BREAKING NEWS

‘එයාට අමාරුයි- එයා මට ඕනෙ’ විමල්ගේ දියණිය විමාෂා වැළපෙයි!

‘එයාට අමාරුයි- එයා මට ඕනෙ’
විමල්ගේ දියණිය විමාෂා වැළපෙයි!

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශයන්ගේ බිරිද ශෂී වීරවංශ මහත්මිය සහ රිජ්වේ ආර්ය ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන විමාෂා වීරවංශ දැරිය අද(24) සවස 4.30ට පමණ මැගසින් බන්ධනාගාරය වෙත පැමිණියහ. නමුත් ශෂී වීරවංශ මහත්මියට සිය සැමියාගේ සුවදුක් විමසීමට ඉඩක් නොලැබුණු අතර දියණියට ඒ සදහා අවස්ථාව ලැබී තිබිණි.

මාධ්‍යවේදීන් සිය පියාගේ සුවදුක් කෙසේදැයි විමසූ අවස්ථාවේ විමාෂා හඩමින් වැලපෙමින් පවසා සිටියේ ‘එයාට අමාරුයි – එයා මට ඕනෙ” යනුවෙනි.

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Sisira Reply

    සොයුර නුඹ නැති නුඹේ දරුවන්ට හෝ මගේ දරුවන්ට හෝ මේ රටේ දස දහස් ගනන් දරුවනට ඇති අනාගතයක් නොමැත. මෙරට දහස් ගනන් දෙමව්පියන් කර කියාගත දෙයක් නොමැතිව අතරමන් වී දුක් වන්නේ බන්දනාගාරයට විත් ඔබ මුදා ගන්නට ඇත්නම් යන සිතුවිල්ලෙනි.
    ඔබ නැති සිංහල ජාතියක් ගැන බලාපොරොතුවක් තැබිය නොහැකි කලක නුඹේ ජීවිතය ඔබ විසින්ම දුර්වල කර නොගන්නා මෙන් මුලු මහත් සිංහල ජාතිය වෙනුවෙන් සොහොයුරු සෙනෙහසින් ඔබෙන් ඉල්ලා සිටිමි.

  2. Champa Reply

    සිංහ කොඩිය අත දරාන
    සිංහ එඩිය හිත දරාන
    “සිංහලයේ සිංහ හදට”
    පණ දෙන්න වරෙව්!

    දෑත දෙපා දන් දුන්නා
    ජීවිත සහසක් පිදුවා
    රණවිරුවන් රැකදුන් ඔහු
    රැක ගන්න වරෙව්

    දිනා දුන්නු මේ මව්බිම
    රැක දුන් එඩිතර “රණහඬ”
    රට වෙනුවෙන් කල යුතුකම
    සිහි කරන් වරෙව්!

    මර නින්දේ තොපි හිටියා
    ඔහු සිර ගෙයි දුක් වින්දා
    යුක්තිය ඉල්ලන ශක්තිය
    ඇස් ඇරන් බලව්!

    හුස්ම පොවා ලක් මෑණිට
    හුස්ම තියෙන තුරු රැකගත්
    හුස්ම ඔහුගේ රැක ගන්නට
    දැන් ඉතින් වරෙව්!

  3. Champa Reply

    විමල්ට හුඟක් අසාධ්‍යයි. ඒත් විමල් උපවාසය නවත්තන්නේ නැහැ. තමන්ගේ දේශපාලන ජීවිතයේ අවුරුදු 29 පුරාම වගේම, අදත් විමල් සටන් කරන්නේ යුක්තිය වෙනුවෙන්. තමන්ට වුනු අසාධාරණය, අයුක්තිය වෙන කෙනෙකුට සිද්ධ වෙන්න ඉඩ නොදෙන්න විමල් අධිෂ්ඨානය කරගෙන ඉන්නවා. රටේ අවාසනාවට විමල් ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කරන්න යනවා.

    විමල්ගේ නඩුව ගැන කතා කලොත්, අධිකරණය ඉදිරියේ වරදකරුවෙක් නොවී විමල් දවස් 78 තිස්සේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා තියෙනවා. වෙනත් විදියකින් කිව්වොත්, වරදක් කළා කියලා අධිකරණය ඉදිරියේ ඔප්පු නොවී, නිර්දෝෂී පුද්ගලයෙක් විදියට විමල් හිරේ දඬුවම් විඳිනවා. මේකද අධිකරණයේ ස්වාධීනත්වය? සාධාරණත්වය? ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමතිවරයෙකුත් කියලා තිබුනා විමල්ගේ නඩුව අනුව විමල්ට ඇප නොදෙන්න බැරි වරදක් නෙමෙයි කරලා තියෙන්නේ කියලා. විමල් විපක්ෂයේ දේශපාලකයෙක් වුනත් හිතට එකඟව විමල්ගේ නඩුව ගැන ඇත්ත කතා කිරීම ගැන ඒ ඇමතිවරයාට ජනතාව ස්තූති කල යුතුයි. ජනතාව දේශපාලකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මේක. දේශපාලන විරුද්ධවාදීන්ගෙන් හෝ බලපෑමකට යටත් කරගන්න තමන්ගේම දේශපාලන සගයන්ගෙන් කරන නින්දිත පලිගැනීමත් නැවත්තිය යුතුයි.

    විමල් වීරවංශ කියන්නේ මේ රටේ ඒකීයභාවය වෙනුවෙන්, ස්වාධීනත්වය වෙනුවෙන්, රණවිරුවන් වෙනුවෙන්, මහා සංඝරත්නය වෙනුවෙන්, සිංහල ජාතිය වෙනුවෙන් විරෝධාර උදාර සටනක් කරපු දේශප්‍රේමී නායකයෙක්. අද විමල් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරන්නේ මේ රටේ හැම පුරවැසියෙකුටම, සිංහල දෙමළ මුස්ලිම් හැම කෙනෙකුටම අධිකරණයේ පරමාධිපත්‍යය එක හා සමාන ලෙස භුක්ති විඳීමට ඇති අයිතිය වෙනුවෙන්.

    විමල් ගැන දන්නා ඕනෑම කෙනෙකුට, විමල්ට ආදරේ කරන ඕනෑම කෙනෙකුට විමල් කරන දේ බරපතලකම, විමල්ගේ උතුම් චේතනාව වටහා ගන්න අමාරු නැහැ.

    විමල් ජීවිත පූජාවෙන් සටන් කරන්නේ, දේශපාලන බලපෑමට යටත් කරලා තියෙන පොලීසිය, නීතිපති දෙපාර්තුමේන්තුව සහ අධිකරණය දේශපාලන බලපෑමෙන් මුදවා ගෙන මේ රටේ හැම දෙනාටම, නීතියේ සාධාරණත්වය, සමානාත්මතාවය සහ අපක්ෂපාතිත්වය එක සමාන ලෙස ක්‍රියාවේ යොදවන්න බල කරන්න.

    “විමල්ගේ උපවාසය අධිකරණය එරෙහිව නෙමෙයි අධිකරණය වෙනුවෙන් කරන උපවාසයක්”.

    තමන්ගේ නඩුවේදී පමණක් නෙමෙයි, බොරු චෝදනා ඉල්ලා කරලා දේශපාලන හේතු මත සිරගත කරලා තියෙන රණවිරුවන්ට, රජයේ නිලධාරීන්ට සහ අනිකුත් දේශපාලකයන්ට යුක්තිය ඉෂ්ඨ කරන්න බැරි විදියට දේශපාලන බලපෑමට යටත් කරලා තියෙන විනිශ්චයකරුවන් එයින් මුදා ගෙන, අපක්ෂපාතී, සාධාරණ, ස්වාධීන තීන්දු දෙන්න ඔවුන්ට තියෙන බලපෑම අයින් කරන්නයි විමල් ජීවිතයත් මරණයත් අතර උපවාසයක් කරන්නේ.

    විමල් අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතිත්වය වෙනුවෙන් තම ජීවිතය වුනත් පූජා කරන්න උපවාසයක යෙදිලා ඉන්න බව මේ රටේ ජනතාව දැන ගත යුතුයි.

Leave a Reply

*