BREAKING NEWS

අප ඉතාම අත්‍යවශ්‍ය සහ සාධාරණ කරුණු මත භාවිතා කළ වාහන ගැන හොයන ආණ්ඩුව අද පළාත් සභා මන්ත්‍රීවරුන්ටත් රජයේ වියදමින් වාහන ලබා දෙනවා.

අප ඉතාම අත්‍යවශ්‍ය සහ සාධාරණ කරුණු මත භාවිතා කළ වාහන ගැන හොයන ආණ්ඩුව අද පළාත් සභා මන්ත්‍රීවරුන්ටත් රජයේ වියදමින් වාහන ලබා දෙනවා.

– ජනිපෙ නායක විමල් වීරවංශ

මන් ඉතාම සාධාරණ සහ අත්‍යවශ්‍ය කරුණු මත භාවිතා කළ වාහන ගැන සොයන වත්මන් ආණ්ඩුව මාසික කුලිය රුපියල් එක් ලක්‍ෂ පන්දහසක් වන වාහනයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු වන ජාතික හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාට ලබා දී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

අද(26) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

අද (27) දෙවන වරටත් FCIDයට එන්න කියලා තිබෙන්නේ ඇමතිවරයකු ලෙස සිටියදී ආරක්‍ෂාව සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදී තිබූ වාහන දෙකක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටයි.

අද එට්කා ගිවිසුම අත්සන් කිරීම සඳහා වන තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට ඉන්දියාවේ ඇමතිවරයක් ශ්‍රී ලංකාවට පැමිණෙනවා ඒ පිළිබඳව සංවාදයක් ඇතිවීම වළක්වලා එම ගිවිසුම කඩිමුඩියේ අත්සන් කිරීමටයි මේ ආණ්ඩුව සූදානම් වෙන්නේ.

එක අතකින් වාහන අවභාවිතය පිළිබඳව අපට චෝදනා කරන මේ ආණ්ඩුව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට අපූරු ලියුමක් එවනවා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමයි මේ ලිපිය එවා ඇත්තේ. ‘අතිගරු ජනාධිපතිතුමාගේ කොළඹ දිස්ත්‍රික් විශේෂ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ තනතුරට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පත්කර ඇත. ඒ මහතාගේ රාජකාරී සඳහා ලබාදීමට වාහනයක් අප ප්‍රවාහන සංචිතයේ නොමැති බැවින් සුදුසු වාහනයක් ජනාධිපති ලේකම් කාර්යාලයට නිදහස් කිරීමට කටයුතු කරන්නේනම් කෘතඥවෙමි.’ කියලයි ඒ ලිපියේ තිබෙන්නේ. නිශානත ශ්‍රී වර්ණසිංහට මාසික කුලිය රුපියල් එක්ලක්ෂ පන්දහසකට වාහනයක් රජයේ වියදමින් ලබා දෙන්නේ ඒ විදියටයි. එවැනි වැඩ කරමින් තමයි. ඉතාම අත්‍යවශ්‍ය හා සාධාරණ කරුණු මත අපි පාවිච්චි කළ වාහනයක් ගැන හොයන්නේ.

එට්කා ගිවිසුම අත්සන් කිරීම ඇතුළු තමන් මේ රටට සිදු කරන දේශපාලන අපරාධවලට එරෙහිව හඬ නගන පිරිස් තමයි අද මේ විදියට FCIDයට ගෙන්වන්නේ එහෙම පීඩාවට පත් කරලා බලනවා අපව යටත් කරන්න පුළුවන්ද කියලා අපව එහෙම යටත් කරන්න ලැබෙන්නේ නැහැ කියලා පැහැදිලිව අවධාරණය කරනවා.

ඒ වගේම අද ඉතාමත් හොඳින් පෙනෙන්නට තිබෙනවා මේ ආණ්ඩුව නීතිය අවභාවිතයේ යොදවන ආකාරය. මේ ආයතනය පිහිටුවීමම නීතිය අවභාවිතයේ යෙදවීමක්. මේ ආණ්ඩුව තමන් කැමැති විදියට නීතිය නවන, නීතිය කඩන තත්වයකට මේ රට පත්කරලා තිබෙනවා. වෙනදා මේවා ගැන බොහොම කණගාටුවෙන් හිටපු බටහිර තානාපති කාර්යාල අද මර නින්දේ ඉන්නේ. ඒ අනුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවලට වගකීමක් තිබෙනවා මේ මර්දනකාරී මෙහෙයුමට එරෙහිව සටන් වැදීමට.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.09.26

14468690_1025838024200684_5612802257822124675_o 14480477_1025838124200674_8627905855361786305_o 14481898_1025838007534019_4001470509839341713_o 14500189_1025838174200669_6772817250274994972_o

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*