BREAKING NEWS

අසාද් සාලි දේශපාලනයෙන් ඉවතට?

10987406_414867908674756_6092400639693304530_n‘‘ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග‍්‍රහණය කරවීමට නම් එහි අගමැති අපේක්‍ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පත් කළ යුතු යැයි සන්ධානයේ හවුල්කාර පක්‍ෂ 04ක් තීරණය කොට තිබිණි. ඒ තීරණය ජනතාවට දැනුම්දීම පිණිස පසුගිය 09 වැනිදා කොළඹ 07, ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.

මෙම මාධ්‍ය හමුවට පෙර දින, රැස් වූ මහජන එක්සත් පෙරමුණේ නායක, දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ද පිවිතුරු හෙළ උරුමයේ නායක, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ද මාධ්‍ය හමුවේදී අදහස් දැක්වන ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. ‘කිසිම අයුරකින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ වීමට හෝ භේදභින්න වීමට බලපාන ආකාරයේ අදහස් දැක්වීමක් මෙම මාධ්‍ය හමුවේදී නොකළ යුතු බවට’ එහිදී මෙම පක්‍ෂ නායකයෝ තීරණ කළහ.මෙම මාධ්‍ය හමුවට දෙස්, විදෙස් මාධ්‍යවේදී මහත්ම මහත්මීහු රැසක් සහභාගී වි සිටියහ.

‘‘ආපු ගමනේ දුබලතා හදුනාගෙන, ඒවා නිවැරදි කරගෙන, මහජනයාගේ සංවේදී දැක්ම තේරුම් අරගෙන, විය යුතු සාධාරණ වෙනස්කම් කරලා මේ ලක්‍ෂ 58 ජනතාව බලාපොරොත්තු වන ජයග‍්‍රහණය ලබාගත හැකි අපේක්‍ෂකයකු සමග ඉදිරි මහ මැතිවරණයට තරග වැදීමට සූදානම් විය යුතුයි’ කියන මතයේ අපි ඉන්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වකාර ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ 04ක මතය වන්නේ, ඊනියා ජාතික ආණ්ඩුවක කටු සූප්පු කරන මගක් වෙනුවට, ඉහත කී ආකාරයේ මහ මැතිවරණය දිනන මගකට මේ රට රැගෙන යන්න ඕනෙ කියන එකයි. කොයිතරම් දුෂ්කර වුවත් ඒ වෙනුවෙන් දිවිහිමියෙන් කැපවීමට අපි සූදානම්.’’ දිනේෂ්, විමල්, වාසු, ගම්මන්පිල යන පක්‍ෂ නායකයෝ එහිදී සපථ කර සිටියහ.

‘‘මහ මැතිවරණය දිනන ම`ගකට රට රැග‍ෙන යන්න නුගේගොඩ නගරයේදී පෙබරවාරි 18 වැනිදා පවත්වන ජාතික රැලියට අප පක්‍ෂ 04, සන්ධානයේ සියලූම හවුල්කාර පක්‍ෂවල නායකයන්ට විවෘත ආරාධනාවක් සිදු කරනවා. ඒ වේදිකාව අපි කාටත් අයිති වේදිකාව, ‘දිනන මගකට ලක්ෂ 58ක ජනතාව රැගෙන යන්නේ කොහොමද? ’ කියලා කතා කරන වේදිකාව, ‘දිනාගත් සාමය හා සුරක්ෂිතභාවය ආරක්‍ෂාකරගෙන රට නිවැරදිව පෙරට ගෙන යන්නේ කොහොමද?’ කියලා කතා කරන වේදිකාව. ඉතිං අපි ලක්වැසි සිංහල, දෙමළ මුස්ලිම්, සියලූ ජනී ජනයාට පෙබරවාරි 18 වැනිදා සවස 3.00ට නුගේගොඩ ජාතික රැලියට සහභාගී වෙන්න කියන ආරාධනයත් මේ මොහොතෙදී සිදු කරනවා’’ විමල් වීරවංශ මහතා එහිදී දැයේ දූපුතුන් වෙත විවෘත ඇරයුමක් කිරීමට ද අමතක නොකළේය.

ඉහත මාධ්‍ය සාකච්ඡාවට මාධ්‍ය වෙතින් ඉහළම ප‍්‍රතිචාරයක් ලැබී තිබිණි. ඒ අනුව ලබන බදාදා(18) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ජාතික රැලිය පිළිබඳ මුළුමහත් රටේම විශේෂ අවධානයක් යොමු වී ඇත. මේ රැුලිය සම්බන්ධයෙන් දේශපාලන ක්‍ෂේත‍්‍රයේ ඇතැමුන් කලබලයට පත් වී සිටින බව ද දැකගත හැකි විය.

එක්සත් ජාතික පක්‍ෂයේ මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රීවරයකු වන අසාද් සාලි මහතා මෙම රැලිය ඉතාමත් අවතක්සේරුවට ලක්කරමින් සිදුකළ පහත් ප‍්‍රකාශය කාගේත් අවධානයට යොමුවිය.

‘‘මහින්ද රාජපක්‍ෂට ඡන්දය දුන්න ලක්‍ෂ 58න් 58,000ක් නොවෙයි අඩුම තරමින් 5,000ක් මේ රැලියට ආවොත් මම දේශපාලනයෙන් ඉවත් වෙනවා’’ යනුවෙන් අසාද් සාලි පවසා තිබිණි.

‘මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම්ද?’

නුගේගොඩ රැලියෙහි සංවිධාන කටයුතු හා පූර්ව ප‍්‍රචාරක කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගිය බ‍්‍රහස්පතින්දා උදේ දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ දී පැවැත්විණි. එහිදී සංවිධාන හා ප‍්‍රචාරක කටයුතු සදහා පක්‍ෂ හතරෙහි ක‍්‍රියාකාරීන්ගෙන් සමන්විත සංවිධාන කමිටුවක් ද නම් කෙරිණි.

මෙම සාකච්ඡාව අතරතුර නායක ස්වාමීන් වහන්සේ නමකගෙන් විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාට දුරකථන ඇමතුමක් ලැබිණි. ‘‘යහපාලනය තුළ හරි අපූරු සිදුවීම් සිදු වෙනවනේ හිටපු ඇමතිතුමා. පූජා භූමි ගැසට් කිරීමේ බලය රාවුෆ් හකීම් ඇමතිතුමාට ලබා දීලා’’ උන්වහන්සේ පැවසූහ. විමල් වීරවංශ මහතා මේ පිළිබඳව සෙසු පක්‍ෂ නායකයන්ද දැනුවත් කළේය.

මේ අවස්ථාවේදී ඇති වූ සංවාදය යහපාලන ආණ්ඩුවේ ඇතැම් නායකයන්ගේ ක‍්‍රියා කලාපයන් පිළිබඳව ද අදහස් හුවමාරු වන තෙක් දිගින් දිගටම ඇදී ගියේය.

‘‘චම්පික රණවක ඇමතිවරයා අද කටයුතු කරන්නේ දේශපාලනය කියන්නේ බල මෙහෙයුමක් පමණක් කියලා හිතාගෙන. නමුත් දේශපාලනඥයා තුළ සදාචාරයක් පැවතිය යුතුයි. සමාජ වගවීමක් වගේම මනුස්සකමකුත් කිබිය යුතුයි’’ දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී පවසා සිටියේ කනගාටුවෙනි.

කෙසේ වෙතත් මෙම පක්‍ෂ නායකයන් එම සාකච්ඡාව අවසාන කළේ 18 වැනිදා නුගේගොඩ රැලියට සුවිශාල ජනකායක් සහභාගී වන බවට කරුණු තහවුරු කරගනිමිනි.
2015-02-15 jnp gossip ‘‘අසාද් සාලි දේශපාලනයෙන් ඉවතට?’’ ‘‘ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග‍්‍රහණය කරවීමට නම් එහි අගමැති අපේක්‍ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පත් කළ යුතු යැයි සන්ධානයේ හවුල්කාර පක්‍ෂ 04ක් තීරණය කොට තිබිණි. ඒ තීරණය ජනතාවට දැනුම්දීම පිණිස පසුගිය 09 වැනිදා කොළඹ 07, ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. මෙම මාධ්‍ය හමුවට පෙර දින, රැස් වූ මහජන එක්සත් පෙරමුණේ නායක, දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ද පිවිතුරු හෙළ උරුමයේ නායක, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ද මාධ්‍ය හමුවේදී අදහස් දැක්වන ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. ‘කිසිම අයුරකින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ වීමට හෝ භේදභින්න වීමට බලපාන ආකාරයේ අදහස් දැක්වීමක් මෙම මාධ්‍ය හමුවේදී නොකළ යුතු බවට’ එහිදී මෙම පක්‍ෂ නායකයෝ තීරණ කළහ. මෙම මාධ්‍ය හමුවට දෙස්, විදෙස් මාධ්‍යවේදී මහත්ම මහත්මීහු රැසක් සහභාගී වි සිටියහ. ‘‘ආපු ගමනේ දුබලතා හදුනාගෙන, ඒවා නිවැරදි කරගෙන, මහජනයාගේ සංවේදී දැක්ම තේරුම් අරගෙන, විය යුතු සාධාරණ වෙනස්කම් කරලා මේ ලක්‍ෂ 58 ජනතාව බලාපොරොත්තු වන ජයග‍්‍රහණය ලබාගත හැකි අපේක්‍ෂකයකු සමග ඉදිරි මහ මැතිවරණයට තරග වැදීමට සූදානම් විය යුතුයි’ කියන මතයේ අපි ඉන්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වකාර ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ 04ක මතය වන්නේ, ඊනියා ජාතික ආණ්ඩුවක කටු සූප්පු කරන මගක් වෙනුවට, ඉහත කී ආකාරයේ මහ මැතිවරණය දිනන මගකට මේ රට රැගෙන යන්න ඕනෙ කියන එකයි. කොයිතරම් දුෂ්කර වුවත් ඒ වෙනුවෙන් දිවිහිමියෙන් කැපවීමට අපි සූදානම්.’’ දිනේෂ්, විමල්, වාසු, ගම්මන්පිල යන පක්‍ෂ නායකයෝ එහිදී සපථ කර සිටියහ. ‘‘මහ මැතිවරණය දිනන ම`ගකට රට රැග‍ෙන යන්න නුගේගොඩ නගරයේදී පෙබරවාරි 18 වැනිදා පවත්වන ජාතික රැලියට අප පක්‍ෂ 04, සන්ධානයේ සියලූම හවුල්කාර පක්‍ෂවල නායකයන්ට විවෘත ආරාධනාවක් සිදු කරනවා. ඒ වේදිකාව අපි කාටත් අයිති වේදිකාව, ‘දිනන මගකට ලක්ෂ 58ක ජනතාව රැගෙන යන්නේ කොහොමද? ’ කියලා කතා කරන වේදිකාව, ‘දිනාගත් සාමය හා සුරක්ෂිතභාවය ආරක්‍ෂාකරගෙන රට නිවැරදිව පෙරට ගෙන යන්නේ කොහොමද?’ කියලා කතා කරන වේදිකාව. ඉතිං අපි ලක්වැසි සිංහල, දෙමළ මුස්ලිම්, සියලූ ජනී ජනයාට පෙබරවාරි 18 වැනිදා සවස 3.00ට නුගේගොඩ ජාතික රැලියට සහභාගී වෙන්න කියන ආරාධනයත් මේ මොහොතෙදී සිදු කරනවා’’ විමල් වීරවංශ මහතා එහිදී දැයේ දූපුතුන් වෙත විවෘත ඇරයුමක් කිරීමට ද අමතක නොකළේය. ඉහත මාධ්‍ය සාකච්ඡාවට මාධ්‍ය වෙතින් ඉහළම ප‍්‍රතිචාරයක් ලැබී තිබිණි. ඒ අනුව ලබන බදාදා(18) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ජාතික රැලිය පිළිබඳ මුළුමහත් රටේම විශේෂ අවධානයක් යොමු වී ඇත. මේ රැුලිය සම්බන්ධයෙන් දේශපාලන ක්‍ෂේත‍්‍රයේ ඇතැමුන් කලබලයට පත් වී සිටින බව ද දැකගත හැකි විය. එක්සත් ජාතික පක්‍ෂයේ මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රීවරයකු වන අසාද් සාලි මහතා මෙම රැලිය ඉතාමත් අවතක්සේරුවට ලක්කරමින් සිදුකළ පහත් ප‍්‍රකාශය කාගේත් අවධානයට යොමුවිය. ‘‘මහින්ද රාජපක්‍ෂට ඡන්දය දුන්න ලක්‍ෂ 58න් 58,000ක් නොවෙයි අඩුම තරමින් 5,000ක් මේ රැලියට ආවොත් මම දේශපාලනයෙන් ඉවත් වෙනවා’’ යනුවෙන් අසාද් සාලි පවසා තිබිණි. ‘මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම්ද?’ නුගේගොඩ රැලියෙහි සංවිධාන කටයුතු හා පූර්ව ප‍්‍රචාරක කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගිය බ‍්‍රහස්පතින්දා උදේ දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ දී පැවැත්විණි. එහිදී සංවිධාන හා ප‍්‍රචාරක කටයුතු සදහා පක්‍ෂ හතරෙහි ක‍්‍රියාකාරීන්ගෙන් සමන්විත සංවිධාන කමිටුවක් ද නම් කෙරිණි. මෙම සාකච්ඡාව අතරතුර නායක ස්වාමීන් වහන්සේ නමකගෙන් විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාට දුරකථන ඇමතුමක් ලැබිණි. ‘‘යහපාලනය තුළ හරි අපූරු සිදුවීම් සිදු වෙනවනේ හිටපු ඇමතිතුමා. පූජා භූමි ගැසට් කිරීමේ බලය රාවුෆ් හකීම් ඇමතිතුමාට ලබා දීලා’’ උන්වහන්සේ පැවසූහ. විමල් වීරවංශ මහතා මේ පිළිබඳව සෙසු පක්‍ෂ නායකයන්ද දැනුවත් කළේය. මේ අවස්ථාවේදී ඇති වූ සංවාදය යහපාලන ආණ්ඩුවේ ඇතැම් නායකයන්ගේ ක‍්‍රියා කලාපයන් පිළිබඳව ද අදහස් හුවමාරු වන තෙක් දිගින් දිගටම ඇදී ගියේය. ‘‘චම්පික රණවක ඇමතිවරයා අද කටයුතු කරන්නේ දේශපාලනය කියන්නේ බල මෙහෙයුමක් පමණක් කියලා හිතාගෙන. නමුත් දේශපාලනඥයා තුළ සදාචාරයක් පැවතිය යුතුයි. සමාජ වගවීමක් වගේම මනුස්සකමකුත් කිබිය යුතුයි’’ දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී පවසා සිටියේ කනගාටුවෙනි. කෙසේ වෙතත් මෙම පක්‍ෂ නායකයන් එම සාකච්ඡාව අවසාන කළේ 18 වැනිදා නුගේගොඩ රැලියට සුවිශාල ජනකායක් සහභාගී වන බවට කරුණු තහවුරු කරගනිමිනි.
Jathika Nidahas Peramuna

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*