BREAKING NEWS

ඊයේ(25) කොළඹ 07, ස්ටැන්ලි විජේසුන්දර සෞන්දර්ය නිකේතනයේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ 04ක නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති මාධ්‍ය හමුව

11016072_420288921465988_899752364870741804_nඊයේ(25) කොළඹ 07, ස්ටැන්ලි විජේසුන්දර සෞන්දර්ය නිකේතනයේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ 04ක නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජානිපෙ මාධ්‍ය ප‍්‍රකාශක. මොහොමඩ් මුසම්මිල් මහතා මෙසේද පැවසීය.

දින 50 ට සහල් කිලෝවක් රුපියල් සියයයි. දින 50 ට තේ දළු, රබර් මිල බැහැලා. රජයේ යහපාලනයට ලොකු බාධාව ශෂී වීරවංශගේ උපන් දිනයයි. 18 දා තිබූ රැලිය නිසයි දැන් ජාතික ආණ්ඩු ගැන කතා කරන්නේ. ප‍්‍රගතිශීලී ආණ්ඩුවක් බිහිවීම වැළැක්වීමටයි ජාතික ආණ්ඩු සංකල්පය එන්නේ. මේ දින 100 ත් ජාතික ආණ්ඩුවක් වගේ තමයි. එජාපය තම බලය කපටි ලෙස තහවුරු කරනවා.

මේ සියවසේ සුවිශේෂම සොයා ගැනීම වත්මන් ආණ්ඩුව සොයාගෙන තිබෙනවා. ආර්ථික විද්‍යාවෙත් දේශපාලන විද්‍යාවෙත් සුවිශේෂම සොයා ගැනීම මේ දින පනහ ඇතුළත කරලා තියෙනවා. අද ආණ්ඩුවට දින 50යි. හාල් කිලෝව රුපියල් 100යි. පොල් ගෙඩිය රුපියල් 80යි. ආණ්ඩුවට දින පනහක් වෙද්දි තේ මිල රබර් මිල හොඳටම බැහැලා. ආණ්ඩුවට දින 50ක් ගත වෙද්දි දෙනවා කිව්ව සහන දී ගන්න බැරිවෙලා තියෙනවා.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවාල සංශෝධනය කරනවා කියලා කතා කළා. ඒ කියපු යහපාලනයේ දේවල් කර ගන්න බැරි වුණා. ඒ සියල්ලටම බලපාලා තියෙන්නේ ශෂී වීරවංශගේ උපන් දිනය කියලා අපි දැන ගත්තේ පසුගිය සතියේ. ඒ නිසා ආණ්ඩුව ඉතිහාසයේ සුවිශේෂම සොයා ගැනීම කරලා තියෙනවා. මේ රටේ යහපාලනය හදන්න බැරි වෙලා තියෙන්නේ ශෂි වීරවංශගේ උපන් දිනයේ සිදුවෙලා තිබෙන වැරැද්දක් නිසා. මේ රටේ ආර්ථිකයේ සහන ජනතාවට ගලාගෙන යෑම වැළකිලා තියෙන්නේ ගමන් බලපත‍්‍රයේ සඳහන් උපන් දිනයේ වැරැද්දක් නිසා. ඒ සොයා ගැනීම කළ ආණ්ඩුවට ඉදිරි දින 50දී ජනතාවට පොරොන්දු සහන ලබාදෙයි කියලා හිතනවා.

මේ ජාතික ආණ්ඩු සංකල්පය 18 වැනිදා රැලිය නොතිබ්බා නම් එන්නේ නැහැ. 18 වැනිදා රැලියේ දැවැන්ත ජන ගගක් ගලපු නිසා ජනතා ප‍්‍රතිචාරය හා සමාජ කතාබහ කියන සියල්ල නිසා තමයි ජාතික ආණ්ඩු සංකල්පය ඉක්මන් වුණේ.

මෙයින් අහුරන්නේ ඉතාම බරපතළ දෙයක්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු මේ රටේ ප‍්‍රගතිශීලී ජනතාවගේ ආණ්ඩුවක් පිහිටුවීමට තිබෙන අවස්ථාව නැති කිරීම මේ ජාතික ආණ්ඩු සංකල්පයෙන් කරන්න යන්නේ. ඒක පැහැදිලියි. මේ ජාතික ආණ්ඩුවේ අගමැති බවට පත් වෙන්නේ රනිල් වික‍්‍රමසිංහ මහත්මයා. එහෙම ගත්තොත් මේ දින සියයත් ජාතික ආණ්ඩුවක් වෙන්න ඕන. මේ දින සියයේ ආණ්ඩුව තව අවුරුදු හයකින් කල් දාගන්නයි මේ හදන්නේ. එක්සත් ජාතික පක්ෂ බලය කපටි ලෙස තහවුරු කිරීමට සැරසෙන බව පැහැදිලියි.

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*