BREAKING NEWS

ආබාධිත රණවිරුවන්ට පොලීසිය යොදවා සිදුකළ පහරදීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා

ආබාධිත රණවිරුවන්ට පොලීසිය යොදවා සිදුකළ පහරදීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා

වසර 12කට අඩු සේවා කාලයක් හිමි ආබාධිත රණවිරුවන්ට සේවා විශ‍්‍රාම වැටුපක් ගෙවීමට අදාළ කැබිනට් තීන්දුව ගෙන තිබුණේ 2014 නොවැම්බරයේ මා ද සාමාජිකත්වය දැරූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසිනි. වසර 02ක් ගත වුවද එම තීන්දුව ක‍්‍රියාත්මක නොකිරීම නිසා අද මෙසේ ආබාධිත රණවිරුවන්ට මහ පාරට බැස උපවාස කිරීමට සිදුව තිබිණි.

කැබිනට් අනුමැතිය ලැබී තිබුණු තීන්දුවක් ක‍්‍රියාත්මක කිරිම වසර 02ක් තිස්සේ කල් දැමූ වත්මන් ආණ්ඩුව, එකී රණවිරුවන්ට පොලීසිය යොදවා පහර දී, කඳුළු ගෑස් එල්ල කිරිමෙන් අනතුරුව එම තීන්දුව ක‍්‍රියාත්මක කරන බවට ලිඛිතව දැනුම් දීමෙන් පෙනී යන්නේ කුමක්ද? ආණ්ඩුව මේ ප‍්‍රශ්නය විසඳිමෙහිලා කටයුතුකර ඇත්තේ ඉතාමත් උද්දච්ච සහ හිතුවක්කාර අන්දමින් බවය.

ඉහළම බලධාරීන්ගේ නියෝග මත උතුරේ කිසිදු මහජන උද්ඝෝෂණයකට පොලිසිය යොදවා පහර නොදෙන මේ ආණ්ඩුව අද (07) මෙසේ පොලිසිය යොදවා පහර දුන්නේ රටත්, ජාතියත් රැකගත් විරෝදාර රණවිරුවන්ටය. එවැනි අකෘතඥ ආණ්ඩුවක් ඉදිරියේදී තමනට ඡන්දය දුන් ජනතාවට කෙසේ සලකාවීදැයි අපට දැක බලා ගත හැකි වනු ඇත.

මෙසේ පොලීසිය යොදවා ආබාධිත රණවිරුවන්ට පහර දී කඳුළු ගෑස් එල්ල කිරිම ඉතාමත් පිළිකුළෙන් යුතුව හෙළා දකින අතර මේ අකෘතඥ පහත් ක‍්‍රියාව සම්බන්ධයෙන් හෘදසාක්ෂියක් සහිත ශ‍්‍රී ලාංකික පුතුනගේ දැඩි අවධානය යොමු විය යුතු බවද අවධාරණය කරනු කැමැත්තෙමු.

විමල් වීරවංශ (පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2016-11-07

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*