BREAKING NEWS

අර්ජුන් මහේන්ද්‍රන්ට සේවා දිගුව ලබා නොදීම පමණක් ප‍්‍රමාණවත් නැහැ…

13580476_962416040542883_4531119404670876327_oඅර්ජුන් මහේන්ද්‍රන්ට සේවා දිගුව ලබා නොදීම පමණක් ප‍්‍රමාණවත් නැහැ. සිදු කළ බැඳුම්කර වංචාවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතුයි. රටට සිදු කළ පාඩුව අයකර ගත යුතුයි

මහ බැංකු අධිපති ධුරය සඳහා ඉදිරි පැය කිහිපය තුළ සුදුස්සකු පත්කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසූ බව මාධ්‍ය මගිින් මේ වන විට වාර්තා කොට තිබේ. එම වාර්තා නිවැරදිනම්, පෙනී යන්නේ වත්මන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට සේවා දිගුවක් ලබානොදී ඔහු ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා සූදානම් බවයි. එසේම ඒකාබද්ධ විපක්‍ෂය ඇතුළු විවිධ බලවේග විසින් දිගින් දිගටම පෙන්වා දුන් මහ බැංකු බඳුම්කර වංචා පිළිබඳ කරුණු පිළිගෙන අර්ජුන් මහේන්ද්‍රන් මහතාට සේවා දිගුවක් ලබා නොදීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ බවද පෙනී යයි.

අර්ජුන මහේන්ද්‍රන් මහතාට සේවා දිගුවක් ලබා නොදීම පමණක් මෙහිදී ප‍්‍රමාණවත් නොවන බව පෙන්වා දීමට කැමැත්තෙමු. ජනාධිපතිවරයා ගත් පියවර නිවැරදි පියවරක් වන්නේ අර්ජුන මහේන්ද්‍රන් මහතාට සේවා දිගුවක් ලබා නොදීමෙන් නොනැවතී ඔහු ඇතුළු මහ බැංකු බැඳුම්කර වංචා චෝදනා එල්ල වී ඇති කණ්ඩායමට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමෙනි. එතැනින් ද නොනැවතී මහ බැංකු බැඳුම්කර වංචාව හේතුවෙන් රටට සිදු වූ අලාභය නිවැරදිව ගණනයකර එය මේ පිරිසගෙන් යළි අයකර ගැනීමෙනි.

එසේ නොමැතිව මහ බැංකුවේ ධනය තම සුඛවිහරණය සඳහා යොදාගත් මහ බැංකු බැඳුම්කර ක‍්‍රියාදාමය තම බෑණාගේ සමාගමට මුදල් ඉපයීම සඳහා උල්පතක් බවට පත්කර ගත් මහ බැංකු අධිපතිවරයකුට සේවා දිගුවක් ලබා නොදීම පමණක් නිවැරදි පියවරක් නොවන බව අපි යළි අවධාරණය කර සිටීමට කැමැත්තෙමු.

රටේ තීරණාත්මක ආර්ථික මර්මස්ථානය වූ මහ බැංකුව තුළ මහ දවල් බැඳුම්කර වංචා සිදු කරමින් එහි ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ මෙම පුද්ගලයා තම බෑණාගේ සමාගම වූ ‘පර්පචුවල් ටෙ‍්‍රෂරි’ සමාගමට අත්කර දුන් ‘ගජ වාසිය’ රටට අත්කර දුන්නේ මහත් පාඩුවකි. මාස 10ක් තුළ රුපියල් මිලියන 14.5ක් මුදලක් මහ බැංකුවෙන් ගෙන තම සුඛවිහරණය සඳහා යොදාගත්, මහ බැංකු බැඳුම්කර සඳහා වූ පොලී අනුපාතිකය 6%කින් ඉහළ දමා තම බෑණාට රුපියල් බිලියන ගණනක අතිරේක ලාභ උපයන්නට ම`ග පාදා දුන් අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව නීතිය ක‍්‍රියාවේ යොදවා, ඔහු රටට සිදු කළ පාඩුව අයකර ගැනීමට කටයුතු කළහොත් පමණක් මෙම පියවර වැදගත් පියවරක් බව සියලූ පොදු ජනතාවට අවිවාදයෙන් පිළිගත හැකිව තිබේ.

විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2016.06.29

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Related Posts

Leave a Reply

*