BREAKING NEWS

කාන්තා විමුක්ති සංකල්පය බටහිරින් රැගෙනවිත් මේ රටේ පැළ නොහැකි බව ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් උත්සවයේදී විමල් වීරවංශ අමාත්‍යවරයා කියයි

NMD_1943අපේ මානව සබඳතා බටහිර මානව සබඳතාවලට වඩා වෙනස් නිසා කාන්තා විමුක්තිය කියන සංකල්පය බටහිරින් රැගෙනවිත් මෙහේ පැළ කළ නොහැකි බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

අපරදිග දරුවා අවුරුදු 18 දී පමණ ස්වාධීන වෙනවා. එසේ ස්වාධීන වෙනවා පමණක් නොවෙයි ඉන් එහාට ඔහු තමාගේ ලෝකය ගොඩනගා ගන්නවා. එහෙත් බටහිරට සාපේක්ෂව පෙර දිගට තියෙන්නේ ඉතා ම සමීප මානව සබඳතා පවත්වා ගැනීමක් ” යනුවෙන් ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (01) දිනට යෙදෙන ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රෙද්ශයේ වෙසෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 600 දෙනෙකු සඳහා උපහාර පිරිනැමීමේ අරමුණෙන් සංවිධානය කළ “ පෑලවිය – 2014 ” වැඩිහිටි ප්‍රණාම උළෙලට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි. මෙම උත්සවය කොටිකාවත්ත සණස ශාලාවේදී පැවැත්විණ.

තමන්ගේ තරුණ කාලය රට දැය වෙනුවෙන් , තම දරුවන් වෙනුවෙන් කැපකොට මේවන විට විශ්‍රාමිකව කාලය ගතකරන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මෙදින උපහාර ප්‍රදානය කිරීම සිදුකෙරිණ. එමෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මානසික සංවර්ධනය ඇතිකිරීමේ අරමුණින්, විද්වත් දේශන, රසවින්දනාත්මක වැඩසටහන් ඇතුළු වැඩසටහන් ගණනාවක්ම මෙදින සංවිධානය කර ඇත. මෙම උපහාර උළෙල තෙවන වරටත් සංවිධානය කරනු ලැබුවේ කොළොන්නාව පංචායුධ පදනම විසිනි.

මෙම අවස්ථාවට කොළොන්නාව පංචායුධ පදනමේ සභාපති හා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී හේමසිරි අමරසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඥාණදාස පෙරේරා, කොළොන්නාව ප්‍රදේශීය ලේකම් යූ.ඩබ්. සේනාරත්න, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජගත් රවීන්ද්‍ර, ආචාර්ය ඉන්ද්‍රජිත් සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

NMD_1895 NMD_1919 NMD_1963

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Related Posts

Leave a Reply

*