BREAKING NEWS

උතුරේ උග‍්‍ර බෙදුම්වාදී ක‍්‍රියාවලිය හමුවේ නිහඩව සිටින වත්මන් පාලකයන් දෙමළ බෙදුම්වාදයේ වහලූන් ලෙස අපට පිළිගැනීමට සිදුවෙනවා. ජානිපෙ නායක, විමල් වීරවංශ

උතුරු පළාත් සභාව බෙදුම්වාදී යෝජනා සම්මත කරන විට ඊට එරෙහිව තමන් සතු ව්‍යවස්ථාපිත බලය භාවිතා නොකරන වත්මන් පාලකයන් දෙමළ බෙදුම්වාදයේ වහලූන් ලෙස පිළිගැනීමට සිදුවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

අද(24) ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘‘පසුගියදා උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කරගන්නවා දෙමළ භාෂාව කතා කරන ජනතාවට උතුරු හා නැගෙනහිර ඒකාබද්ධ කොට වෙනම ස්වාධීන ප‍්‍රාන්ත පාලනයක් පිහිටුවන්න. මේ විදියේ යෝජනාවක් සම්මතවීම ඉතාමත්ම බරපතලයි. මේ විදියේ තත්වයක් එදා වර්ධරාජා පෙරුමාල් උතුරු නැගෙනහිර පාලනය කරද්දි ඇති වුණා. එදා ස්වාධීන වෙනම රාජ්‍යයක් පිළිබඳ ක‍්‍රියාමාර්ග තේරුවා. එදා හිටපු පාලකයන්ට අඩුගානේ කොන්ද පණතිබුණා, ඊට විරුද්ධව තමන්ට තිබුණු විධායක ජනාධිපති බලය පාවිචිචි කරන්න. අද මේ රටේ වෙනම ස්වාධීන පාලන පිහිටුවන්න යෝජනාවක් සම්මත කරනවා උතුරු පළාත් සභාවේ. මේ පරගැති ආණ්ඩුවේ සියලූ පරගැති නායකයන් කටබලියාගෙන බලාගෙන ඉන්නවා ඊට විරුද්ධව හීන් කෙදිරියක්වත් නගන්නේ නැතිව. උතුරු පළාත් සභාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන තන්ත‍්‍රයක් පිහිටුවාගන්න අවස්ථාව ලබාදීම පාවිච්චි කරනවානම් මේ රට දෙකඩ කිරිමේ අරමුණ වෙනුවෙන් ඊට විරුද්ධව ව්‍යවස්ථාපිතව තිබෙන හැකියාව පාවිච්චි කරන්නේ නැත්තම් අපිට පිළිගන්න වෙනවා දෙමළ බෙදුම්වාදයේ වහල්ලූ ටිකක් තමයි අද මේ රට පාලනය කරන්නේ කියලා.

ඒ විතරක් නෙවෙයි ආර්. සම්බන්ධන් මන්ත‍්‍රීවරයා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් කිලිනොච්චියේ තිබෙන හමුදා කඳවුරක් ඇතුළට රිංගලා එහි ඉඩම් ඔප්පු පරික්‍ෂා කරන්න පටන් අරන් තිබෙනවා. දැන් මැනුම් නිලධාරීන්, ඔප්පු පරික්‍ෂක නිලධාරීන් වෙලා තියෙන්නේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරු. හමුදා කඳවුරකට එහෙම කොහොමද අනවසරයෙන් ඇතුළු වෙන්නේ? මන්ත‍්‍රී වුණත් ඇමති වුණත් කොහොමද අවසරයකින් තොරව ඇතුළු වෙන්නේ? අද බල්ලෝ රිංගනවා වගේ හමුදා කඳවුරු ඇතුළට වැටවල් අස්සෙන් රිංගන්න දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධන්වලට පුළුවන් වෙලා තිබෙනවා. ඔවුන් හමුදා කඳවුරු ඇතුළට ගිහිල්ලා කියනවා ‘අපේ ඉඩම් දිපල්ලා’ කියලා.

මෙතැනට මේ රට වැට්ටුවේ කවුද? මේ අරාජිකත්වය ඇති කළේ කවුද? යුද්දේ දිනලා ජනවාරි 08 වැනිදා දක්වා එක ප‍්‍රචණ්ඩ සිද්ධියක් වාර්තා නොවුණු යාපනය අද දකුණෙන් ගිය බස්රථ කුඩුකරලා එවන තත්වයකට පත්වෙලා තිබෙනවා. මේක ජාතිවාදී වියරුවක්, බෙදුම්වාදී ජාතිවාදී කල්ලි හදන්නේ නැවත ජාතිවාදී වියරුවක් හදලා ලේ හලන තත්වයකට අපේ රට අරගෙන යන්න. මේ රට පාලනය කරන්න භාරගත්තානම් දෙයියනේ කියලා රට පාලනය කරන්න. බස්වලට ගහන්න, හමුදා කඳවුරු ඇතුළට බලෙන් රිංගන්න, වෙනම ප‍්‍රාන්ත ඒකක හදන්න යෝජනා සම්මත කරන්න ඉඩදීලා බලන් ඉන්නනම් රටට පාලනයක් ඕනෙ නැහැ. පාලකයෙක් ඕනෙ නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට බලකරනවා ‘මේ තත්වය වෙනස් කිරීම සඳහා වහාම ක‍්‍රියාමාර්ග තෝරන්න. බැරිනම් දෙයියනේ කියලා මේ රට කරන්න පුළුවන් කෙනෙකුට භාරදීලා යන්න’’ කියලා

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*