BREAKING NEWS

ඉන්දියාව, මත්තල ගුවන් තොටුපළ ගන්නේ වාණිජමය වාසිය බලලා නොවෙයි යුදමය වාසිය බලලයි

ඉන්දියාව, මත්තල ගුවන් තොටුපළ ගන්නේ වාණිජමය වාසිය බලලා නොවෙයි යුදමය වාසිය බලලයි
– ජානිපෙ නායක විමල් වීරවංශ

ඉන්දියාව මත්තල ගුවන් තොටුපළ අත්පත්කර ගැනීමට උත්සාහ දරන්නේ වාණිජමය වාසියකට නොව ඔවුන්ගේ යුද උපායමාර්ගික උවමනාව සපුරා ගැනීමට බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඊයේ(16) ගාල්ල නගර ශාලාවේදී පැවැති ‘සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව’ සම්මන්ත්‍රණ මාලාවේ හයවැන්නෙහි ප්‍රධාන දේශනය සිදු කරමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“මේ ආණ්ඩුව ඇමෙරිකාව, චීනය හා ඉන්දියාව යන ලෝක බලවතුන් තිදෙනාගේ බල ක්‍රීඩාවේ තෝතැන්නක් බවට මේ රට පත් කරමින් ඉන්නවා. ඒකෙන් දීර්ඝකාලීනව බැට කන්න වෙන්නේ මේ රටේ අනාගත පරපුරටයි. හම්බන්තොට වරාය චීනයට දුන්නු මේ ආණ්ඩුව, දැන් මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට දෙන්න හදනවා. හම්බන්තොට වරාය හදන්න සම්පූර්ණයෙන් වියදම් වුණේ කීයද? ඇමෙරිකානු ඩොලර් මිලියනක 1670යි. වරාය අධිකාරිය විසින් ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් මහින්ද රාජපක්‍ෂ පාලන කාලය තුළදීම ගෙවා අවසන් කළා. දැන් ගෙවන්න තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1170ක් පමණයි. අපට මේ ණය මුදල අවුරුදු 20ක් ඇතුළත ගෙවන්න පුළුවන්. එවිට අවුරුද්දකට ගෙවන්න ඕනෙ ඇමෙරිකානු ඩොලර් මිලියන 95ක් පමණයි. මේක, වරාය අධිකාරියේ ආදායමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 95ක් අවුරුද්දකට ගෙවාගන්න බැරි ආණ්ඩුවක්. වරාය අධිකාරිය පාඩු ලබන, බංකොලොත් ආයතනයක් නොවෙයි. නමුත් මේ ආණ්ඩුව අවුරුදු 20ක් තුළ මේ ණය මුදල ගෙවන්න බැහැ කියලයි හම්බන්තොට වරාය චීනයට දුන්නේ.

‘කිරිපිටි – පාන්පිටි බදු සහන ඉවත් කළා නම්…’

වසරකට ඩොලර් මිලියන 95 බැගින් වසර 20ක් තුළ ඩොලර් මිලියන 1170ක් ගෙවන්න බැහැ කියලා හම්බන්තොට වරාය වැනි මේ රටේ අනගිතම ජාතික සම්පතක් චීනයට දුන්නු මේ ආණ්ඩුව, වසරකට කිරිපිටි සමාගම් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ බදු සහන දෙනවා. ප්‍රීමා නැමැති පාන් පිටි සමාගමට වසරකට ඩොලර් මිලියන 200ක පමණ බදු සහන දෙනවා. මේ විදියට මේ බහුජාතික සමාගම්වලට බදු සහන ලබා දුන්නාට එහි වාසිය පාරිභෝගිකයාට ලැබෙන්නේ නැහැ. පාරිභෝගිකයාට කිසිදු සහනයක් නොලැබුණත් බහුජාතික කිරිපිටි, පාන්පිටි සමාගම්වලට බදු සහන දෙන්නේ මේ ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ සාක්කුවලට කොමිස් වැටෙන නිසයි. මේ ලබාදෙන බදු සහන ඉවත් කළා නම් ආණ්ඩුවට වාර්ෂිකව ඩොලර් මිලියන 300ක් ලැබෙනවා. ඒ මුදලින් ඉතා පහසුවෙන් හම්බන්තොට වරායේ ඩොලර් මිලියන 95ක වාර්ෂික ණය මුදල ගෙවීමට ආණ්ඩුවට හැකි වෙනවා.


ඉන්දියාව මත්තලට කුරුමානම් ඇල්ලීම’

‘ණය බර – ණය බර’ කියන මන්තරය ජප කරමින් මේ ආණ්ඩුව මේ රට ලෝක බලවතුන්ගේ කෙළි මඩලක් බවට පත් කිරීමේ න්‍යාය පත්‍රය දැන් තවත් වේගවත් කර තිබෙනවා. ඒ අනුව තමයි මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට දෙන්න හදන්නේ. හිතලා බලන්න, ඉන්දියාවට මත්තල ගුවන් තොටුපළේ වාණිජමය වටිනාකමක් තිබෙනවාද? ඉන්දියාවේ හිටපු විදේශ අමාත්‍යාංශ ලේකම්වරයකු වූ ඉන්පසු ජාතික ආරක්‍ෂක උපදේශක ධුරය දැරූ ශිව්ෂංකර් මෙනන් මහත්තයා 2016දී පොතක් එළිදක්වා තිබෙනවා, ‘Choices: Inside the Making of Indian Foreign Policy’ යන නමින්. එහි සඳහන් වෙනවා ‘ශ්‍රී ලංකාව, ඉන්දියාවේ කේරලයේ සිට සැතපුම් 14ක් දුරින් නවතා තිබෙන, විශාල යුද ගුවන් යානා රඳවන නැවක් වගෙයි’ කියලා. ඉන්දියන් සාගරයේ මෙවැනි තැනක් තිබීම ඔවුන්ට තර්ජනයක් කියලයි මේ කියන්නේ. ඒ නිසා ඔවුන්ගේ පාලනය යටතේ මේ රට පවත්වාගෙන යා යුතුයි කියලයි මේ කියන්නේ.

ඉන්දියාවට, දකුණට සහ බටහිරට යන්න චෙන්නායි ගුවන් තොටුපළ තිබෙනවා. ඒ වගේම ඉන්දියාව තුළ අභ්‍යන්තර ගුවන් තොටුපළ ගණනාවක් තිබෙනවා. ඒ නිසා ඔවුන් මත්තල ගුවන් තොටුපළ ගන්න යන්නේ වාණිජමය ලෙස බලලා නොවෙයි, යුද උපායමාර්ගික වශයෙන් බලලයි. මේ ආණ්ඩුව කරන්නේ චීනා හම්බන්තොට වරායේ ඉන්නකොට, ඉන්දියාවට මත්තල ගුවන් තොටුපළ දීමයි.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-08-17

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    හලෝ, ඉන්න මෙතැන ලොට ලොට, තවත් රාජපක්ෂ වහන්තරා වලට කත් ඇද ඇද. අන්න godfather ඔයාව හිරේ දාන්න යනව ආපහු, ඒක පාවිච්චි කරලා මිනිස්සුන්ව අද්දවගෙන ඒ ගොල්ලන්ට විරුද්ධව කරන පරීක්ෂණ නවත්තව ගන්න. ඔන්න ඉස්සර වගේ පත්තර වල ඔයාව හිරේ දාන්න කියල යනව. රාජපක්ෂ clan එක දඟලන දඟලිල්ලෙන් පේන්නේ නම් කිල්ලොටේ හුණු හුඟක් තියෙන බව. ඒකත් හොයන්න වටිනවා.

    මෙදා පාර නම් විමල් මම එනවා හිර ගෙදර. ඊට පස්සේ 2020 ලංකාවේ ජනාධිපති හිර ගෙදරින් බිහි වෙන හැටි ලංකාවටම බලා ගන්න පුළුවන්. මට තියෙනව ලංකාවටම කියන්න දෙයක්.

  2. Champa Reply

    “තාජුඩීන් වර වර වර”, අනේ රාජපක්‍ෂප්‍රේමියා, දැන් ඔය මන්තරේ මතුරන්නේ ආණ්ඩුව විතරද? ඔයත් ඒ මන්තරේමනෙ මතුරන්නේ නැත්ද? මගෙ මතකෙ නිවැරදි නම් ඔයා ඔය තාජුඩීන් වර වර කිව්වේ 2016 මැයි 1 කිරුලපන දී. දිනේ වෙනස්ද මම දන්නේ නැහැ, හැබැයි කිව්වේ කිරුළපනදී. ආණ්ඩුව තාජුඩීන් ගොඩ ගන්නේ රාජපක්ෂලාට මඩ ගහන්න කියලා කියන මන්තරේ දැන් අවුරුදු ගානක ඉඳන් ඔයත් මතුරනවනෙ. දැන් හදිසියෙන්වත් ඕකට රාජපක්ෂලා නැතුව වෙන කවුරු හරි පැටලුනානම් ඒත් ඕකම කියනවද? එතකොටත් තාජුඩීන් වර වර කියනවද? නැහැනෙ. රාජපක්ෂලාට වදින කොට විතරක් ඒකාබද්ධ විපක්ෂෙ hyperactive.

    වැරදි කරලා නැත්නම් මද්දුම් බණ්ඩාර වගේ මොණරවිල කැප්පෙටිපොල වගේ වෙන්න පුලුවන්නෙ. කියන එකනෙ තියෙන්නෙ පුළුවන් නම් වැරදි කළා කියල ඔප්පු කරන්න කියල. එහෙම කිව්වා නම් ඔය කතාව ගිය අවුරුද්දෙම ඉවරයි. හැබැයි එහෙම ඉවර වුනාම ඕගොල්ලන්ටත් මතුරන්න මුකුත් නැති වෙනවා නේද? අර ඔයාගෙ famous කතාව රාජපක්‍ෂ මුව හමට තඩි බානව ඒක කියන්නත් බැරි වෙනවා. ආණ්ඩුවට බෝල දාන්න කියලා ඒකාබද්ධ විපක්ෂෙ bat කරනවා. හම්බන්තොට deal එක රනිල්ට pass කර ගන්න උදව් කළා වගේ දැන් ඊළඟට ඒගොල්ලො වහන්න හදන්නේ මොකක්ද? මත්තලද, Trinco ද, ෆෙඩරල් ව්‍යවස්ථාවද?

  3. Champa Reply

    President ට තේරෙනවද දන්නේ නැහැ රනිල් එයාව වට කරගෙන වළල්ලක් දානවා.

    හමුදාපති කෙනෙක් දැම්ම තමන්ගෙ තනතුර රැක ගන්න හමුදාව පාවලා දෙනවා කියලා කියන කෙනෙක්ව.

    ඔස්ටින්ව දැම්ම President ගෙ inner circle එක ඇතුලට.

    වෛද්‍යරත්න හොඳ කෙනෙක් වුනාට රනිල් කියන දේ කරන්න වෙනවා.

    නාවික හමුදාවෙන් අයින් වෙලා ඇමරිකන් embassy එකේ වැඩ කරලා ආයිත් ආපු මිනිහෙක්ව නාවුක හමුදාපති කළා.

    දැන් පොලිස්පතිව අයින් කරන්න මෙහෙයුමක් යනවා. ඊළඟට එතනටත් රනිල්ගෙ ගැත්තෙක් දායි.

    ඊළඟට අධිකරණ ඇමතිව අයින් කරලා එතනටත් රනිල්ගෙ එහෙයියෙක් දමයි.

    මේවා පේනවා නම් President කරන්න ඕනේ අඩු ගානේ උඩ කියපු අන්තිම දෙකවත් රැක ගන්න එක සහ අනිත් වෙන්න යන දේවල් ගැන ඇස් කන් ඇරගෙන ඇහැ ගහගෙන ඉන්න එක.

  4. Champa Reply

    😀 😀 😀

    JO will have to go after a common candidate in 2020 and that candidate is none other than Ranil Wickremasinghe!

    What a journey, started in 2015 ending up having to hang onto to the tail of the elephant to survive, baba?

  5. Champa Reply

    වියලි කලාපේ මිනිස්සුන්ට කන්න නෑ කියලා දැන් මට අඬන්න බැහැ, ඒ මොකොද කිව්වා නම් මගෙ කතරගම දෙයියන්ටත් උදේ කෑම හම්බ වුනේ නැතිලු, බබා.

  6. Champa Reply

    අන්න අර පො.. සින්නයියත් කියනව නාවුක හමුදාවට දඬුවම් දෙනවා කියල. රට ඉවරයි. හමුදාවත් ඉවරයි. රටේ සම්පත් ටිකත් ඉවරයි. ඒකීය රාජ්‍යයත් ඉවරයි. බුද්ධාගමත් ඉවරයි. ඒකාබද්ධ විපක්ෂයයි ඒකෙ godfather මහින්දයි තමයි මේකට සම්පූරණයෙන්ම වග කියන්න ඕනේ. 2015 මිනිස්සු තිබ්බ බලාපොරොත්තු ඔක්කොම බිඳලා දැම්ම ඒ පැත්ත පලාතෙවත් නොහිටපු ඔක්කොම කලාට පස්සේ ආපු බැසිල්ගේ බොරුවට රැවටිලා. පාවල දුන්න මිනිස්සු දුන්න ජනවරම.

    ගිය ඔක්තෝබර් මාසේ අගේට රනිල්ව අයින් කරගන්න තිබුන. මම කිව්වනෙ ඒ වගේ අවස්ථාවක් ආයේ කවදාවත් එන්නේ නෑ කියලා. මම කිව්වා දිගටම 2020 වෙනකම් බලා ඉන්න එපා කියලා. මම කිව්වා අගමැති කම නැති වුනාට කමක් නැහැ ඒ පැත්තෙන් වාඩි වෙන්න කියලා. තමන්ගෙ රට ජාතිය වෙනුවෙන්, ලොකු දෙයක් වෙනුවෙන්, පොඩි කැපකිරීමක් කරන්න කිව්වා. උපක්‍රමශීලී වෙන්න කිව්වා. ඇහැව්වේ නැහැ. අන්තිමට අපිවත් නැති කරල මිනිස්සුන්ගෙ බලාපොරොත්තුත් සුන් කරලා රටත් නැති කරලා මාවත් තරහා කරගෙන තවත් මිනිස්සුන්ටත් එපා වෙලා චන්දත් නැතුව 2020 චන්දෙත් දැන් විශ්වාස නැතුව ඉන්න වුනා ඇටි කෙහෙල් කාපු රිලව් වගේ. සිංහයෝ කරලා මිනිස්සු පාර්ලිමේන්තු යවපු ජාතියේ ගැලවුම්කාරයෝ අද ඔහේ එල්ලිලා ඉන්න තැනට වැටුනා. ඔය විදියට ගිහින් 2020 පාර්ලිමේන්තු බලය ලැබෙයි කියලා හිතනවා නම් වැරදිලා. රනිල් ජනාධිපති වුනොත් කිසි දවසක රටේ බලය UNP එකෙන් අත ඇරෙන්න දෙන්නෙ නැහැ. ඔය යාළුකම් එකක්වත් එතකොට නැහැ. කිට්ටු වෙන්නවත් බැරි වෙනවා. මෝල්ලු. මොලේ තියෙන මිනිහෙක් රනිල්ව විශ්වාස කරනවද? 2015 වගේම රනිල් 2020ත් හොර චන්ද වලින් තමයි දිනන්න යන්නේ. තියෙනවද මොකක් හරි plan එකක් strategy එකක් action point එකක්? මුකුත් නැහැ. To stop vote rigging you have to have a sweeping victory. Otherwise EC will make Ranil win in a small margin, Even the general elections. රාජපක්ෂලාට කැමති නැති මිනිස්සු ඉන්නවා 60% කට වඩා. මුළු රටම තමන්ගෙ ග්‍රහණයට ගන්න පුළුවන් කෙනෙක් නැතුව sweeping victory එකක් ගන්න බැහැ. ඉන්නවද එහෙම? උඩ බලා ඉන්න. මිනිස්සු විකල්ප පක්ෂෙකට චන්දෙ දෙයි. නැත්නම් චන්ද දෙකම රනිල්ට දිනන්න ඇරලා ගෙදරට වෙලා ඉඳියි. දැනටම එගොල්ලො ලෑස්ති වෙනවා දැක්කද? E-voting, e-counting!!! That is the easy way to rig votes. මිනිස්සු ලියා පදිංචි වෙනවා අඩු කියලා දැනටම කියනව. එන්නේ මොකොටද කියලා තේරෙනව නේද? ගිය පාරත් චන්දෙ දවසේ උදේම කිව්වා මිනිස්සුන්ගේ පැමිණීම අඩුයි කියලා. එහෙම කියලා අපිට ලැබුණු චන්ද ගොඩ අඩු කළා. ඊළඟට කරන්න යන්නෙත් ඒක. මේක analyze කර ගන්න බැරි නම් දේශපාලනයේ ඉඳලා වැඩක් නැහැ JO සහ godfather. I am not with them at all, but I care for you. I don’t have the heart to see all your efforts for years go in vain in 2020.

  7. Champa Reply

    මොකක්ද අනේ ඇස රවට්ටනවා. කෑගල්ලේදීත් ඇඳලා තියෙන්නේ මේ shirt එකම නිසා මට මේක අරින කොට හැම තිස්සෙම හිතෙන්නේ මෙතන තියෙන්නේ ඒ කතාව කියලා. ඉස්සර මම විමල්ගේ කතා මතක තියාගන්නේ ඇඳපු shirt එකෙන්. දැන් ඒකත් නැති කළා. මොක මොන කතාවද කියලා මට දැන් මතක තිය ගන්න බැරි තරම් එකම shirt එකෙන් කතා කීපයක් කරලා නිසා.

    ලස්සන නිල් පාට shirt තුනක්ම දැක්ක මම ලඟදි. තරහ නිසා කිව්වේ නැහැ.

    කොයි නිල් පාට shirt එකටද මම කැමති දන්නවද, අර අළුත් පොල් මුද්දක් දාගෙන හිටපු දවසෙ ඇඳලා හිටියේ.

    ආ… අර ඇඟිල්ලක් කැපිල තිබුනේ, දැන් හොඳද? මොකොටද කැපුනේ, කඩදාසියකටද? පොඩි කාලේ අපිත් අසයි චූටි තුවාල වලට ලොකු plasters දාගෙන ඉන්න.

  8. Champa Reply

    අන්න ඔයා කියපුවා වෙනවා. ජගත් ජයසූරියට. ICPPED Act එක පාර්ලිමේන්තුවෙන් pass වුනෙත් නැතුව මෙහෙම නම්, පාස් වුනා නම් කොහොමද? President තමයි ඒක නතර කලේ. JO එක ඒ ගැන කතා කලේ එදා එක පාර්ලිමේන්තුවට ගෙනාවේ නැති නිසා. President නැවැත්තුවෙ නැත්නම් රනිල් OMP වගේම JO එකේ උදව්ව ඇතුව එකත් pass කර ගන්නවා, without a vote.

    JO එකයි ඔයාගේ godfatherයි රනිල්ව ශක්තිමත් කරන්න පහුගිය අවුරුදේ දෙකේ කරපුවයෙ ප්‍රතිඵල තමයි ඊළඟට එන්නේ. OMP එකත් නිකම්ම් පාස් වෙන්න දුන්න. ඊළඟට ඒවායේ ප්‍රතිඵල බලන්න පුළුවන් වෙයි. JO කෙලින් හිටියා නම් 2015 සැප්තැම්බර් වල වගේ, මේ කිසි දෙයක් වෙන්නේ නැහැ. ඔයා කීවට 2005 පැරදුනේ මහින්ද නෙමෙයි රට කියල, මේ විදියට ගියහම 2020 කියන්න වෙයි රට පාවා දුන්නේ රනිල් නෙමෙයි මහින්දයි බැසිලුයි කියලා. එහෙම නොවෙන්න රනිල්ට කවදාවත් හයියක් එන්නේ නැහැ, හම්බන්තොට විකුණන්නවත්.

Leave a Reply

*