BREAKING NEWS

”එක්සත් ජනතා සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එලි දැක්වීම – අනාගතයට සහතිකයක්”

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 2015 මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනාගතයට සහතිකයක් අද(28) කොළඹ හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගණයේදී හම සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටු සභාපති, හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්විණි.

මෙම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, හිටපු අමාත්‍යවරු මෙන්ම සෙසු සාමාජික පක්ෂවල නායකයෝද සහභාගී වුහ.
————————————–
අදීන ජාතියක්, නවීන දේශයක්, සුහද සමාජයක් සදහා වූ දොළොස් වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් යටතේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය සැකසී ඇත.
එම දොළොස් වැදෑරුම් ප්‍රතිපත්ති මාලාව මෙසේය.

1. ජාතික ඒකාග‍්‍රතාව සහ තිරසාර සංහිඳියාව පිළිබඳ ප‍්‍රතිපත්තිය.
(ජාතිවාදයෙන් මිදුණු ජාතිකත්වයක් – ආගම්වාදයෙන් මිදුණු ආගමික නිදහසක්…)

2.දූෂණය පිටුදැකීම සහ අධිකරණයේ ස්වාධිපත්‍යය සුරැකීම පිළිබඳ ප‍්‍රතිපත්තිය
(සැමට සමාන නීතියක් – ක‍්‍රමවත් නිවරදි පාලනයක්…)

3. ආර්ථික කළමනාකරණ ප‍්‍රතිපත්තිය
(පිබිදෙන ආර්ථිකයක් – ජනතා කේන්ද්‍රීය සංවර්ධනයක්…)

4. විදේශ ප‍්‍රතිපත්තිය (අදීනවූත්, නොබැඳිවූත්, මිත‍්‍රශීලීවූත් විදේශ ප‍්‍රතිපත්තියක්…)

5. නිවාස ප‍්‍රතිපත්තිය (සැමට නිවසක් – හිතට සවියක්…)

6. අධ්‍යාපන ප‍්‍රතිපත්තිය (නිදහස් අධ්‍යාපනය තුළින් ප‍්‍රබුද්ධ සමාජයක්…)

7. සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය (නිදහස් සෞඛ්‍ය තුළින් නීරෝගීමත් සමාජයක්…)

8. පාරිසරික සහ වනජීවී ප‍්‍රතිපත්තිය (ගහකොළ ද, සතුන් ද – මේ හැමත් සුරකිමු…)

9. සංස්කෘතික, කලා සහ සන්නිවේදන කටයුතු ප‍්‍රවර්ධන ප‍්‍රතිපත්තිය
(කලාවෙන්, සංස්කෘතියෙන් සහ මාධ්‍ය නිදහසෙන් ඔප්නැගුණු සංවේදී සමාජයක්…)

10. ක‍්‍රීඩා සහ තරුණ කටයුතු ප‍්‍රතිපත්තිය (ක‍්‍රියාශීලී සහ නීරෝගී තරුණ පරපුරක්…)

11. කාන්තා සහ ළමා ප‍්‍රතිපත්තිය (දිරිලියයි – දරු කැලයි – දැයේ ජීවනාලියයි…)

12. ආයෝජන සහ යටිතල පහසුකම් ප‍්‍රවර්ධන ප‍්‍රතිපත්තිය
(දේශයකි ගොඩනැගෙන – හෙට දිනයෙ ලොව දිනන…)

5 7 4 3 2 8 3

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*