BREAKING NEWS

ඉදිරි අය-වැයෙන් පොහාර සහනාධාරය කපා හැරීමේ සූදානමක් තිබෙනවාද!- විමල් පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කරයි

ඉදිරි අය-වැයෙන් පොහොර සහනාධාර කපා හැරීමේ සූදානමක් තිබේදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඊයේ(07) පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයේදී ප‍්‍රශ්න කර සිටියේය.

වත්මන් යහපාලන ආණ්ඩුවේ මැතිවරණ ප‍්‍රකාශ තුළ පොහොර සහනාධාරය ලබා දෙන බවට කිසිඳු සඳහනක් නොමැතිවීමත් මහ මැතිවරණයට පෙර එවකට එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී එරාන් වික‍්‍රමරත්න මහතා පොහොර සහනාධාරයන් ලබාදීම නොකළ යුත්තක් බවට සිදු කළ ප‍්‍රකාශයත් හේතුවෙන් තමන් මෙම ප‍්‍රශ්නය න`ගන බව විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

‘‘තේ, රබර් හා වී වලට ඉහළ සහතික මිලක් ලබා දෙන බවට පොරොන්දු වී බලයට ආ මේ අය අද ඒ පොරොන්දු වහන්න ‘බොරු කන්ඳක්’ කියනවා. ගියවර වී අස්වැන්නෙන් විශාල ප‍්‍රමාණයක් රජයෙන් මිලදී ගත් බව ඇමතිවරු පෙන්වලා දුන්නා. වී අස්වැන්නෙන් 5%කට වැඩි ප‍්‍රමාණයක් සත්‍ය ලෙසම රජයෙන් මිලදී ගත්තා නම් මෙවැනි ප‍්‍රශ්නයක් මතු වෙන්නේ නැහැ. මෙවර රජයෙන් 11%ක් මිලදී ගත්තා නම් රට පුරා ගොවි ජනතාව වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන අසල පාරේ මාස ගණනක් තිස්සේ දුක් විඳින්නේ ඇයි? පසුගිය ආණ්ඩුව මෙසේ ගොවි ජනතාවගේ ප‍්‍රශ්න උග‍්‍ර වීමට ඉඩ හැරියේ නැහැ. ප‍්‍රශ්නයක් මතු වූ හෑම විටම කඩිනමින් මැදිහත් වී ප‍්‍රශ්නය විසඳුවා.

එදා ගොවියන්ට පොඩි ප‍්‍රශ්නයක් මතු වුණු ගමන්ම පිටකොටුවේ කරක් කරපු ජවිපෙ ‘අමුඩ බලකාය’ අද කෝ? ‘හංස පූට්ටුව’ සමග ඇතිකර ගෙන තිබෙන සම්මුතිය නිසා ඒ අය අද පිටකොටුවට එන්නේ නැහැ. අද ජවිපෙ මන්ත‍්‍රීවරු 06ක් පමණක් ඉදලත් පාර්ලිමේන්තුවේ මේ තරම් කථා පවත්වන්නේ ඒ ‘හංස පූට්ටුවේ සම්මුතිය’ නිසයි. අද ජවිපෙට බිම වැඩ නැහැ. කථා විතරයි.

මේ ආණ්ඩුවේ අර්ථික ඔස්තාර්ලා ඉන්නවා කීවා. ඒත් 2015 ජනවාරියේ රුපියල 132ට තිබුණු ඩොලරය අද 144ට නැගලා. රුපියල දිනෙන් දිනම අවප‍්‍රමාණය වෙනවා. තමන්ට ලැබුණේ හිස් භාණ්ඩාගාරයක් කියලා මේ ආර්ථික ඔස්තාර්ලා කියනවා. නමුත් රාජපක්‍ෂ පාලනය යුද්ධය දිනුවා විතරක් නොවෙයි, රටේ ආර්ථිකයත් ගොඩනැගුවා. 2005දී ඩොලර් බිලියන 24ක් වූ රටේ සමස්ත ආර්ථික වත්කම 2014 අගභාගය වන විට ඩොලර් බිලියන 79 දක්වා තුන්ගුණයකින් ඉහළ දැමීමට රාජපක්‍ෂ පාලනයට හැකි වුණා. රටේ ආර්ථිකය වසර 09ක් තුළ තුන්ගුණයකින් වර්ධනය වුණා. ආර්ථික වර්ධන වේගය 7.5%ක වාර්තාගත අගයකට ගෙන ආවා. 2005දී ඇමෙරිකන් ඩොලර් බිලියන 02ක් වූ විදේශ වත්කම් සංචිතය 2014 අගභාගය වන විට ඩොලර් බිලියන 8.2 දක්වා ඉහළ දැම්මා. වසරක් 06ක් අඛණ්ඩව උද්ධමනය තනි ඉලක්කමක තබා ගත්තා. මේවා ආර්ථික ජයග‍්‍රහණ නොවෙයිද? අද බොරු කන්ඳක් කියලා මේවා වහන්න හදනවා.

විද්‍යානුකූල අමාත්‍යාංශ විෂය බෙදීමක් ගැන කතා කරපු මේ අයගේ මුදල් අමාත්‍යවරයාට මහ බැංකුව අයිති නැහැ. මහ බැංකුව අද තියෙන්නේ අගමැතිවරයා යටතේයි. එහෙම නම් අද මුදල් ඇමතිවරයාට සල්ලි කොළේ අත්සන ගහන්න පුළුවන්ද? ඒ අත්සන වලංගු නැහැ.

යහපාලනය සහ ලිච්ඡවී රාජ්‍ය මූලධර්ම ගැන කතා කරන මේ ආණ්ඩුව ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක වන්නේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයට. රටේ ආර්ථිකයේ ‘හදවත’ වන මහ බැංකුවේ වෘත්තිකයන් 200ක් පමණ මේ අයගේ දේශපාලන දඩයමට හසුව තිබෙනවා. මහ බැංකු මූල්‍ය අක‍්‍රමිකතාව ගැන කෝප් කමිටුවට කරුණු ඉදිරිපත් කළ නිලධාරීන්ට විරුද්ධවත් විශාල පලිගැනීමක් සිදු වෙනවා’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015.10.08

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*