BREAKING NEWS

ආණ්ඩුව පැන වූ බදු ක‍්‍රියාත්මක කිරීම නීතිවිරෝධී බවට නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා

13220697_934943119956842_5661661400916131443_oවැට් බදු පනත සහ ජාතිය ගොඩනැගීමේ බද්දට අදාළ පනත පාර්ලිමේන්තුව තුළ සංශෝධනය නොකරමින් වත්මන් ආණ්ඩුව එම බදු පරිමාණ සහ ප‍්‍රතිශත වැඩි කිරීම නීතිවිරෝධි බවට නියෝගයක් නිකුත් කරන ලෙස තමන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද(11) දහවල් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ පිළිබඳව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘‘ මේ වන විට වැට් බද්ද වගේම ජාතිය ගොඩනැගීමේ බද්දත් මේ ආණ්ඩුව පනවලා තියෙන්නේ නීතිවිරෝධී ආකාරයට. ඒවා ක‍්‍රියාත්මක වන්නෙත් නීති විරෝධී ආකාරයට. ඒ පිළිබඳව මම අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබුවා. වැට් බදු පනත සහ ජාතිය ගොඩගැනීමේ බද්දට අදාළ පනත සංශෝධනය කරන්නේ නැතිව මේ බදු සංශෝධනය ක‍්‍රියාත්මක කිරීම නීතිවිරෝධියි.

මෙම බදු බලපාන පරිමාණ වෙනස්කර තිබෙනවා. ඒ වගේම බදු ප‍්‍රතිශත වෙනස්කර තිබෙනවා. වැට් බදු පනතින් ඇතැම් භාණ්ඩ නිදහස්කර තිබුණා. මේ අාණ්ඩුව දැන් පනත සංශෝධනයෙන් තොරව ඒවාටත් වැට් බදු අය කිරීමට කටයුතුකර තිබෙනවා. 2016 මැයි 02 වැනිදා සිට මේ හිස් කඩදාසි මගින් ක‍්‍රියාත්මක කරන බදු සංශෝධන සම්පූර්ණයෙන්ම නීතිවිරෝධි බවට නියෝගයක් ලබා දෙන ලෙස අපි මෙම පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ නඩුව අසා අවසන් වනතුරු වැට් බද්ද අය කිරීම නතර කරන ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් අපි අපේ පෙත්සමින් ඉල්ලා තිබෙනවා. මුදල් අමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් හා නීතිපතිවරයාට එරෙහිවයි මෙම පෙත්සම ගොනුකර තිබෙන්නේ’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.05.11

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*