BREAKING NEWS

එක් මාර්ගයකින් පරමාධිපත්‍ය බලය හිමි ජනතාව අතරට යාමට නොහැකි නම් තවත් ක්‍රම තිබෙන බව විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

එක් මාර්ගයකින් පරමාධිපත්‍ය බලය හිමි ජනතාව අතරට යාමට නොහැකි නම් තවත් ක්‍රම තිබෙන බව විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

එක් මාර්ගයකින් පරමාධිපත්‍ය බලය හිමි රටේ පොදු ජනතාව අතරට යාමට නොහැකි නම් ඒ සඳහා තවත් මාර්ග තිබෙන බව නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී පාදය වන්දනා කිරීමට මාර්ග දෙකක් තිබෙන බව පෙන්වා දෙන විමල් වීරවංශ අමාත්‍යවරයා සිහිපත් කරන්නේ එක් මාර්ගයකින් යාමට නොහැකි නම් අනෙක් මාර්ගයෙන් ශ්‍රී පාදය වන්දනා කිරීමට හැකි බවයි.

විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ 13 වැනිදා සවස සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලීය කාර්ය මණ්ඩලය හමූවූ අවස්ථාවේදීය.

මෙම හමුව සිදුවූයේ බත්තරමුල්ල, සෙත්සිරිපාය (පළමු අදියර) හි සිව්වැනි මහළේ පිහිටි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා “මීට සති කිහිපයකට පෙර මෙරට දේශපාලන පිටිය තුළ හැමූ සුළි සුළගක් නිසා පසුගිය පාලනය වෙනුවට ගරු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අගමැති ලෙස ලෙස දිවුරුම් දී නව පාලනයක් රටේ ස්ථාපිත වුණා. එම නව පාලනය ස්ථාපනය වීම සමග ජනාධිපතිතුමන් විසින් නව කැබිනට් ඇමති මණ්ඩලයක්, රාජ්‍ය සහ අනෙක් ඇමති මණ්ඩලයක් පත් කරනු ලැබුවා. පාර්ලිමේන්තුව තුළ සිදුවුණු විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ඇති වු ගැටළු වාතාවරණය හේතු කර ගෙන, කතානායකවරයා ඔහුගේ ස්වාධීන භූමිකාව අවසන් කර ඔහුට අයත් දේශපාලන පක්ෂයේ සහ ඇතැම් තානපති කාර්යාලවල ගැත්තෙකුගේ භූමිකාව රඟ දක්වන්නට පටන් ගැනීම සමඟ විධායකයට සිදුවුණා පාර්ලිමේන්තුව විසුරුවා හැර මෙරට පරමාධිපත්‍යය හිමි ජනතාවට මහමැතිවරණයේදී තමන් කැමති තීරණයක්, කැමති බලවේගයක් ජයග්‍රහණය කරලා යම්කිසි අවිනිශ්චිත වාතාවරණයක් තිබේනම් එය තුරන් කිරීම සදහා නිසි ප්‍රතිකාරය යොදන්න. 
එම ප්‍රතිකාරය යෙදීමේ ප්‍රතිඵලයක් ලෙස මේවන විට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා. ඊට එරෙහිව ඇතැම් පාර්ශවයන් අධිකරණයේ පිහිට පතා තිබෙනවා. අධිකරණය ජනාධිපතිතුමන් ගත් තීන්දුව පිළිබදව ඉතාම නිවැරදි තීරණයක් ලබා දෙයි කියා අප විශ්වාස කරනවා. එම තීරණය කුමක් වුවත් පරමාධිපත්‍යය බලය හිමි මෙරට ජනතාවට. එම පාරෙන් බැරිනම් වෙන පාරකින් හෝ පරමාධිපත්‍යය බලය මහජනතාව අතරට මෙම ප්‍රශ්නය අරගෙන යනවා විනා සීතල කාමරවල සිට සල්ලි මිටි ගණන් බෙදා, නොඑසේ නම් වෙනත් වරදාන වරප්‍රසාද පූජා කර මෙම ප්‍රශ්නය නිරාකරණය කරන්නට අපේ බලාපොරොත්තුවක් නැහැ. එක් පාරකින් පරමාධිපත්‍යය බලය හිමි ජනතාව අතරට යන්නට නොහැකිනම් ඒ සදහා වෙන පාරවල් තිබෙනවා. ශ්‍රී පාදය වන්දනා කරන්න පුළුවන් පාරවල් දෙකක් තිබෙනවා. ඒ වගේ මහජනතාව නැමැති ශ්‍රී පාදය වන්දනා කරන්න අපට එක පාරක් නැතිනම් තව පාරක් හොයා ගන්නට පුළුවන්. නමුත් දෙවැනි පාරක් හොයා ගන්න වෙයි කියා මම හිතන්නේ නැහැ. ශ්‍රී පාදය තමයි මෙරට මහජනතාව. මහජනතාව වන්දනා කරන්න හදන විට එයට විරුද්ධ වෙන්න කාටවත් බැහැ. පාර්ලිමේන්තුව කල් දාලා පවතින පාර්ලිමේන්තුව තවත් වසර 5 කට දීර්ඝ කර ගන්න හෝ මහමැතිවරණයකට නොගිහින් වංචනික ආකාරයෙන් ජනමත විචාරණයක් පවත්වා ව්‍යවස්ථාදායකය තව වසර 5 කට දීර්ඝ කරන්න හැදුවා නම් විධායකය ඒක වැරදියි. නමුත් මේ හදන්නේ මහජන මතයට ඉඩ දෙන්නයි. මහජනයගේ අදහසට ඉඩ දෙන්නයි. මහජනයගේ තීරණයට ඉඩ දෙන්නයි. ඊට වඩා ජනසම්මතවාදයක්, ප්‍රජාතන්ත්‍රවාදයක් වෙන කොහිද?

සමෘද්ධි ව්‍යාපාරය පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වීය “සමෘද්ධි ව්‍යාපාරය ලෙස මෙරට බලසම්පන්න භූමිකාවක් ඉටු කරනු ලබන එක්තරා ආකාරයක හමුදාවක් ලෙස මා ඔබ දකිනවා. හමුදා නිළ ඇදුමක්, බෙරේ, තොප්පිය නොතිබුණත්, සාමය ඇති කිරීමට මෙරට රණවිරුවන් කැප වූයේ කවර ආකාරයකින්ද, දුප්පත්කම තුරන් කිරීම සඳහා අපගේ ගමේ, නගරයේ සිටින සිංහල, දෙමළ, මුස්ලිම් මේ පොළොවේ උපන් ස්වදේශීක ජනයාගේ ඒ ධරිද්‍රතාව තුරන් කිරීමට ඇප කැප වී ඒ වෙනුවෙන් කටයුතු කරන හමුදාව ලෙස මේ සමෘද්ධි ව්‍යෘපාරය නැතිනම් දිවි නැගුම ව්‍යාපාරය ලෙස දකිනවා.

මේ බලවේගය ගත වූ දශක කිහිපයක් තුළ මෙරට පවුල් ලක්ෂ 14 ක ප්‍රමාණයක් ඔවුන්ගේ ජිවනෝපාය මාර්ග සළසා ගනිමින්, ඒ අයගේ ජීවන තත්ත්වය උසස් මට්ටමට ගෙන ඒමට ඇප කැප වෙමින්, ඒ වගේම දූගී භාවය තුරන් කරමින් ඔවුන්ගේ ජීවිතය නඟා සිටුවීම සඳහා නව මංපෙත් විවෘත කර දෙමින් කැප වූ මහා හමුදාව ලෙස මේ දෙපාර්තුමේන්තුවේ නිළධාරින් හැදින්වීමට පුළුවන්. යුද ජයග්‍රහණය සඳහා කැප වූ රණවිරුවන් උදෙසා ඇඟයීමක් නොමැති යුගය ක් අප පසුගිය වසර තුන හමාරක කාලය අප දුටුවා. රණවිරුවන් සිරගත වුණා. යුද්ධය දිනාගත් සාමය ගෙන ආ රණවිරුවන්ට එළෙස සැලකූ රටක් මා සිතන ආකාරයට නැහැ. දූගී භාවයට එරෙහිව සටන් වැදුන මේ හමුදාවටත් ඉහළම සාධාරණය ඉටු කරන්නට හැකි වූවා යැයි සිතන්නට නොහැකියි. අප විශ්වාස කරන ආකාරයට හමුදාවේ සපත්තුව , ඔවුන්ට හිමි වූ කෑම පැකට්ටුවේ තිබූ දේවල්, ඔවුන්ගේ අතෘප්තියට හේතු කාරණා වූ දේවල් සොයා බලා උත්තර ලබා නොදුන්නා නම් එදා සාමය ඇති කරන්නට නොහැකි වනවා. යුද්ධය යනු මල්ටි බැරල්, රොකට්, කාල තුවක්කු නොවෙයි. ඒවා සිත්පිත් නොමැති අවි ආයුධයි. ඒ අවි ආයුධය දාරා සිටීමට සිත්පිත් ඇති මිනිසාගේ ප්‍රශ්න විසදීමෙන් ඒ පුද්ගලයා ජීවිත කැපවීමෙන් නිසරණ අභ්‍යාසයෙන් ඒ මහා භූමිකාව ඉටු කරනු ලබන්නේ. කන්න ලැබෙන කෑම පැකට්ටුව නියමිත ප්‍රමිතියෙන් තොර නම්, සපත්තුවේ අඩිය ගැලවී ඇත්නම්, ඉහළ නිලධාරින් ඉතා සුඛවිහරනයෙන් සිටින ගමන් තමන්ට සළකා ඇත්තේ බොහෝ පහළ මට්ටමකින් නම්, ඒ හමුදා නිලධාරියාගේ මනසට බංකරේ ඉන්න විට මා කුමකටද මේ තරම් පරිප්පුවක් කන්නේ කියා හැඟීමක් ඔහු තුළ උත්පාදනය වනවා. එවිට ඒ මහා බලවේගය ජීව මාන බලවේගයක් බවට පත් වන්නේ නැහැ. 
යුද ජයග්‍රහණයේ ප්‍රධාන රහස ලෙස හමුදාවේ තිබූ ගැටලුවලට අවශ්‍ය පිළියම් ලබා දීමයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට නායකත්වය භාර ගත් පසු ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හමුදා ප්‍රධානීන් හමුදා භටයන් තුළ අතෘප්තියට බලපෑ හේතු කාරනා තුරන් කිරීම මුලින්ම සිදු කෙරුණා. ඉන්පසුවයි ඒ හමුදාව දිනන හමුදාවක් , නිර්භීත හමුදාවක් බවට පත් වූයේ. ඉන්පසුවයි ඒ හමුදාව ඔවුන්ට පැවැරුණ ඉලක්ක ඉටු කරන හමුදාවක් බවට පත් වුයේ. මේ හමුදාවෙත් නියම ප්‍රතිඵලය ලබා ගැනීමට නම් පළමුවෙන් සමෘද්ධි ව්‍යාපාරයේ මේ හමුදාවට බලපා ඇති අතෘප්තියට හේතු කාරණා වූ දේ කුමක්ද යනු සොයා බලා එකින් එකට ඒවාට කඩිනමින් විසඳුම් ලබා දීම සිදු කළ යුතුයි. ඒවාට විසඳුම් සැපයීමෙන් තොරව අපේක්ෂිත ඉලක්ක කරා අපේක්ෂිත පරමාර්ථ මුදුන්පත් කර ගන්නට අප ඔබට මෙහෙය වූවාට එය නිසි පරිදි සාක්ෂාත් කර ගන්නට හැකිවේ යැයි විෂය භාර අමාත්‍යවරයා ලෙස මා විශ්වාස කරන්නේ නොමැත.

දුප්පත්කම තුරන් කිරීම නැමැති සටන මෙරට අහිංසක දුගී දුප්පත් දරු පවුල් වල තිබෙන වේදනාවට, අදෝනාවට පිළිතුරු ලබා දීමේ සටන මේ යුගය තිබෙන ප්‍රධානතම යුද්ධයයි. ඒ යුද්ධය ජය ගන්නට නම් එහි සිටින සෙබලාගේ පටන් ඉහළ නිළධාරියා දක්වා වූ සියලු දෙනා මුහුණ පා සිටින ගැටලු, අභියෝගතා, දුෂ්කරතා කුමක්ද කියා සොයා බලා ඒවාට අප විසඳුම් ලබා දිය යුතුයි. එය අසීරු අභියෝගයක් ලෙස මා දකින්නේ නැත.

පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමඟ නොනගත කාලයක් උදාවනවා. ඒ නොනගත කාලය තුළ ඔබගේ ප්‍රශ්න වලට පිළියම් යෙදීම අසීරුයි. ඊට පෙර ගත හැකි පියවර කුමක්ද කියා සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට මා කටයුතු කරනවා. හිටපු අධ්‍යක්ෂක ජනරාල්තුමන් යම් පියවර රැසක් නිර්දේශ කර තිබුණා. ඒ පිළිබඳව මා අධ්‍යයනය කළා. එතුමන් නිර්දේශ කර ඇති දේ නිවැරැදියි කියා මා සිතනවා. ඒ ප්‍රතිපත්තිමය තීරණය මත අප කටයුතු කරනවා. එම නිර්දේශ ආරම්භක අවස්ථාවේදීම ක්‍රියාත්මක කිරීම සඳහා මා පොරොන්දු වනවා. හිටපු අධ්‍යක්ෂකතුමන්ගේ නිර්දේශ ප්‍රතික්ෂේප කරනවා වෙනුවට ඒවා පිළිගනිමින් ඒ අනුව කටයුතු කරන්නට අප ඇප කැප වනවා.

සමෘද්ධි සංවර්ධන දේපාර්තුමේන්තුව හා බැඳුන මහා මිනිස් බල වේගය මේ කාමරයට පමණක් සීමා වන්නට පුළුන් බලවේගයක් නොවෙයි. ඈත අත්‍යන්ත පර්යන්ත ගම්මාන වලට පාවා විහිදුන දැවැන්ත සංවිධාන ජාලයක්, ක්‍රියාකාරීත්වයක් මේ ව්‍යාපාරය සතුව තිබෙනවා. එමඟින් දේශපාලන පරමාර්ථ මුදුන් පත් කර ගන්නවා වෙනුවට පක්ෂ භේදයකින් තොරව ඇත්ත දුගී දුප්පත් ජනතාවට සේවය කිරීම අපගේ එකම පරමාර්ථයයි. සමෘද්ධිය හිමිවිය යුත්තේ කාටද කියා තීරණය කරනුයේ ඔහුගේ දේශපාලන පක්ෂය කුමක්ද කියා සාපේක්ෂව නොවෙයි. දේශපාලන පක්ෂය කුමක් වුවත් ඒ මෙරට ඉපදී හැදී වැඩුන මෙරට දරුවෙක් නැත්නම් මවක් හෝ පියෙකි. මේ ආයතනය දෙපාර්තුමෙන්තු තිබෙනුයේ ඔවුන්ගේ දේශපාලන අනන්‍යතාව කුමක් වුවත් ඔහු හෝ ඇය දුප්පතෙක් නම් ඔවුන්ට පිහිට වන්නටයි. සමෘද්ධිලාභීන් තීරණය කිරීමේදී දේශපාලන පක්ෂ අනන්‍යතාවයට අනුව ඒ දුගී පවුල තීරණය කිරීම විෂයභාර අමාත්‍යවරයා ලෙස කවර අවස්ථාවකදීවත් අනුමත කරන්නේ නැත. එවැනි ක්‍රමයක් අනුගමනය කිරීමට බලාපොරොත්තු වන්නේද නැත. ඔවුන්ගේ හඳවතේ කුමන දේශපාලනය තිබුනද දූගී භාවය නිසාම දේශපාලඥයින්ගේ ගොදුරු බවට පත්වනවා. දශක ගණනාවක් ඉතිහාසය තුළ සිදු වූයේ එයයි. සමහර විට ඔවුන්ගේ සිත්වල තිබෙන දේශපාලන අදහසත් ඔවුන්ට කර ගැසීමට සිදුව ඇති දේශපාලන අදහසත් ව්‍යාපෘතියත් අතර ගැටීමක් සිදු වන්නට පුළුවන්. ඔවුන් අපගේ දේශපාලන වහලෙකු කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන් කිසිවකුගේ වහලෙකු විය යුතු නැහැ. මේ සමෘද්ධි ව්‍යාපාරය තිබෙනුයේ ඔවුන්ට කිසිවකු මත යැපෙන්නට සිදුව ඇත්නම් ඒ යැපෙන මානසිකත්වයෙන් මුදවා ගනිමින් අනෙක් සමාජ කොටස් සේ තමන් කැමැති ආකාරයට දෙපයින් නැගී සිටිමින් දේශපාලන හෝ වෙනත් තීරණ කරා එළඹිය හැකි ස්වාධීන මිනිසුන් ලෙස ඒ අය පරිවර්ථනය කරන්නට ඕනෑ. මධ්‍යම පාන්තිකයන්ට හෝ ඉහළ පන්තියේ සාමාජිකයින්ට එලෙස අඟ හිඟකම් උපයෝගි කර ගනිමින් දේශපාලන බලපෑම් කරන්න බැහැ. ඒ අය දේශපාලන තීරණ ගන්නේ තමන්ට අනුව තමන් තක්සේරු කර ගනිමිනුයි. අප දවසක් උදා කළ යුතුයි මේ පවුල් ලක්ෂ 14 කගේ අඟ හිඟකම අනුව දේශපාලනය තීරණය ගන්නවා වෙනුවට ඒ මත යැපෙන්නට සිදුවන තීන්දුව වෙනුවට ඔවුනුත් අනෙක් සමාජ පන්තියේ පිරිස් සේම තමන්ගේ සිතට එකඟව තීන්දු තීරණ ගන්නා පිරිසක් ලෙස ක්‍රියාත්මක වන යුගයක් නිර්මාණය කරන්න ඕනෑ. නැතිනම් අනාගතයේ දිනක ආපසු හැරී බලන විට කියන්නට සිදු වනවා ඔවුන්ගේ දූගී භාවය අපගේ දේශපාලන උපාංගයක් බවට පත්කර ගැනීමක් පමණයි කියා. ඔවුන් දූගී භාවයේම තබා ගැනීම අපගේ දේශපාලන ව්‍යාපෘතියේ කොටසක් බවට පත් කර ගැනීම පමණක් විය හැකියි. ඒ ආකාරයෙන් මේ ව්‍යාපාරය මෙහෙය වීමෙන් අපට සාර්ථක ප්‍රතිපාල ලබා ගත හැකි වේ සිතිය නොහැක. ඒ ආකාරායේ පරිවර්තනයකට අප යොමු වෙමු. ඔබ මෙරට පවුල් ලක්ෂ 14 මෙහෙවීම සිදු කරනවා. ඔවුන්ගේ ජීවිත සමඟ ඔබ ගනුදෙනු කරනවා. ඔවුන්ගේ ඉරණම ඔබගේ දෑත මත රඳා පවතිනවා. ඒ පවුල් ප්‍රමාණය දුප්පතුන් ලෙස සිටියදී කප්පාදු කර අඩු නොකර ඔවුන් එම දුප්පතුන්ගේ රේඛාවෙන් ඉහළට ගෙනවිත් යම්කිසි කාලයකදී ඉලක්ක අරමුණ සාක්ෂාත් කර ගැනීමට අපට හැකිවිය යුතුයි. ඒ සඳහා අමාත්‍යාංශ ලේකමතුමන්, අතිරේක ලේකම්වරු, සමෘද්ධි දෙපාර්තුමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂකතුමන් ඇතුළු සියලුම අධ්‍යක්ෂකවරුන් හා මෙහි සිටින සියලුම නිලධාරින් ඒ කාර්යේදී යෝධ දායකත්වයක් ලබා දෙනු ඇතැයි මා විශ්වාස කරනවා. පැමිණි වහාම මස් රාත්තල ඉල්ලන්නේ නොමැතිව සහයෝගය ලබා දෙන ලෙස මා වෘත්තිය සමිති ව්‍යාපාරයෙන් ඉල්ලා සිටිනවා. මා කලින් සිටි අමාත්‍යාංශයේ ප්‍රශ්න මා බොහෝ සේ විසදුවා. ඒය පල්වන්නට ඉඩ තැබුවේ නැහැ” යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නිමල් කොටවලගෙදර යන මහත්වරු ඇතුළු නිළධාරීහූ සහ සේවක මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය,
නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශය

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    අනේ මේ….. අර හිටපු ජනාධිපතිතුමා නීල කොබෙයියෙක් වගේ නිල්ම නිල් පාට ඇඳලා නිල්ම නිල් පාට උපන් දින කේක් ගෙඩියක් කපනවා? අනේ හරිම ගොඩක් නිල් පාට. මට හොඳට මතකයි ගිය අවුරුද්දේ පොහොට්ටු පාටනේ කේක් එක. දැන් මොකක්ද වුනේ? ආයේ ශ්‍රී ලංකා වුනාද? මොකක්ද මේක? මෙච්චර නිල් පාට පෙන්නන්නේ මොකොද? මෛත්‍රීට බයද?

  2. Champa Reply

    Online පත්තර බැලුවොත් තේරෙයි මිනිස්සු දැන් වැඩියම බලන්නේ මහින්දවත් ඔගොල්ලොවත් කියන ඒවා නෙමෙයි අනිත් පැත්තේ මිනිස්සු කියන කතා කියලා. කරගත්ත damage එක හදා ගන්න සෑහෙන කාලයක් යයි.

  3. Champa Reply

    සෙවල සිරිසේනට කඩේ යන සෙවලවංශ!

  4. Champa Reply

    මම හිතන්නේ ආප්පේ පුච්චන්න පටන් අරන්. මෙදා පාර ඉස්සෙල්ලම ආප්පේ පිච්චුවේ නැහැ. තාච්චිය හිස් තියාන හිටිය. දැන් තමයි ආප්පේ පුච්චන්නේ. මෙහෙම කියන්නේ ඇයි. කම්මැලියි ලියන්න. මම කිව්වා සිරාව විශ්වාස කරන්න එපා කියලා. එයාගේ වැඩි බර හැමදාම, අදටත් තියෙන්නේ UNP එක පැත්තට.

  5. Champa Reply

    ගමේ මිනිහෙක් කිව්වා මුලින් සතියෙන් සතිය නැත්නම් සති දෙකෙන් දෙකට අහපු නඩු දැන් අහන්නේ මාස තුනෙන් තුනට නැත්නම් මාස හයෙන් හයටලු. මස් කට්ටක් ගත්තහම සෑහෙන ප්‍රතිලාභ තියෙනව බිස්නස් කාරයෙක් කිව්වා. අනේ කමක් නැහැ. දැන් හිතෙනවද ඔයාට සෙවල සිරිසේනට මීට කලින් ඒ කියන්නේ 2015 ඉඳන්ම කඩේ ගියා නම් කිසි නඩුවක් නැහැ කියලා.

  6. Champa Reply

    හූඌඌඌඌ සිරිසේනව ලෝකේ ඉහලින්ම ඔසවා තියන්න ආයේ ජන රැළියක් තියනවලු.
    අයියෝ ඉස්සර නම් ඕවට ලකුණු වැටුනේ මහින්දට. දැන් මෛත්‍රීට.
    මහින්දයි විමලුයි ඉස්සර ඔය රැස්වීම් වල කතා කලේ රට ජාතිය ගැන.
    දැන් ඒවා කතා කරන්න බැහැ TNA එකට කොන්ද නමපු නිසා.
    දැන් මහින්දයි විමලුයි කරන්නේ අවුරුද 4ක් තිස්සේ ගොඩ ගැහිලා තිබ්බ සිරිසේනගේ සෙදි හෝදන එක. අනේ සෙවල සිරිසේනට කඩේ යන සෙවලවංශ. ලැජ්ජයි හරියට.

  7. Champa Reply

    මස් කට්ටා. සිරිසේනගේ මස් කට්ට ගිල්ල. හම්බ වෙන්න එහෙම එපා මට. ගහනව මස් කට්ට නහයෙන් එන්න.

  8. Champa Reply

    දැන් ඔයාට අනුරට රතු අලි පැටිය කියන්න බැහැ. ඒ මොකොද කිව්වා නම් ඕගොල්ලෝ දැන් කොටි පැටව් නිසා. ඇයි ගියේ නැත්ද TNA එක පස්සේ ආණ්ඩුවක් හදන්න උදව් ඉල්ලලා. ත්‍රස්තවාදීන් නිදහස් කරන්න කැමති වුනේ. තමන් කරන කොට හොඳ අනුන් කරන කොට නරකයි. ඕගොල්ලන්ට ආත්මයක් නැහැ දැන්. අවුරුදු 4ක් තිස්සේ කියලා තියෙන්නේ පට්ටපල් බොරු.

  9. Champa Reply

    හූඌඌඌ ඔන්න පේනවද කරගත්ත damage එක? ජීවිතේට කිසි දවසක අනුර කුමාරගේ කතා අහපු නැති මිනිස්සුත්, අනුරගේ කතාව අහන ඉන්නවා. හොඳ වැඩේ ඕගොල්ලන්ට.

  10. Champa Reply

    හූඌඌඌඌ …. ඔයා කිව්වා නේද කථානායකතුමා බටහිර තානාපතිවරු එක්ක එකතු වෙලා කුමන්ත්‍රණයක් කරන්න යනවා බව ජනාධිපතිට හෙළි කරන්න යනවා කියලා. අන්න ජර්මන් කාරයා කියනව UPFA (Canadian Ambassador said SLPP) ලොක්කෝ 4 දෙනෙකුයි තව ඇමතිවරු රහසේ ඒගොල්ලන්ව මුණ ගැහුණ කියලා. අයියෝ JO එක නා ගන්නවා හිටු කියලා විතරක් නෙමෙයි තමන්ගේ සටන ඇතුලේ මිනිස්සුම පාවල දෙනව.

  11. Champa Reply

    ඕගොල්ලෝ ආණ්ඩුව ගත්ත ගමන් අන්න Channel 4 ආපහු ඇවිල්ලලු. එහෙම කොහොමද වුනේ? Channel 4 එක blacklist කරලා තිබුනේ නැත්ද? ඊළඟට ලොකු මත්ද්‍රවය ජාවාරම්කරයෙක් හිරෙන් පැනල මහ දවල්ද කොහෙද. නිකම්ම ඇවිල්ල මිනිහව පන්න ගෙන ගිහින්. එහෙම වුනේ කොහොමද? රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවද? එතකොට උතුරේ මහවිරු සැමරුම කරන කොටි හිතවාදීන් අත් අඩංගුවට ගන්නවද? පහන් පත්තු කරන්න ඉඩ දීල කියන්නේ ඇත්තද? එහෙම වුනේ කොහොමද හඳපානේ ඇමතිතුමා? රනිල් වගේම කොටින්ව සතුටු කරලද බලේ ඉන්න යන්නේ?

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.