BREAKING NEWS

කම්බ හොරු එළියේ තියාගෙන ආණ්ඩුව ‘ජනාධිපති කෝලම්වලින්’ අපට අවලාද ගහනවා

කම්බ හොරු එළියේ තියාගෙන ආණ්ඩුව ‘ජනාධිපති කෝලම්වලින්’ අපට අවලාද ගහනවා – විමල් වීරවංශ

මහ බැංකුව මහ දවල් සුද්ධ කළ සොරා සහ ඔහුට උපදෙස් දුන් සොරා නිරුපද්‍රිතව සිටියදී තමන්ට එරෙහි දේශපාලන බලවේගවලට අවලාද ගැසීමට වත්මන් ආණ්ඩුව ‘ජනාධිපති කෝලම්’ ක්‍රියාත්මක කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද(04) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වාගෙන යන ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසුවේය.

“මේ ‘ජනාධිපති කෝලම’ ක්‍රියාත්මක වෙන්නේ ආණ්ඩුවට එරෙහි දේශපාලන බලවේගවල කාලය නාස්ති කරන්න. ඒ වගේම ඔවුන්ට අවලාද ගැසීමට සහ ඔවුන්ව මානසිකව ඇද වට්ටන්න. එවැනි අවලාද මෙහෙයුමක් තමයි අදත් ආරම්භ කළේ.

අපි අමාත්‍ය ධුර දරපු කාලයේ අහිංසක මිනිසුන්ට කඩ කාමරයක් ලබාදීමෙන්, පොලිසියේ රාලහාමිලා ආරක්‍ෂාවට තබා ගැනීමෙන් ‘ලක්‍ෂ එකසිය ගණනින්’ රජයට පාඩු කළා කියලා බොරු ගණන් හදමින් මේ විදියට අවලාද ගහනවා. කම්බ හොරා හෙවත් මහ බැංකුව මහ දවල් සුද්ධ කරපු හොරා සහ ඒ කම්බ හොරාව සිංගප්පුරුවේ සිට මේ රටට ගෙන්වලා මහ බැංකුව සුද්ධ කරන්න උපදෙස් දුන්නු හොරා නිරුපද්‍රිතව සිටියදී අප රජයට පාඩු කළා කියලා සිදුකරන මේ දේවල් ‘ජනාධිපති කෝලමක්’ මිස වෙන දෙයක් නොවෙයි.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.11.04

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*