BREAKING NEWS

අයිතීන් දිනා ගැනීමට සටන් වදින අතර රට ද රැකගත යුතුව තිබේ

අයිතීන් දිනා ගැනීමට සටන් වදින අතර රට ද රැකගත යුතුව තිබේ

පැය අටක වැඩ මුරයක් ඉල්ලා සටන්වැද එම සටනේදී දිවි දුන් කම්කරු විරුවන් සමරමින් ඇරඹි ජාත්‍යන්තර කම්කරු දිනයේ 132 වැන්න යෙදී ඇත්තේ අදට ය. ආර්ථිකය සේම රටෙහි සෑම සියලු ක්‍ෂේත්‍රයක්ම බිද වැටෙමින් පවතින මොහොතක රටක වැඩ කරන ජනතාව මුහුණපාන අවාසනාවන්ත ඉරණමට මෙරට වැඩකරන ජනතාව අද මුහුණ දී සිටිති.

වැඩකරන ජනතාවගේ අයිතීන්වලට සුබවාදී ප්‍රතිචාර දැක්වීම කෙසේ වෙතත් වත්මන් යහපාලකයන් සේවක සුරක්‍ෂිතතාව රැකදීම වෙනුවෙන් වූ අවම නීති රීතීන් හෝ ක්‍රියාත්මක කරවීමට හාම්පුතුන් පොළඹවන්නේ නැත. ගෙවීගිය වසර තුළ අන් කවර කලකටත් වඩා සේවා ස්ථානවල අනාරක්ෂිතතාවය හේතුවෙන් සේවක පිරිස් මිය ගොස් තිබේ. ගොඩනැගිලි කඩා වැටීමෙන් ද ඇසිඞ් තටාකවලද ඇද වැටීමෙන් ද සේවකයන් මිය යන්නේ එම ඛේදනීය තත්වය රට හමුවේ අවධාරණය කරවමිනි.

තම සාධාරණ ඉල්ලිම් මුල්කරගත් වැඩ කරන ජනතාවගේ වෘත්තීය ක්‍රියාමාර්ග හමුවේ, මේ ආණ්ඩුව කටයුතු කරන්නේ බීරි අලින් සේ ය. මෑත කාලීන් නිදසුනක් ලෙස විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය හමුවේ ආණ්ඩුව ක්‍රියා කලේ ඒ අන්දමිනි’ සේවක පිරිස් හෙම්බත් කරවමින් මුළු මහත් විශ්ව විද්‍යාල පද්ධතියම අකර්මන්‍ය වීමට ඉඩ හැරීම එහිදී යහපාලකයින් ගත මඟ ය.

මේ සියල්ල මෙරට වැඩ කරන ජනතාවට අවධාරණය කරන්නේ තම අයිතීන් දිනා ගන්නා අතරම ස්ථාවර පාලනයක් වෙනුවෙන් ද සටන් වැදිය යුතු බව ය. එපමණක් නොවේ. අපට ලැබී ඇත්තේ රට වැනසී ගියද ජනතාව හාමතේ මියගිය ද තමන් බලයට ගෙන ආ ජාතිවාදී බෙදුම්වාදීන්ට දුන් පොරොන්දු නොපිරිහෙලා ඉටු කරන ආණ්ඩුවකි. ‘20 වැනි ව්‍යවස්ථා සංශෝධන මරඋගුළු ද’ ඔවුන් ගෙන එන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨයට මුවා වී තම බෙදුම්වාදී හිතවතුන්ගේ මනදොල සැපිරීමට ය. ඒ නිසා හෙට දිනයේ තම අයිතීන් දිනා ගන්නා අතරම, ස්ථාවර පාලනයක් වෙනුවෙන් සටන් වදිමින්, රට රැක ගැනීමට පෙරට ඒම මෙරට වැඩ කරන ජනතාවගේ අත්හල නොහැකි වගකීමකි.

විමල් වීරවංශ (පා.ම.)
නායක
ජාතික නිදහස් පෙරමුණ
2018-05-01

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    හරියටම හරි. අයිතීන් රැකෙන්නත් රටක් ඉතුරු වෙන්න ඕනේ. මට හරිම කේන්තියි බුද්ධ සාසන ඇමතිකම වෙනස් වුනු නැති එකට. අනාගාමික පක්ෂෙක අනාගාමිකයෙකුට බුද්ධ සාසන ඇමතිකම දීල. දෙමු නියම උත්තරේ. ඒක හිලව් කරාද දන්නේ නැහැ රවී කරුණානායකට ඇමතිකමක් නොදී ඉන්න. Do you know what I mean.

  2. Champa Reply

    රටේ මිනිස්සුන්ගේ මනස විකල් වෙලා. තැනක දැක්ක ඉස්පිරිතාලෙක හිටපු ලෙඩෙක් එකපාරට දුවල ගිහින් 8 වෙනි තට්ටුවෙන් පැන්නලු. එක මැදිරියකට මිලියන 13ක් වියදම් කරලා අළුත්වැඩියා කරපු කෝච්චිය එක දවසට සීට් කඩලා, සූරලා, washroom එක ඇතුලේ උපකරණත් කඩල විනාශ කරලලු. අවුරුද 80ක මිනිහෙක් වෙසක් දවසේ මත්පැන් විකුණලා අහු වුනාලු. තුනේ පන්තියේ දරුවෙක්ට බලෙන් මත්පෙති පොවලලු. එප්පාවල පොලිස් කාරයෙක් මහ විසාල පොල්ලක් අරගෙන කාන්තාවන්ට ගහලා. හරිම අස්වාභාවිකයි. හොඳටම දන්නවනේ තමන්ට දඬුවම් ලැබෙනවා කියල. මොකක්ද මේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ. විමල් කියපු එක හරි. අවිචාර සමයක් මේ ගත වෙන්නේ. කෝ ඔයාගේ සම්මන්ත්‍රණ? අවිචාර සමය ගැන සම්මන්ත්‍රණයක් නැත්ද?

  3. Champa Reply

    මොකක්ද අර ඔයාගේ godfather කියල තියෙන්නේ? සරත් ෆොන්සේකා එන බව අහල ගෝන්නු මුවන් දුවනවා කියලා. එයා කැලේ සත්තු මැරුවාද?

  4. Champa Reply

    කොණ්ඩ කුරුල්ලා. මම දැක්ක ඔයා කරලා තියෙන වැඩේ. කෙන්තියටමයි මෙතෙන්ට ලිව්වේ නැත්තේ. හිරු එකේ ඉන්නේ ඔයාගේ යාළුවෝ නේද? මහදැනමුත්තට හැම තැනම ගෝලයො. මම දැක්ක සලකුණ එකේදිත් කපුටු පෙඳේ පිටිපැස්සෙන් අරන් තියෙනවා. ඔයා කියල තමයි නිල්පාට shirt එක කළුපාට කෙරෙව්වේ නේද? මෙයාගේ ඔක්කොම වැඩ මට විරුද්ධව. ඕව හරිම සංවිධානාත්මක කැත වැඩ දන්නවද. කළු shirt එක දැක්කහම මගේ අත පය සීත වෙලා ඇඟත් පණ නැති වෙලා ගියා. අනේ මෙමෙහම වෙන්න මම මොකක්ද කලේ කියල හිතුව. ඔයා සෙල්ලම් කරන්න. සෙල්ලම ලෙල්ලම වෙලා වෙලාවක මම මැරිලා තියෙයි. ඇත්තමයි ලියල තියෙනව ලියුමක් මැරුනොත් ඔයා තමයි කියල.

    හැටි විතරක් කපුටු පෙඳේ. හරි ලස්සනයි කියලා හිතේ ඇති. මම කතා කරන කම් ඊට ඉස්සර ඔයා ඕක හරියට පීරන්නෙත් නැහැ. නිකම් අතෙන් කොන්ඩෙ හදන්නේ. දැන් පෙන්නනවා වවනවා කියලා. අනේ මට මොකද. මම බලන්නෙවත් නැහැ. දැක්කද අර උඩ තියෙන පින්තූරේ. නියම කපුටු පෙඳේ. අර වැස්සට පස්සේ වත්තේ මිදුලේ වතුර වලවල් පිරිලා තියෙන කොට කපුටෝ ඇවිල්ල නාන්නෙ. දැකල තියෙනවද? ඔලුවයි ඇඟයි වතුරට දාල ගසනවා. ඊට පස්සේ කපුටගේ පෙඳේ හරියටම ඔය විදියයි. අර තියෙන්නේ පිටිපැස්සෙන් දික් වෙලා. අනේ ඒ වගේමයි. කොණ්ඩේ තිබුනේ නැත්නම් මම මෙලහට ඔයාව දාල ගිහින්. මේ පාර කරපු සංවිධානාත්මක කැත වැඩේට නම් මට හරිම කේන්තියි. ඔයාට කිව්වා මම දඟ වැඩ නවත්තල ටිකක් තැන්පත් වෙන්න කියලා. කියන දෙයක් අහන්න එපා. ඉන්නකෝ ඔයා. ඔක්කොම මම එකතු කරගෙන ඉන්නේ.

Leave a Reply

*