BREAKING NEWS

“අශුද්ධ බලවේග වෙතින් රට ද බෞද්ධ උරුමයන් ද රැක ගැනීමට  තරයේ අදිටන් කර ගනිමු!”

“අශුද්ධ බලවේග වෙතින් රට ද බෞද්ධ උරුමයන් ද රැක ගැනීමට 
තරයේ අදිටන් කර ගනිමු!”

ජාත්‍යන්තර වෙසක් උත්සවය සහ අනෙකුත් බොහෝ බෞද්ධ රටවල වෙසක් පුන් පොහෝ දිනය, මැයි 29 වැනි දිනට යෙදී තිබුණ ද ශ්‍රී ලංකාවේ රජය ප්‍රකාශයට පත් කරන ලද වෙසක් පුන් පොහෝ දිනය අද ය (අප්‍රේල් 29) යෙදි තිබේ. ඒ නිසා ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට වෙසක් උත්සවය වෙනුවෙන් දාන, සීල, භාවනා වැනි ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් දන්සැල් පැවැත්වීම, තොරණ ආදී වෙසක් සැරසිලි සිදු කිරීම, මල් පහන් පූජා ආදී ආමිස පූජාවන් පැවැත්වීමට ද සිදුව ඇත්තේ අදය.

මේ වන විට බෞද්ධ සංස්කෘතික උරුමයන් ද සම්බුද්ධ ශාසනය ද වසනාලීමේ විවිධ උත්සාහයන් එළිපිට ද හොර රහසේ ද දියත් වන අවිචාර සමයක් මේ රටට උදා වී තිබේ. චෛත්‍ය ඩෝසර් වන්නේ ද තොරණ, දන්සැල් තහනමට සැරසෙන්නේ ද පන්සලේ පිං කැටයට ඉබ්බන් වැටෙන්නේද පන්සල් වර්ගීකරණය නාමයෙන් නව බෞද්ධ පූජනීය ස්ථාන ඉදිකිරීමට වැට බැඳෙන්නේ ද මේ අවිචාර සමයේ ගනඳුරෙහි තරම මෙරට බෞද්ධ ජනතාවට අවධාරණය කෙරෙමිනි.

එපමණක් නොවේ, මේ වෙසක් මාසයේ ආගමික සහජීවනය ද ජාතික සමගිය ද වනසා දැමෙන ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ’ මුවාවෙන් රැගෙන එන බෙදුම්වාදී ව්‍යවස්ථා මර උගුලක් ද අටවමින් තිබීම ලාංකේය බෞද්ධ ජනතාවගේ අවධානයට යොමු කළ යුතුය.

රටේ ඒකීයභාවය වනසා දැමීමට, බෞද්ධ සංස්කෘතික උරුමයන් අතු ගා දැමීමට සැරසෙන මේ අශුද්ධ බලවේග පැරදවීමට මේ පුන් පොහෝ දිනයෙහි ලාංකේය බෞද්ධ ජනතාව අදිටන් කරගත යුතුව තිබේ.

විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2018-04-29

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    මම කලින්ලියපු comment එක එහෙම්මම දානවා. තව පොඩ්ඩක් ලියන්නත් තියෙනවා.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියල වෙසක් දවස ජාත්‍යන්තර නිවාඩු දවසක් කරගත්තේ ලක්ෂ්මන් කදිර්ගාමර්. අවුරුද්ද මට හරියට මතක නැහැ. ඒගොල්ලෝ ඒකට Resolution එකක් ගෙනාව. වෙසක් දවස කියලා නිල වශයෙන් ලංකාව UN එකට කිව්වේ මැයි මාසෙ සම්පූර්ණ හඳ පායන දවස. අපේ විදියට මැයි මාසේ පසළොස්වක පෝය දවස. ඒ හින්ද එක්සත් ජාතීන් වෙසක් සමරන්නේ මැයි 29 මේ අවුරුද්දේ. ඊළඟට 2019 මැයි 19 කියල දැනටම වෙන් කරලත් ඉවරයි. ජාත්‍යන්තරයට එහෙම කියපු අපිම ඒක කඩ කරල අප්‍රේල් මාසේ වෙසක් දිනේ කරලා.

    ඇත්තටම ආණ්ඩුව වෙසක් දවස වෙනස් කලේ වෙන හේතුවක් නිසා කියල කියන එක දැන් පිළිගන්න වෙනව. මම ඒක ගැන ඇත්තටම කතා කරන්න කැමති නැහැ. නමුත් වෙන නෙනෙකුත් ඒ ගැන ලියල තිබුණු නිසා මං මෙතන ඒ ගැන ලියනවා. හැබැයි අනිත් තැන්වල ලියන්නේ නැහැ.ඒ මොකොද කිව්වා නම් සියයට හැත්තෑවක් බෞද්ධයෝ ඉන්න රටේ දේශපාලන වාසි තකා බෞද්ධයන්ව හතරවෙනි තැනට දාල තියෙන එක ගැන මට දැනෙන්නේ ලොකු වේදනාවක් වුනත් වෙන කෙනෙකුට කේන්තියක් තරහක් වෛරයක් ඇති වෙන්න පුළුවන් නිසා.

    වෙසක් දවස අප්‍රේල් මාසෙට දාල නිකම් ඉන්නේ නැතුව ආණ්ඩුව ගාමිණි ජයවික්‍රම පෙරේරා ලව්වා දෙපාරක්ම මැයි මාසේ නියම වෙසක් පෝයට තොරණ සහ දන්සැල් දාන්න තහනම් කරපු එක පිටිපැස්සේ වෙන මොකක් හරි ලොකු දෙයක් තියෙන්න ඕනේ. මහා නායක හාමුදුරුවෝ කිව්ව නිසා කිව්වට ආණ්ඩුව කරලා තියෙන්නේ මහනායක හාමුදුරුවන්වත් නොමඟ යවල තියෙන එක. ලංකාවම LGBT කරන්න හදපු ආණ්ඩුව ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා ගැන කියන කතාව තමයි ලොකුම විහිළුව. මහනායක හාමුදුරුවෝ මේකට සම්බන්ධ නැහැ. ඒ හින්ද අනිත් කතාව පිළිගන්න වෙනවා. ඒ කියන්නේ මුස්ලිම් දේශපාලකයන්ගේ ඉල්ලීමට අනුව රාමදාන් මාසේ – ඒ කියන්නේ මැයි 15 ඉඳන් ජූනි 15 අතරේ වැටුණු නිසා මැයි 29 වෙසක් දිනය විදියට පිලිගන්නේ නැතුව ඒක අප්‍රේල් මාසෙට දාපු එක. ඒකයි මැයි පෝය දවසට ඒ කියන්නේ නියම වෙසක් දවසට, අපිම කියලා UN එකත් වෙසක් දිනය කියල වෙන් කරලා තියෙන දවසට ලංකාවේ දන්සැල් සහ තොරණ තහනම් කලේ. පොලිසියටත් දැනුම් දුන්න කියල කිව්වා. පස්සේ එහෙම තහනමක් නැහැ කිව්වත් ඔය තහනම ගැන දෙපාරක්ම කිව්වා. ආණ්ඩුවට ඕනේ ලෝකෙට පෙන්වන්න ලංකාව තවදුරටත් සිංහල බෞද්ධ රටක් නෙමේ. අනාගාමික රටක් කියලා. එහෙම කරන්න පහුගිය අවුරුදු තුනටම කරපු දරුණුතම දේ තමයි මේ අවුරුද්දේ නියම වෙසක් දවස බෞද්ධයන්ගෙන් උදුරා ගත්ත එක. මට අද කේන්ති යන්නේ නැහැ. ඒ හින්ද මෙතනින් නවත්වනවා ඒ ගැන ලියන එක.

    දන්සැල් පරීක්ෂා කරනවා කියලා කියපු එක තමයි බෞද්ධයන්ට කරපු ලොකුම නිග්‍රහය. අපේ මිනිස්සු යමක් දෙනකොට දෙන්නේ හොඳම දේ. දෙන්නේ කෑමක් නම් ඒක දෙන්නේ පුළුවන් තරම් පිරිසිදුවට. ඉස්තරම්ම විදියට. මම මේක වෙනත් තැනකත් ලිව්වා. අපේ රටේ දන්සැල් පටන් ගත්තේ අද ඊයේ නෙමෙයි. හැබැයි අපේ ඉතිහාසේටම කිසි දවසක දන්සැලකින් කාල ලෙඩ වෙච්ච මිනිහෙක් ගැන වාර්තා වෙලා නැහැ. දැන් මේ පාර ආණ්ඩුව බොරුවට එහෙම කරයිද දන්නේ නැහැ. දන්සැල් වලට නීති දැම්මේ මිනිස්සු අතරේ විචිකිච්චාවක් ඇති කරන්න. වහල් ආණ්ඩුව හැම තිස්සෙම සිංහලයට ගරහනවා. සිංහල අපේ ගුණවත්කම්, වටිනාකම්, සංවේදී බව, හිත හොඳකම ලෝකයා ඉදිරියේ අවඥාවට ලක් කරනවා.

    නියම වෙසක් දවසේ ඒ කියන්නේ මැයි 29 වෙසක් පුන් පොහෝ දවසේ ලංකාව කළුවරේ තියන්න ආණ්ඩුව ගන්න වෑයමට ඉඩ දෙනවද කියන එක අපිට හිතන්න වෙනව.

    අපිට කරන්න පුළුවන් එකම දේ වහල් ආණ්ඩුව අපෙන් උදුරා ගත්ත අපිට අපේ ආගම අදහන්න නැති කරපු අයිතිය ආපහු ලබා ගන්න එක. සාමයෙන් ලබා ගන්න එක. ඒකට කරන්න තියෙන්නේ ලංකාවේම බෞද්ධයො මැයි 29 ආපහු වෙසක් සමරන එක. අප්‍රේල් 29ට හදපු වෙසක් තොරණ මැයි 29 වෙනකම් තියන්න බැහැ. ගලවල තියල ආපහු හදන්න අවසර මැයි 29 අවසර දෙයිද දන්නෙත් නැහැ. නමුත් ගෙවල් වල වෙසක් කූඩු එල්ලන්න අවසර ගන්න ඕනේ නැහැ. අනිත් එක ආණ්ඩුව මැයි 29 වෙසක් තොරණ හදන්න, දන්සැල් තියන්න අවසර දුන්නේ දුන්නේ නැත්නම් බෞද්ධයෝ ඒකට විරෝධය දක්වන්න ඕනේ. අවුරුදු 2600 කට වඩා වැඩි ඉතිහාසයක් තියෙන අපිට අපේ සිංහල බෞද්ධ රටේ වෙසක් දිනය සමරන්න දෙන්නේ නැත්නම් අපි මේ රටේ ජීවත් වෙලා මොකොටද? මම හිතන්නේ මම මේ ගැන වෙන තැනකට ලියන්න ඕනේ. ආණ්ඩුවට ඕනේ විදියට අපේ අයිතිය කරන්න දෙන්න බැහැ.

    සිංහල අපේ ඉවසීමේ සීමාව පන්නල ගිහින් හුඟක් කල්. නමුත් තවත් ඉවසන්න වෙනවා. ඒ මොකොද කිව්වා නම් මේ ආණ්ඩුව අයින් කරන එක ඉතිහාසයට කළු පැල්ලමක් එකතු වෙන විදියට නොකළ යුතු නිසා. අනිත් සමහර රටවල වගේ දේවල් අපේ රටෙත් නොවිය යුතු නිසා.

    අපි එක විදියට හිතනවා. අර ඔයාගේ අවිචාර සාමය කියල ලියල තියෙන එක. මමත් ඒ වචනේ විදියටම හිතුව. මට ඕනේ වුනේ ලියන්න දැන් ලංකාව ගත කරන්නේ අවිචාර සමයක්. අවිචාර සමයක් ඉවර විය යුත්තේ ඒකාධිපතියෙක් ජනාධිපති කරලා නෙමෙයි, ලංකාවම සදහම් සිසිලෙන් නැහැවෙන, මිනිස්සුන්ගේ දූෂිත හිත් සුවපත් වෙන, අපේ බෞද්ධ සංස්කෘතිය ඔප් නැංවෙන, මිනිස්සුන්ගේ හිත පහන් වෙන විදියේ පාලනයක් රටට ලැබිල කියල. තවත් ටිකක් ලිව්වා. ඒ වුනාට ඒක යවන්න හරි සිංහල ලිපියක් තිබුනේ නැහැ.තව මෙහෙම යවපු නැති ඒවා තියෙනවා. සමහර වෙලාවට ලිපි හුඟක් යටට ගිහිල්ල නම් මම යවන්නේ නැහැ.

    යූඑන්පී ආණ්ඩුවේ අනාථ පිලකුයි ශ්‍රීලනිප එකේ අනාථ පිලකුයි එකතු වෙලා අනාථ අගමැති කෙනෙක් පත් කරගෙන අනාථ ආණ්ඩුවක් හදන්න නම් අපි අවුරුදු 3ක් තිස්සේ බලා ඉන්න ඕනේ නැහැ. අවිචාර සමයෙන් පස්සේ රටේ ස්ථාවර ආණ්ඩුවක් හැදෙන්න ඕනේ, ඒකට ගැලපෙන මිනිස්සු එක්ක.

    විමල් ඔයා 2015 පෙබරවාරි 18 ලංකාවමට එළිය දීල පත්තු කරපු පහන නිවෙන්න නොදී අවුරුද 3කට වඩා රැකගෙන ඇවිල්ල තියෙනව. පහනේ තෙල් ඉවර වෙන්න නොදී අපි තෙල් එකතු කරනවා. පහන් තිරේ ඉවර වෙන්න යනවා නම් අලුත් පහන් තිරයක් දානවා. දෙතුන් පාරක් පහන් දැල්ල ඒ අතට මේ අතට හෙලවෙන්න සුළං හැමුවත් ඒ හැම පාරම අත් දෙක තියල දැල්ල නිවෙන්න නොදී ආරක්‍ෂා කරගෙන මෙච්චර දවසක් ආපු එකේ ඉතුරු ටිකත් කොහොම හරි යමු නේද? සමහර වෙලාවට මට තේරෙනවා ඔයා කියන්න හදන දේ. Don’t worry. I am there කියලා. බය නොවී ඉන්න, රට වෙනුවෙන් මම ඉන්නවා කියලා ඔයා කියන්න හදනව කියලා මට හිතෙනවා. ඔයාටත් මුළු ලංකාවටමත් දළඳා සමිඳු පිහිටයි.

    • Champa Reply

      මං දැක්ක ඊයේ බෙංගමුවේ නාලක හාමුදුරුවොත් ලක්ෂ්මන් කදිර්ගාමර් ගැන මතක් කරලා තියෙනව. ලේසි කෙනෙකුට කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක. අපි ආඩම්බර වෙන්න ඕනේ ලංකාව මූලික වෙලා වෙසක් දවස එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත්ත එක ගැන.

      අනිත් එක මම කියන්න ගියේ බෙංගමුවේ නාලක හාමුදුරුවෝ කියන එක හරි. අප්‍රේල් 29 අධි වෙසක් පෝය කරලා මැයි 29 වෙසක් පෝය කියල කියන්න තිබුන. ඇත්ත කතාව. ආණ්ඩුවේ කැලැන්ඩරේ මැයි 29 අධි පොසොන් කරල ජූනි 27 පොසොන් පෝය කියල තියෙනව. මේක අනිත් ඉස්සරහ මාස වලට කරන්න බැරි වුනේ ඇයි? උවමනාව වුනේම වෙසක් දවස වෙනස් කරන එක. මම දැක්ක ආණ්ඩුවේ අගමැතිම ඒ ගොල්ලොම කියපු වෙසක් දවසට ඉස්සෙල්ල දවසෙත් බක් මහ උළෙලකට ගිහින් ඉන්නවා. බුද්ධ සාසන ඇමැතිකමට පිස්සෙක් දාල. මහනායක හාමුදුරුවරුයි කිව්වේ කියල බෞද්ධයන්ගේ හිත නරක් කරන්න හදනවා. රටේ මීළඟ ජනාධිපති විතරක් නෙමෙයි අගමැතිත් අනිවාර්යයයෙන්ම බෞද්ධ වෙන්න ඕනේ. ඊට පස්සේ දිගටම එහෙම වෙන්න ඕනේ. විශේෂයෙන් බුද්ධ සාසන ඇමති හොඳ බෞද්ධයෙක් වෙන්න ඕනේ. එහෙම වුනානම් කවදාවත් මේ විදියට වෙසක් දවස වෙනස් කරන්නේ නැහැ. UNP සහ SLFP ඇමතිකම් බෙදා ගන්න කොට, UNP එක බුද්ධ සාසන ඇමතිකම ඉල්ලුවේ බුද්ධාගමට තියෙන තැන නැති කරලා, බුද්ධාගම ගැන පන්සල් ගැන තීරණ ගන්න එක තමන් අතට අරගෙන, රට අනාගමික කරන චේතනාවෙන්මයි.

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.