BREAKING NEWS

ඉන්දියන් ‘කූඩු’ දැකලා ඇස් නිලංකාර කර ගත්තොත් රටම අමාරුවේ

ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා ඇතුළු වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, උදයශාන්ත ගුණසේකර, නිරෝෂන් ප්‍රේමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ද පක්‍ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ, ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පියසිරි විජේනායක යන මහත්වරු ඇතුළු සෙසු නායකයෝ ද පසුගිය සතිය පුරා රටපුරා යමින් පක්‍ෂ ක්‍රියාකාරීන් දිරි ගන්වමින් මෙවර ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි දින රැලියට උපරිම පිරිසක් සහභාගී කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කළහ.

එම කටයුතුවල ප්‍රගතිය සාකච්ඡා කිරීමටත් වෙසක් සමයේ ජනතා ඇස්වලට වැලි ගසා ආණ්ඩුව ඉන්දියාව සමඟ එළඹිමට සූදානම් වන ගිවිසුම්, එකගතා පිළිබඳ සාකච්ඡා කිරීමටත් ජානිපෙ දේශපාලන මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා රැස්විය.

“මේ ආණ්ඩුව වැඩ කරන ජනතාවට මරු කැඳවන ආණ්ඩුවක් බව අද ඔප්පුවෙලා ඉවරයි. එක පැත්තකින් ජාතිවාදී, බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනයකට සැරසෙනවා. තවත් පැත්තකින් රට රකින රණවිරුවන් දඩයම් කරනවා. ඒ වගේම ජාතික සම්පත් විකුණා දමනවා. සංහිඳියාවේ නාමයෙන් ජාතිවාදය වපුරනවා. ඔවුන් එතැනින් නතර වෙලා නැහැ. මේ විනාශකාරී මෙහෙයුමට එරෙහි වන පිරිස මර්දනයටත් ආණ්ඩුව දැන් අත තියලා තිබෙනවා. ඒකටයි ..ීත්‍ හමුදාවක්’ හදන්නේ. මේ තත්වය පිළිබඳව දැනුම්වත් කළාම අපේ ක්‍රියාකාරීන් පැවසුවේ, ‘ගාලු මුවදොරට ලක්‍ෂ ගණනින් රැස් වෙලා ආණ්ඩුවට ගෙදර යන්න කියමු’ කියලයි. මේ ආණ්ඩුවේ ජනතාද්‍රෝහී වැඩ කටයුතු නිසා ජනතාව පුදුම කල කිරීමක ඉන්නේ. ඒ කලකිරීම පිට කරන දිනය බවට මැයි දිනය පත්වේවි” විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

“තමන් බලයට ගේන්න කැප වුණු නරේන්ද්‍ර මෝඩිලාට හොඳ හැටියට සලකන්න තවම මේ ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා. ඉන්දියාවට සලකන්න ඔවුන් ගෙනෙන හැම සැලසුමකටම දැඩි ජනතා විරෝධයක් එනවා. 2001-2004 කාලයේ වගේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට ඉන්දියාවට සලකන්න බැරිවෙලා තිබෙනවා. ඒ නිසා ජනතාවගේ ඇස්වලට වැලි ගහලා යමක් කරගන්නයි මේ අය හදන්නේ” නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

“තෙල් ටැංකි දෙන්නේ නැහැ කොළඹ වරායේ නැ`ගෙනහිර පර්යන්තය දෙන්නේ නැහැ, කියමින් ජනතාව රවටමින් මේ අෘණ්ඩුව ඉන්දියාව සමඟ අවබෝධතා ගිවිසුමකට යනන්යි හදන්නේ. ඒ අවබෝධතා ගිවිසුමේ තිබෙන කරුණු 12 ක්‍රියාත්මක වුණොත් ශ්‍රී ලංකාව සතු බලශක්ති සුරක්‍ෂිතතාව ඉන්දියාව සතු වෙනවා. එහෙම වුණොත් ඉන්දියාවට අපේ රට අල්ලේ නටවන්න පුළුවන්” ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා සඳහන් කළේය.

“මේ භයානක තත්වය සම්බන්ධයෙන් අප රටම දැනුවත් කළ යුතුයි. මගේ මැයි දින කතාව මේ සියල්ල ජනතාවට වටහා දෙන එකක් වේවි. වෙසක් දිනවල ලංකාවට එන මෝඩි මහත්තයා කූඩු පත්තු කරන හැටි පෙන්වලා ජනතාවගේ ඇස් නිලංකාර කරන්න හදන මේ තක්කඩි ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. මේ රට ඉන්දියාවේ කොලනියක් බවට පත් කරන්න හදනවා නම් ජනතාව පාරට බැසිය යුතුයි. ඊට නායකත්වය දෙන්න අපි සූදානම්” විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.”

-අබර-

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*