියෙනවා මරා දැමීම සදහා.පිල්ලෙයාන්ගේ ආරක්ෂාව සීමා කරලා තියෙනවා.ඔවුන් අද මඩකලපුවෙන් කොළඹට පැනලා ඉන්නවා පණ බේරාගන්න.ඩග්ලස් දේවානන්ද යාපනය අතඇරලා කොළඹ ඇවිත් ඉන්නවා.යුද්දෙදී අපිට උදවු කරපු මිනිස්සුන්ට අද ඒ ඉරණම අත්වෙලා තියෙනවා.මේ වෙන්නේ විශාල දේශපාලන ඛේදවාචකයක්.මේ ඛේදවාචකයට සුදුහුණු ගාන්න නම් ජීවිතේට අපට බෑ.පාරේ මරලා දැම්මත් අපි ඒක කරන්නෙත් නැහැ.

ප‍්‍රශ්නය – මේ පරාජය වළක්වා ගන්න ඔබ හැකිතාක් උත්සාහ කළා.ඒත් බැරි වුණා.ඇයි ඒක එහෙම වුණේ?

පිළිතුර – ඇත්තම ගත්තොත් තව ඡන්ද ලක්ෂ දෙක හමාරයිනේඅපට තව  ඕනෑ වුණේ.මේ ඡන්ද ලක්ෂ දෙක හමාර ගන්න තිබුණා අපි කලින් කියපු ඒවා හරියට තේරුම් ගත්තා නම්.මධ්‍යම පන්තියේ තිබුණු විවේචනවලට අපි පිළිතුරු දිය යුතුව තිබුණා.ඒක එකක්.දෙක ආණ්ඩුව ඇතුළේ විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් හිටියා හරියට වැඩ කළේ නැති.මතුපිටින් පේන්න හිටියට බිමට හරියට මැදිහත් වුණේ නැහැ.ඒ වගේම සිරිසේන මහත්තයාට අවශ්‍ය විදියට හැසිරුණු විශාල පිරිසක් මෙතැන හිටියා.මේ අය කරපු මේ නින්දිත පාවාදීමේ ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලයක් විදියට තමයි අර ලක්ෂ දෙක හමාර ගන්න බැරි වුණේ.ඇත්ත වශයෙන්ම ගත්තොත් අපට මේ පරතරය පුළුවන් තරම් අවම කර ගන්න පුළුවන් වුණා.ඒක දිනන තැනට ගෙනියන්න තිබුණ යාන්ත‍්‍රණය හොදින් ශක්තිමත්ව තිබුණා නම්.ඇත්ත කතාව ගත්තොත් 2010ට සාපේක්ෂව ගත්තොත් දුර්වලම මැතිවරණ යාන්ත‍්‍රණයක් තිබුණේ මේ ඡුන්දයෙදියි.

ප‍්‍රශ්නය- නමුත් වංචාව දුෂණයට අදාළ චෝදනා දේශපේ‍්‍රමී සළුපිළිවලින් වනන්න හැදුවට බැරිවුණා.ඔබ හිතන් නැද්ද දේශපේ‍්‍රමය තවදුරටත් වලංගු සටන් පාඨයක් නොවෙයි කියලා.

පිළිතුර – ඒක සම්පූර්ණ මිත්‍යා මතයක්.දුෂණය කියන එක ගත්තොත් ඒ අය කිව්වා සියයට 30ටත් වැඩියෙන් මේවායේ හොරකම් කියලා.හරි ඒ අය දැන් ඊට වඩා අඩුවෙන් හදලා පෙන්වන්න  ඕන.ඔය දුෂණය කියන්නේ සදාකාලිකවම හැම ආණ්ඩුවකටම එරෙහිව ගන්න මාතෘකාවක්.දුෂණ චෝදනා එල්ල කරන යහපාලනය ගැන කතා කරන අය මේ ආණ්ඩුවේ මුදල් ඇමැති කරලා තියෙන්නේ කාවද?විදේශ විනිමය වංචා කිරීම සම්බන්ධයෙන් උසාවියේ නඩුවක් තියෙන පුද්ගලයෙකුව.අනික ඒ ගනුදෙනු වෙලා තියෙන්නේ එල්ටීටීඊ එකත් එක්ක සම්බන්ධතා තියෙන ව්‍යාපාරිකයෙකු එක්ක.එහෙම කෙනෙකුටනේ මේ මුදල් ඇමැතිකම දීලා තියෙන්නේ.ඉතින් ඒකෙන්ම පේනවනේ දුෂණය පිළිබදව අවංක බවක් මෙතැන නෑ.මේක දේශපාලන සටන් පාඨයක් විතරයි කියලා.තව මාසයක් දෙකක් යනකොට තේරෙයි…දුෂණයේ කප්පිත්තෝ කවුද කියලා.අනික් චෝදනා ගත්තත් එහෙමයි.

ප‍්‍රශ්නය – මගේ ප‍්‍රශ්නය වුණේ දේශපේ‍්‍රමයේ වලංගු භාවය සම්බන්ධවයි?

පිළිතුර – ඔව් ඔය ඔබ කියන දේශපේ‍්‍රමය අවලංගු වන කාලයක් නොව තවදුරටත් එය අත්‍යවශ්‍යම වන කාලයකටයි අපි මේ ගමන් කරන්නේ.දේශපේ‍්‍රමය කියන එක මම මේ පටු අර්ථයෙන් පාවිච්චි කරන්නේ නැහැ.අන්‍ය ජන කොටස් වලට එරෙහි පාඨයක් හැටියට.හැබැයි ඉදිරියේදී බලන්න මොකක්ද වෙන්නේ කියලා.ඔය දින සීයෙන් පස්සේ උතුරේ හමුදා කදවුරු එක එක ගැලවෙන කොට…මේ වෙනකොටත් මේජර් ජනරාල් චන්ද්‍රසිරිව අයින් කරලා.ඒක ටී.එන්.ඒ එකේ කියපු ප‍්‍රධාන ඉල්ලීමක්.නමුත් හිටපු ජනාධිපතිතුමා ඒකට එකග වුණේ නැහැ.මේජර් ජනරාල් චන්ද්‍රසිරි තමයි එතන රටේ ඒකීයභාවයට හානියක් නොවන පරිදි උතුරු පළාත් සභාව කළමනාකරණය කළේ.එතුමාව අයින් කරලා.දැන් ඒ වෙනස්කම් සිදුවෙමින් පවතිනවා.එතකොට මෙවැනි තත්ත්වයක් දිගින් දිගටම වර්ධනය වෙනකොට ජාතීයට  ඕනෑ වෙන්නේ දේශපේ‍්‍රමය නොවේ නම් වෙන මොකක්ද?දේශපේ‍්‍රමය කියන්නේ ඡුන්දයකට පාවිච්චි කරන තුරුම්පුවක් නොවෙයි.ඒක නිරන්තරයෙන් මේ රටේ ජනතාවගේ හදවතේ තිබිය යුතු එකක්.ඒක අවලංගු වෙන්නේ නැහැ.

ප‍්‍රශ්නය – මේ මොහොත වන විටත් ඔබට එරෙහිව අල්ලස් කොමිසමට ගිහිල්ලා තියෙනවා.ඔබ ඉන්නේ තිගැස්මෙන්…?

පිළිතුර – අනේ නැහැ.මම ඉන්නේ තිගැස්මෙන්නම් මමත් යනවා යහපාලනය හොයාගෙන.ෆයිල් තියෙනවා නම් යහපාලනය පැත්තට ගිය ගමන් ෆයිල් ලොස් වෙනවා.ඔය මහත්වරු කවුරුත් මට කියන්නේ නැහැනේ අර ව්‍යාපෘතියෙන් හොරකම් කළා.අරකෙන් හොරකම් කළා කියලා.ඒ අය කියන්නේ මගේ ආදායමයි.දේපළයි ගැලපෙනවද කියලා හොයලා බලන්න කියලනේ.

ප‍්‍රශ්නය – ඒ කියන්නේ ඒ චෝදනා බොරු?

පිළිතුර – ඔය ගෙයක් ගැන කියනවනේ.මගේ ගේ තමයි ඔය පුළු පුළුවන් විදියට හදා ගත්තේ.මතක තියාගන්න මම ජේවීපී එකේ ඉන්න කාලෙත් මට විරුද්ධව පාවිච්චි කළේ ඔය ගේ.තාමත් මට විරුද්ධව පාවිච්චි කරන්නේ ඔය ගේ.ඒක තාමත් හදලා ඉවරත් නෑ.ඒක ඒ අයත් කියනවා.හොරකම් කරලා හැදුවා නම් අවුරුද්දකින් මට මේක හදලා බවර කරන්න බැරිද?කිසිම කෙනෙකුගෙන් එක ගල් කැටයක්,වැලි කැටයක්,සිමෙන්ති කොට්ටයක් අරගෙන නෑ.බොහොම අමාරුවෙන් හදාගෙන යන්නේ.ජේවීපී එකේ ඉන්න කාලේ කිව්වේ මං මාළිගාවක් හදනවා කියලා.ඒ කාලෙත් මම උත්තර දුන්නා.ඒ ගේ තාම හදනවා.හොරකම් කරලා හැදුවා නම් මට අවුරුද්දකින්  ඕක හදන්න බැරිද?මම නිවාස හා ඉදිකිරීම් ඇමැති.ඉතින් අයථා විදියට මට හදලා ඉවර කරන්න බැරිද?ඒ නිසා මගේ හදවත තුළ මට විරුද්ධව චෝදනාවක් නෑ.මට විරුද්ධව යූඑන්පී කාරයන්ගෙන් චෝදනා තියෙන්න පුළුවන්.ජේවීපී කාරයන්ගෙන් චෝදනා එල්ල වෙන්න පුළුවන්.නමුත් මගේ හදවතින් මට චෝදනාවක් නැහැ.ඒ නිසා මම බය නෑ.

ඒ නිසා හිරේ දානවානම් හිරේ දාන්න මම බය නෑ.මම කදවුරක හිටියනම් හිටියේ රටේ වුවමනාව වෙනුවෙන්.රටේ අවශ්‍යතාව වෙනුවෙන්.ජවිපෙ සහෝදරවරු තේරුම් ගන්න  ඕනෑ.මම හොදට ජවිපෙ පන්නරය තියෙන මිනිහෙක් කියලා.අනූ හතරෙදී ඔයම හත්වරු හැංගෙන කොට පක්ෂයට කූර ගැහුවේ අපි.අපි ඒ වෙලාවේ අපේ ජීවිත අවදානම ගැන හිතුවේ නෑ.එදා නුගේගොඩ රැස්වීමේ කතාවක් කරන්න කෙනෙක් හිටියේ නෑ.මමයි අජිත් කුමාරයි සේනාරත්න සිල්වයි විතරයි හිටියේ.මරණ වරෙන්තුව අරන් අපි ආවේ.කිසිම පැහැදිලි බවක් තිබ්බේ නැහැ.ඒත් අපි එළියට ආවා.ඒ නිසා අදත් බය නෑ.එහෙම බය නැත්තේ මට මගේ හෘද සාක්ෂියෙන් චෝදනාවක් නැගෙන්නේ නැති නිසයි.මට වැදගත් එපමණයි.

ප‍්‍රශ්නය – ඔබේ බිරිය ශෂී වීරවංශටත් චෝදනා එල්ල කරලා තියෙනවා?

පිළිතුර – ඔව් ඔය රිච් ලූක් කියන ආයතනයේ මගේ බිරියට කොටස් තියෙනවා කියලා කියනවා.ඔය ආයතනය ගැන අපි අහලා තිබුණ හැරෙන්න වෙන කිසිම සම්බන්ධයක් අපේ නැහැ.මේවා පට්ටපල් බොරු.මේ අවලාද ගහන්නේ ඒ ගොල්ලෝ දන්නව මහින්ද රාජපක්ෂ සමග අවංකවම ඉන්න කීපදෙනාගෙන් එක්කෙනෙක් මම.මේ අයට  ඕනෑ මහින්ද රාජපක්ෂගේ දේශපාලන ගමන මෙතැනින් ඉවර කරන්න.ඒක කරන්නනම් මේ හයියට ඉන්න මිනිස්සු වට්ටන්න  ඕනෑ.ඒ අයව කොහේ හරි හිර කරන්න  ඕනෑ.ඒ අය පලිගන්න  ඕනෑ.ඒක තමයි මේ වෙන්නේ.මේක මෛත‍්‍රී මෙහෙයුමක් නොවෙයි.මේක වෛරී මෙහෙයුමක්.එතුමන්ලා නිවැරදිනම් එතුමන්ලා හිතනවානම් එතුමන්ලා හරි කියලා එහෙමනම් මොකටද මෙහෙම කරන්නේ.ඒ අය ඉන්නේ බියෙන්.මොකද ඒ අයට බහුතරය නෑ.සුළුතරයේ බහුතරයයි.බහුතරයේ සුළුතරයයි ඒ අයට තියෙන්නේ.බහුතරයේ බහුතරය හදාගන්න බෑ.අපි මෙතැන දේශපාලනයේ හිටියොත්.ඒ අය දැන් බලන්නේ බහුතරයේ බහුතරය හදාගන්න.ඒක කරන්න බෑ අපි ඉන්නකොට.ඒ නිසා තමයි දැන් අපිට ගහන්න පටන් අරගෙන තියෙන්නේ.

ප‍්‍රශ්නය – විමල් වීරවංශගේ දේශපාලන ගමන මෙතැනින් අවසානයි?

පිළිතුර – එහෙම හිතන අයට එහෙම හිතන්න අවසර තියෙනවා.මම ඒ අයට බාධා කරන්නේ නැහැ.මීට කලිනුත් මං ගැන ඔහොම ගණන් බලපු අය හිටියා.මගේ දේශපාලන ගමන රටේ දේශපාලන ගමනත් එක්ක බැදුණු එකක්.මම ආයිමත් කියනවා මම ජේවීපී එකෙන් ආපු මිනිහෙක්.භීෂණය මැද්දේ ජේවීපී එක ගොඩනගන්න කරගහපු මිනිහෙක්.89 දී පැරදුණාට පස්සේ නතර කරපු අධ්‍යාපනය පටන් ගන්න  ඕනෑ කියලා හිතපු කෙනෙක් නොවෙයි.විශ්ව විද්‍යාලයට යන්න  ඕනෑ කියලා හිතපු කෙනෙක් නොවෙයි.මගේ හදවතේ තිබුණා බරක්…මැරිච්ච මිනිස්සු ගැන.ඒ නිසා ආපහු ජේවීපී එක හදන්නයි පෙළඹුණේ.ඒ වගේම ඒක කරපු මිනිහෙක්.පළමුවැනි ටීඑන්එල් ජනහ`ඩට යනකොට ජේවීපී එකෙන් මැරුවා යැයි කියපු ලිස්ට් එක නිවේදකයාගේ අතේ.නමුත් අපි ඒවට මුහුණ දුන්නා.ඒකෙන් අපේ ජීවිතවලට වෙන අවදානම ගැන අපි බැලූවේ නැහැ.ඒ නිසා එහෙව් මම ජවිපෙන් එළියට ආවා කියලා ජවිපෙන් ලබාගත් පන්නරය බිදගත් මිනිහෙක් නොවෙයි.ඒ ආත්ම ශක්තිය නැති කරගත්ත මිනිහෙක් නොවෙයි.ආධ්‍යාත්මය නැති කරගත්ත මිනිහෙක් නොවෙයි.ඒ නිසා කවුරුහරි හිතනවා නම් මගේ දේශපාලනය ඉවරයි කියලා ඒ අයට මම කියන්නේ…‘මහත්වරුනි තව ටික දවසක් බලාගෙන ඉන්න කියලයි.’

ප‍්‍රශ්නය –  රට මෙතැනින් කොතැනටද?

පිළිතුර – ඒකට උත්තර ඉතාම කෙටි කාලයකින් ලැබෙයි.අර්බුදය ඇතුළේ තමයි අවස්ථාවන් නිර්මාණය වෙන්නේ.මෙතැන අර්බුදයක් තියෙනවා.හිටපු ජනාධිපතිතුමාව අද කොටු කරලා තියෙන්නේ.මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා බලනවා ඊළග මහ ඡන්දෙන් එයාට පක්ෂපාතී කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ බහුතරය බවට පත්කරගන්න.රනිල් වික‍්‍රමසිංහ බලනවා තමන්ට බහුතරය බලය ගන්න.දැන් ඒ තරගය ඒ දෙන්නා අතර පටන් අරගෙන.ඒ දෙන්නා අතර තියෙන තරගයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා දිනනවාට රනිල් මහත්තයා කැමති වෙන්නේ නැහැ.ගැටුම උඩට එනවා.බල කේන්ද්‍ර තුනක් මෙතැන තියෙනවා.චන්ද්‍රිකා වෙනම ඉන්නවා.මේ එකිනෙක බල කේන්ද්‍ර අතර ගැටුම වළක්වන්න බෑ.මේ ජනාධිපතිවරණය තමයි මම දන්න ඉතිහාසය තුළ දිනපු කෙනාට ඡුන්දය දීලා මිනිස්සු තුෂ්ණිම්භූතව ඉන්න.හංසයට දීල.මිනිස්සු අඩ අඩා ඉන්නවා.හංසයට ගැහුවේ රිද්දන්න.පරද්දන්න නොවෙයි.ගැප් එක අඩු කරන්න.නමුත් මහින්ද මහත්තයා පැරදිලා යනකොට ඒ ජනයාගේ හදවත් විලාප දෙන්න පටන් ගත්තා.වරායේ සමහර සේවකයෝ හංසයට ගැහුවේ සභාපතිතුමත් එක්ක තියෙන ප‍්‍රශ්නවලට.හැබැයි ඒ අය හිතුවේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා පරාද වෙයි කියලා ඒ අය මහින්ද මහත්තයා ළගට ඇවිත් කකුල් දෙක අල්ලලා වැදලා කරපු වැරැද්දට සමාව ගත්තා.අද මිනිස්සු බලාගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ අගමැති කරන්න.හංසයට ගහපු මිනිස්සු බලාගෙන ඉන්නෙත් ඒකයි.ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාට පක්ෂයක් නැති කරන්නේ.අපි කියනවා ඒවාට උත්තර තියෙනවා.ඒ උත්තර අරගෙන අපි එනවා. ඕන්නම් අපිව හිරේ දාන්න.හිරේ දාන්න මහත්වරුණි…මේවාට උත්තර තියෙනවා.ඒ උත්තර අරගෙන අපි එනවා.අපි ලෑස්තියි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් නැති වෙච්ච මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ අගමැති කරන්න.වැඩි ඈතකදී නොවෙයි.ඊළග මහ මැතිවරණයේදීම’.

– ලංකාදීප පුවත්පතිනි

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*