BREAKING NEWS

‘කර්නල් රත්නප්‍රිය බන්දු ආදර්ශය’ තුළින් ජාතික සමගිය සඳහා නව ප්‍රවේශයක් ගැනීම.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

අතිගරු ජනාධිපතිතුමනි, 

‘කර්නල් රත්නප්‍රිය බන්දු ආදර්ශය’ තුළින් ජාතික සමගිය සඳහා නව ප්‍රවේශයක් ගැනීම 

බෙදුම්වාදී ම්ලේච්ඡ යුද්ධය පරාජය කොට ලක්‍ෂ 3කට අධික අහිංසක සිවිල් ජනතාව ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගැනීම සඳහා දියත් කළ අවසන් සටනේදී විරෝදාර ආරක්‍ෂක හමුදා මෙන්ම රටේ පොදු ජනතාව ද ඉතා උසස් මානුෂික ගුණාංග ලොවට ප්‍රදර්ශනය කළහ. නමුත් ඒ උසස් ගුණය අගය කිරීම සහ ඒ තුළින් සැබෑ ජාතික සංහිඳියාව සඳහා පාලමක් ඉදිකිරීමට ජාතියක් ලෙස අපි අසමත් වූවෙමු. ඊට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග විසින් ‘මානව හිමිකම් කෙවිට’ වනමින් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අත දැමීමට පටන් ගැනීම බව ඔබතුමා ද පිළිගන්නවා ඇත. 

එතැන් පටන් සංහිඳියාව නාමයෙන් දියත් වූයේ සිංහල, දෙමළ මුස්ලිම් ජාතිකත්ව එක් කිරීමට වඩා දුරස් කිරීමට හේතු වන ක්‍රියාමාර්ග බව ද ඔබතුමා පිළිගන්නවා ඇත. එසේ වුවත් පසුගිය දිනවල අපට ඒ අඳුරු වලා තුළින් ඉතා දුර්ලබ රිදී රේඛාවක් දැකගත හැකි විය. කර්නල් රත්නප්‍රිය බන්දු නම් වූ සුවිශේෂී මිනිසකු විසින් ත්‍රස්තවාදී සැකකරුවන් පුනරුත්ථාපනය කිරීමේදී සහ විශ්වමඩු ප්‍රදේශයේ ජනතාවගේ දුක සැප බැලීමේදී පෙන් වූ උසස් මානුෂික ගුණාංග ඒ ජනතාවගේ හදවත් තුළ කොතෙක් ගැඹුරින් සටහන් වී ඇත් ද යන්න අපි දුටිමු. ඒ ජනතාවගේ කඳුළු තුළින් දිස්වූ ඔවුන්ගේ හදවත්, අප කියවූයේ ද කඳුළු පිරි දෙනෙතිනි. ඒ ආදර්ශය සිංහල, දෙමළ, මුස්ලිම් සමස්ත ජාතියටම අඟනා පාඩමක් කියා දී ඇත.

ඒ නිසා එම ආදර්ශය තවදුරටත් මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ඔබතුමා ඉදිරිපත් වනු ඇතැයි අපි විශ්වාස කරමු. ඒ සඳහා ආරම්භයක් ලෙස විශ්වමඩු ජනතාවගේ ඉල්ලීම පරිදි ඒ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උසස් වූ නිලධාරියාට නැවත ඔහු දැරූ වගකීම පවරන ලෙස ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. ඊට බාධා වන එම නිලධාරියාගේ පුද්ගලික දුෂ්කරතා ඇත්නම් ඒ පිළිබඳව ද සොයා බලා පිළියම් යොදන ලෙස ද ඉල්ලා සිටිමු. 

මෙයට,
විශ්වාසී

විමල් වීරවංශ (පා.ම)
නායක 
ජාතික නිදහස් පෙරමුණ
2018-06-13

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    කර්නල් රත්නප්‍රිය හමුදාවේ හොඳ නමටත් රටේ හොඳ නමටත් තවත් එළියක් එකතු කළා. සමුගන්න අවස්ථාවේ ඔහු වෙනුවෙන් පුනරුත්ථාපනය වූ එල්ටීටී සංවිධානයේ සාමාජිකයන් පෙන්වපු ලෙන්ගතුකම, ආදරය, හෙලූ කඳුළු, වැළඳ ගැනීම්, හමුදාවට එරෙහිව එල්ටීටී ඩියස්පෝරාව කරන නොයකුත් අභූත චෝදනා එල්ටීටී සංවිධානයේ හිටපු සාමාජිකයන් විසින්ම සාක්ෂි සහිතව බිඳ දැම්ම අවස්ථාවක් කියල කියන්න පුළුවන්.

    උතුරේ ජනතාව කවදවත් ප්‍රභාකරන්ව මේ වගේ ආදරෙන් වැළඳ ගන්නේ නැහැ. ප්‍රභාකරන්ගේ මිනියවත් ගන්න කිසි කෙනෙක් ආවේ නැහැ. ටීඑන්ඒ දේශපාලකයෝ වෙනස් පින්තූරයක් දෙන්න කොච්චර දැඟලුවත් දෙමල මිනිස්සු දන්නවා ඔවුන්ගේ ගැලවුම්කාරය හමුදාව කියලා.

    එල්ටීටී සංවිධානයේ හිටපු සාමාජිකයන් සහ උතුරේ සාමාන්‍ය ජනතාව වඩා කිට්ටු බෙදුම්වාදී ජාතිවාදී දෙමල දේශපාලකයන්ට නෙමෙයි හමුදාවට කියන එක ලෝකෙම දැකපු දුර්ලභ අවස්ථාවක්. මේ අවස්ථාව උදා කරලා දුන්නට කර්නල් රත්නප්‍රියට මුළු රටම ණයගැතියි.

    ලන්ඩන් වලදී ලංකාවේ නිදහස් දවසේ සිංහ කොඩිය බිම දාල පාගපු එල්ටීටී ඩියස්පෝරා ත්‍රස්තවාදීන්ට එවුන්ගේ භාෂාවෙන්ම උත්තරයක් දුන්නු බ්‍රිගේඩියර් ප්‍රියංක වගේම පුනරුත්ථාපනය කරපු එල්ටීටී සාමාජිකයන්ට පියෙක් වෙලා ඔවුන් යහමඟට ගත්තු කර්නල් රත්නප්‍රියත් සිංහල මිනිස්සුන්ගේ හදවත් තුල සදාකාලිකව රැඳෙන හමුදා වීරයන් දෙන්නෙක්.

    • Champa Reply

      කර්නල් රත්නප්‍රිය විශ්‍රාම යනවලු මේ 29. ඇත්තද දන්නේ නැහැ. ඒ වුනාට එයා සේවා දිගුවක් ඉල්ලලා නැහැලු. ඉල්ලන්නේ මොකොටද සේවා දිගුවක් දීල හමුදාවේ තියාගන්න වටින උතුම් හමුදා නිලධාරියෙක්නේ. ඊට පස්සේ කලින් තනතුරේම පිහිටුවල විශ්වමඩු කඳවුරට ආපහු යවන්න ඕනේ.

      අන්න ඔයාගේ ලියුමට පස්සේ විමල්, මනෝ ගනේෂනුත් කිව්වලු. සම්පන්තනුත් කතා කරලා තිබුණ.

  2. Champa Reply

    ඉල්මනයිට් “මෙට්‍රික් ටොන් 25,000ක්” මැද පෙරදිග රටකට විකුනනවා (නම මතක නැහැ) රිෂාඩ් බතුයුදීන් එක මෙට්‍රික් ටොන් එකක් $147කට. වෙළඳපොලේ ඉල්මනයිට් “මෙට්‍රික් ටොන් එකක්” $1800 – 3000 විතර වෙනවා. මොන තරම් විශාල මුදලක් රටට අහිමි වෙනවද? ලැබුණු ටෙන්ඩර් එක අඩු නම් කරන්න ඕනේ තව ටිකක් ඉන්න එක. මේකට කැබිනට් අනුමැතියත් දීල. අනිවර්යයනෙම මේකෙන් ඇමතිට කොමිස් එකක් ලැබෙනවා. මම ‘Ada’ එකට comment එකක් දැම්ම. ඒ news item එක දැන් වැහිලා.

  3. Champa Reply

    EN එකේ මෙහෙම එකක් තිබුන. Sri Lanka needs permanent secretaries, SOE directors on merit: Report
    OPA එක කියනව අමාත්‍යංශ වල ස්ථිර ලේකම් තනතුරු වලට රජයෙන් සහ පෞද්ගලික අංශයෙන් ඉල්ලුම්පත් කැඳවල තෝරා ගන්න ඕනෙලු. මම ඒකට විරුද්ධව ලියපු comment එක දාල නැහැ. එහෙම කොහොමද පෞද්ගලික අංශයට දෙන්නේ? අමාත්‍යංශ වල ලේකම් තනතුර ලැබෙන්න ඕනේ පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව. රජයේ නිලධාරීන් ඒ තනතුරට එන්නේ තරඟකාරී විභාගයක් සමත් කරලා. උඩට එනකොට අවශ්‍ය ප්‍රයෝගික දැනුමත් ලබාගෙන. උඩින් පෞද්ගලික අංශයෙන් දාන එක සම්පූර්නයෙන්ම වැරදියි. නියම විදියට ජ්‍යෙෂ්ඨත්වය අනුව ලැබුණු ස්ථිර ලේකම් තනතුර නැති කලේ දේශපාලකයන්. ඊළඟට ඉන්න සුදුසු මිනිහට උසස්වීම දෙන්න නැතුව ඔක්කො විශ්‍රාම යන්න ඇරිය. ඊට පස්සේ junior මිනිහෙක් උඩට අරන් දැම්ම හෝ පිටින් ගෙනත් දැම්ම. විශ්‍රාම ගිය මිනිස්සු දැම්ම. නැත්නම් ඊට කලින්, ඉන්න ලේකම් විශ්‍රාම යනකොට අමාත්‍යංශයේ පියන් පවා දන්නවා ඊළඟට ලේකම් වෙන්නේ කවුද කියලා. ඒ තරම් ක්‍රමානුකූලව උසස්වීම් ලැබුනේ.

  4. Champa Reply

    හුරේ….. අන්න අරක ඇත්තද? බලන්න මම ඔයාට ලියන්න කියල හිටිය රටේ ඊළඟ ජනාධිපති රාජපක්ෂ කෙනෙක් නෙමෙයි වගේම ඊළඟ ජනාධිපතිගේ ලකුණත් හොටු පොහොට්ටුව නෙමෙයි කියලා. බලන්න එක පස්සේ ලියනවා කියලා පත්තර බලන්න ගත්ත. එතකොට දැක්කේ. එල එල. මහින්ද එයාටම කියලා අළුත් පක්ෂයක් හදනවලු. ඔන්න ඔයාට හොඳයි ඒකත් එක්ක සන්ධානයක් හදන්න. ඊයේ ලියන්න එකක් හිටිය ඒකත් බැරිවුනා. මට ඔයාට කියන්න ඕනේ වුනා අර බැසිල්ගේ කතාව දෙරණෙ video of the day එකේ තිබුනේ. ඒ කතාව සම්පූර්ණයෙන්ම මහින්දගේ අදහස් වලට විරුද්ධයි කියලා. ගෝඨාභය බැසිල් දෙන්නම upper hand එකක් අරන් ඉන්නේ. මහින්දව ගණන් ගන්නේ නැහැ. දැම්මම මෙහ්මේ නම්, තව චන්දෙ ලංවෙනකොට කොහොම වෙයිද? අනිත් එක මොන හේතුවකටවත් JO එකෙන් ඉල්ලන ඊළඟ ජනාධිපති හොටු පොහොට්ටුවෙන් ඉල්ලන්න හොඳ නැහැ. බැසිල් එයාව පරද්දනවා. අපි 2015 කිව්වා වගේ මහින්ද අළුත් පක්ෂයක් හදන්න ඕනේ එයටම කියලා. අපි විතරක් නෙමෙයි හුඟක් අය කිව්වා. මුළු රටම කිව්වා. හැව්වේ නැහැ. පණ්ඩිතකමට. දැන් බලන්න එයාට SLFPත් නැහැ SLPP එකත් නැහැ. දෙකම එයාගේ නෙමෙයි. හැබැයි මහින්දගේ ඊළඟ ආණ්ඩුවට මොන විදියකටත් ගෝඨාභයවත් බැසිල්වවත් ගන්න හොඳ නැහැ. A tall order. ඒ වුනාට MRගෙ ඊලඟ ගමන කිරි කිරි අළුත්ම එකක් වෙන්න ඕනේ. මහින්දගේ පක්ෂෙට ලකුණක් ඕනේ නම් …………………. හොඳයි. නොකිය ඉන්න හිතුව. 🙂 🙂 🙂 Hooray, I like it very much. Those who can’t stand Basil and Gotabhaya can join Mahinda’s new party. I love it.

  5. Champa Reply

    රටේ විධායක ජනාධිපති (තාම බලතල තියෙනවනෙ) අපිට කියනවා බැඳුම්කර පරීක්ෂණ වලට “ඉහලින් බලපෑම්ලු.” 😀 😀 😀 😀 😀 😀 කෙලින්ම කිව්වලු. 😀 😀 😀 😀 😀 😀 😀

  6. Champa Reply

    කොහොමද විමල් ඔයාට? අනේ තවත් නඩුවක් තිබ්බ නේද? ඇත්තමයි ඔයාට තරම් නඩු නම් කාටවත් නැතුව ඇති.

    මේ….. අනේ විමල් අර කළු shirt එක ඇන්දේ මොකොටද කියලා මට තාම තේරුනේ නැහැනේ. මට හැම එකකම දැන ගන්න ඕනේ හේතුව. ඔයා ලොකු තරහක් ගිහාම නම් කෙලින්ම කළු shirt එකක් ඇඳලා මට විරෝධය පල කරලා තියෙනවා. හැබැයි ඒ හැම වෙලාවෙම මං දන්නවා ඔයාට කේන්ති ගියේ මොකටද කියලා. ඒ වුනාට මේ නිල් කළු කරලා තරහ පෙන්නුවේ මොකොටද කියලා මට තේරෙන්නෙ නැහැනෙ තවම. ඔන්න ඒ කතාව මතක තියා ගන්න හොඳද. කවද හරි හම්බ වුනොත් මම ඕක ගැන අහනව. 2015 මුලින් ලියන කොට නම් මම දැන ගෙන හිටය කවදාවත් හම්බ වෙන්නේ නැහැ කියලා. හැබැයි කවදාවත් මම මෙච්චර කාලයක් මෙහෙම දිගටම ඉන්න හිතුවේ නැහැ. මම හිතුවේ 2015 අගෝස්තු චන්දෙන් පස්සේ නිකම් දේදුන්නක් වගේ මැකිලා යන්න. කොහෙද ඉතින් ඕගොල්ලන්ට චන්දෙ දිනා ගන්න බැරි වුනානේ. ඒක හින්ද මට පැත්තකට වෙන්නත් බැරි වුන. දැන්නම් පැත්තකට වෙන්න අදහසක් නැහැ. ඒ මොකොද කිව්වා නම් රට වෙනුවෙන් කළයුතුම වගකීමක් තියෙනවා කියලා හිතෙන නිසා.

    දෙයක් කියන්න තියෙනව ඔයාට. සාමාන්‍යයෙන් මම ඔයා එක්ක ඕපදූප කියවන්නේ නැහැනේ. ඒ වුනාට මේක කියන්න හිතුව. එක මිනිහෙක් දෙන්නෙක් හිතනවා මම ඔයාව 2020ට promote කරනවා කියලා. හැබැයි මම හිතන්නේ ඔයාටත් මට වගේම ඉස්සරහ කියවන්න පුළුවන් නිසා ඔයාට දන්නවා වෙන්නේ මොකක්ද කියලා. එහෙම නේද? ඉස්සරම මටත් තේරුනේ නැහැ. දන්නවද ඔයා මේක විශ්වාස කරයිද දන්නේ නැහැ, එක්කෝ එපා මම හිතන්නේ නොකිය ඉන්න එක හොඳයි. මම කියන්න ගියේ මම ඔයාව 2020ට promote කරන්නේ නැහැ කියල. මේක ලියල තියන්න හිතුවේ කවුරුහරි කාලකන්නියෙක් අතින් ඔයාගේ ජීවිතේට අනතුරක් වෙයිද කියලා පොඩි බයක් ආපු නිසා. (විමල් ඔයාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.) පොඩි බයක්, තාම ලොකු බයක් වුනේ නැහැ ඒක. හැබැයි මට ඕනේ නම් promote කරන්නත් පුළුවන්. ඒ වුනාට ඔයා මම වගේ ambitious නැහැනෙ. ඔයා ඇවිල්ල අර මෝඩ වටු කුරුල්ලා වගේ (මෝඩ කිව්වට තරහ වෙන්න එපා ඔන්න). ඔයා හිතන්නේ දැලත් එක්කම රැලම අරන් ඉගිල්ලෙන්න. ඒ වුනාට ඒක වෙන්නේ නැහැ ඒ මොකොද කිව්වා නම් සමහර වටුවො දැල බිමට තියල කූඤ්ඤ ගහල තියෙන නිසා. ඔයාට තිබ්බේ කඩොල් ඇතෙක් වෙන්න. මම කිව්වේ 2015 තරම් ඈත කාලේ. කොහෙද ඒක ලිව්ව්හම ඔයා මට හිල් වෙන්න පොල් ටොක්කක් ඇන්න. මට මතක් වෙනකොටත් රිදෙනවා වගේ ඔළුව. 2020 වෙන්නේ මොකක්ද කියල ලංකාවේ කවුරු නොදන්නවා වුනත් ඔයා දන්නවා කියලා මම දන්නවා.

  7. Champa Reply

    ඒ පාර ගම් පෙරලියක් කරන්න යනව. අවුරුදු 31/2ක් පොල් ගගා ඉඳල ආණ්ඩුවේ ජාතික මට්ටමේ දේශපාලකයන්ට පුළුවන් තරම් අල්ලස් ගන්න හොරකම් කරන්න කොමිස් ගන්න ඉඩ ඇරලා දැන් පළාත් ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයන්ටත් පුළුවන් තරම් හම්බ කරන්න පාර හදන වැඩක් වගේ මට පේන්නේ. රනිල්ගෙන් පටන් ගත්ත බැඳුම්කර හොරකම පිළිකාවක් වගේ මුළු ආණ්ඩුව පුරාම පැතිරිලා ගියා වගේ තව ටික දවසක් යනකොට ගම් පෙරලියත් ගොන් පෙරලියක් වෙලා රටේ මුදල් කාබාසීනියා කරයි..

  8. Champa Reply

    සටන් පාඨ ජන ඝෝෂා
    පරයන ඔබෙ රණඝෝෂා
    මඟ අවුරන බැමි බිඳගෙන
    ඔබ යන මඟ ජය ඝෝෂා

    කෝ මට ඉස්සර වගේ මේ වගේ කවි ලියන්න ඔයාගේ සටන්පාඨ ඇහෙන්නේ නැහැනේ දැන්. ඔන්න කම්මැලි නම් වෙන්න එපා හරිද. කලකිරිලද මොකොකට හරි ඔයා?

    ඉස්සර මේවා ලියන කාලේ මට නින්ද යන්නෙත් නැහැ. බිත්ති වලත් ඔයාගේ මූණ පේනවා. (ඔන්න කාටවත් කියන්න එපා හොඳද. මිනිස්සු හිතයි මෙතැන කෝලමක් වෙනවා කියලා.)

    ඇත්තටම මට හරිම ඉක්මණට දේවල් එපා වෙනවා. මෙහෙම එක තැන කවදාවත් ඉඳල නැහැ එකම දේ කර කර. මෙතන මේ වගේ අවුරුදු 3 1/2ක් ඉන්නවා කියන එකත් ඇත්තටම පුදුමයක්. ඉතින් මොකක් හරි බල බල ඉන්න දෙයක් තියෙන්න ඕනේ නේද? මං ඉතින් ඔය පොල් බෑ මූණ බල බල ඉන්න හිතුව මොනව හරි කිය කියා. ඔන්න දැන් මම මෙතෙක් කල් කියපුව විහිළු අරක මේක ..කතා ඔක්කොම ඔය අමතක කරන්න ඕනේ හොඳද ලබන අවුරුද්ද වෙනකොට. ඔන්න හදිසියේ ලබන අවුරුද්ද අග බැරිවෙලාවත් හම්බ වුනොත් එහෙම ඒවා මතක් වෙලා හිනා වෙන්න ඔට්ටු නැහැ හරිද. මම මේ වගේ නෙමෙයි. හරිම serious. මගෙ චරිතේ කවුරුවත්ම නොදැක්ක පැත්තක් තමයි මේක. හැබැයි I fully enjoy this. 🙂 🙂 🙂 ඔයා තමයි ගොළුබෙලි කට්ටක් ඇතුලේ ගුලිවෙලා හිටපු මාව ඇදල ඇදල ඇදල ඇදල එලියට ගත්තේ.

  9. Champa Reply

    C’mon, Wimal you have a habit of hiding my comments. What did I say this time? Did I ruffle somebody’s feathers? I don’t think so. My last few comments were personal to you.

    Wimal…… I am bored……

    Personal comments ලියන්න එපාද? අනේ I am bored අනේ….

    • Champa Reply

      Oh, I am fine. I found a way to occupy myself.

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.