BREAKING NEWS

‘ආණ්ඩුවේ උත්සාහය ‘දෙවන කළු ජූලිය හැදීමයි’

‘ආණ්ඩුවේ උත්සාහය ‘දෙවන කළු ජූලිය හැදීමයි’

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී රැස්විය.

එහිදී පොලිස්පතිවරයා විසින් ‘ජාතීන් සහ ආගම් අතර සංහිඳියාවට බාධා කරන සිදුවීම්වලට අදාළ විමර්ශන කඩිනම් කිරීම’ යන ශීර්ෂය යටතේ නිකුත් කර ඇති චක්‍රලේඛය හරහා සිදු කිරීමට සැලසුම්කර ඇති ක්‍රියාදාමය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය.

“ජාතිවාදී – ආගම්වාදී ගැටුම් වළක්වන බලය පොලිස් ස්ථානාධිපතිවරුන්ට පවරන බව තමයි ඒ චක්‍රලේඛයේ සඳහන් වෙන්නේ. මේ කරන්න යන්නේ මේ ආණ්ඩුව ගෙන ඒමට හදන බෙදුම්වාදී ව්‍යවස්ථාවට සහ එට්කා ගිවිසුමට එරෙහිව නැගී සිටින ජන බලවේග කුඩුපට්ටම් කිරීමයි. ජාතිවාදී-ආගම්වාදී ලේබල් අලවලා, මේ ආණ්ඩුවේ රටට එරෙහි ක්‍රියා කලාපයට එරෙහි පිරිස් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමටයි මෙවැනි නියෝග පැනවෙන්නේ. නීතිය නමන මේ අය අද අලුත් ප්‍රවේශයකින් ආණ්ඩුවට එරෙහි ජන බලවේගවලට සහ ජාතිකවාදී නායකයන්ට මර්දනයේ කස පහර එල්ල කරන්නයි යන්නේ” පක්‍ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

“දැන් බලන්න, විශේෂයෙන් මුස්ලිම් දේවස්ථානවලට, ව්‍යාපාරික ස්ථානවලට පහර එල්ල වෙනවා. ඇත්තෙන්ම මෙවැනි දෙයක් සිදු වුණොත් ඊට අදාළ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්. නමුත් මෙතැනදී පහරදීම් පෙනෙන්න තිබෙනවා. කළ කෙනෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. එහෙම නම් අපට හිතන්න වෙන්නේ මේ දේවල් මේ ආණ්ඩුව විසින්ම සිදු කරන දේවල් හැටියටයි. මේ ආණ්ඩුවට ජාතිවාදී ගැටුම් වළක්වන්න කිසිම උවමනාවක් නැහැ. ඔවුන්ට අවශ්‍ය ජාතිවාදී ගැටුම් අවුළුවන්න. සිංහල – මුස්ලිම් ජාතිවාදී ගැටුමකට පාර කපන්න. මේ ආණ්ඩුවට අද ඕනෙ වෙලා තිබෙනවා, ‘දෙවැනි කළු ජූලියක්.’ ඒ දෙවැනි කළු ජූලිය ඇති වුණාම ඔවුන්ට පුළුවන් හදිසි නීතිය ගෙන එන්න. ඒ මගින් රට බෙදන ව්‍යවස්ථාවට, එට්කා ගිවිසුමට එරෙහිව සටන් වදින දේශපාලන පක්‍ෂ තහනම් කිරීමටත් මේ ආණ්ඩුව අවස්ථාව පාදා ගනිවී. මේ අඳුරු සහගත ඉරණමෙන් රට බේරාගත යුතුව තිබෙනවා. ඒ සඳහා ජනතාව දැනුම්වත් කළ යුතුව තිබෙනවා” විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

“ස්වාභාවික ආපදා තත්වය හේතුවෙන් ‘සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව’ ජනතා සම්මන්ත්‍රණ මාලාවේ සම්මන්ත්‍රණ කිහිපයක් කල් දැමීමට සිදු වුවත් ලබන සති අන්තයේ සිට ජනතා සම්මන්ත්‍රණ මාලාව ඇරඹීමට හැකියාව තිබෙනවා” ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ මහතා සඳහන් කළේය.

“මේ ආණ්ඩුව කිසිම සංවේදීතාවයක් තිබෙන ආණ්ඩුවක් නොවෙයි. රටම මළ ගමක් වෙලා තිබියදී අලුත් ඇමතිවරු පත් කළා. ආපදා තත්වය කෙරෙහි රටේ අවධානය යොමුව තිබියදීත් මේ පරගැති ආණ්ඩුව උත්සාහ ගන්නේ ජාතිවාදී ගැටුම් හදලා, හදිසි නීතිය ගෙනල්ලා තමන්ගේ ප්‍රතිවාදී දේශපාලන පක්‍ෂ දඩයම් කරන්න. ඔන්න රටකට ලැබුණු අපමණ අගය” නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පෙන්වා දුන්නේය.

-අබර

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    ‘සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව’ ??? No, no, no. C’mon, Wimal, what is this name? I can’t take it. My forehead is aching. I am serious. I see this in English like this – Libertine Government and Molesting Motherland or Plundering Government and Exploiting Motherland or Abusive Government and Victimized Motherland. In English, I don’t know it is not that bad. But I can’t take the Sinhala words.

    අනේ මම දන්නේ නැහැ, මේ වචන දෙකට මගේ නළලත් රිදෙන්න ගත්ත. I don’t know whether I am too sensitive, ඒ වුනාට මේ වචන දෙක සමාජයේ පාවිච්චි වෙන්නේ නැහැනේ. දැනටම Seminars තිබ්බද විමල්. මම නම් දැක්කේ නැහැ. මට නම් මේ වචන හරි නැහැ. Seminars වලට කාන්තාවෝත් එනවා ළමයිනුත් දකිනවා. මේ වචන හරිද විමල්? 2016දීත් මට මතකයි මේ වගේම එකක් කිව්වා. “මාතෘභූමියේ ගමනක අවසානය” පළවෙනියට කියවපු ගමන්ම මගේ උගුර හිරවෙලා කඳුළු ආවා ඇස් දෙකට. මම ඒ සිංහලෙන් ලියන්න ගත්ත කාලෙමනේ. I still get upset. මම දන්නේ නැහැ මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක්ද කියලා. Do I have a problem? හැබැයි මේ වචන නම් – ඒක නම් හරි නැහැ නේද, 2016 එක වගේ නෙමෙයි මට මේක හරිම අමාරුයි ගන්න. මේකෙන් දැනටම seminars තිබ්බද? ඇත්තමයි මගේ ඔලුව රිදෙන්න ගත්ත. මට හරියට තේරෙන්නේ නැහැ මේක පැහැදිලි කරන්න. මට තේරෙනව මේක මේ figurative speech කියලා. ඒ වුනාට මට හරි නැහැ මේ වචන. දේශපාලන වචන විදියට නම් මම දන්නේ නැහැ. මොකොද ඉතින් විමල් ඔයා දාන නම් ඔක්කොම මිනිස්සුන්ගෙ ඔලුවටම වදින්න ගහන නම්නේ. දෙයියොනේ දාන නම් ඔක්කොම දාන්නේ මගේ ඔලුවටම වදින්නනේ.

    • Champa Reply

      OMG I forgot, Wimal, can you please delete this. I was joking.

  2. Champa Reply

    Oh, what a change!!! Now there is no hand break, no road blocks, no barriers, no shell attacks, no missile attacks, no bombs, no stones, no black shirts, no Mati shirts, no nothing to stop my comments! 😀 😀 😀

    These days I am cool. So my comments are somewhat lame. Otherwise I could have stormed JNP’s and WW’s websites with a barrage of my comments.

    You guys are boring these days.

Leave a Reply

*