BREAKING NEWS

අර්ජුන් ඇලෝසියස් වෙතින් මුදල් ලබා නොගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කර දීම: කථානායකවරයාට යවන ලද ලිපිය

අර්ජුන් ඇලෝසියස් වෙතින් මුදල් ලබා නොගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කර දීම: කථානායකවරයාට යවන ලද ලිපිය

ගරු කථානායකතුමා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ.

ගරු කතානායකතුමනි,

අර්ජුන් ඇලෝසියස් වෙතින් මුදල් ලබා නොගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කර දීම

මහ බැංකු බැඳුම්කර වංචාවෙහි ප්‍රධාන චූදිතයකු වන අර්ජුන් ඇලෝසියස් නැමැත්තාගෙන් මුදල් ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 118කගේ ලයිස්තුවක් පිළිබඳව ප්‍රකාශයට පත්වීමත් සමඟ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම රට හමුවේ සැකයටත්, ගර්හාවටත් පත්ව ඇත.

එය මෙම සිදුවීමට කිසිදු අයුරකින් සම්බන්ධයක් නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය වූ අවස්ථාවක් බව ද පෙන්වා දීමට කැමැත්තෙමි. එහෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා අයිතිවාසිකම් ආරක්ෂා කිරිමේ වගකීම සතු ඔබතුමන්ගේ අවධානය ඒ කෙරෙහි දැනටමත් යොමුව ඇතැයි සිතමි.

ඉදිරි පාර්ලිමේන්තු සතිය ආරම්භක දිනයේ දී ඉහත කී අර්ජුන් ඇලෝසියස් නැමැත්තාගෙන් මුදල් ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 118 දෙනාගේ ලයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි වේ නම්, ඉන් මෙම ගැටළුවට සාධාරණ විසඳුමක් ලැබෙනු ඇත. මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙහි පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලද පිටුවල මෙම නම් 118 සඳහන්ව ඇති බව ද අනාවරණය වී ඇති නිසා ජනාධිපති ලේකම්වරයා වෙතින් එදිනට මෙම ලයිස්තුව ලබා ගැනීමට අපහසු නොවනු ඇත.

එබැවින් එළඹෙන පාර්ලිමේන්තු සතිය ආරම්භක දිනයේදී මෙම නම් ලයිස්තුව ඉදිරිපත් කර මෙම වංචාවට කිසිසේත්ම සම්බන්ධ නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට ඔබතුමන් කටයුතු කරනු ඇතැයි හුදෙක්ම අපේක්ෂා කරමි.

ස්තූතියි.

මෙයට,
විශ්වාසී, විමල් වීරවංශ (පා.ම)
නායක, ජාතික නිදහස් පෙරමුණ.
2018-05-31

පිටපත් : සියලු ජනමාධ්‍ය

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    විමල්ගේ කතානායකට ලියපු මේ ලියුම නම් හරිම මොලේ ඇති වැඩක්. හැමෝම 118 ගැන කතා කරනවා. ඒ list එක එලියට දාන්න කියනවා. හැබැයි විමල් විතරයි හරියට පිළිවෙලකට මොලේ ඇති විදියට ඒක ගැන වැඩක් කලේ. වෙන කාටවත් මේක හිතුනේ නැහැ. කතානායකට ලියන්න. දන්නවද විමල් මම ඔයා වෙලා අවුරුදු 30ක් විතර ඔයා වගේ දේශපාලනය කලා නම් මම ඉන්නේ ඔතන නෙමෙයි. අතන. දන්නවනෙ.

  2. Champa Reply

    අන්න JHU එකත් ජනාධිපතිවරණෙට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවලු. ඇත්තටම ඔයාට කවදාවත් හිතිලා නැත්ද කවදා හරි ජාතික නිදහස් පෙරමුණෙනුත් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕනේ කියලා? ඔන්න මාවත් ඔය පක්ෂෙට ගන්න හොඳද දවසක. හරි නම් මෙහෙම මම කියන්න ඕනේ නැහැ. හරිනම් මාව පස්සෙන් ඇවිල්ල ඇවිල්ල ඉල්ලලා පක්ෂෙට බන්දවා ගන්න වටිනවා.

    බඩ්ඩක් කියන්නද? ඇත්තටම Presidentගේ තරඟය තියෙන්නේ කා එක්කද කියලා දන්නවද? උත්තරේ කිව්වොත් බිත්තරයක් දෙනවා. මොකොටද දන්නවද? ගහන්න. අනේ ඇත්තමයි විමල් Presidentගෙ ලාමක කතා (ගොන් කතා කියලා කියන්න හොඳ නැති හින්ද මම ලාමක කතා කියලා කිව්වේ) Presidentගේ ලාමක කතා අහල මට නම් හිනා නෙමෙයි කේන්ති යන්නේ. රටක ජනාධිපතිවරයෙක් වුනහම වගකීමක් ඇතුව කතා කරන්න එපෑය නේද? චික් විතරක්.

  3. Champa Reply

    Hooray මෙන්න අළුත් seminars පටන් ගන්න යනවා…… “පරගැති ආණ්ඩුව” මතකද මේක ඔයා දාපු පරණ නමක්නේ? මේ පාර දාල තියෙන නම හොඳයි. සරලයි. මතකද කලින් නම? මහා අප්බ්‍රංශයක්. …….. ආණ්ඩුව සහ …….. ලක්මව. කොච්චර එපා කීවත් ඒකම ගෙනිච්ච. එහෙම කියන්න හොඳ නැහැ. මීට පස්සේ ඒ වගේ නම් දාන්න එපා හොඳද. අනේ විමල් ඔයාගෙ සම්මන්ත්‍රණ අහන්න නැතුව මම හරිම පාළුවෙන් හිටියේ. මතකද 2015 2016 ගොඩක් සම්මන්ත්‍රණ තිබුන. ඒවාට ඉස්සර නම් කවිත් ලියවෙනව. ඒ කාලේ මගෙ වැඩ professional. මෙතනට ආවට පස්සේ තමයි මාව නරක් වුනේ. බලන්න මාව මෙතනට කොටු කළා එයා දිහා විතරක් බලන් ඉන්න. කොච්චර බලන් ඉන්නවද කිව්වොත් ඕනනම් මට කියන්න පුළුවන් ඔයාගේ ඔය එළු රැවුලේ පරිණාමය ගැන වුනත්. ඊළඟට දන්නවද ඔයාගේ ඔය කොන්ඩෙ ගැන මම දන්නා තරම ඔයාගෙ බාබර්වත් දන්නේ නැහැ. 2015 ඉඳන් කොන්ඩෙ වැවුණු හැටි කපපු හැටි ඔක්කොම මට කියන්න පුළුවන්. පහුගිය දවස් වල දික් වෙලා තිබුන නේද? ඇයි කැපුවේ?

  4. Champa Reply

    “පරගැති ආණ්ඩුව, 20 වෙනි සංශෝධනය, ජාතියේ ඉරණම” — 20 ගැන කතා කරන එක හොඳයි. ඔයා කියන එක හරි. මේ ආණ්ඩුවට සම්බන්ධ කිසි දෙයක් ගන්න සුළුවෙන් හිතන්න හොඳ නැහැ. ඔයා තමයි මිනිස්සුන්ට මේවා ගැන කියලා දෙන්න ඕනේ. මේ දවස් වල මට ලියන්න දේවල් තිබුනෙත් නැහැ. පරණ කතා ලිය ලිය හිටියේ. ඔයාගේ godfather ගැන ලිව්වා. පටන් ගත්තේ කොහොමද කියලා මටත් මතක නැහැ. ෂූඌඌඌඌඌඌඌ….. Godfather කියලා දැන් කියන්න හොඳ නැහැ. ඒ මොකොද කිව්වා නම් මම දැක්ක 20ට විරුද්ධයි කියලා කියලා තියෙනව. JOkersලටත් මීට පස්සේ JOkersලා කියලා කියන්න හොඳ නැහැ. මම මේ දැක්කමයි කොන්ද කෙලින් තියාගෙන රටටම අහිතකර මේ වගේ දේශපාලන බිම් බෝම්බෙකට කෙලින්ම විරුද්ධ වෙනවා. වෙනදට කරන්නේ වැනි වැනී ඉන්න එකනේ. 5ස් දෙනෙක්ගෙන් හැව්වොත් 5ක් කියනවා. මේ පාර එක වචනයයි. I think they are getting better. (We should ignore what Basil’s mouthpiece, S.M. said.)

  5. Champa Reply

    මහින්ද ආපහු හකීම්ල පස්සේ යන්න වගේ හදන්නේ. එහෙම වුනොත් සිංහල බෞද්ධ චන්ද කැඩෙනවා. කවුරු වුනත් ආයේ මුස්ලිම් දෙමල පක්ෂ එක්ක deal දාන එකට මිනිස්සු කැමති වෙන්නේ නැහැ. ඊළඟ ජනාධිපතිවරණෙට දාමු අපේක්ෂකයෙක් ජාතික නිදහස් පෙරමුණෙන්. සිංහල බෞද්ධ චන්ද බෙදෙන්න දෙන්න බැහැ. එක තැනකට ගන්න ඕනේ.

    රිෂාඩ් බතියුදීන් විල්පත්තුවේ කැලා කපන්න ගත්තේ 2013 දී. මහින්දට ඒක නවත්තන්න කොන්දක් තිබුනේ නැහැ. ඊළඟට රිෂාඩ් මේ ආණ්ඩුව අවහම ඊටත් එහා ගිහින් විල්පත්තු රක්ෂිතය එලි කරලා මිනිස්සු පදිංචි කළා. මුස්ලිම් වුනාට සමහරු සරණාගතයොත් කියලා මිනිස්සු කියනවා. දැන් ඊටත් එහා ගිහින් මඩකලපුවේත් මුස්ලිම් මිනිස්සු පදිංචි කරනවා. මහින්දට වගේම වහල් ආණ්ඩුවටත් ඒවාට විරුද්ධව කිසි දෙයක් කරන්න බැරි වුනේ මුස්ලිම් චන්ද මත යැපෙන්න ගිය නිසා. හැමදාම සිංහලයට වුනේ මේක. අපේ නායකයෝ දෙමල මුස්ලිම් පක්ෂ පස්සේ ගිහින් සිංහලයන්ව දෙකේ කොලේට දැම්ම. උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන බුල්ඩෝසර් කරන එක මහින්දගේ කාලෙත් වුනා. මෙච්චර කල් ආපු පාරේ අපි ආයේ යන්නේ නැහැ විමල්. ඒක නවත්තන්න තියෙන එකම විදිය ලංකාවේ සමස්ත සිංහල බෞද්ධයන් වෙනුවෙන් common candidate කෙනෙක් දාන එක.

    ඔයා මම කියන එකත් චුට්ටක් හරි අහන්න හොඳද. ඔයා හැමෝම කියන එක අහනවා මම කියන එක ඇර. මම මෙච්චර මේවා කියන්නේ ඇයි කියලා ඔයා චුට්ටක් හිතන්න. ඔයාට අනිත් ඔක්කොමල පේනව මාව ඇර. ඔයා අනිත් ඔක්කොමට බත් හැන්දෙන් බෙදල බෙදල මට විතරක් කන් හැන්දෙන් බෙදනවා.

    • Champa Reply

      බත් හැන්දෙන් නෙමෙයි ඇත්තටම. සවලෙන්. ඔයා අනිත් හැමෝටම සවලෙන් බෙදල මට විතරක් කන් හැන්දෙන් බෙදනවා.

  6. Champa Reply

    අනුරගේ 20 ගැන posters ගැහුවේ ඕගොල්ලොද

  7. Champa Reply

    හොටු පොහොට්ටුවේ ප්‍රතිපත්ති ඔයාට ගැලපෙන්නේ නැහැ. ජනාධිපතිවරනෙට යනකොට සන්ධානයක් හදා ගන්න. දැනට ඒක block කරලා තියෙන්නේ (Deshapriya himself said that.)

  8. Champa Reply

    චන්දයක් ළඟ එනවද? එහෙම ඇහුවේ ආයේ පරණ සෙල්ලම පටන් ගන්න යනව වගේ පේන නිසා, I mean the second part. It is the strongest people of the bloc who are always under attack. As you see Wimal, it is always you.

    Those who stay with you come rain or shine are your strength. The masses will never leave you. It is a fact. What matters to people is you.

    I know what is beneath all this. I think some people are terrified that you will contest for Presidency in 2020. 😀 😀 😀 I enjoy giving them some tension. Anyways, we have no grudge against MR. If you were not with he will already be sidelined and then forced to resign. MR can do lot more for the country. It is our duty to not let anybody deny him his place.

    Can I make a prediction? Mahinda is getting back the SLFP whether he likes it or not probably after the next Presidential Election or even before. But there won’t be any truce between him and MS. It will come to him without any effort. Then the Hotu Pohottuwa will see a natural death.

    • Champa Reply

      හැබැයි මේක අළුත් එකක් නෙමෙයි. ඒ මොකොද කිව්වා නම්, මට මතකයි ඔයා මොකක් හරි සම්මන්ත්‍රණයක් තිබ්බ LG election කාලේ වගේ පින්තූරෙත් දාල හැබැයි. ඇවිල්ල හිටියේ නැහැ. මං ඔයාගෙන් අහන්න හිතල ආයේ නිකා හිටිය. බලන්න මතක් කරලා

  9. Champa Reply

    විමල්, ලංකාවේ දේශපාලන භූමියේ ඔයා තරම් අභියෝග, අවස්ථා අහිමිවීම්, අවස්ථා උදුරා ගැනීම්, ප්‍රයෝජන අරන් අහක දැමීම්, කරදර, හිරිහැර, අවලාද, අපහාස, වේදනා, දුක්දෝමනස්ස වලට මුහුණ දුන් වෙන දේශපාලකයෙක් නැහැ. ඒ හැම එකකදීම ඔයා කලින් හිටියට වඩා ශක්තිමත්ව නැගිට්ට. දුර්වලයන් 1000කට වඩා ශක්තිමත් පුද්ගලයන් 10ක් ඇති ඔයාගේ දේශපාලන ගමනට.

    දන්නවද විමල් රටේ මිනිස්සු ඔයාට තව තවත් ආදරේ වෙන්නේ ඔයාව දාල යන්නේ නැත්තේ ඔයාගෙ මේ තියෙන අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් අසාමාන්‍ය ශක්තිය නිසා. ඔයාගෙ දේශපාලනයේ කවදාවත් ආත්මාර්ථකාමි බවක් තිබුනේ නැහැ. ඒකයි ඔයා හැමදාම රට වෙනුවෙන් මිසක් තමන් වෙනුවෙන් දේශපාලනය කරන්නේ නැත්තේ. වෙන එකක් මොකටද මම මෙතන ඔයාට විතරක් ආශීර්වාද කරලා “දළදා සමිඳු පිහිටයි විමල් ඔයාට” කියල ලියන එකටත් ඔයා කැමති නැහැ. මම එහෙම ලියපු දෙපාරක්ම ඔයා මට එක පාරක් හිල් වෙන්න පොල් ටොක්කක් ඇන්න. දෙවෙනි පාර මට කණේ පාරක් ගැහැව්වා. ගහපු කණේ පාරට මට කණ රිදුනේ නැති වුනාට හිත රිදුනු නිසා මම ඔයාට ආශීර්වාද කරලා ලියන පේලිය නැවැත්තුව. ඒවුනාට මට හිතුන ආයේ ආශීර්වාද කරලා ලියන්න. ඒ මොකොද කිව්වා නම් මම දැක්ක ඔයාගේ FaceBook එකේ ඕනේ තරම් පිරිමි සහ කාන්තාවෝ ඔයාට දළදා සමිඳු පිහිටයි කියලා තියෙනවා. බුදු සරණයි කියලා තියෙනව. ජය ශ්‍රී මහා බෝසමිඳු පිහිටයි කියල තියෙනව. හැබැයි මම එහෙම කිව්වොත් විතරක් මගේ කණට ගහනව පොල්ටොකු අනිනවා. තරහ පෙන්නනවා. දන්නවනේ අර ඔයාගේ famous විදිය තරහ පෙන්නන. ඔයා හොඳට දන්නවා මට හේතුවක් නැතුව දුක හිතෙන්නේ මොකොටද කියල. ඒ හින්ද ඒකම කරනවා. මෙතන ඔක්කොම නීති මට විතරයි. ගුටි කන්නෙත් මම විතරයි. හිත රිද්දන්නෙත් මගේ විතරයි. ඉන්නකෝ ඔයාට හොඳ වැඩක් කරන්න. මම ආපහු එහෙම ලියනවා. ඕනනම් තව පොල් ටොක්කක් අනින්න. කණට එකක් ගහන්න. මට මොකද. මම නම් ඔයා වගේ පලි ගන්න කෙනෙක් නෙමෙයි. වැඩිම වුනොත් මම ඔය neat එකට පීරලා එක කොන්ඩ ගහක්වත් හෙලවෙන්නෙ නැතුව තියා ගෙන ඉන්න කොන්ඩෙ ඇදල ඇදල හොඳටම අවුල් කරලා පිස්සන් කොටුවක් කරලා දායි. විමල් ඔයාට ශ්‍රී දළදා සමිඳු පිහිටත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදයත් මම විශ්වාස කරන රුහුණු කතරගම කඳ සුරිඳුන්ගේ රැකවරණයත් යෝධ බල යෝධ වීර්යයත් ප්‍රාර්ථනා කරනවා. Love you very very much.

  10. Champa Reply

    තව මාස 18ක් නැහැ ඇත්තටම 16ක් තියෙනව ගත කරන්න. අන්තිම මාස දෙක ගණන් ගන්න බැහැ. MR උගුල් වල අහු වෙන්නේ නැතිව ඉඳියිද මේ ටික? I think, like everyone else, he is also bidding his time.

  11. Champa Reply

    “රට රකින ජන පවුර” එල එල.

    ඒ වුනාට විමල් මට අහන්න දෙයක් තියෙනව. ඔයා පක්ෂේ දහවෙනි සැමරුම කලේ නැහැනේ. මට තියෙන ලොකුම ප්‍රෙහෙලිකාවක් එක. ඔයාට තර්ජනය කලාද කවුරු හරි? දැන් ඔයා ජාතික නිදහස් පෙරමුණ කියන එකත් අතෑරලාද? මම නිකම් අහන්නේ. හරි හරි ok ජන පවුර කිව්වහම පාට පක්ෂ භේද නැහැ. ඒකනේ කියන්න හදන්නේ. ඒ වුනාට කවුරු හරි, පිරිසක් හරි ඔයාගෙ ජාතික නිදහස් පෙරමුණේ නැගීම නවත්තන්න හදනව වගේ මට පේනවා. එහෙම කරන්නේ බයටද?

  12. Champa Reply

    ජෝන් සෙනෙවිරත්න? අර අනාථ පිලේ උන්නු අනාථයෙක්‌ නේද? පේනවද ඔයා හරිම කපටි වැඩක් කරනවා. ඔයා හදන්නෙ එක එක අනාථය ගෙනැල්ල සුදු හුණු ගාන්න. වැඩක් වෙන්නේ නෑ විමල්. මිනිස්සු කැමති නෑ ඒගොල්ලන්ට. දැන් ඔහොම ගිහින් ගිහින් මෛත්‍රීටත් හුණු ගානවද? අනේ නිකම් යන්න අනේ. වැඩක් වෙන්නේ නෑ. දේශපාලකයෝ patch up වුනාට මිනිස්සු එහෙම වෙන්නේ නැහැ. කිසි සමාවක් නැහැ මිනිස්සුන්ගෙන්.

  13. Champa Reply

    බලන්න ඔයා ඇයි අරම කලේ විමල්? දැන් කළු shirt එකක් දාලා ඉස්සෙල්ල නිල් shirt එක කළුම කරලා දාල තිබුන. බලන්න ඔයා සෙල්ලම් කරන්නකො මිනිස්සුන්ගේ ජීවිත එක්ක. දවසක මම ලෙඩ වෙලා මැරිලා තියෙයි කළු shirt එක නිසා. ලෙඩ වෙලා දොස්තර ලඟට ගිහාම ලෙඩේ මොකක්ද අහව්වහම මම ඔයාගෙ නම කියනව ඉන්නකෝ හොඳ වැඩක් කරන්න ඔයාට. පාරේ බැහැල යන්න බැරි වෙන්න. මැරෙන්න වගේ එනවා නම් ලියුමක් ලියල තියනව ඔයා තමයි කියල. මම මීට ඉස්සෙල්ලත් කිව්වා ඔයාට ඔයි වගේ සංවිධානාත්මක කැත වැඩ කරන එක නවත්තන්න කියලා. දැන් ඔය මොකොටද කළු shirt එක දැම්මේ? අනේ මම දන්නෙත් නැහැ. මොකක්ද කියලා. බලන්න ඔයාගේ ඔය නපුරුකම් ඇත්තටම නවත්තන්නේ කවදද? ඔක්කොම නපුරුකම් මට විතරයි නපුරුවංශගෙ. ඉන්නකො මම බලන්නෙම නැහැ ඕක. නපුරුකමේ සීමාවක් තියා ගන්න හොඳද. වීරවංශ නෙමෙයි රාක්ෂවංශ. අර දකුණු පැත්තේ කොනේ තියෙන නිල් shirt එක එක්ක තියෙන ඇස් දෙක වගේ ඇස් තියෙන්නේ ඒ වංශේ අයට. ඉන්නකෝ මම සෑහෙන කාලෙකට මෙතැන ආයේ බලන්නේ නැහැ. බඩ්ඩක් කියන්න හිටියේ ඒක කියන්නෙත් නැහැ. වෙන පාට shirt එකක් දැම්මොත් විතරක් කියනවා. පොඩි පොඩි දේවලට පැල් බැඳගෙන පලි ගන්නවා දෙයියොනේ.

  14. Champa Reply

    අනේ සුදු විමල්, මගේ මෙතන අම්බලමට අර එහා පැත්තේ කතාව දානවා නම්, අර කළු පාට කරපු නිල් shirt එක දාන්නේ නැතුව නිල් පාට නිල් shirt එක තියෙන පින්තූරේ දානවද please? අනේ මට තරහ පෙන්නන්න කළු shirt එක නැතුව වෙන මාර්ගයක් හොයා ගන්නවද, පින්වත?

  15. Champa Reply

    ඇත්තටම කළු shirt එකක් දැම්මේ ඇයි ? මම Ada එකට comment එකක් දැම්ම ඕගොල්ලන්ගේ අධි තක්සේරුව ගැන කියලා. මට පේන දේ මම ලිව්වේ. 2010යි 2018යි සංසන්දනය කළා. හැබැයි ඒගොල්ලෝ ඒක දැම්මේ නැහැ. ඒක දැක්ක නම් ඔයාට තව තරහ යන්නත් ඉඩ තිබුණ. 2015 අගෝස්තුත් ඕගොල්ලන්ට වුනේ අධි තක්සේරුව. ඒකනේ UPFA ඔක්කොම පාර්ලිමේන්තුව අවුරුද 4 1/2 කට විසුරුවන්න බැහැ කියපු එකට කැමති වුනේ. UPFA එක හිතුව මහින්ද පාර්ලිමේන්තු චන්දෙ දින්නහම මෛත්‍රීට පස්සේ පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැනේ ඒක හින්ද ඒක හොඳයි කියලා. හැබැයි කවදාත් හිතුවේ නැහැ පැරදුනොත් මොකොද වෙන්නේ කියලා. ඕගොල්ලෝ හිතනවට වඩා මෛත්‍රී ඉන්නේ හුඟක් ඉදිරියෙන්. මහින්දට කරපු දේයි දැන් රනිල්ට කරන දේයි බලන්න. 2015 අගෝස්තු මහා මතිවරනෙට ඉස්සෙල්ල මහින්දව blackmail or manipulate කළා වගේම ඊළඟ ජනාධිපතිවරණෙදීත් ඒකම කරනවා. බලන්නකො. කොහොමද? මටත් හරියට කියන්න බැහැ. හැබැයි අර Thajudeenගෙ කතාව ගැන ටිකක් කල්පනාවෙන් ඉන්න. ඒ කියන්නේ මොකක්ද කියල ඇත්තටම මම දන්නේ නැහැ. ඊළඟ ලොකුම දුර්වලකම තමයි JOඑක ශ්‍රීලනිප එකට තමන්ට එකතු වෙන්න කියන එක. ඇත්තටම Maithree/SLFP නැතුව දිනන්න පුළුවන් කියල විශ්වාසයක් නැත්ද? ඒ පැත්තේ මිනිස්සුන්ට කවදාවත් මිනිස්සු කැමති වෙන්නේ නැහැ. කවදාවත් හිතන්න එපා ඕගොල්ලෝ හිතන විදියට මිනිස්සු හිතයි කියලවත් හැසිරෙයි කියලවත්. 2015 අගෝස්තු පරදුනාහම ඔයාම කිව්වා මිනිස්සු මෛත්‍රීගේ වැඩ නිසා චන්දෙ දෙන්න ආවේ නැහැ කියලා. ඒ කාලේ ඒ කියන්නේ 2015 අගෝස්තු චන්දෙ කාලේ මිනිස්සු මහින්දගේ රැස්වීම් වලට ආවේ සංවිධානය කරලා නෙමෙයි. තමන්ගේ කැමැත්තෙන්. ලොකු ආවේගයකින්. මුළු රටටම ඕනේ වුන මහින්ද අගමැති වෙලා මෛත්‍රීවයි රනිල්වයි එලවනවා දකින්න. හැබැයි තමන්ගේ කැමැත්තෙන් ලොකු ආවේගයකින් රැස්වීම් වලට එහෙම ආපු මිනිස්සුත් චන්දෙට එන්නේ නැතුව ගෙදර හිටිය නම් දැන් සංවිධානය කරලා ගේන මිනිස්සු ගැන මොන කතාද විමල්. මෛත්‍රී එක්ක බලනකොට මහිදන්යි ඔගොල්ලෝයි දේශපාලන ළදරුවෝ. තරහ වෙන්න එපා එහෙම කිව්වට. ඕගොල්ලන්ට හැම දේටම මුහුණ දෙන්න හොඳ හයියක් තියෙනව. නමුත් ඕගොල්ලෝ කවදවත් eventualities වලට ලැහැස්ති වෙන්නේ නැහැ. ඇත්ත පිළිගන්න ලැහැස්ති නැහැ. මම දන්නේ නැහැ ඕගොල්ලෝ ඔහොම හිතන්නේ අධි තක්සේරුවෙන් ඉන්නේ ගෝඨාභයව චන්දෙට ඉදිරිපත් කරන්න ඉන්න හින්දද කියලා. හැබැයි එයා පරදිනවා.

    2015 ජනවාරි මහින්ද පැරදුනෙත් අධි තක්සේරුව නිසා. මිනිස්සු කියනවා පස්සේ පස්සේ මහින්දට තේරුණා කියලා තමන් පරදින්න පුළුවන් කියලා. මොකක් හරි රූපවාහිනී කතවක් කරන්න හිටිය ඒක block කලාලු මැකෝ. ඒ හින්ද මහින්දට තමන්ට විරුද්ධව තිබුණු දේවලට උත්තර දෙන්න විදියක් නැති වුනාලු. ඒ වුනාට මහින්ද 2015 අගෝස්තු චන්දෙ කලේ කිව්ව තමන් සතයක් හරි හොරා ගත්ත නම් ගෙල කපා ගන්නවා කියපු කතාව 2015 ජනවාරි stage එකේ කිව්වා නම් එයා දිනනවා. මිනිස්සුන්ට ඕනේ වුනේ මහින්දගේ කටින්ම තමන් එහෙම නෙමෙයි කියලා අහන්න විතරයි. එහෙනම් මේසේ අනිත් පැත්තට හැරෙනවා.

    තවත් එකක් කියන්නම්, ඊළඟ ජනාධිපතිවරණෙට මහින්ද කැමති වුනත් අකමැති වුනත් මහින්දට ඉදිරිපත් කරන්න වෙන්නේ මෛත්‍රී කැමති කෙනෙක්. හරියටම 2015 අගෝස්තු මහින්දට අලුත් පක්ෂයක් හදල චන්දෙට ඉදිරිපත් වෙන්න ඉඩ දුන්නේ නැතුව වගේ. මෛත්‍රී අපහු මහින්දව blackmail කරනවා 2019 ජනාධිපතිවරණෙදී. මහින්දට වෙනවා එයා කියන විදියට වැඩ කරන්න. ඊට පස්සේ ඕගොල්ලන්ටත් ඒ විදියට වැඩ කරන්න වෙනවා. ප්‍රතිඵලය මහින්දට දේශපාලනයෙන් විශ්‍රාම යන්න වෙන එක. මේ කියපු ටික රාමු කරලා තියා ගන්න. වෙන්නේ මේක. ඔය යන විදියට ගියොත්. හොඳයි මෙමෙහම වෙන්නේ නැහැ කියමු. වුනොත් මොකොද කරන්නේ? තියෙනවද විකල්පයක්? එදත් ඕගොල්ලන්ට විකල්පයක් තිබුනේ නැහැ. අදත් නැහැ.

    මට මෙච්චර කියන්න මොකක්ද තියෙන අමාරුව කියලා ඕගොල්ලෝ හිතනව ඇති. මහින්ද්වත් ඔගොල්ලොවත් බලයට ආව කියලා මට ගන්න කිසි දෙයක් නැහැ. මම කවදාවත් එහෙම ගත්ත කෙනෙකුත් නෙමෙයි. ඇත්තම කිව්වොත් කිසි දෙකින් ඇති වැඩකුත් නැහැ. මගේ ගමන මධ්‍යම ප්‍රතිපදාව හැටියට. ඒකයි ගොලුබෙලි කට්ටක් ඇතුලට වුනේ. මම මෙච්චර කියන්නේ මුළු රටේම අනාගතය තියෙන්නේ ඕගොල්ලෝ අතේ නිසා. ඊළඟ ජනාධිපතිවරණෙදී පොඩි හරි වැරැද්දක් වුනොත් ඕගොල්ලෝ හිතන විදියට නොවුනොත්, මහින්දට මොකොද වෙන්නේ? රටට මොකොද වෙන්නේ?

  16. Champa Reply

    කියන්න බැරි වුන්නානේ දෙයක්. අර චීනෙට අක්කර 57,000ක් හම්බන්තොටින් දෙන්න යනව කියලා news එකක් තිබුන. මම ඒකට comment දැම්ම. President කියන්නේ එකපාර 57,000 දෙන්න එපා. Priorities බලල කොටස් වශයෙන් දෙන්න කියලා මම ඒක විවේචනය කරලා comment එකක් දැම්ම. මට බලන්න පරක්කු වුන. මගෙ comment එක publish වුනාද දන්නේ නැහැ හැබැයි දැන් මට ඒ news එකට access කරන්න බැහැ. Open වෙන්නේ නැහැ.

  17. Champa Reply

    අර ශ්‍රිලනිපේ අලුත් මහා ලේකම්ට ඇත්තටම වැරදුන කියලද ඔයා හිතන්නේ? මම නම් හිතන්නේ එයා ඕනේකමින් වරද්දල කිව්වා කියල.

    Cartoon එකක තිබුන මෛත්‍රී එයාට පුරුදු කරනවා මහින්ද නෙමෙයි මෛත්‍රී කියල කියන්න. 😀 😀 😀 😀 😀

  18. Champa Reply

    විමල් මේ වගේම සුදු shirt එකක් තමයි 2015 පෙබරවාරි 18 ඇඳලා හිටියේ නුගේගොඩ රැස්වීමට. කමිසේ අත් දෙකත් ඔය ගානටම වගේ තමයි නමල තිබුනේ.

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.