BREAKING NEWS

ආණ්ඩුවට වැලඳී ඇති ‘රාජපක්‍ෂ ෆෝබියා’ නැමති රෝගය තවදුරටත් උත්සන්න වෙලා

13220664_937666256351195_624472484457852064_oමෙම ආණ්ඩුව ඊයේ(15) වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දී තිබූ හමුදා ආරක්‍ෂාව මුළුමනින්ම ඉවත් කිරිමෙන් පෙනී යන්නේ ඔවුන්ට වැලඳී ඇති ‘රාජපක්‍ෂ ෆෝබියා’ නැමති රෝගය තවදුරටත් උත්සන්න වී ඇති බව යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද(16) පිටකෝට්ටේ පිහිටි එම පක්‍ෂයේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘‘ ඇති වී තිබෙන අයහපත් කාලගුණික තත්වය මත විශාල ජනතාවක් විපතට පත්ව සිටිනවා. එම ජනතාවට අවශ්‍ය සුබසාධන අවශ්‍යතා සපුරා දීමට ආණ්ඩුව ප‍්‍රමාණවත් ලෙස මැදිහත්වන ආකාරයක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඇතැම් ස්ථානවල ජනතාව ජීවිත අවදානමකට, ආහාරපාන අහේනියකට ලක්ව සිටිනවා. ඒ තත්වය කඩිනමින් වෙනස් කරලා, ඔවුන්ගේ ජීවිත සුරක්‍ෂිත කරන්න ආණ්ඩුව තවමත් අවශ්‍ය පියවර ගෙන නැහැ. ඒ නිසා අපි ඉතා ඕනෑකමින් ආණ්ඩුවේ ප‍්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනවා, ‘විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා කඩිනමින් මැදිහත් වන්න’ කියලා.’’

‘ආණ්ඩුවට වැළදී ඇති බරපතළ අසනීපය’

මේ ආණ්ඩුවට වැළ`දී තිබෙන බරපතළම අසනීපය තමයි ‘රාජපක්‍ෂ ෆෝබියා’ කියන අසනීපය. කිසි දෙයක් කර කියාගන්න බැරි ආණ්ඩුව ඒකට හේතුව ‘රාජපක්‍ෂ-රාජපක්‍ෂ’ කියනවා හැරෙන්න, රටේ අද කිසි දෙයක් කරන්නත් නැහැ. සමහර විට හෙට, අනිද්දා වන විට කියයි ‘මේ එක දිගට ඇද හැලෙන වර්ෂාව පිටුපස ඉන්නේ රාජපක්‍ෂ කෙනෙක්’ කියලා. එහෙම නැත්තම් කියයි ‘බෙංගාල බොක්කේ අවපීඩන තත්වය ඇති කරනත් රාජපක්‍ෂ මැදිහත් වෙලා’ කියලා. මේ ආණ්ඩුුව, මේ විදියේ අමන, තකතීරු කතා කියන, රාජපක්‍ෂ හිතිකාව වැළදී ඇති ආණ්ඩුවක්.

ආණ්ඩුවේ ඒ භීතිකාව තවදුරටත් තීව‍්‍ර වී ඇති බව පෙනෙනවා, ඊයේ වන විට මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ආරක්‍ෂාවට යොදවා සිටි හමුදා නිලධාරීන් අතුරින් ඉතිරිව සිටි පිරිස ද හමුදා මූලස්ථානය වෙත යළි කැඳවීමෙන්. මේ ආණ්ඩුව මීට ඉහතදී කීවා ‘අපි යුද හමුදා කමාන්ඩෝ බලකායේ ආරක්‍ෂාව ඉවත් කරලා මහින්ද රාජපක්‍ෂ මහත්තයාට දෙන්නේ පොලිස් විශේෂ කාර්යසාධක බලකායේ ආරක්‍ෂාවක්’ කියලා. ඒකත් සම්පූර්ණයෙන්ම බොරුවක් බව අද ඔප්පු වෙලා තිබෙනවා. අද යුද හමුදා කමන්ඩෝ බලකායේ නිලධාරීන් වෙනුවට අනුයුක්ත කොට තිබෙන්නේ සාමාන්‍ය ප‍්‍රභූ ආරක්‍ෂාවට යොදවා සිටින කොස්තාපල්වරුන් පිරිසක් පමණයි. අපි ඉතා වගකීමෙන් කියනවා, ‘ඒ පොලිාස් නිලධාරීන් පිරිසෙන් 07 දෙනෙකු හැර අනෙක් අය විවිධ දේශපාලන ස්ථාවරවල සිටිමින් රාපක්‍ෂ ජනාධිපතිතුමා ප‍්‍රමුඛ එම දේශපාලන බලවේගය කෙරෙහි අප‍්‍රසාදයකින් කටයුතු කරන පිරිසක්.’ කියලා. ඒ අනුව ඉතා පැහැදිලියි‘මේ යුද හමුදා ප‍්‍රභූ ආරක්‍ෂාව වෙනුවට පොලිස් ප‍්‍රභූ ආරක්‍ෂාව ලබා දීමෙන් හිටපු ජනාධිපතිතුමාට ලැබෙන්නේ ආරක්‍ෂාව වෙනුවට අනාරක්‍ෂාව’ කියලා.

‘හිටපු ජනාධිපතිගේ ජීවිතය බිල්ලට ගැනීම’

බදු පිට බදු ගහලා මේ රටේ ජනතාවගේ රීරි මාංශය උරා බොන මේ ආණ්ඩුවට ඕනෑ වෙලා තිබෙනවා, මහින්ද රාජපක්‍ෂ කියන මේ රටේ සාමය ස්ථාපිත කරන්න, යුද්ධය අවසන් කරන්න නායකත්වය දිපූ හිටපු ජනාධිපතිතුමාගේ ජීවිතය, බිලිගන්න තැනකට තල්ලූ කරන්න. අද මේ අය කරමින් සිටින්නේ ඒක. මේ අයහපත් කාලගුණික තත්වය හා වෙසක් කාලය හින්දා ජනතා අවධානය වෙන තැනකට හැරිලා තිබෙන්නේ. ඒ නිසා ‘රාජපක්‍ෂගේ හමුදා ආරක්‍ෂාවේ ඉතිරි ටිකත් ගලවන්න හොඳම වෙලාව, මේ වෙලාවම තමයි’ කියලා මේ ආණ්ඩුව හිතන්න ඇති. ඉන්දියාවේ ගියපු මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාට මෝඩි මහත්තයාගෙන් එවැනි උපදෙසක් ලැබෙන්න ඇති. කෙසේ වුවත් මේක ඉතා පහත් පෙළේ නින්දිත ක‍්‍රියාවක්.

ජාතිකමය වශයෙන් වැදගත් වන දේවල්වලට පටු දේශපාලන වාදභේද තිබෙන්න බැහැ. මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් ඇතුළු විරෝදාර රණවිරුවන් කැපවීමෙන් මේ රටේ ස්ථාපිත කරපු සාමය තමයි අද මේ මෛත‍්‍රීපාල සිරිසේනලා – රනිල් වික‍්‍රමසිංහලා භූක්ති විඳින්නේ. මේ අයට නිතර යාපනයේ යන්න, පොංගල් බත් කාලා එන්න හැකි වාතාවරණයක් හදන්න කැපවුණේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඇතුළු විරෝදාර රණවිරුවන්. එවැනි උතුම් කර්තව්‍යයකට නායකත්වය දුන් ජාතික වීරවරයෙක් දෙස දේශපාලන පාට කණ්නාඩියෙන් බලලා, ඔහුගේ හමුදා ආරක්‍ෂාව ඉවත් කරනවා නම්, ඒ වෙනුවට ඔහු සමග වෛරයෙන් පසුවන පිරිස් අනුයුක්ත කරනවා නම් එතැන ඇත්තේ පැහැැදිලිවම එතුමාගේ ජීවිතය බිල්ලට දීමේ ප‍්‍රයත්නයක්. ඒ නිසා අපි මේ නින්දිත ක‍්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. ඒ වගේම ඉදිරියේදී මීට එරෙහිව මේ රටේ විවිධ බලවේග සමග එක්ව ප‍්‍රබල ජනතා නැගිටීමක් සිදු කරනවා.

‘සිරිසේනගේ ඔළුබක්කෝ’

ඒ වගේම මේ ආණ්ඩුව වෙසක් එකටත් කලින්ම ඔළුබක්කෝ නටවන්න පටන් අරන් තිබෙනවා. සාමාන්‍යයෙන් ඔළුබක්කෝ නටවන්නේ වෙසක් හා පොසොන් උත්සව සමයේ නමුත් අද කැළණිය පැත්තේ එක ඔළුබක්කෙක් ‘ඒකාබද්ධ විපක්‍ෂය’ කියන බැනර් එක ගහගෙන නටලා තිබෙනවා. සිරිසේන ජනාධිපතිතුමාගේ අධ්‍යක්‍ෂණයෙන් තමයි ඒ ඔළුබක්කෝ රංගනය සිදු වෙලා තිබෙන්නේ. එක එක රස්තියාදුකාරයෝ ඒකාබද්ධ විපක්‍ෂය කියන බැනර් එක ගහගෙන එක එක විකාර සිදු කළාට එයාලා ඒකාබද්ධ විපක්‍ෂයේ වෙන්නේ නැහැ. අපි ජනාධිපතිතුමාට ඉතා ඕනෑකමින් කියනවා, ‘ජනතාවට බරපිට බර පටවා ඇති මේ වෙලාවේ ඔළුබක්කෝ නටවලා විහිළු සපයන්න නම් ලෑස්ති වෙන්න එපාෟ’ කියලා.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.05.16

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*