BREAKING NEWS

අල් – හුසේන්ට එරෙහිව දියත් කළ විරෝධතා පාගමන, නීතිය කඩකිරීමක් ලෙස සලකා පොලීසිය අප අධිකරණ හමුවට කැඳවා තිබෙනවා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ෂෙයිඞ් අල් හුසේන් ශ‍්‍රී ලංකාවට පැමිණි දිනයේ තම පක්‍ෂය ඊට එරෙහිව පැවැත්වූ විරෝධතා පාගමන නීතිය කඩ කිරීමක් ලෙස අර්ථ ගන්වා තමන් ඇතුළු පක්‍ෂයේ නායකයන් 06 දෙනෙකු පොලීසිය විසින් අද(18* දින අධිකරණයට කැඳවා තිබූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද(18) කොළඹ අලූත්කඬේ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

‘‘මානව හිමිකම් කොමසාරිස් ෂෙයිඞ් අල් හුසේන් ලංකාවට පැමිණි දිනයේ අපි ඊට විරුද්ධව දියත් කළ ‘විරෝධතා පාගමන’ නීතිය කඩ කිරීමක් ලෙස අර්ථ ගන්වලා පොලීසිය විසින් අධිකරණයට පැමිණිලිකර තිබුණා. අපගෙන් කටඋත්තර ගැනීම සඳහා අද පොලීසිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා. ඒ අතරම ලිප්ටන් වටරවුම වටකොටගෙන එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා ඇතුළු කණ්ඩායම් විසින් මහජනයාට අවහිර වන ආකාරයට උද්ඝෝෂණ පැවැත්වීම සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක නොවන්නේ ඇයි දැයි යන ප‍්‍රශ්නය අපගේ නීතිඥ මහත්වරුන් විසින් අධිකරණයෙන් විමසා සිටියා. කෙසේ නමුත් පොලීසියට ගොස් මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදෙන ලෙස අධිකරණයෙන් දන්වනු ලැබුවා.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා

ප‍්‍රශ්නය :- හයිඞ් පිටියේ රැස්වීමක් පවත්වලා හිටපු ජනාධිපතිතුමා රට නැවත වලකට ඇද දමන්න හදනවා කියා ඇතැම් පාර්ශ්ව චෝදනා කරනවා.

පිළිතුර: – මට කියන්න තිබෙන්නේ ‘සභාවේ සිනා’ කියලා පමණයි.

ප‍්‍රශ්නය :- ජවිපෙ නායක අනුර දිසානායක මහතා කියනවා ඊයේ හයිඞ් පිටියට ගියානම් හොරු ටික ඔක්කොම අල්ලා ගන්න තිබුණා කියලා.

පිළිතුර :- සිරිකොතේ ලැගලා ඉඳුල් කමින් ඉන් තර වී ජීවත් වන ඞීල් කුමාරට ඒ දේවල් ඒ විදියට පෙනෙන එක ස්වාභාවිකයි. ඒකට අපි පුදුම වෙන්නේ නැහැ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.03.18

886624_899667813484373_5609409419823428557_o 1559548_899667893484365_8784880819813039208_o 12244251_899667853484369_8577478666480968666_o

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*