BREAKING NEWS

අස්ගිරි මහනාහිමිගේ අපවත්වීම රට, ජාතියට පියවිය නොහැකි බරපතළ පාඩුවක්!

සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත මහනාහිමිපාණන්ගේ අපවත්වීම පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ සිය සාතිශය සංවේගය පළකර සිටින්නෙමු.

ජාතිය තීරණාත්මක අභියෝගයන් රැුසකට මුහුණ දෙමින් සිටින මේ මොහොතේදී අස්ගිරි මහ නාහිමිපාණන්ගේ අපවත්වීම අප හදවත් තුළ බලවත් කම්පනයක් හා ඉමහත් සංවේගයක් ඇති කරවන බවද විශේෂයෙන් සඳහන් කළ යුතුය. අස්ගිරි මහනාහිමිපාණන්ගේ ජීවමාන මැදිහත්වීම අත්‍යවශ්‍ය මොහොතක සිදු වූ මෙම අපවත්වීම රටට ජාතියට පියවිය නොහැකි බරපතළ පාඩුවකි.

1999 දෙසැම්බරයේදී සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ  මහනායක ධුරයට පත්වූ උන්වහන්සේ රට, ජාතිය අභියෝගයන්ට මුහුණ දෙන සෑම අවස්ථාවකම ඊට අදාළ තම අනුශාසනාව ජාතිය හමුවේ නිර්භීතව, නොපැකිළව ප‍්‍රකාශ කළ සංඝ පීතෲවරයෙකි.

පසුගිය කාලයේ උන්වහන්සේ තම අසනීප තත්වය පිළිබඳව පවා නෙසලකා රට, ජාතිය පිළිබඳ ඉටු කළ මෙහෙයද මෙහිදී ගෞරවයෙන් සිහිපත් කළ යුතුය. උන්වහන්සේගේ අනගි අනුශාසනා අනුව යමින් කටයුතු කිරීමට අප ජාතියක් ලෙස අදිටන්කර ගත යුතුය. එය උන්වහන්සේට ජාතියක් ලෙස අපට පිදිය හැකි ඉහළම ගෞරවය වන්නේය.

අවසන් වශයෙන් අපවත් වී වදාළ සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත මහනාහිමිපාණන්ට නිවන් සුව පතන්නෙමු!

විමල් වීරවංශ (පා.ම)
නායක
ජාතික නිදහස් පෙරමුණ.
2015.04.08

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*