BREAKING NEWS

ආධානග්‍රාහී විවේචනවල යෙදෙන්නනි, ඔබගේ ‘පාට කණ්ණාඩි’ ගලවා විමල්ගේ අතීත භූමිකාව ද වත්මන් භූමිකාව ද අනාගත භූමිකාව ද විමසා බලන්න… එවිට ඔබට ද ඔහුගේ භූමිකාව තේරුම් ගත හැකි වනු නොඅනුමානය.

ආධානග්‍රාහී විවේචනවල යෙදෙන්නනි, ඔබගේ ‘පාට කණ්ණාඩි’ ගලවා විමල්ගේ අතීත භූමිකාව ද වත්මන් භූමිකාව ද අනාගත භූමිකාව ද විමසා බලන්න…
එවිට ඔබට ද ඔහුගේ භූමිකාව තේරුම් ගත හැකි වනු නොඅනුමානය.
-අබර

පාට කණ්ණාඩි පැලැද අපගේ භූමිකාව දෙස බලන්නන්ට පිළිතුරක්…

මා නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දුන් මොහොතේ පටන් බොහෝ සුබපැතුම්, දිරිගැන්වීම් මෙන්ම අවලාද, අපහාස, උපහාසයන් ද මුහුණුපොත ඔස්සේ දැකගත හැකි විය. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මුහුණුපොතෙහි යම් සටහනක් තැබිය යුතු යැයි සිතේ.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් අගමැති ධුරයට පත් කරමින් අප මව් පොළොව කිසිදා යළි ගොඩගැනීමට නොහැකි අාගාධයක් වෙත රැගෙන ගිය පාලනය අවසන් කර, ‘අන්තර්කාලීන’ ආණ්ඩුවක් පිහිටුවීමට මුල් පියවර තැබූ අවස්ථාවේ මා පැවසූවේ අමාත්‍ය ධුර භාර නොගන්නා බව ය. තනතුරු භාර නොගෙන ඇරඹූ ජයග්‍රහී ගමන ජනතා විජයග්‍රහණයකින් කෙළවර කිරීම්ට කටයුතු කරන බව ය.

එසේ වුවද මා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ මෙම අන්තර්කාලීන ආණ්ඩුව තුළ සාමූහික වගකීම් දරමින් එහි කැබිනට් අමාත්‍ය ධුරයක් දැරීම කළ යුතුව තිබිණි. ඒ සඳහා අප පක්ෂයේ තේරීම වූයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර සහෝදරයා ය. එම යෝජනාව අප ඉදිරිපත් කළ ද එය ප්‍රතික්ෂේප වූ තත්ත්වයක් උද්ගත විය. ඒ අනුව පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ ඒකමතික තීරණය වූයේ ‘අන්තර්කාලීන ආණ්ඩුවේ’ කැබිනට් මණ්ඩලය මා විසින් නියෝජනය කළ යුතු බව ය. පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණය ද එයම විය. ඒ නිසා මා එම ඒකමතික තීන්දුවට එකඟ වූවෙමි.

මාගේ දේශපාලන භූමිකාව වන්නේ මියෙන තුරා, මේ මව් පොළොවට සතුරු බලවේග සමඟ සටන් වැද ජයග්‍රහණය දිනා දීම විනා තනතුරු, වරප්‍රසාද කෙරෙහි ලොබ බැඳිම නොවෙයි. ආධානග්‍රාහී විවේචනවල යෙදෙන්නනි, ඔබගේ ‘පාට කණ්ණාඩි’ ගලවා අපගේ අතීත භූමිකාව ද වත්මන් භූමිකාව ද අනාගත භූමිකාව ද විමසා බලන්න. එවිට ඔබට ද අප ගේ භූමිකාව තේරුම් ගත හැකි වනු නොඅනුමානය.

එසේම මේ මොහොතේ මා අමාත්‍ය ධුරයකට පත්වීම පිළිබඳ සුබපැතුම් එක්කල මුහුණු පොතේ සහෘදයන්ට තුති පිදීමට ද කැමැත්තෙමි.

විමල් වීරවංශ

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.