BREAKING NEWS

‘එපා වාහෙට හොදි බෙදුවේ කවුද?’

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ පසුගිය 27 වැනිදාය. ඡන්ද විමසීමට නියමිතව තිබූ 28 වැනිදා දහවල් වන විට පාර්ලිමේන්තුව තුළ පැවතියේ උණුසුම්කාරී තත්වයකි.

‘‘ආණ්ඩුව රැගෙන ආ ‘විෂ මදය’ සහිත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අපට ‘අලූත් මදයක්’ ඇතුළු කරන්න පුළුවන් වුණා. ආණ්ඩුවට අවසානයේදී තමන්ගේ කියන්න ඉතිරි වුණේ ‘19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය’ කියන ‘කට්ට’ විතරයි’’ ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් අනතුරුව පසුගිය 29 වැනිදා උදේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවේදී පවසා තිබිණි.

එසේ ආණ්ඩුව ගෙන ආ ව්‍යවස්ථා සංශෝධනයට ‘අලූත් මදයක්’ හෙවත් ප‍්‍රබල සංශෝධන රැගෙන ඒම පිණිස විපක්‍ෂයේ පක්‍ෂ නායකයෝ ලෙස කටයුතු කරන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර යන මහත්වරු මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම යන මහත්වරුද 27,28 යන දෙදිනේදී පාර්ලිමේන්තුව තුළ සුවිශාල කාර්යභාරයක් ඉටු කළහ.

විමල්, දිනේෂ්, වාසු, වෙල්ගම, ඩලස් ඇතුළු සැබෑ විපක්‍ෂයේ මේ මෙහෙයුම හේතුවෙන් 28 වැනිදා දහවල් වනවිට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායමේ රැස්වීමක් කැඳවා තිබිණි.

එහිදී දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම, වීරකුමාර දිසානායක ඇතුළු මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් පෙන්වා දුන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරිපත් කළ ජනතාවාදී සංශෝධන ආණ්ඩුව පිළි නොගන්නේනම් 19ට සහාය නොදැක්විය යුතු බවයි.

එහිදී නැගී සිටි රාජිත සේනාරත්න ඇමතිවරයාට එල්ල වූයේ දැඩි විරෝධයකි.
‘‘බොරු කියලා ජනාධිපතිතුමා අන්දන්න එපාෟ වාඩි වෙන්න’’ ආදි වශයෙන් වූ දැඩි වාග් ප‍්‍රහාරයකට එහිදී රාජිත සේනාරත්න මහතාට මුහුණ දීමට සිදුවිය.

එහිදී බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා විශේෂ කාරණයක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අවධානයට යොමු කිරීමටද කටයුතු කළේය.

‘‘ඔබතුමා දන්නවාද නව පොලිස් කොට්ඨාසයක් පිහිටුවීමට ගැසට් එකක් නිකුත් කර ඇති බව. එම ගැසට් එක මගින් මූල්‍යමය අපරාධ විමර්ශනය කිරීමටත්, අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කැබිනට් අනු කමිටුවක් මගින් ඍජුව පැමිණිලි ඉදිරිපත් කිරීමටත් ඉඩකඩ සලසා තිබෙනවා. මේක විපක්‍ෂයේ දේශපාලනඥයන් දඩයම් කිරීමට ස්ථාපිත කරපු පොලිස් කොට්ඨාසයක්’’ බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

‘‘මටත් ඔය ගැසට් නිවේදනයේ පිටපතක් දෙන්න තමුන්නාන්සේලා මේක පිළිගනීද, නැද්ද කියන්න මම දන්නේ නැහැ. ඒත් මේ ගැසට් නිවේදනය මම දැනුම්වත්ව නිකුත් කළ එකක් නොවෙයි. ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ තත්ත්වය වෙනස් කරන්න මම කටයුතු කරන්නම්’’ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහිදී පිළිතුරු වශයෙන් පැවසීය.

‘‘ආණ්ඩුව අපේ ජනතාවාදී සංශෝධන පිළිගත්තේ නැත්තම් අපට සිදු වෙනවා, ඒවා කාරක සභා අවස්ථාවේදී බහුතර ඡන්දයෙන් සම්මතකර ගන්න’’ දිනේෂ්, විමල්, වාසු මෙන්ම ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරු රැසක් දැඩිව කියා සිටියහ.

‘‘බහුතර කැමැත්ත අනුව ඔයගොල්ලෝ තීරණයක් ගන්න. සංශෝධන ඇතුළු කර ගන්න මැදිහත් වෙන්න. ‘නමුත් මේ වැඬේ කඩාකප්පල් කළා’ කියලා නරක නාමයක් ගන්න එපාෟ’’ අවසානයේ ජනාධිපතිවරයා පැවසීය.

විමල් – වාසු නැගිට යති!

ඉහත කී සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායමේ රැස්වීමෙන් පසු යළිත් තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ පක්‍ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් කැඳවා තිබිණි. ‘ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය’ ඇතුළු විපක්‍ෂය විසින් ඉදිරිපත් කළ සංශෝධන පිළිගැනීම ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම රැස්වීම දැඩි උණුසුම් ස්වභාවයක් ඉසිලූවේය.

‘‘ඔයගොල්ලො කියන විදියටම මේක කෙරෙන්න  ඕනෙ නම් මේක නතර කරලා දාමු’’ අතුරලියේ රතන හිමි එහිදී එසේ පැවසීය.

‘‘ඔව්! ඔයගොල්ලො විරුද්ධ වෙන්න. අපි මේක නතර කරලා දාමු’’ අගමැති රනිල්  වික‍්‍රමසිංහ මහතා පැවසීය.

‘‘එහෙම නම් කැමැත්තක් කර ගන්න’’ එසේ පවසමින් විමල් වීරවංශ හා වාසුදේව නානායක්කර යන මහත්වරු එම රැස්වීමෙන් නැගිට යාමට සූදානම් වූහ.
‘‘ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සංවිධාන නියෝජිතයන් පත් කරන්න අපි එකග වුණා. ඒක අපි දුන් පොරොන්දුවක්’’ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ද එහිදී අමනාපයෙන් මෙන් පැවසීය.

‘‘ඒ අයට දෙන සන්තෝෂම් වෙන ආකාරයකට ලබා දෙන්න. ඒත් රට සමග සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපාෟ’’ වාසුදේව නානායක්කාර මහතා ඊට පිළිතුරු දෙමින්ම රැස්වීමෙන් පිටව ගියේය.

කෙසේ නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දෙවන වර කියවීමේ විවාදය අවසානයේදී පැවැති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්‍ෂව ඡන්ද 215ක්ද විපක්‍ෂව එක් ඡන්දයක්ද ලැබිණි. ඉන් අනතුරුව ඇරඹුණේ කාරක සභා අවස්ථාවයි. කාරක සභා අවස්ථාවේදී විපක්‍ෂය රැගෙන ආ සියලූ සංශෝධනවලට එකගවීමට ආණ්ඩුවට සිදු විය. ආණ්ඩුව විපක්‍ෂය ගෙන ආ සංශෝධනවලට එකග වුයේ ‘එපා වාහෙට හොදි බෙදනවා’ වගේය. කෙසේ වෙතත් විපක්‍ෂයේ සංශෝධන හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව හැර අනෙකුත් ස්වාධීන කොමිෂන් සභා පාර්ලිමේන්තුවට වග කියන තත්වයක් උදා කිරීමටත් එමගින් ජනතා පරමාධිපත්‍ය ශක්තිමත් කිරීමටත් හැකිවී තිබේ.

‘‘ව්‍යවස්ථාදායක සභාව සිවිල් පුද්ගලයන්ගෙන් පුරවන්න ගියේ. අපි දන්නවා, ‘ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිනිය කරන්න හිටියේ කවුද?’ කියලා. මේ ව්‍යවස්ථාදායක සභාවේ වාඩි කරවන්න හැදුවේ තානාපති කාර්යාලවලට රිංගන එන්.ජී. ඕ. කාක්කෝ සහ කාක්කියෝ.’ මේක තමයි බටහිර රටවල් අනුගමනය කරන උපාය. පරමාධිපත්‍ය බලය කොල්ල කනවා. පාර්ලිමේන්තුවට, විධායකයට හා මහජනයාට යන මේ තුනෙන් කිසිවකට වග නොකියන ව්‍යුහයක් හදනවා. ඒවාට බලය පවරනවා. එතකොට රටවල් අරාජික වෙනවා. ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය’ යන සටන් පාඨවලට මුවා වෙලා බටහිර බලවතුන් රටවල් අරාජික කරන උපාය මේකයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අගමැතිවරයාට පූර්ණ බලය ස්ථාපිත කර ගන්න ගමන් තවත් අංශයකින් රට අරාජිකත්වයට රැගෙන යාමේ ප‍්‍රයත්නය අවසානයේදී සම්පූර්ණයෙන් පරාජය කරන්න අපට හැකි වුණා.

19 වැනි සංශෝධනය සම්මත වීමෙන් අනතුරුව පසුදා(29) පාර්ලිමේන්තුවේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ‘19ට පක්‍ෂව ඡන්දය දුන්නේ ඇයි? යන පැනයට පිළිතුරු දෙමින් විමල් වීරවංශ මහතා එසේ පවසා තිබිණි.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*