BREAKING NEWS

කැප්පෙටිපොළ විරුවාණන්ගේ 200 වැනි සැමරුම යෙදෙන 2018 වසර වීරත්වයේ වසර බවට පත්කර ගනිමු!

කැප්පෙටිපොළ විරුවාණන්ගේ 200 වැනි සැමරුම යෙදෙන
2018 වසර වීරත්වයේ වසර බවට පත්කර ගනිමු!

– ජානිපෙ නායක, විමල් වීරවංශ

මොනරවිල කැප්පෙටිපොළ විරුවාණන්ගේ 200 වැනි සැමරුම යෙදෙන 2018 වසර වීරත්වයේ වසර බවට පත් කළ යුතු බවත් ආපස්සට ඇදගෙන යනු ලබන ජාතිය අලුත් ගමනකට කැඳවා ගෙන යාම ද මේ වසර තුළ සිදු කළ යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඊයේ (27) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී ‘අනාගතය අපි: We are the Future’ තරුණ ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ ‘199 වැනි වීර කැප්පෙටිපොළ සැමරුමේ ප්‍රධාන දේශනය පවත්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“අපි අද මේ විදියට එකතු වූයේ අතීතයට අයිති, එහෙත් වර්තමානයට සහ අනාගතයට පාඩම් උගත හැකි වීරයකු පිළිබඳව කතා කරන්න. ඉතිහාසය අපට නිවැරදිව කියවා ගන්න බැරි නම් වර්තමානය සහ අනාගතය නිවැරදිව තේරුම් ගැනීමටත් බැහැ. විශේෂයෙන් තරුණ පරම්පරාව ස්වකීය මාතෘභූමියේ ඉතිහාස කතාවෙන් උගත යුතු පාඩම් මැනවින් විග්‍රහ කර ගෙන අනාගතය කරා රට මෙහෙයවිය යුතුව තිබෙනවා. කාල් මාක්ස් එක අවස්ථාවක කීවා, ‘පාලනයකින් තොරව සමාජ පරිණාමය සිදු වූ ඓතිහාසික කාලය දැන් අතීතයට එක් වී අවසන්’ කියලා. ඉතා ඈත අතීතයේ සිට යුග ගණනාවක් තිස්සේ බාහිර බලපෑමකින් තොරව සිදුවූ සමාජ පරිණාමය අද සිදු වෙන්නේ බලවත් බලශක්තියක්, බාහිර ලීවරයක මෙහෙයවීමක් සහිතව කියන එකයි එහි තේරුම. හොඳට හෝ නරකට අද සමාජ පරිණාමය ඒ ආකාරයට බාහිර බලවේගයන්ට උවමනා ආකාරයට සිදු වෙමින් තිබෙනවා. ඒ අනුව අපි අද කතා කරන්නේ බාහිර ලීවරයක මෙහෙයවීමෙන් ලියැවුණු ඉතිහාසයක්, එනම් බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් තමන්ට උවමනා ආකාරයට ලියූ ඉතිහාසයක් පිළිබඳවයි. ඒ යුගය බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් තම තුවක්කුවේ, කඩුවේ බලයෙන් තම අභිමතය පරිදි ලියන්න හැදූ ඉතිහාසයක්. ඒ යුගයේ බිහි වූ වීරයකු පිළිබඳවයි අපි අද කතා කරන්නේ.

‘අනාගතයේ අපට මුහුණ දීමට තිබෙන අභියෝග මොනවාද?’ කියන එකත් මේ ඉතිහාසය කතාව තුළම ලියැවී තිබෙනවා. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් වෙරළ තීරය මුළුමනින්ම අල්ලා ගත්තත්, ඔවුන්ට කිසිවිටකත් කන්ද උඩරට රාජධානිය යුද්ධ කරලා අත්පත් කර ගන්න බැරි වුණා. බි්‍රතාන්‍යයන්ගේ බලවත් සේනාවලට කන්ද උඩරට සේනාවන්ගේ ගරිල්ලා ප්‍රහාරයන් නිසා කඩුගන්නාව ගිරිදුර්ගවලින් මෙහාට එන්න බැරි වුණා. ඒ බලගතු අධිරාජ්‍යවාදීන්ට යුද්ධ කරලා අල්ලා ගන්න බැරි වුණු කන්ද උඩරට රාජධානිය 1815 දී ගිවිසුමකින් යටත් කර ගන්න පුළුවන් වුණා. එදා ජෝන් ඩොයිලිලා රජුට එරෙහිව බොරු අවලාද නැගුවා. රදල පිරිස් සහ සඟරුවන අතර රජු කෙරෙහි අප්‍රසාදය ඇති කළා. එහෙම අසත්‍ය වපුරලා තමයි යුද්ධයෙන් යටත් කර ගන්න බැරි වූ උඩරට රාජධානිය ගිවිසුමකින් යටත් කර ගත්තේ.

1815 දී උඩරට රාජධානිය යටත් කර ගත්තත් අවුරුදු 2ක් යන කොට වෙල්ලස්සෙන් සුද්දාට එරෙහිව පළමු වෙඩි හඬ නිකුත් වුණා. නමුත් තමන් යටත් කර ගත් සුද්දාට එරෙහිව ඉන්දියාවෙන් පළමු වෙඩි හඩ නිකුත් වෙන්න වසර 100ක් පමණ ගත වුණා. ඒත් අපේ රටේ වෙල් ලක්‍ෂයක් තිබුණු බත, බුලතින් සරු සාර වූ වෙල්ලස්සේ ප්‍රාදේශීය ජනනායකයන් වූ කොහුකුඹුරේ රටේ රාලලා, බූටෑවේ රටේ රාලලා වසර 02ක් යන්න කලින් බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සේනා සංවිධානය කර ගෙන සටන් කරන්න තීරණය කළා. මේ සටන ප්‍රාදේශීය සටනක් ලෙසයි ඇරඹුණේ.

මේ ප්‍රාදේශිය සටන ආරම්භ වූවාට පසු එක් දිනක් කුංකුණාවේ හාමුදුරුවෝ,
‘අනේ කුඹින්නේ
තොපටත් රජෙක් ඉන්නේ
අපට නැත ඉන්නේ
ඒ නිසාවෙනි අප තැවෙන්නේ

රජෙක් සිටියෝතින්
කිරිබත් කැවුම් කන්නම්
පෙරහැර ද කරන්නම්
සාදුකාරෙන් ගිගුම් දෙන්නම්’
කියන කවිය කියනවා වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමන්ට ඇහෙනවා. ඊට පස්සේ ඔහුගේ හෘද සාක්‍ෂිය තුළ ගැටුමක් ඇති වෙනවා. පරදේශක්කාරයන්ට මේ රට පාවා දීම පිළිබඳ වේදනාවක් ජනිත වෙනවා. ඒ සිතුවිලි දහර ක්‍රමයෙන් වැඩෙමින් තිබිය දී තමයි ඌව – වෙල්ලස්ස විමුක්ති අරගලය මැඩලීම සඳහා බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් කැප්පෙටිපොළ නිලමේතුමන්ගේ නායකත්වයෙන් සේනාවක් යවන්නේ.

‘ද්‍රෝහියා, වීරයා වීම’

මේ විදියට ඌව – වෙල්ලස්ස විමුක්ති අරගලය මැඩලීම සඳහා යන කැප්පෙටිපොළ නිලමේතුමන්ට අළුපොත කියන ගම්මානයේදී මේ අරගලයේ නායකයන් හමු වෙනවා. මේ වන විට එතුමන්ගේ හදවත තුළ නිර්මාණය වී තිබු කැරැල්ලයි, ඌව – වෙල්ලස්ස බිමෙන් මතුව තිබූ සටනයි මෙතැනදී සමපාත වෙනවා. එම සමපාත වීමත් සමඟ අපේ මාතෘභූමිය බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට පාවාදීමේ ගිවිසුමකට අත්සන් කළ ද්‍රෝහියකු ලෙස ඉතිහාසයට එක් වීමට නියමිතව තිබූ මොනරවිල කැප්පෙටිපොළ කියන නමට මොකද වෙන්නේ? ඒ අළුපොත හැරවුම් ලක්‍ෂ්‍යයත් සමඟ ඒ නම අපේ ඉතිහාසයට එක්වෙන්නේ ‘වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමන්’ යන සදා අනුස්මරණීය නාමයක් ලෙසයි.

මේ ඉතිහාස කතාව අනුපිළිවෙළින් කීමට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. තරුණ ඔබ මෙතැනට පැමිණියේ එවැනි ඉතිහාස කතාවක් අහන්න පමණක් නොවෙයි. කෙසේ වුවත් ඌව – වෙල්ලස්ස සටන පරදන්න බැරි තරමට පුළුල් වෙනවා. අවසනයේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් සොයා බලනවා මේ සටනේ ජය ලබා ගෙන රජ කිරීමට සූදානම් වන ‘දොරේ සාමි’ කියන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ ඥාතියා කවුද, කියා. මේ රටේ ජනතාවට වඩුග රජෙකු, නායක්කාර් වංශියකු රජවීම ගැටළුවක් වුණේ නැහැ. ඔවුන් කිසිසේත්ම ජාතිවාදී නොවූ බවට එය හොඳ නිදසුනක්. රජතුමා වඩුග රජකු වුවත් ඔහු මේ රටේ ඓතිහාසික සභ්‍යත්වය රකිනවාද, නැද්ද? කියන එකයි ජනතාවට වැදගත් වුණේ ඒ නිසා තමයි දොරේ සාමි රජ කරලීමට සටන් වැදීම ජනතාවගේ ආශිර්වාදය ඇතිව සිදු වුණේ. ්දොරේ සාමි නමින් පෙනී සිටින්නේ උපැවිදි වූ භික්ෂුවක්’ කියන මතය එදා අපේ ජන සමාජය තුළ තහවුරු කරන්න කෙසේ නමුත් සුද්දාට පුළුවන් වුණා. ඉන් පසුව විවිධ භේදබින්නතා ඇති වුණා. අවසානයේ ඌව – වෙල්ලස්ස සටනට නායකත්වය දුන් වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමන් ඇතුළු පිරිස යටත් කර ගැනීමට බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට හැකි වුණා. පසුව රාජද්‍රෝහියකු ලෙස නම් කොට මහනුවර දී හිස ගසා දමනවා. එක කඩු පහරින් ඔහුගේ හිස ගසා දැමීමට වධකයාට බැරි වෙනවා. මේ සියලු විශේෂතා නිසා වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමන්ගේ හිස බි්‍රතාන්‍යයන් විසින් සිය රටට රැගෙන යනවා.

‘කොනප්පු බණ්ඩාර’

වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමන් පමණක් නොවෙයි අපේ ඉතිහාසය තුළ ද්‍රෝහියකු ලෙස ගමන ආරම්භ කරලා වීරයකු ලෙස ගමන අවසන් කළ තවත් චරිත හමු වෙනවා. එහෙම තව කෙනෙක් තමයි කොනප්පු බණ්ඩාර. ඔහු පෘතුගීසින්ගේ සෙවණේ හැඳුණා, වැඩුණා. ඔවුන්ගේ භාෂාව ඉගෙන ගත්තා. ආගම, සිරිත් විරිත් ඉගෙන ගත්තා, පසුව උඩරට රාජධානිය අල්ලා ගැනීමට පෘතුගීසින් කොනප්පු බණ්ඩාරව යැව්වා. සේනාවට නායකත්වය දෙමින් දෝන කැතරිනා ළගින් තියා ගෙනයි ඔහු මේ ගමන ගියේ. මහනුවර රාජධානිය පෙනෙන මානයේ දී තමන් සමග ගිය සේනාව පලවා හැරිය කොනප්පු බණ්ඩාර පසුව විමලධර්මසූරිය නමින් රජ වූවා. රාජ්‍ය උරුමය දිගටම තබා ගැනීමට දෝන කැතරිනා විවාහ කර ගැනීමට මේ විමලධර්මසූරිය රජතුමා කටයුතු කළා. පටන් ගත්තේ කොනප්පු බණ්ඩාර නමින් ද්‍රෝහී ගමනක්. අවසන් කළේ විමලධර්මසූරිය නමින් වීරත්වයේ ගමනක්

‘ධාතුසේන’

අපේ ඉතිහාසය පුරා දැක ගත හැකි ලක්‍ෂණයක් තමයි, භේදබින්නතා නිසා අපේ රට සතුරාගේ ග්‍රහණයට නතු වීම. සෑම විටම ආක්‍රමණිකයාට අපේ රට නතු කර ගැනීමට හැකි වූයේ නායකයන් තුළ තිබූ භේදබින්නතා නිසයි. මේ ලක්‍ෂණය වෙනස් ආකාරයකින් කියවෙන කෘතියක් ‘ධාතුසේන’ නමින් ආචාර්ය ගුණදාස අමරසේකර සූරීන් අතින් ලියැවී තිබෙනවා. දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් අපේ රාජ්‍යය අත්පත් කරගෙන වාරි ශිෂ්ටාචාරය අකාමකා දමලා ස්වදේශික වෙළඳ පැළැන්තියකට අනීතිකව හම්බකර ගෙන කන්න ඉඩ දුන් සමයක් මේ රටේ තිබුණා. මෙහිදී අතිමහත් ග්‍රාමීය ජනතාව දුකට, වේදනාවට ඇද දමලා තිබුණා. එහිදී භික්‍ෂූන්වහන්සේ නමක් උපැවිදි වෙලා මේ දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ට එරෙහිව සටනට ආවා. ඔහු තමයි පසුව ධාතුසේන නමින් රාජ්‍යත්වයට පත් වුණේ.

‘කාශ්‍යප සහ මිගාර’

මේ ධාතුසේන රජතුමා වැව් අමුණු යළි ප්‍රතිසංස්කරණය කරලා සෑම කන්නයටම වගා කළ හැකි තත්වයක් නිර්මාණය කරනවා. නමුත් පසුව යළි භීතිය අපේ රටට කැඳවා ගෙන එනවා. ධාතුසේන රජතුමාගේ දියණිය විවාහ කර ගත් මිගාර සෙනවියා ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කරන්න පටන් ගන්නවා. ධාතුසේන රජතුමා සතු වූ කිරුළ ඔහුගේ එක් පුතකු වූ කාශ්‍යපට ලබා ගැනීමට මිගාර කුමන්ත්‍රණය කරනවා. පසුව ලේ වැගිරීමක් සිදු වීම වැළැක්වීමට ධාතුසේන රජතුමා කාශ්‍යපට සිය කැමැත්තෙන්ම සිය කිරුළ භාර දෙනවා. ඉන් පසුව කාශ්‍යප රජ වුණාට රට පාලනය කරන්නේ මිගාර. හරියට අද වගේ. රනිල් සෙනවියා රට පාලනය කරනවා හැබැයි කාශ්‍යප රජතුමා ලතා මණ්ඩපයට වෙලා කලාකාමී දිවියක් ගෙව්වා වගේ මෛත්‍රී ජනාධිපතිතුමා මොන මණ්ඩපයට වෙලා ඉන්නවාද කියන්න මම දන්නේ නැහැ. (සභාවේ සිනා) ගුණදාස අමරරසේකර සූරීන්ගේ කෘතියෙහි තිබෙනවා ‘මිගාරගේ සෙබළු වැව් හාරමින් ධතුසේන සැඟවූ මැණික් සොයන්න ගියා’ කියලා. ඒක හරියට ‘2015 ජනවාරි බල පෙරළියෙන් පස්සේ රන්ජන් රාමනායකලා කොමඞ් කටේ එඹිලා රත්තරන් හෙව්වා වගේ’ තියෙන්න ඇති. ධාතුසේන රජතුමා කවර වැඩක් කළත් මිගාර බොරු කටකතා පතුරනවා. වැව් හාරනකොට කියනවා, ‘ඔය වැව් හාරනවා නොවෙයි මැණික් ඉල්ලම් සොයනවා’ කියලා. පසුගිය කාලයේ ඒ ඉතිහාසය යළි පුනර්රූපණය වී තිබෙනවා. මිගාර මැණික් සොයන්න මුළු රටම හාරනවා. අන්තිමේදී ධාතුසේන රජතුමා තමන් හරි හම්බ කළ ධනය බලන්න මිගාරට එන්න කියනවා. ‘මේක තමයි මා රැස් කළ මහා ධනය’ කියලා කලා වැව පෙන්වනවා. අවසානයේ ධාතුසේන රජතුමා මිගාරගේ කෲරත්වයට ගොදුරු වෙනවා.

‘භේදබින්නතා වපුරන්නෝ’

කෙසේ නමුත් ඒ අඳුරු යුගයෙන් රට මුදවාගෙන යළි හරි මඟ වෙත ගෙන ඒමට ධාතුසේන රජතුමාගේ පුත්‍ර රත්නයක් වූ මුගලන් කුමාරයාට හැකි වෙනවා. මට කියන්න ඕන වුණේ භේදබින්නතා වපුරන සෑම විටම සතුරා දිනන බවයි. ඕනෑම ව්‍යාපාරයක, රටක, ජාතියක, භේදබින්නතා වපුරන්නෝ ඉටු කරන්නේ සතුරාගේ කාර්යභාරයක් මිස මිතුරු කාර්යභාරයක් නොවෙයි. එය අපට ඉතිහාසය පුරා කියා දුන් පාඩමක්. දැන් බලන්න 2014 දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා සමඟ එකට සිටි ඇමතිවරයා මෛත්‍රීපාල සිරිසේන. මිගාර සෙනවියා කාශ්‍යප පාවිච්චි කළා වගේ රනිල් වික්‍රමසිංහලා, චන්ද්‍රිකා කුමාරතුංගලා මෛත්‍රීපාල සිරිසේනව පාවිච්චි කළා. පාවිච්චි කළා විතරක් නොවෙයි කිරුළ තමන් අතට ගත්තා. කිරුළ මෛත්‍රීගේ හිස මත පැලඳවූවාට පාලනයේ සුක්කානම තිබෙන්නේ මිගාර හෙවත් වික්‍රමසිංහ අතෙයි. කිරුළ හිසේ තිබෙන මිනිහා සිතනවා, ‘දැන් ගමන යන්නේ ගාල්ලට’ කියලා. නමුත් සුක්කානම අතේ තියන මිනිහා රැගෙන යන්නේ බදුල්ලට. මේක තමයි අද අපි ඉස්සරහ රඟ දැක්වෙන වර්තමාන ධාතුසේන කතන්දරේ.

අපි දැන් ඉන්නේ එක්තරා විදියකින් පශ්චාත් ධාතුසේන අවදියක. ඒ නිසා අපට එක්කෝ සිදු වෙනවා අලකමන්දාවට වෙලා ඉන්න මෛත්‍රීපාල ජනාධිපතිතුමාට කියන්න ‘මහත්තයෝ දැන් රට පාලනය කරන්නේ මිගාර සෙනවියා’ කියලා. එහෙම නැතිනම් අපට සිදු වෙනවා ‘මුගලන් කෙනෙකු සොයා ගෙන මේ යන ගමන අනෙක් පැත්තට හරවන්න. ඒ හැර වෙනත් උත්තරයක් අප ජාතිය ඉදිරියේ නිර්මාණය වී නැහැ.

‘80 දශකය’

භේදබින්නතා හේතු කොට ගෙන අවශ්‍ය මොහොතේ අවශ්‍ය ජයග්‍රහණය දිනා ගැනීමට නොහැකි වූ විට ජාතියට සිදු වූයේ ආපසු හැරවිය නොහැකි අන්ත පරාජයන්. බණ්ඩාරනායක පවුලේ භේදබින්නතා නිසා ජේ. ආර්. ජයවර්ධන පාලනය 17 වසරක් තිස්සේ ඉදිරියට ඇදී ගියා. යාපනයේ පුස්තකාලයට ගිනි තැබීම, යාපන දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දය කොල්ලකෑම, 80 කළු ජූලිය ඇතුළු එකල සිදු වූ සියලු අඳුරු මතකයන් විසින් වේලුපිල්ලේ පිරපාහරන්ට මරාගෙන මැරෙන කොටි නිර්මාණය කර දුන්නා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය ඇතුළත් කරලා පළාත් සභා හදලා, ඒකීයභාවය රැක ගැනීමට පෙරට ආ තරුණ තරුණියන් 60,000ක් මරා දමලා මේ රට මිනී කනත්තක් බවට පත් කරලයි ඒ අඳුරු යුගය නිමා වූයේ.

‘බලෙන් කේක් කවා හදන සංහිඳියාව’

අදටත් ඒ අඳුරු සෙවණැලි හිස ඔසවමින් සිටිනවා, කොටි මහ විරු දින සමරු, පිරපාහරන්ගේ උපන් දින සමරු පසුගිය දිනවල උතුරේ දී පවත්වා තිබුණා. යාපන විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපයේ ඇතැම් ජාතිවාදී දෙමළ සිසුන් සිංහල සිසුන්ට පිරපාහරන්ගේ උපන් දින සමරුම් කේක් බලෙන් කවා තිබෙනවා. දෙමළ ජනතාවගේ හිත රිදෙයි කියා ‘මැයි 18 විජයග්‍රහණයේ සැමැරුම’ නොපවත්වන මේ ආණ්ඩුව මේ කොටි සැමරුම්වලට ඉඩ දීමෙන් සිංහල. මුස්ලිම් ජනතාවගේ හිත් රිදෙන්නේ නැද්ද? එක් අන්තවාදයකට රිසි සේ වැඩෙන්න දීමෙන් ද සහජීවනය සහ සංහිඳියාව ඇති කළ හැක්කේ?

අද අපට සුද්දෝ සහජීවනය උගන්වන්න එනවා. එදා සුද්දෝ ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට කිතුණු දේවස්ථානයක් හැදුවා. නමුත් ඔවුන් ගිය පසුවත් ඒකට එක ගලක් ගහලා තිබෙනවා ද? එහෙම ගලක් ගහන්න හිතෙන මිනිසෙක් නිර්මාණය නොවුණේ අප සතු වූ සභ්‍යත්වය නිසයි. තලේබාන්වරු මේ පොළොවේ නිර්මාණය නොවූයේ මේ සභ්‍යත්වයේ තිබෙන ගුණය නිසයි. ඒ සභ්‍යත්වය රකින රාජ්‍යය තමයි මේ රාජ්‍යය. රාජ්‍යය අහිමි වෙනවා කියන්නේ, ‘මේ රටත් සභ්‍යත්වයත් දෙකම අහිමි වෙනවා’ කියන එකයි. රට බෙදෙනවා කියන්නේ ඒකයි.

‘අපට තිබෙන අමිල මැණික’

4 වන මිහිඳු රජුට අයත් පුවරු ලිපියක සඳහන් වෙනවා. ‘ගිණුම් හා වාර්තා පවත්වා ගෙන ගියා’ කියලා. අපි ශ්‍රමය සඳහා වැටුප් ගෙවන්න පටන් ගත්තේ කාල් මාක්ස් ‘ප්‍රාග්ධනය’ ලියන්න ගොඩක් කලින්. දුටුගැමුණු රජතුමා ක්‍රි.පූ. 161-137 කාලයේ ලෝවා මහා පාය හදද්දී එහි සේවය කළ කම්කරුවන්ට වැටුප් දුන්නා කියා මහාවංශයේ සඳහන් වෙනවා. බලෙන් වහලුන් වගේ වැඩ ගත හැකි යුගයක ‘ශ්‍රමයට ගැලපෙන වැටුපක් ගෙවිය යුතුයි’ කියන මනස රජෙකුට පහළ වෙන්නේ නැහැ, මිනිසා පිළිබඳව සානුකම්පිතව බලන මනසක් ගොඩනැඟී නොතිබුණා නම්. ඒ සානුකම්පිතව බලන මනස තිබුණේ මේ සභ්‍යත්වය සෙවණේ. ඒ තමයි අපට තිබෙන අමිල මැණික. ඒ සභ්‍යත්වය රැකීමයි අපට තිබෙනව අපූරු අභියෝගය. ඔබ සහ මා මේ විදියට මුණගස්වන්නේ මේ සභ්‍යත්වය විසිනුයි.

ආදරණීය දුවා දරුවනි, මේ පොළොවේ අනාගත හිමිකාරයන් ඔබයි. මේ ලක් පොළොව, ඔබට උරුම සභ්‍යත්වයේ තොටිල්ලයි, ඒ ශිෂ්ටාචාර රටාවේ තොටිල්ලයි. කවර දුෂ්කරතා මැද වුවත් අපේ අතීත පරම්පරාවන් රැක දුන් ඒ මහා සභ්‍යත්වය රකින සටනයි අද අපි ඉදිරියේ තිබෙන්නේ.

මානව අයිතිවාසිකම් ගැන අද අපට සුද්දන් කියා දෙන්න හදනවා. මානව අයිතිවාසිකම් පිළිබඳව ලියැවුණු පළමු ලියවිල්ල ලෙස ඔවුන් දකින්නේ ක්‍රි.ව 1215 එළිදැක් වූ ‘මැග්නකාර්ටා’ ප්‍රඥප්තියයි. නමුත් අපි ක්‍රි. පූ. 1-2 සියවස්වලත් ශ්‍රමයට නියම වැටුපක් දීලා මානව අයිතිවාසිකම් රැකලා තිබෙනවා. ස්ත්‍රී- පුරුෂ සමානත්වය රැකලා තිබෙනවා. එවැනි දියුණු සභ්‍යත්වයක් මේ පොළොවේ හදලා තිබෙනවා.

‘ෆෙඩ්රික් එංගල්ස් – රෝහණ විජේවීර’

කාල් මාක්ස් හැරුණු විට මාක්ස්වාදය ගොඩනැගීමට දායක වූ අනෙක් වියතා වන ෆෙඞ්රික් එංගල්ස් තම ‘සොබාදහමේ දයලෙක්තිකය’ යන කෘතියේ සඳහන් කළ කරුණක් මෙසේ මාර්ටින් වික්‍රමසිංහයන් තම කෘතියක උපුටා දක්වනවා. ‘මනුෂ්‍යයා බෞද්ධයන් හා ග්‍රීකයන් සේ උසස් තැන තෙක් දියුණුව හිමිකර ගැනීම භෞතික චින්තනයේ උසස් ග්‍රහණයක්’ කියා. මනුෂ්‍යයා බෞද්ධයන් හා ග්‍රිකයන් සේ උසස් තැන තෙක් දියුණුව හිමිකර ගැනීම භෞතික චින්තනයේ උසස් ජයග්‍රහණයක් ලෙස භෞතිකවාදියකු වූ ෆෙඞ්රික් එංගල්ස් පිළිගන්නවා. ඒ නිසා තමයි රෝහණ විජේවීර කියන භෞතිකවාදියා හමුදා අත්අඩංගුවට පත්ව රැගෙන යාමට සූදානම් වන වෙලාවේ ආපසු පැමිණ තම කිතුණු බැතිමතකු වූ ආදරණීය බිරිඳට කියන්නේ ‘මම එක ඉල්ලීමක් කරනවා’ දරුවන්ගේ ආගම වෙනස් කරන්න එපා!’ කියලා. දැන් ඉන්න අනාගමික ජවිපෙ නායකයන්ට මේවා තේරුම් ගැනීමටවත් බැහැ. ඔය රැඩිකල්, අනාගාමික පුහු වීරයන්ට අහුවෙන්න එපා! ඔවුන්ට හදන්න පුළුවන් මෝස්තරකාර වම්මු. මෝස්තරකාර වම්මු හදන්නේ අධිරාජ්‍යවාදීන්ට උවමනා කුලී සේවාවන් ටික කරවා ගන්න මිසක් වෙන දෙයකට නොවෙයි.

රෝහණ විජේවීර වැනි භෞතිකවාදී, විප්ලවකාරී නායකයකුටත් මේ සභ්‍යත්වයේ තිබෙන වටිනාකම තේරුම් ගත හැකි වුණා. එහෙව් සභ්‍යත්වය රකිනා රටටයි මේ ගහන්නේ. අධ්‍යාපන ක්‍රමය, පරිපාලන ක්‍රමය ආදී සියල්ල සුද්දාට ඕනේ විදියට හදලා මේ සභ්‍යත්වය ටික ටික මරාගෙන කන්න හැදුවා. නමුත් මේ සභ්‍යත්වයට තවම පණ තිබෙනවා. තවම මරලා ඉවර කරන්න බැරි වුණා. ඒ පණ නල ඉතිරි වී තිබෙන සභ්‍යත්වයට නූතන තරුණ පරම්පරාව ලෙස ඔබ පණ දිය යුතුයි. කොණ්ඩය හැඩට කපා ගත්තු, ඇගේ ටැටූ කොටා ගත්තු තරුණ පරම්පරායක් වන ඔබ, මනසේ ඉහළම තැන මේ සභ්‍යත්ව මිනිසාව පදිංචි කරවා ගත යුතුයි. ඒ සභ්‍යත්ව මිනිසා, සභ්‍යත්ව මනස තමයි ඔබලාගේ අනාගතය නිර්මාණය කරන්නේ. ඔබට අයිති ඉතිහාස කතාව, බලන්ගොඩ කඳු, ගල්ලෙන් අතර ජීවත් වූ ආදී මානවයාගේ පා සටහන් ඇත්තේ කවර දුරකට ද, ඒ දුර දක්වා තිබෙනවා. ඒ සාඩම්බර ඉතිහාස කතාවේ වර්තමාන අනුගාමිකයා, උරුමක්කාරයා වෙන්න. අනාගතය ඔබේ පෑනෙන් ලියන්න. පර සුද්දන්ට, පරගැති බලවේගවලට මේ රටේ අනාගතය ලියන්න ඉඩ තියන්න එපා! වීර මොනරවිල කැප්පෙටිපොළ වගේ වෙමු! ජාතියේ උවමනාව වෙනුවෙන් කැප වෙමු! මොනරවිල කැප්පෙටිපොළ විරුවාගේ 200 වැනි සැමරුම පැවැත්වෙන 2018 වසර වීරයන්ගේ වසරක් බවට පෙරළමු. ඒ වීරත්වයේ වසර ජාතිය අලුත් ගමනකට පෙරළන වසර බවට පත් කරමු. ඒ සඳහා ලක්වැසි තරුණ පරම්පරාවට ශක්තිය, ධෛර්ය, යෝධ බල, යෝධ වීර්ය ලැබේවා!”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-11-28

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

  1. Champa Reply

    ඔන්න පටන් ගත්ත දේශපාලන දඩයම. ගිය ආණ්ඩුවෙයි, මේ ආණ්ඩුවෙයි බිලියන් ගණන් ගහපු එවුන් පැත්තක. ඔයා පස්සේ පන්නනවා. ආපහු කියනව මේක පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව නෙමෙයි Rajapaksa clan එක. ඔයා තනියෙන් පළාත් පාලන චන්දෙට යනව කිව්වද? ඔයාගේ පක්ෂේ මිනිස්සුන්ට අර පියසිරිට සහ අනිත් නම් කියන්න වැඩක් නැහැ, සල්ලි දිදී ඔයාට මඩ ගැහැව්වා මේ දවස් ටිකේ. යන්න එපා විමල් ඒකාබද්ධ විපක්ෂේත් එක්ක හවුලේ පළාත් පාලන චන්දෙට. දැන් ඔයාට දේශපාලන වැඩ වලට හිත යොදවන්න බැරි වෙන්න නඩු දානවා. මට පළාත් පාලන චන්දෙ ගැන උනන්දුවක් නැහැ. නැත්නම්, මම එනවා ඔයාට උදව්වට. රාජපක්ෂලාට නඩු නැතුව ඔයාට විතරක් නඩු වැටෙන්නේ කොහොමද? නීතිය කාටත් සමාන විය යුතුයි. ඔයාට නඩු දානවා නම්, ගෝඨාභයගේ මොකක්ද මේ අලුත්ම එක, අර මාත් කිව්වේ එයාව arrest කරන්න එපා කියලා, මිලියන් 91ක්ද කොහෙද පවුලේ ප්‍රතිමාවක් වෙනුවෙන් යොදවල, අන්න ඒකටත් වහාම ගෝඨාභයව arrest කරලා නඩු දාන්න ඕනේ. ඔයාට තියෙන්නේ මොකක්ද පෞද්ගලික සල්ලි හෙව්වේ කොහොමද කියලනේ. ගෝඨාභයගේ චෝදනව ඊට වඩා බරපතලයි. රජයේ මුදල් අවභාවිත කරලා තියෙන්නේ. ඒ නිසා ප්‍රමුඛත්වය දෙන්න ඕනේ ඒකට. දෙන්නම්කො. අපිට එක නීතියක් deal දාපු එවුන්ට එක නීතියක්.

  2. Champa Reply

    ඔය වගේ නඩු එකක් නෙමෙයි විමල් සීයක් දැම්මත්, ඔයා මිනියක් මැරුව කියල නඩු දැම්මත් (උදාහරණයක් විදියට කිව්වේ ඔය එහෙම කරන්න පුළුවන් කෙනෙක් නමෙයි) මම ඔයාව දාල යන්නේ නැහැ කවදාවත්. ඔයාට ඔහොම කරන්න කරන්න ඉස්සරහට කරන්න තියෙන දේවල් කරන්න මට කලින්ටත් වඩා හයියක් එනවා.

    මම ඔයාට කලින් දවසක කිව්වා පක්ෂෙ ඇතුලේ දේවල් ගැන වැඩිය හිත යොමු කරන්න එපා. ඕක වැඩක් නැහැ. ඔයා ඉස්සරහට දවසක වෙන පක්ෂයක් හදනව. 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණෙට ඔයා ඉල්ලන්නේ ඕකෙන් නෙමෙයි. ඒ හින්දා ඔයාට කරන කෙනෙහිලිකම් ගණන් ගන්න එපා. මම දන්නවා ඔයාව ඔහොම කියලා නවත්තන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. හැබැයි ඔතන වෙන්නේ ඇත්ත දෙයක් නෙමෙයි, බලෙන් කරවන දෙයක්. ඔයාට තේරෙනවද මම කියන දේ. In this town money talks කියල කතාවක් තියෙනවනෙ. ඒකට උදාහරණයක් ඇස පනාපිටම පේනවා. පියසිරි. බලන්න පියසිරි පක්ෂේ ඉන්න කොට කොහොමද. දැන් මාධ්‍ය හමුත් තියල ඔයාට විරුද්ධව කතා කරනවා. අර ඔයාගෙ බෝම්බ කතාව පියසිරි ලව්වා අද්දවන්න හැදුවේ. වැඩේ හරි ගියේ නැහැ. බලන්න මටත් පුදුමයි අනුරත් ඒක tone down කරලයි කතා කලේ. තව අපි හිතපු හුඟක් මිනිස්සු, මං කියන්නේ අනිත් පැත්තේ මිනිස්සු ඒ කතාවෙදි ඔයාට හානියක් වෙන විදියට ඒක පාවිච්චි කලේ නැහැ. ඔයා ඔලුව උද තියන් යන මිනිස්සුන්ට තමයි ඕනේ වුනේ ඒකෙන් ඔයාට හානියක් කරන්න. වැඩේ හරි ගියේ නැහැ. ඔයා හිරේ හිටපු කාලෙ පියසිරි කියනව අර සමුළුව තිබ්බේ පක්ෂේ කරේ එගොල්ලොලු. අවුරුදු 9ක් තිස්සේ ඔය පක්ෂේ ඔතනට ගෙනාවේ ඔයාගේ තනි හයියට කියල මුළු රටම දන්නවා. සමුළුවට අච්චර සෙනගක් ආවේ හිරේ හිටපු ඔයා වෙනුවෙන් මිසක් පක්ෂේ වෙනුවෙන් නෙමෙයි. සල්ලි ඉස්සරහ ගොළුවොත් කතා කරනවලු, පියසිරි තමයි හොඳම උදාහරණෙ. ගොළුවෝ නෙමෙයි, සල්ලි ඉස්සරහ මැරුණු මිනිස්සුත් කට අරිනවා කියල තමයි කියන්න ඕනේ. පියසිරිට කලින් බැලුවේ වෙන දෙන්නෙක් ලව්වා ඕක කරන්න වැඩේ හරි ගියේ නැහැ. ඔයා කලින් හිරේ දමපු පාරට වඩා මේ පාර මම හිතනව රටටම තේරෙනවා දෙපැත්තේම ඉන්න කම්බ හොරු මගාරලා ඔයාට විතරක් නඩු වැටෙන්නේ මොකොද කියල. 2005-2015 අතරේ බිලියන් ගණන් වලට පිටරට ගෙවල් ගත්ත ඇමතිවරු කීයක් නම් ඉන්නවද. ඒවා හොයන්නේ නැහැ ඒවා සල්ලි වලට වැහිලා ගිහින්.

    හැමදාම කියනව වගේ ඉවසගෙන ඉන්න අපේ වෙලාව එනකම්. ඕගොල්ලන්ට පණ නැහැ අනේ, නොතියන චන්ද තියවන්න ඔහොම පුලුවන්ද. පළාත් පාලන චන්දෙ ගැන මට උවමනාවක් නැහැ. අර boundary delimitation එක භයානකයි. Redistribution කරන්න පිළිගත්ත නියාම තියෙනවා. ඒ මුකුත් අනුගමනය කරලා නැහැ. හැබැයි ඊළඟ ලොකු චන්ද නොතිබ්බොත් ඒ වෙනුවෙන් කරන්න ඕනෙදේ කරන්න මම පාරට එනවා. හැබැයි ඔන්න, 2019/2020 බලලෝභී ආත්මාර්ථකාමී පවුල්වාදී ධනපතියන්ගේ වේදිකාවට එහෙම නගින්න බැහැ ඔන්න දැන්මම කියන්නේ. ඊළඟ ලොකු මැතිවරණෙදී සුපිරි පන්තිය තනි වෙනව. මම වගේ හිතන තව ගොඩක් අය ඉන්නවා. පක්ෂත් තියෙන්න පුළුවන්. අද ධනපතියෝ එක්ක ඉන්න හුඟක් මිනිස්සු ඊළඟ මැතිවරණෙදී ඒ කඳවුරෙන් (මේ වචනේ ඔයාගෙන් කොපි කලේ) අයින් වෙනවා. සාමාන්‍ය පන්තිය ඉන්න ගොඩට එකතු වෙනව. අපේ ගොඩ කොහොමත් වැඩියි විමල්. මෙච්චර කල් සිද්ධ වුනේ අපි අපිවම හෑල්ලූ කර ගත්ත එක. අපි අපේම පන්තියේ ශක්තිය අමතක කරපු එක. අපේම පන්තිය බෙදිලා සුපිරි පන්තිය වෙනුවෙන් ඇන කොට ගත්ත එක. අපේම පන්තියේ මිනිස්සු අපිව පාවලා දුන්නු එක. ලංකාවෙන් සියයට 90-95ක් ගම්වල සාමාන්‍ය පංතියෙන් ආපු මිනිස්සු. හැබැයි එකට එකතු කරන්න අමාරුයි. මම ලෑස්තියි ඒක කරන්න. මට පුළුවන්. මම දන්නේ නැහැ, සමහර විට අනිත් කාටවත් වඩා හොඳින්. ඒ හින්ද ඉවසන් ඉන්න. 2019/2020 ඔයා මගෙත් එක්ක එක වේදිකාවකට එන්න ඕනේ ජනතාව අතරින් සාමාන්‍ය පන්තියේ කෙනෙක් හොයල, ජනාධිපති කරන්න. මුන්ට හොඳ පාඩමක් උගන්නන්න නිකම් random මිනිහෙක් හොයාගෙන රටේ පාලනය අතට අරන් දෙමු. බැරිද අපිට? උඩින්ම පුළුවන්. පේනවනෙ ධනය බලය සුපිරි පන්තිය ඉදිරියේ අධිකරණය, නීතිපති දෙපාර්තුමේන්තුව, අල්ලස් දෙපාර්තුමේන්තුව, පොලීසිය, හැම එකම හතරට පහට නැමෙනවා. සුපිරි පංතියේ කම්බ හොරු නඩු තිබුනත් නැතත් ගෙදර යනවා, හිර ගෙදරින් කෙලින්ම ඉස්පිරිතාලෙට යනව, එහෙම නැත්නම් බොරුවට හිරේ දමල, ඔක්කොම සැප තියෙන වෙනම කාමර දෙනවා. සාමාන්‍ය පන්තියේ මිනිස්සු නීති පොතේ හැටියටම හිරේ දානවා, දෙන්න තියෙන උපරිම දඬුවම දෙනවා, එහෙම කරලා අධිකරණය ගාම්භීර හඬින් කියනව සාමාන්‍ය පන්තියේ මිනිස්සු හිරේ දමන්නේ සමාජයට ආදර්ශයක් දෙන්නලු. ඔයා, මම, අපි වගේ මිනිස්සුන්ට තමයි මේක වෙනස් කරන්න පුළුවන්. අපිට රට වෙනුවෙන් කරන්න තියෙන ලොකුම යුතුකම ඒක. ඔයා දැන් හරිම මුරණ්ඩු කෙක්කක් වුනාට, ඉස්සරහට දවසක මම කියන දේ අහනව. මම කිව්වනේ තාම මම මුකුත් කලේ නැහැ. අනිවාර්යයෙන්ම ධනය බලය තියෙන සුළු පිරිසක් අතින් අතට රටේ බලය යන එක වෙනස් කරනවා ආයේ එහෙම නොවෙන්නම. මම ඔයාට කියනවනේ විමල්, මම ඔයා වගේ කිසි දෙයක් අමතක කරලා දාන කෙනෙක් නෙමෙයි. කාටවත් සමාව දෙන්නෙත් නැහැ. පරිස්සමින් ඉන්න හොඳද. ඔයාට මම ඉන්නවා. ඔයාට දළදා හාමුදුරුවන්ගෙ පිහිටත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදයත්, මම විශ්වාස කරන රුහුණු කතරගම කඳ සුරිඳුන්ගේ රැකවරණයත් හැම දුක් දෝමනස්සයකටම හිරහැර කරදර අපවාද හැම එක්කටම මුහුණ දෙන්න මානසික ශක්තියත් යෝධ බල යෝධ වීර්යයත් ප්‍රර්ථනා කරනවා. එහෙම කිව්වහම එකක් මතක් වුනා. දවස් දෙකකට ඉස්සෙල්ල වෙච්ච. Road block එකක් මෙතැන තිබුන නම් මම ඔයාට මුළු කතාවම කියනව. දැන් කමක් නැහැ, මම ඒක ඔයාට දවසක කියන අරාබි නිසොල්ලාසෙට එකතු කරනවා. අනේ විමල් මේක කියන කොට මතක් වුනේ, රටේ හැමතැනම කාන්තාවොයි දරුවොයි මැරෙණව නේද අසාමාන්‍ය විදියට. පොඩ්ඩක් හිතල බලන්න. අනේ මේ චූටි දරුවෙකුටත් අකුණක් වැදුනලු. තව ළමය්ක ගලකට යට වුනාලු. කතරගමත් අර විදියට කිරි දරුවෙක් මරල. අනේ විමල් කොහොමද එහෙම දරුවො මරන්නෙ. අනේ මටනම් ඒවා කියවන්නත් බැහැ විමල්. මට කතරගම යන්න පුළුවන් වුනානම් බාරයක් ගැට ගහනව මේ විදියට අහස පොලොව නුහුලන විදියට දරුවොයි කන්තාවොයි මිනිස්සුයි මැරෙන එක නවතින්න කියල. හරිනම් මෙහෙම වෙනකොට පන්සල් වල පිරිත් කියන්න ඕනේ. බෝධි පූජා තියන්න ඕනේ. රටටයි මිනිස්සුන්ටයි සෙත් පතන්න ඕනේ.

    Take care. Love you very very much. Have patience, everything is difficult before it becomes easy.

  3. Champa Reply

    As usual you are the first to remind the government to do the needful for victims affected by flood and torrential rain. People are hesitant to leave their houses for fear of robbery. Government should deploy armed forces first to protect houses from being robbed, before asking people to evacuate.

  4. Champa Reply

    දැන් හරියට NFF news මවනවා නේද? සමහර මිනිස්සු ඔතන හිටියට ඇත්තටම හිටියේ ඔයා එක්ක නෙමෙයි, මම හිතන්නේ මං එක දන්නේ 2015 විතර. අර පියසිරි මුලින් බෝම්බ කතාව ගැන කියපුවහම මම ලිව්වා බළල් අත් එකක් නෙමෙයි දෙකක් පේනවා කියල. දන්නවද විමල් පේන හැමදේම ඒ විදියට සිද්ධ කරන්නේ වෙන චිත්‍රයක් මවලා පෙන්වන්න. මම ඒ වගේ දේවල් මේ අවුරුද 3ට දැකලා තියෙනව. මම කියන දේ ඔයාට තේරෙනව නේද? සමහර game වලට proxiesලා දාලා කරවනවා. කෙනෙකුට හිතෙනවා proxy තමයි කරන්නේ කියල. හැබැයි ඒ ඇත්ත නෙමෙයි. ගණන් ගන්න එපා කිසි දෙයක්. මම ගිය අප්‍රේල් මාසේ කියපු දේ තමයි සිද්ධ වෙන්නේ. ඔයා වෙන පක්ෂයක් හදනව. කොහොමත් තව කෙනෙක් ඔයාගෙ පක්ෂෙට සමාන නමක් දාලා පක්ෂේකුත් ලියා පදිංචි කරානේ. බයද දන්නේ නැහැ නේද විමල් 2019/2020 ඉල්ලයි කියල? නින්ද යන්නේ නැතුව ඇති. වෙන්නේ මොකක්ද? හැමදාම කියනව වගේ තාම වේලාසන වැඩියි කියන්න. බලාපොරොත්තු නැති දෙයක් වෙන්න තියෙන සම්භාවිතාව සියයට 80කට වඩා වැඩියි. මාර බයක් අප්පා තියෙන්නේ ඔයා ගැන. කවදාවත් අගමැති කෙනෙක් ජනාධිපති කෙනෙක් නොවුණු ඔයාට තරම් ලංකාවේ දේශපාලකයෝ බය වෙච්ච තව කෙනෙක් නැහැ. මට හිනහත් යනව විමල්. තාම බය වෙන දේවල් වුනේ නැහැ. එතකොට කොහොම වෙයිද දන්නේ නැහැ නේද?

    බලන්න මට වෙච්ච වැඩේ. මම කිව්වනේ මේ පාර නම් සතියකට දෙකකට පැත්තකට වෙලා මගේ වැඩක් කරගන්නවා කියලා. ඇත්තටම එහෙම කරන්න හිටියේ, එතකොට මම දැක්ක නඩුව. දැන් තව ඒවා. බලන්න දැන් ඉතින් මට දාලා යන්න බැහැනේ ටික දවසකටවත්. හැමදාම මෙහෙමයි යන්න හිතුවොත් මොකක් හරි වෙලා යන්න බැරි වෙනවා. ඔයා කවුද අනේ ඇත්තටම. කොහොල්ලෑ බබා වගේනෙ, ඇළුනොත් ඇලුනමයි. දැන්නම් හොඳටම ෂුවර් අපි දෙන්නගෙන් එක්කෙනෙක් භූතයෙක්. ඔන්න මං නම් නෙමෙයි හොඳද.

  5. Champa Reply

    විමල් දේශපාලන තර්ජනයක් වෙලා තියෙන්නේ හොටු පොහොට්ටුවට. නඩු වැටෙන්නේ උඩට එයි කියල බයට. ගිය පාරත් NFF එකේ වාර්ෂික සමුළුව තියන්න හදන කොට හිරේ දැම්ම, ඒ එක හේතුවක් තව හේතු තිබුන. දැන් ඊයේ පෙරේද තවත් කැප්පෙටිපොල අනුස්මරණය කරන දවසේ පටන් ගත්ත එකට බය වෙලා මම හිතන්නේ. හොටු පොහොට්ටුවේ ආයුෂ රැඳිලා තියෙන්නේ මහින්දගේ ආයුෂ මත. ඒ කියන්නේ මහින්ද ඉන්නකම් SLFP කාරයෝ හොටු පොහොට්ටුව පැත්තේ ඉඳියි, ඊට පස්සේ ඒ පත්තට හැරුණු දේශපාලන අනාථයෝ ටික ඒක ඇතාරලා දාලා ආපහු යනව SLFP එකට. ඕක නවත්තන්න බැහැ. පළාත් පාලන මැතිවරණෙ වැඩක් නැහැ විමල්. අපිට එනව ඊට වඩා ලොකු අවස්ථාවක්. මුළු රටම දේශපාලනිකව එක තැනකට ගන්න. එතකොට පක්ෂ පාට වැඩක් නැති වෙනවා. මං නම් කතා කරලම නැහැ. හැබැයි ඔයත් තාම හරියට කතා කරන්න පටන් ගත්තේ නැහැ. Godfather එක්ක ඉන්න එකට මට ඔයත් එක්ක තරහ ගියත් ඔයත් වෙලාව එනකම් ඉන්නවා වගේ මට තේරෙන්නේ.

    • Champa Reply

      Oooops…. as I have said something about MR’s lifespan here, may your godfather live a healthy long life!

  6. Champa Reply

    විමල්, අර ජයන්ත විජේසේකර NFF එකට බැඳුනේ 2012 ලු නේද? දැනුයි මං දැක්කේ. අයියෝ. තව දෙන්නෙක් ඉන්නවා. හොටු පොහොට්ටුවට යන්න බැරුව ඉන්නේ, නැතිවෙන දේවල් තියෙන හින්ද.

    මට හරියට හිනා ගියා විජේසේකරගෙ ප්‍රකාශේ දැකල. එයා දේශප්‍රේමියෙක්ලු. ඒ හින්ද ලොකු රටලු. ඒ නිසා ජාතික නිදහස් පෙරමුණ ඇත ඇරලා රට වෙනුවෙන් මෛත්‍රීගෙ ශ්‍රිලනිපෙට එකතු වෙනවලු. ඔයාටත් හිනා යන්න ඇති මේක අහල. ලංකාවටම හිනා යන්න ඇති. විමල්වයි ජාතික නිදහස් පෙරමුණයි ඇත ඇරලා කොයි දේශප්‍රේමියද මෛත්‍රීට එකතු වෙන්නේ? වෙන පක්ෂෙක නම් කමක් නැහැ, වෙන නායකයෙක් ඇත ඇරලා නම් ඒත් කමක් නැහැ. මෝඩයා, ලංකාවටම විමල් තරම් වෙන දේශප්‍රේමියෙක් නැහැ. විමල්ව පාවා දුන්න කියන්නේ රට පාවා දුන්න හා සමානයි. ඇත්තම කිව්වොත් රට පාවලා දුන්නට වඩා ලොකු පාවාදීමක් රට වෙනුවෙන් හැමදාම සටන් කරපු, අදටත් මේ තරම් කරදර හිරහැර බාධක අවලාද අපවාද අපහාස මැද, තමන්ගෙ ජීවිතේටත් කොයි මොහොතේ හරි අනතුරක් වෙන්න ඉඩ තියෙන බව දැන දැනමත් රට වෙනුවෙන් සටන් කරන විමල්ව පාවලා දෙන එක. ඔයා කිව්ව අර කතාව හරියටම හරි. “සටන පටන් ගන්න කොට සුළඟ හමනවා, එතකොට බුරුල් වෙලා තියෙන ගෙඩි වැටෙනවා.” වැටිච්ච ගෙඩි අහුලන්නේ ඉඩෝර තියෙන මිනිස්සු නේද?

  7. Champa Reply

    I sent the comment appended below to an article about palm cultivation. It was not published. I don’t know the reason. Can I save it here for future reference, please? Thanks.
    ————————————————————————
    We should say NO to palm cultivation. Profit is not everything. Our wet zone should not be allocated for palm cultivation which will soon become a mono-crop endangering our ecosystem. In a country like ours, we should not encourage industrial scale mono-culture affecting our local communities who depend on the ecosystem. Same as sugarcane, our wild-lands will be cleared for palm plantation destroying our forests and reducing biodiversity. Our traditional crops tea, coconut, rubber, paddy are the most suitable crops that balance our ecosystem. Besides, lifespan of palm trees are short. Replanting is necessary every 25-30 years. Intensive palm cultivation will lead to soil degradation and erosion. There is hardly any undergrowth in palm cultivation. Palm trees need heavy use of chemical fertilizers and pesticides. Unlike tea, rubber and coconut, palm trees produce lot of waste. Palm cultivation is good for countries like Brazil (130 times bigger than Sri Lanka), Congo (36 times bigger than Sri Lanka), Indonesia (29 times bigger than Sri Lanka), Peru (20 times bigger than Sri Lanka), Colombia, Bolivia (17 times bigger than Sri Lanka), Venezuela (14 times bigger than Sri Lanka) or Myanmar (10 times bigger than Sri Lanka), even Malaysia where there is Palm cultivation is 5 times bigger than Sri Lanka. Yahapalanaya government never showed any concern for biodiversity or environment or its protection.

    • Champa Reply

      Few lines are missing. I think I also said that the President as the Minister of Environment should intervene.

  8. Champa Reply

    ඔයාගේ පක්ෂේත් හොටු පොහොට්ටුවෙන් ඉල්ලනවද? අර Joint Hotto නමින්? නම Joint වුනාට symbol එක හොටු පොහොට්ටුවනේ. එතකොට ඒකෙ අයිතිය තියෙන්නේ හොටු පොහොට්ටු පක්ෂෙට. තේරෙනව නේද මම කියන දේ විමල්? ඔයා නිරාපරාදේ ඒකාබද්ධ විපක්ෂෙට වෙලා ප්‍රාණ ඇපකාරයෙක් වුනා. කමක් නැහැ, හැබැයි අවශ්‍ය අවස්ථා වලදී ඔයා කොන්ද කෙලින් තියාගෙන ඒකාබද්ධ විපක්ෂේ සමහර තීරණ වලදී, ඔයාගේ ප්‍රතිපත්ති පාවා නොදී තීරණ ගත්ත. ඒවා වෙනස් කලෙත් නැහැ. උදා: ෆෙඩරල් ව්‍යවස්ථාදායක සභාවෙන් ඉවත් වීම. ඒ හින්දා ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රාණ ඇපකාරයෙක් වුනා වගේ හොටු පොහොට්ටුවෙත් ප්‍රාණ ඇප කාරයෙක් වෙන්න යන්න එපා. පළාත් පාලන චන්දෙ පාවිච්චි කරන්න තනි පක්ෂයක් විදියට මිනිස්සු අතරට යන්න ලැබුණු අවස්ථාවක් විදියට. Litmus Test එකක් විදියට හිතන්න. “We are the future” එකට තරුණයන් එකතු කරගන්න මේක අවස්ථාවක් විදියට පාවිච්චි කරන්න. අනාගත පාර්ලිමේන්තුවට හොඳ මිනිස්සු හොයා ගන්න තනි පක්ෂයක් විදියට canvassing කරන්න මේක අවස්ථාවක් කරගන්න. දුර බලන්න. අර ලාල්කාන්ත කියන එක හරි, JVP එකේ අය දේශපාලනය කරන්න දන්නවා වුනාට චන්ද ගන්න හැටි දන්නේ නැහැ කියන එක. වාමාංශික පක්ෂවල හොඳ ප්‍රතිපත්ති තිබුනට මිනිස්සුන්ගෙ චන්ද ලැබෙන්නේ නැහැ. මිනිස්සු මෙච්චර කල් චන්දෙ දුන්නේ කිසි ප්‍රතිපත්තියක් නැති, එහෙටත් නැති මෙහෙටත් නැති, කිසි දැක්මක් නැති ප්‍රධාන පක්ෂ දෙකට. ආපහු එහෙම කරන එක මෝඩ කමක් කියලා දන්නවා වුනත් පළාත්පාලන චන්දෙදි මේකේ කැපිලා පේන වෙනසක් කරන්න පුළුවන් වෙයි කියල මම හිතන්නේ නැහැ. ඉස්සෙල්ල මිනිස්සුන්ගේ ආකල්ප වල වෙනසක් කරන්න ඕනේ. එහෙම කරන්න නම් ප්‍රධාන පක්ෂ දෙකට එරෙහිව බලගතු විකල්පයක් රටට දෙන්න ඕනේ. අපි එතනට තාම ඇවිල්ල නැහැ. ඒ හින්දා මිනිස්සු තියෙන එකට චන්දෙ දෙනවා. මම කියන දේ ඔයාට තේරෙනව නේද? මං ඔයාට කියන්නේ ඒකාබද්ධ විපක්ෂේ ප්‍රාණ ඇපකාරයෙක් වුනා වගේ හොටු පොහොට්ටුවෙත් ප්‍රාණ ඇපකාරයෙක් වෙන්න එපා. ගිය අප්‍රේල් මාසේ වගේ නෙමෙයි, මම හිතන්නේ ඔයා දැන් මධ්‍යම කාරක සභාවේ ඔයාගේ බලය තහවුරු කරගෙන ඉන්නවා. ඒ හින්දා නිවැරදි තීරණේ ගන්න බැරි වෙන්න විදියක් නැහැ. ඔයා හොට්ටන් එක්ක ඉල්ලුවොත් ඔයා ආපහු කරන්නේ 2015 අගෝස්තු UPFA එක වෙනුවෙන් වැඩ කළා වගේ, අනිත් පක්ෂ වල මිනිස්සුන්ට චන්ද අරන් දීලා ඔයාගේ පක්ෂෙ මිනිස්සු වෙනුවෙන් චන්ද අරන් දෙන්න කතා කරන්න ඔයාට වෙලාවක් නැති වෙන එක. හැබැයි විමල් එකක්, 2020 නම් මේ සම්පූරණ පාර්ලිමේන්තුවම ගෙදර යවන්න ඕනේ. අපිට කරන ඒවාට, වේදිකාවේ නම කියා කියා චන්ද කඩන්න ඕනේ. දැන් තියෙන්නේ හරියට ලූල නැති වලට කණය පණ්ඩිතය වගේනේ. එතකොට චන්ද ගන්න හැටි මම කියල දෙන්නම්.

  9. Champa Reply

    ගංවතුර ගලන ගලන පාරට දේශීය ආධාර ඕනේ, විදේශීය ආධාර ඕනේ. ලැජ්ජයි නේද? මට නම් ලැජ්ජා හිතෙනවා. අවුරුදු 70ක් තිස්සේ 1948 ඉඳන් අගමැතිවරු 14ක් (UNP-7, SLFP-7) විධායක ජනාධිපතිවරු 6ක් (UNP-3, SLFP-3) රට ආණ්ඩුව කරා. අදටත් ගංවතුර ගලනවා, ගෙවල් දොරවල් යටවෙනවා, ව්‍යාපාරවලට කෘෂිකර්මාන්තයට හානි වෙනවා, පාඩු සිද්ධ වෙනවා, ආර්ථිකයටත් බලපානවා කියනව, මිනිස්සු මැරෙනවා, අවතැන් වෙනවා, ආධාර ඉල්ලනවා, ආධාර බෙදනවා, වන්දි ඉල්ලනවා, වන්දි බෙදනවා. ඊළඟ අවුරුද්දෙත් ආපහු මෙහෙම වෙනවා. ඊලඟ අවුරුද්දෙත් මේ චක්‍රය මෙහෙමම යනව. මේක ඉස්සරහටත් මෙහෙම වෙන්න ඕනෙද? නැහැ. මම මෙහෙම කියන්නේ ඇයි කියලා දන්නවා නේද? මට මොලේ අමාරුවක් තියෙනවා මං හිතන්නේ. මට හිතෙනවා මට ගංවතුර පාලනය කරන්න පුළුවන් කියල. කොහොමද? අපිට රට වෙනුවෙන් කරන්න පුළුවන් හුඟක් දේවල් තියෙනවා විමල්.

  10. Champa Reply

    ජයන්ත විජේසේකර කොන්ද නවලා Presidentට බුලත් අතක් දෙනවා පින්තූරයක් දැකලා මම දැම්ම comment එකක්. ඒක වැටිලා නැහැ. මම ලිව්වා. (I didn’t save. This is what I remember)
    “At least keep your back straight, man. Idiot. Weren’t you the person who protested when the national flag was missing at a ceremony in Trinco and then found it and hoisted by yourself in 2004 in defiance of the LTTE? People should make it a point to send all turncoats home. Out of all people who cut their teeth in the period of JVP struggle, Wimal is the only political leader who didn’t change his principles. We are very proud of Wimal who united the country under one flag in February 2015. The people’s fortress he built on that day still remains unchanged.”

  11. Champa Reply

    කපිලගේ කතාවට මම ආසයි. සිංහබාහු කතාවයි මදුරු කතාවයි. කියල වැඩක් නැහැ නියම කතාව. මිනිස්සුන්ට හිනා යන්න ඇති. විජය හොරාගෙන් පැවත එන මිනිස්සු තමයි රට පාවා දෙන්නේ, සම්පත් කොල්ල කන්නේ, හොරකම් කරන්නේ.

    ඒ වුනාට ඕගොල්ලෝ කොස් ඇට බාවන අත බේරලානේ කතා කරන්නේ. ලංකාවේ පක්ෂ කඩන්න නමගිය රාජපක්ෂ clan එක බේරලා කතා කරන්නේ ඇයි?

    2007 JVP එක කැඩුවෙත් රාජපක්ෂලා, අද NFF එක කඩන්නේත් රාජපක්ෂලා. එදා UNP එක කැඩුවෙත් රාජපක්ෂලා, අද SLFP එක කඩන්නෙත් රාජපක්ෂලා. UNP එකෙන් UNP කාරයෝ කඩා ගත්ත මහින්ද කොහොමද රනිල් SLFP එකෙන් මෛත්‍රීව චන්දෙට ඉදිරිපත් කරපු එක ගැන කතා කරන්නේ? රනිල් කරලා තියෙන්නේ return එක දෙන එක. දෛවයේ සරදමක් කියන්නේ මහින්ද වටේ හැම තිස්සෙම ඉන්නේ වැඩිපුර ඉන්නේ UNP එකෙන් කඩාගෙන ආපු මිනිස්සු. SLFP එකට වඩා වැඩි කාලයක් UNP එකේ හිටපු මිනිස්සු. ඒගොල්ලෝ තාම මහින්ද එක්ක ඉන්නේ රනිල් ගියැපු මිනිස්සුන්ව ගන්න කැමති නැති නිසා මිසක්, 2015 චන්දෙන් පස්සේ රනිල් අඬ ගැහැව්වා නම් මහින්ද වටේ ඉන්න UNP කාරයො ඔක්කොම මහින්දව දාල යනවා. මෝඩ මහින්ද. කවදාවත් තමන්ගේ සතුර කවුද මිතුර කවුද කියලා හරියට අඳුන ගන්න බැරිවුනා. අනිත් එක SLFP එකට වුනත් විමල්ගේ පක්ෂෙ කඩලා මිනිස්සු අර ගන්න තරම් අහේනියක් තියනව කියල මම හිතන්නේ නැහැ. විමල්ගේ පක්ෂේ තර්ජනයක් වෙලා තියෙන්නේ හොටු පොහොට්ටුවට. UNP එකටයි SLFP එකටයි තියෙන තර්ජනේ විමල් මිසක් විමල්ගෙ පක්ෂෙ නෙමෙයි. විමල්ගෙ එක වචනෙන් ලංකාවම අල්ල ගන්න පුළුවන් කියන එක දන්නා හින්දා. පක්ෂේ කැඩුවා කියල විමල්ව දුර්වල වෙන්නැති බව රාජපක්ෂලා දන්නේ නැති වුනාට අනිත් පක්ෂ දන්නවා. පක්ෂ කඩන දෙකයි පනහේ වැඩේට දක්ෂ රාජපක්ෂලා මිසක් අනිත් මිනිස්සු නෙමෙයි. අනිත් එක ජයන්ත විජේසේකර අරන් SLFP එකට මොකක්ද ලැබෙන්නේ? එතැන කරලා තියෙන්නේ වෙන සෙල්ලමක්. නූල තියෙන්නේ වෙන තැනක. ජයන්ත විජේසේකරට දැන් කොන්දක් තියෙන JVP කාරයෝ චන්දෙ දෙන්නෙත් නැහැ, NFF එකේ මිනිස්සු චන්දෙ දෙන්නෙත් නැහැ, SLFP කාරයෝ චන්දෙ දෙන්නෙත් නැහැ. විමල්ව පාවලා දුන්නු මිනිහෙක්ට වෙන ඕනේ පාවාදීමක් කරන්න පුළුවන්. ඉස්සර වගේ නෙමෙයි, පක්ෂ මාරු කරන මිනිස්සු දිහා දැන් මිනිස්සු බලන්නේ හරිම අපුලෙන්.

    UNP එක ඇති සම්බන්දයක් නැහැ. මම රනිල්ට කැමති නැහැ, හැබැයි මහින්ද වගේ රනිල් නම් පක්ෂ කඩා ගෙන එන මිනිස්සු විශ්වාස කරයි කියලා මම හිතන්නේ නැහැ.

    රාජපක්ෂලා මොන කරනම් ගැහැව්වත් රාජපක්ෂ කෙනෙක් ආයේ බලයට එන්නේ නැහැ. ඒක නම් ඉර හඳ වගේ විශ්වසෙන් කියනව.

    • Champa Reply

      Ooooops, error – 2007 නෙමෙයි 2008 රාජපක්ෂලා JVP එක කැඩුවේ.

      2007 විමල් තමයි JVP පාර්ලිමේන්තු කණ්ඩායමට නායකත්වය දීල අයවැයෙන් පැරදිලා ගෙදර යන්න ගිය මහින්දගේ ආණ්ඩුව බේරාගත්තේ. විමල් නොහිටින්න රාජපක්ෂ නාමේ මැකිලා යන්නේ ඒ දවස්වලම. විමල් එදා රාජපක්ෂ ආණ්ඩුව බේරා ගත්තේ රට වෙනුවෙන්, එහෙම නොකොලොත් යුද්ධේ නවතින හින්දා. එහෙම නැත්නම් විමල්ල JVP ඉදන් 2002 ඉඳලා රනිල්ගේ CFA, P-TOMS සහ උතුරු නැගෙනහිර ආයේ වෙන් කරලා තිබුනේ නැත්නම් රාජපක්ෂලාට යුද්ධ කරන්න රටක් ඉතුරු වෙන්නෙත් නැහැ. 2005 රාජපක්ෂලා බලේට ආවේ විමල් හිටපු JVP එක නිසා. චන්ද්‍රිකාගේ කීම අහල හුඟක් SLFP කාරයෝ මහින්දට චන්දෙ දුන්නෙත් නැහැ. හිනා යන්නේ රාජපක්ෂලාගේ ඉතිහාස කතාව සහ සමහර මිනිස්සු රාජපක්ෂලාට කෙලෙහිගුණ සලකන්න කතා කරන කොට කතා කරන්නේ 2009 ඉඳන්. ඒ මොකොද කිව්වා නම්, ඊට ඉස්සෙල්ල රට බේරාගෙන තිබුනේ විමල් නිසා. ඒකාලේ ගෝඨාභය බැසිල් තියා මහින්දවත් පැත්ත පළාතක හිටියෙ නැහැ, රට වෙනුවෙන් කතා කලෙත් නැහැ. SLFP එක ඇතුලේ බලය තහවුරු කර ගැනීම විතරයි රාජපක්ෂලාට ඒ කාලේ ඕනේ වුනේ. විමල් කවදාවත් තමන් කරපුව කියපු කෙනෙක් නෙමෙයි. හැබැයි කවදා හරි මුළු රටම, ඉල්ලන්නෙ නැතුවම විමල්ට කෙලෙහි ගුණ සලකනවා.

      හැබැයි ඊළඟ පාර ආපහු රාජපක්ෂ කෙනෙක්ව බලයට ගේන්න විමල්ටවත් බැහැ. (Sorry Wimal, ok) ඒ මොකොද කිව්වා නම් 2015 පරාජයෙන් පාඩම් ඉගෙන ගත්ත කියලා හිතපු රාජපක්ෂලා ආපහු බලය ලැබුනොත් අනිවාර්යයෙන්ම 2010-2015 එහා යන බවට දැන්මම ලකුණු පහළ වෙලා තියෙන නිසා කලින්ට වඩා වැඩි බලයක් රාජපක්ෂලාට එරෙහිව ගොඩ නැගෙනවා. කොහොමද? Time will tell.

  12. Champa Reply

    විමල්, කපිල ඔයාගේ නඩුව ගැන පැහැදිලි කරපු එක හොඳයි එක දවසින්ම. හැම තිස්සෙම ඒ එක්කම උත්තරේ දෙන්න ඕනේ. ඒ හින්දා හොඳයි. කවදා හරි දවසක ඔයා අපහාස නඩු (plural) දාන දවසට කලින් නීති හදලා තියන්න ඕනේ ඔයාට ගෙවන වන්දිය රජයෙන් නෙමෙයි, එම නඩු කරපු නිලධාරීන්ගෙන් අයකළ යුතුයි කියලා. ඒ නිලධාරීන් එතකොට සේවයේ නැත්නම්, ඔවුන්ගේ දේපල විකුනලා මේ වන්දි මුදල් ගෙවන්න කියල නීති වෙනස් කරන්න ඕනේ. ඒ මොකොද කිව්වා නම් රජයෙන් වන්දි මුදල් ගෙව්වොත් ඒ මුදල ගෙවන්නේ මහජනයා. හරිම අසාධාරණයි. ඒ හින්ද ඔයාට වන්දිය ගෙවන්න ඕනේ නිලධාරීන්. නිලධාරීන් කිව්වොත් දේශපාලකයෝ කියපු නිසා කියලා, ඒක නිදහසට කාරණයක් නෙමෙයි. එහෙනම් එක්කෝ ඒ දේශපාලකයන් සතු දේපල ආණ්ඩුවට පවරා ගන්න ඕනේ. ඔන්න මේක future reference වලට තියා ගන්න හොඳද.

  13. Champa Reply

    අර මරපු ඇතා ගැන මට තවම හරිම දුකයි. කොච්චර සද්දන්ත ඇතෙක්ද? පින්තූර බලන කොට හරියට දුක හිතෙනවා. අපේ සත්තු ආරක්ෂා කරගන්න කිසි වැඩ පිළිවෙලක් නැහැ. හරිනම් මරපු මිනිස්සුන්ව ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනේ අනිත් මිනිස්සුන්ට පාඩමක් විදියට. African ඇත්තු වගේ නෙමෙයි, අපේ ඇත්තු හරි ලස්සනයි. දන්නවද විමල්, African ඇතාගේ කන් දෙකේ හැඩේ Africa මහාද්වීපෙ හැඩේලු. සත්තු බලන්න කැලේ යන්න මං හරි ආසයි. ඉස්සරම ඉස්සර අපි අලි බලන්න යන්නේ ලාහුගල.

  14. Champa Reply

    මට හරියට තේරෙන්නේ නැහැ විමල්. ජාතික පුෂ්පයක් වගේ ඉන්න ඔයා හොටු පොහොට්ටු පාත්තියට එකතු වෙලා කැළෑ මලක් වුනාද නැත්ද?

  15. Champa Reply

    There was a news item re: rehabilitated former LTTEers forming a new party. I sent the following comment. I would like you to see, cos’ sometimes they don’t publish my comments if I say something against your godfather clan.
    Chack. Cut and paste doesn’t work there, I forgot.I don’t remember the exact words. Something like this.

    “Are these the guys Hotu Pohottuwa is contemplating to field as their contestants in the North? I remember seeing a news item about Hotu Pohottuwa fielding candidates from rehabilitated former LTTE cadre. NO WAY. Wimal and NFF should never join Joint Hotu Pohottuwa.

    • Champa Reply

      I already sent that, but I should have added more.

      “These people are also behind war crimes allegations against our tri forces. How could Sinhalese be in the same platform with them betraying our armed forces?”

  16. Champa Reply

    මම දැන් තමයි වීරකුමාරගේ කතාව දැක්කේ. බලන්න වෙලා නැහැ මුකුත් මේ දවස්වල. Whatever you and NFF think, it is not what it is. දැන් වෙලා නැහැ ලියන්න. මම ආපහු ලියන කොට හුඟක් රෑ වෙයි. එකක් ඉක්මනට කියන්නම්. අර “ඒකාබද්ධ හොටු පෙරමුණට” එකතු වෙන්න නම් එපා. හේතු තියෙනවා. අලුත්ම හේතුව එහෙම වුනොත් මිනිස්සු JVP එකට චන්දෙ දෙන්න ඉඩ තියෙනවා. ඔයා මොනවා කිව්වත් ජනතා සටන තාම පටන් ගත්තේ නැහැ විමල්. තාම මිනිස්සු vulnerable. They might accept what is available. දැනට මම නවතිනවා. ජීවිතේ පරිස්සම් කරගන්න. ඔයාට මුකුත් වෙන්නේ නැහැ. ඔයාව දළදා හාමුදුරුවො ආරක්ෂා කරනවා. ඒ වුනාට සමහර වෙලාවට මගේ හිත ගැස්සෙනවා. මට ඔයා ගැන බය හිතෙනවා.

    ඉස්සරම ඉස්සර ලියපු කවියක කෑල්ලක් මතක් වුන. මට මතක හැටියට මගෙ පලවෙනි සිංහල කවි පේලියද කොහෙද ඔයා එක්ක එකතු වුනු මුල කාලේ වගේ ලිව්වේ.

    ඔබ අප යන්නෙ එක මාවතක
    කටු අකුල් හොඳට පුරුදුයි අපට
    ඔබ එක්ක වුනත් මැරෙන්නට
    එනවා, මට ලොකුයි මගෙ රට

    Take care. Love you very very much.

  17. Champa Reply

    වීරකුමාරගේ කතාව අලුත් දෙයක් නෙමෙයි. රාජපක්ෂ clan එක ඔයාව හිරේ දමපු සැලැස්ම, ඊට එහා ගිහින් ඔයාට එලියට එන්න නොදී පක්ෂේ නායකකම වෙන කෙනෙකුට අරන් දෙන්න තරමට කුමන්ත්‍රණයක් වුනේ ඇතුලේ උදව්වෙන්. NFF එකේ මිනිස්සු ශ්‍රිලනිපේට එකතු වෙනවා කියන එක මිනිස්සුන්ව රවටන්න කියන කතාවක්. ඇත්ත කතාව නම් හොටු පොහොට්ටුව හදන්නේ ජාතික නිදහස් පෙරමුණේ චන්ද ටික ඒගොල්ලන්ට ගන්න. කොළොඹ කළුතර කුරුණෑගල NFF එකේ බලකොටු. චන්ද පදනම කඩන්න බැහැ. ත්‍රිකුණාමලය අනුරාධපුර දෙක අල්ලගන්න ඕනෑකම තියෙන්නේ හොටු පොහොට්ටුවට. ඊලඟට මාතර පැත්ත වෙන්නත් පුළුවන්. වීරකුමාරයි ජයන්ත විජේසේකරයි ශ්‍රීලංකා එකට ගියා කියලා ජාතික නිදහස් පෙරමුණේ මිනිස්සු ශ්‍රී ලංකා එකට චන්දෙ දෙන්නේ නැහැ. එක්කො ඒ චන්ද JVP එකට දෙනවා නැත්නම් වෙන තියෙන එකකට දෙනවා. JVP එකයි හොටු පොහොට්ටුවයි අතරේ මේ වෙනකොට රහස් ගිවිසුමක් නැත්නම් තමයි පුදුම වෙන්න ඕනේ විමල්. මේක අහන්න විමල්. ඔයා වෙනම ඉල්ලුවේ නැත්නම් චන්ද හුඟක් JVP එකට යන්න ඉඩ තියෙනව. ශ්‍රී ලංකා චන්ද ගැන නෙමෙයි මම කතා කරන්නේ. අනිත් චන්ද ගැන. ඒ මිනිස්සු රාජපක්ෂලාට චන්දෙ දෙන්න නැහැ. මෙච්චර කරත්දීත් ඔයා කොහොමද අර ඒකාබද්ධ හොටු පෙරමුණු සන්ධානෙකට යන්නේ? හොටු පෙරමුණ කියන්නේ ඊයේ පෙරේද හදා ගත්ත පක්ෂයක්. එකට චන්ද පදනමක් නැහැ, අල්ලන් ඉන්න මිනිස්සු මහින්දට චන්දෙ දීපු මිනිස්සු. ඒක තාවකාලික පක්ෂයක්. නැගිටින්න හදන්නේ අනිත් මිනිස්සුන්ගේ උදව්වෙන්. හොටු පෙරමුණු සන්ධානෙට හොටු නම පාවිච්චි කරන්නේ ඉස්සරහට ඒකෙන් චන්දෙ දිනන මිනිස්සු ඒගොල්ලන්ට ඕනේ විදියට හසුරුවන්න. ඒ හින්ද හොටු පොහොට්ටුවේ ප්‍රාණ ඇපකාරයෙක් වෙන්න යන්න එපා. රාජපක්ෂලා 2005 බලයට ආවේත් JVP උදව්වෙන්. නැත්නම් මහින්ද දිනන්නෙත් නැහැ. මට හරියට මතක නැහැ, ලක්ෂ එකහමාරද කොහෙද නේද වැඩි චන්ද? මම ඒකෙන් අදහස් කලේ මොකක්ද කියලා ඔයා දන්නවා නේද? මම දැක්ක කපිල කියල තියෙනවා මේ චන්දෙ තීරණාත්මකයි, ඒ හින්දා රජයට විරුද්ධ ජනමත විචාරණයක් විදියට හිතන්න කියලා. මට තේරෙනව ඕගොල්ලෝ හිතන විදිය. හැබැයි එහෙම කියලා තමන්ගේ හයියෙන් එක එකාට චන්ද අරන් දෙන්න යන්නේ ඇයි? හොටු පොහොට්ටුව මේ කරන්නේ ඔයගේ පක්ෂේ දුර්වල කරලා, චන්ද කඩලා, පුළුවන් නම් පක්ෂේ සාමාජිකයන්ව මානසිකව වට්ටලා, අධෛර්යය කරලා ඔයාව වට්ටන්න. ඔයා වැටෙන්නේ නැති බව ඇත්ත. 2015 ලංකාවටම හයිය දීපු ඔයා වගේ කෙනෙක්ව වට්ටනවා තියා ඔයා එක්ක හැරෙන්නවත් රාජපක්ෂලාට බැහැ. ඔයාව දිගටම හිරේ තියන්න හදපු සැලැස්ම වතුරේ ගියේ ඔයා දවස් නමයක් නොකා ඉඳලා ඔයාගෙ හිතේ හයිය පෙන්නපු එකෙන්. ඒකයි කිව්වේ රාජපක්ෂලාට ඔයා එක්ක හැරෙන්නවත් බැහැ කියලා. නිමල් පියතිස්ස කිව්වා වගේ කශේක්රුකාව නැති එවුන් අතෑරලා යනවා, කුමන්ත්‍රණ කාරයෝ එක්ක එකතු වෙලා පක්ෂේ කඩනවා. සමහරුන්ට ආයේ චන්ද ඉල්ලන්න අවශ්‍යත් නැති තරම්. 2014 රාජපක්ෂලා කොච්චර සල්ලි වීසි කලත් දිනන්න බැරි වුනා. ඔයත් එක්ක තව කීප දෙනෙක් ඉන්නවා රාජපක්ෂලාට සල්ලි වලට ගන්න බැරි. ගොඩක් ඉස්සර දාපු සෙල්ලමක් මේ පාරත් දැම්ම ඔයාව අල්ලගන්න හැබැයි බැරි වුනා. ඒක වැඩක් නැහැ. අර කපිල කියනවා වගේ සිංහයව අල්ලන්න බැහැ, සිංහයා වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ සිංහයෝ ඉන්නවා. ඒ ගොල්ලන්ව හොලවන්න බැහැ. මාත් එතනම හිටගන්නවා. රාජපක්ෂලා වැටෙන කොට වැටෙන්නේ හතර ගාතේ දාලා, එක පෙලට. ඉන්නකො ඉවසන්.

  18. Champa Reply

    ඔයා හරි නම් තල්ලුවක් දෙන්න ඕනේ ඒකාබද්ධ විපක්ෂෙට (ඔයාගේ පක්ෂෙ ඇර) ශ්‍රී ලංකා එකත් එක්ක පළාත් පාලන චන්දෙට එකට එකතු වෙන්න. මම එහෙම කියන්නේ ඇයි කියලා හිතා ගන්න බැරිද? එහෙම වුනාට පස්සේ මම හේතුව මෙතන කියන්නම්.

    • Champa Reply

      Oh, when I posted this I didn’t see Weerakumara’s statement. Wimal, if they want to contest together let them do it without you. Let’s do some mischief. Hey, I have something in mind. If possible keep more contestants ready. I saw somewhere you have 400. We can easily turn it to our favour. I will tell you how.

  19. Champa Reply

    I sent the following comment to Weerakumara’s news item. Sometime they don’t publish my comments, that is why I copied here.
    ————————————-
    Quote:
    “NFF doesn’t need Weerakumara, period. Wimal is not an earthworm like Weerakumara to support Yahapalanaya government. OMG, what an idiotic prediction for 2020. It is hilarious to see those who have no principles preaching and criticizing others. Wimal has a backbone to not to change his principles. He motivated, strengthened and guided vulnerable masses and built a strong people’s fortress in 2015 AGAINST Yahaplanaya government which is still in existence. As long as Yahapalanaya exists, Wimal and the masses will protest against it. Personal vilification against Wimal shows the true motive. Nothing and nobody can make Wimal do anything in favour of Yahaplanaya government. The only reason people become turncoats run upto elections is money and positions which is a “universal truth” in Sri Lankan politics. Weerakumara is no exception. What a joker, he lived in an imaginary world. He says it was leaders who guided people in the past and now leaders let people guide them. Wake up, man, gone are the days. There are NO GULLIBLE VOTERS anymore. The last time politicians saw them was in 2015 January. Even in August 2015, it was voters who decided to whom they should vote. Politicians didn’t have any say. I remember people hooting some SLFP contestants. Even Mahinda couldn’t stop them because people were downright angry with them. Many big shots were also defeated (anyway they came back but people taught them a lesson.) Weerakumara was nowhere in the scene at the time. It as Wimal who singlehandedly carried the entire weight on his shoulder until the election was over. Wimal’s contribution to UPFA’s 95 seats were monumental. At the next general election, people will be more organized without politicians. Masses are not going to listen to leaders again because they are very much ahead of politicians. The present political stagnation is due to lack of alternatives for people in place of SLFP and UNP. If there is any alternative that are acceptable to people, read my lips, people will leave these leaders in no time and embrace new leaders.” Unquote:

  20. Champa Reply

    හොටු පොහොට්ටුව සෑහෙන සෙල්ලම් ගොඩක් දානවා. හිනා යනවා ජයසේකරගේ කතාවට නේද? රාජපක්ෂලාට විරුද්ධ files තියෙනවලු. (Somebody sent me a clip. I didn’t watch yet.) හොටු පොහොට්ටුව පෙන්නන්න හදන්නේ මේකට ඒගොල්ලන්ගේ සම්බන්ධයක් නැහැ කියලා. තව ටික දවසකින් වීරකුමාරත් රාජපක්ෂ clan එකට බනියි.

    විමල්, මම මේ කියන එක හොඳට අහ ගන්න. මොන හේතුවක් නිසාවත් විධායක ජනාධිපතිව විවේචනය කරන්න එපා. මෙතන ගොඩක් දේවල් කරලා තියෙනවා.
    — එකක් ඔයා ලව්වා ජනාධිපතිට පහර ගැහීම.
    — දෙක ඔයා ලව්වා කියවන්න ඔයා ශ්‍රී ලංකා එක ඒ කියන්නේ මෛත්‍රියි මහින්දයි එකතු වෙනවට විරුද්ධ නැහැ කියන එක. අපිට වැඩක් නැති වුනත්, මේ ටික කියන්න හිතුව. මෛත්‍රීට මහින්ද එක්ක එකතු වෙනවට වඩා බැසිල්ට ඕනේ මහින්දව මෛත්‍රීට එකතු කරන්න, එහෙම කරල මෛත්‍රී පිලත් control කරන්න. මම කියන එක තේරෙනව නේද? මම ගිය අවුරුද්දේ මුළම ඔයාට කිව්වා වගේ බැසිල් ආවේ රනිල්ගෙ contract එකකට ශ්‍රිලනිපේ කඩන්න. මතකනේ ඔච්චර දවස් ඉඳලා හොටු පොහොට්ටුව හැදුවේ රනිල්ට බැඳුම්කර චෝදනාව තදින්ම දැනුන වෙලාවේ මිනිස්සුන්ගේ අවධානය වෙන පැත්තකට හරවන්න. දැන් කරන්න හදන්නේ මෛත්‍රිව වට්ටන වැඩක්. මහින්ද එක්ක එකතු වුනොත් මහින්දට විරුද්ධව මෛත්‍රීට චන්දෙ දීපු මිනිස්සු එතනින් අයින් වෙනවා. මම කියන්නේ NGO කාරයෝ ගැන නෙමෙයි. එතකොට එයාට දෙපැත්තම නැති වෙනවා. එයාව දුර්වල කරන්නයි මේ හදන්නේ.
    — තුන්වෙනි එක ඔයාගේ පක්ෂෙ මිනිස්සුන්ට සල්ලි දීල පක්ෂෙන් අයින් කරනවා. ඒක කරන්නේ දෙකකට. එකක් කෙටි කාලීනව චන්ද පදනම කඩන්න. දෙක ෆෙඩරල් ව්‍යවස්ථාවට වැඩියෙම විරුද්ධව ඉන්න ඔයාව වට්ටන්න. කලින් මොනවා කිව්වත් President අර ෆෙඩරල් ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවේ චන්ද විමසන තැනට තරම් දුරට යන්න ඉඩ දුන්නේ නැහැ. මම කියන එක ඔයාට තේරෙනවද? ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරන ලොකුම බාධා දෙක, ඔයාව සහ Presidentව දුර්වල කරන්න හදන්නේ. මේ උගුලට අහු වෙන්න එපා. අනිත් එක හොන්දට කල්පනා කරලා බලන්න, ෆෙඩරල් ව්‍යවස්ථා අනු කමිටු කෙටුම්පත් වාර්තාව පාර්ලිමේන්තුවට ගෙනාව විතරයි SAITM විරෝධය ඉවර වුනා. SAITM අහෝසි කරන්න කියල නිර්දේශ කලේ UNP එකේ හර්ෂ. ඔයාට තේරෙනවද, රනිල්ට ඔන වුනේ ඒකාබද්ධ විපක්ෂය ලව්වා SAITM වලට විරුද්ධව විශාල විරෝධයක් ඇති කරලා මහජන අවධානය වෙන පැත්තකට හරවල තියා ගන්න අර කෙටුම්පත 2/3කින් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න තුරු. එහෙම්ම කරගන්න බැරි වුනත් දැන් ඒක පාර්ලිමේන්තුවට ගෙනල්ල ඉවරයි ඒ හින්ද දැන් මහජන විරෝධය වෙන අතකට හැරවීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ හින්දා දැන් SAITM වන්නම අවශ්‍ය නැහැ. මේ දේශපාලකයෝ Ranil හිතා ඉන්නේ මිනිස්සුන්ට මුකුත් තේරෙන්නේ නැහැ කියලා. රාජපක්ෂලා වගේ මෝල්ලු කියලා හිතා ඉන්නේ.
    — ඊළඟට වැදගත්ම දේ තමයි හොටු පොහොට්ටුව වැඩ කරන්නේ ඉන්දියාවට ඕනේ විදියට කියන එක. රාජපක්ෂලා හිතනවා ඒ ගොල්ලන්ට ආයේ බලයට එන්න ඉන්දියාවේ උදව් නැතුව බැහැ කියලා සහ අපි හැමෝම දන්නා විදියට TNA එකේ අතීත වර්තමාන සහ අනාගත දේශපාලනය ක්‍රියාත්මක වෙන්නේ ඉන්දියාවට ඕනේ විදියට. ෆෙඩරල් ව්‍යවස්ථාව පිටිපැස්සේ හුඟ දෙනෙක් හිටියට ඇත්තටම මේකෙන් වාසිය වෙන්නේ, ලොකුම අවශ්‍යතාවය තියෙන්නේ ඉන්දියාවට. තමිල්නාඩුවයි ඉන්දියාවයි එකතු කරන හීනේ හැම ඉන්දියන් අගමැති කෙනෙකුගේම පලවෙනි උවමනාව. මේ පාර තමයි එහෙමෙ කරවගන්න පුළුවන් විදියේ, ඉන්දියාවට ඕනේ විදියේ, ලංකාව පාවා දෙන්න කැමති වෙන විදියේ ආණ්ඩුවක් හදා ගත්තේ. හැබැයි ඒ වැඩේ “දැනට ප්‍රමාද වෙනවා” President රට පාවා දෙන කඳවුරෙන් අයින් වෙච්ච නිසා. ඊළඟට අනිත් පැත්තේ මුළු රටේම ව්‍යවස්ථා විරෝධය එක තැනකට ගේන එකම දේශපාලකයා ඔයා. පාට පක්ෂ භේදයක් නැතුව මිනිස්සු ව්‍යවස්ථාවට විරුද්ධ ඔයාගේ මතේ ඉන්නවා. කිසි කතාවක් නැතුව කියනව විමල් ඔයාව වට්ටන්න හදන්නේ මුළු රටෙන්ම එන ව්‍යවස්ථා විරෝධය නැති කරන්න. මහින්දගේ කණ්ඩායම ව්‍යවස්ථාදායක සභාවේ හිටිය කියලා රටේ ජනතාව ඒ පැත්තට හැරිලා මහින්ද හරියි කිව්වේ නැහැ. මිනිස්සු නිවැරදි තීරණය කියල පිළිගන්නේ ව්‍යවස්ථාවට විරුද්ධ ඔයාගේ මතය. Presidentටත් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවනවා කියල කියන්න සිද්ධ වුනේ ඔයාගේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහන කතාව නිසා. ඒ නිසා විධායක ජනාධිපති සහ ඔයාව දෙන්නවම දුර්වල කරන්න හදන මේ උගුලට අහු වෙන්න එපා.

    විමල්, මම හැමදාම කියනව වගේ ශ්‍රී ලංකා දේශපාලනය හරවන තීරණාත්මක තැන ඔයා ඉන්නේ. ඔයාගේ එක වචනෙන් හුඟක් දේවල් වෙනස් කරන්න පුළුවන්. ලංකා දේශපාලනයේ සුක්කානම යන අත වෙනස් කරන්න ඔයාට පුළුවන්. ඒ හින්දා මේ වෙලාවේ හුඟක් කල්පනාවෙන් වචන පාවිච්චි කරන්න. මේ බලන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකතුවීම හෝ බෙදීම ඔයාට වැඩක් නැහැ. ඔයාගේ ප්‍රතිපත්ති එදා ඉඳන්ම සකස් වුනේ රට වෙනුවෙන් මිසක් එක එක දේශපාලකයන් හෝ පක්ෂ වෙනුවෙන් නෙමෙයි. හැබැයි ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය සහ සංයුතිය තීරණය වෙන්නේ ඔයාගෙන් කියල කවුරු හරි කියනවා නම් ඔයා ඒක ගෞරවයක් විදයට බාර ගන්නවා. ඔයාගේ පක්ෂෙ කැමති කෙනෙකුට අයින් වෙන්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා. ඒ හින්ද එහෙම යන අයගේ හේතු වලට උත්තර දෙන එක ඔයාගේ වැඩක් නෙමෙයි, අනික එහෙම උත්තර දීලා ඒ ගොල්ලන්ට නැති වැදගත්කමක් දෙන්න ඔයා බැඳිලත් නැහැ. සමහරු පක්ෂේ පාවා දීලා පක්ෂය ඇත ඇරිලා ගියා කියලා පක්ෂ සාමාජිකයෝ පක්ෂේ ඇත ඇරලා යන්නේ නැහැ. ඔයාගේ පක්ෂේ ඉන්නේ පක්ෂෙට එකතුවෙලා ඉන්නේ රටට ආදරේ කරන මිනිස්සු. අනිත් පැත්තෙන් ඔයාගේ පක්ෂේ රට වෙනුවෙන් ගන්න තීරණ වලදි රට වෙනුවෙන් පෙනී හිටින අවස්ථා වලදී මිනිස්සු ඒ සටන් වෙනුවෙන් ඔයාට සහ පක්ෂෙට සහයෝගය දෙන්නේ පාට පක්ෂ භේදයක් නැතුව. වීරවංශ වැටුනොත් රටට එරෙහි බලවේග ශක්තිමත් වෙනවා, රටම වැටෙනවා. විමල්, ඔයාව වට්ටන්න හදන්නේ සහ ඔය ලව්වා Presidentට පහර ගහල එයාවත් වට්ටන්න හදන්නේ ඒකයි. ගොඩක් ලිව්ව. තවත් ඕන්නම් ලියන්න පුළුවන්.

    ලංකා දෙරණ කියන්නේ අත්භූත බලවේග තියෙන තැනක්. බලන්න ඔයා හැමදාම හිටිය ඉන්නවා රට වෙනුවෙන්. ඊළඟට කිසි කෙනෙක් බලාපොරොත්තු වෙච්ච නැති විදියට රට පාවා දෙන රැලේ හිටපු President ඒ රැලෙන් වෙනස්ව හිට ගත්ත. විධායක ජනාධිපති ධූරය අහෝසි කලොත් ලංකාව අරාජික වෙලා රටයි සිංහල ජාතියයි විනාශ වෙලා යන බව පෙනුන නිසා ඒක අහෝසි කරන්න මේ දක්වා President ඉඩ දුන්නේ නැහැ වක්‍රාකාරයෙන්වත්. ඊළඟට රනිල් ගෙනාපු රනිල්ගේම 19 ව්‍යවස්ථා සංශෝධනය නිසා රනිල්ට පාර්ලිමේන්තුවේ වැඩි බලය තියෙන ශ්‍රීලංකා එක හැර වෙන පක්ෂ එක්ක එකතුවෙලා ආණ්ඩුවක් හදන්න බැහැ. එහෙම වුනා නම් රනිල් මෙලහට TNA+JVP එකයි ශ්‍රීලංකා එකේ කිහිප දෙනෙකුයි සමහරවිට එකතු කරන්, වෙන ආණ්ඩුවක් හදල, තුනෙන් දෙකෙන් විධායක ජනාධිපති තනතුරත් අහෝසි කරලා, ෆෙඩරල් ව්‍යවස්ථාවත් සම්මත කරගෙන. මොන තරම් රටට භයානක තර්ජනයක් වෙන තැනකට රට ආවත් කවුරුම හරි කෙනෙක් හරි ඉන්නවා රට බේරාගන්න. එහෙම නැත්නම් මොකක්ම හරි දෙයක් වෙනවා රට බේරෙන්න. බුදුහාමුදුරුවො තුන් වරක් වැඩම කරපු, දළදා හාමුදුරුවො වැඩ ඉන්න, ජය ශ්‍රී මහා බෝධිය වැඩ ඉන්න, බුදුහාමුදුරුවන්ගෙ ශ්‍රී පතුල පිහිටලා තියෙන, කතරගම දෙවියෝ, දැඩිමුණ්ඩ දෙවියෝ ජීවමානව වැඩ ඉඳලා ආරක්ෂා කරනවා කියල මිනිස්සු විශ්වාස කරන ලංකා පොලොව ආරක්ෂා කරන්න, පෙනෙන නොපෙනෙන බලවේග හුඟක් තියනව. කලින් නොතිබුන අළුත් බලවේග එකතු කරනවා. තියෙන බලවේග ආරක්ෂා කරනවා, ශක්තිමත් කරනවා. තව ඉස්සරහට තව දේවල් වෙන්නත් පුළුවන්. මම කොහෙද තැනක දැක්ක කෙනෙක් ලියල තියෙනව ලංකාවට මෙහෙම වෙන්නේ, රටේ හරි දියුණුවක් ඇති නොවෙන්නේ, මිනිස්සු මැරෙන්නේ, ඇණකොටා ගන්නේ, හැම තිස්සෙම මොකක් හරි ප්‍රශ්ණයක් ඇතිවෙන්නේ කුවේණි ශාප කරපු නිසාලු. මම ඒ ගැන හරියටම දන්නේ නැහැ. හැබැයි ලංකාවේ පළමු අයිතිකාරයා කුවේණි මිසක් විජය හොරා නම් නෙමෙයි. අර ශාප කතාව ගැන හොයාගෙන කියවන්න ඕනේ. ඒ හින්ද මට හරියට ඒ ගැන කියන්න බැහැ. කවුද දන්නේ එහෙම වෙන්නේ කුවේණි ශාප කරපු නිසා නම්, කුවේණි ආශීර්වාද කරලා ඒ ශාපෙත් නැති වෙලා රට ස්වයංපෝෂිත වෙන්නත් පුළුවන් අනාගතේදී ආයේ කවදාවත් එතෙක් වෙහ්ච්ච දේවල් නොවෙන්න. දැන් නම් ලිව්වා ඇති. විමල්, මගේ රටට තරම්ම, නැතිනම් මගෙ රටටත් වඩා මම ඔයාට ආදරෙයි. මම වගේ හැම තිස්සෙම නොකිව්වට රටට පණ දෙවෙනිකොට ආදරේ කරන ඔයාට ලංකාවේ මිනිස්සු හුඟක් ආදරෙයි. ඒ වගේම රට වෙනුවෙන් ඔයාගෙ තිබුණු ප්‍රතිපත්ති කවදාවත් වෙනස් නොකරපු ඒ ප්‍රතිපත්ති කවදාවත් මුදලට හෝ තනතුරු වලට විතරක් නෙමෙයි හිරගත වීම වලින් බේරෙන්න කොටින්ම තමන්ගේ ජීවිතේ වෙනුවෙන්වත් පාවා නොදුන්න ඔයා ගැන මිනිස්සුන්ගේ ලොකු ගෞරවයක් ආදරයක් තියෙනවා. අගමැති කෙනෙක් ජනාධිපති කෙනෙක් නොවී එහෙම ආදරයක් ගෞරවයක් ලබන්න තරම් ඔයා හුඟක් පින් කරලා තියෙනව. ඔයාට ශ්‍රී දළදා හාමුදුරුවන්ගේ පිහිටත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදයත් මම විශ්වාස කරණ රුහුණු කතරගම කඳ සුරිඳුන්ගේ රැකවරණයත් ප්‍රාර්ථනා කරනවා. මට හිතෙනවා කතරගම දෙවියෝ නමින් චෛත්‍යයක් හදන්න, කවදා හරි දවසක, කතරගම දේවාලේ පෙනෙන මානයේ, “කන්ද කුමාර වෙහෙර” කියලා. මොකොද හිතන්නේ?

  21. Champa Reply

    “Sri Lanka doesn’t need more American bear hugs” කියලා The Diplomat එක reproduce කරලා තියෙනව The Washington Times එකේ තුබුණු article එකක්. මේ කියන්නේ ලංකාවට සම්බාධක පනවන්න කියන තැනට ගෙනල්ල ආණ්ඩුවයි අගමැතිවයි ජනාධිපතිවයි බය කරලා රට විනාශ කරන්න. 2014 යි 2017 මැයි අතරේ විතරක් බෝම්බ සහ මිසයිල් 23,900ක් ඉරාකෙටයි සිරියාවටයි දාලා කිසි හේතුවක් නැතුව සිවිල් වැසියෝ මරපු ඇමරිකාව, ලංකාව ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරපු තැන මානව අයිතිවාසිකම් හොයන්න එනව. විමල් දැන් ලංකාවට තියෙන එකම හව්හරණේ විධායක ජනාධිපති විතරයි. මම කියන්නේ මෛත්‍රී කියන පුද්ගලයා ගැන නෙමෙයි. ඒ තනතුර සහ ඒකෙන් නූලෙන් එල්ලිලා තියෙන රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ රට ෆෙඩරල් නොවීම ගැන. ඒ හින්දා එතනට පහර ගහන කිසි දෙයක් කරන්නවත් කියන්නවත් එපා. මොලේ තියෙංවා නම් President මහින්දගේ ශ්‍රීලනිප කණ්ඩායම මේ වෙලාවේ එකතු කරගන්නේ නැහැ. ඒක එයා විහින්ම එයාගේ තනතුර දුර්වල කර ගැනීමක්. ඉන්දියාවට විතරක් නෙමෙයි, ඇමරිකාවටත් දැන් හිස රදයක් වෙලා තියෙන්නේ සිරිසේන ජනාධිපතිතුමාව.

    පුංචි චන්දෙයි පක්ෂ මාරුවටයි වඩා දේවල් රටේ සිද්ධ වෙනවා. මේ සතියේ මාගම්පුර වරාය දෙනවලු අනිවාර්යයෙන්ම චීනෙට. ඊළඟට මත්තල ඉන්දියාවට දෙනවා. කිසි දවසක නොවිය යුතු විදියට නාවුක පද්ධතිය ආයෝජකයන්ට සහ විදේශිකයන්ට මුළුමනින්ම විවෘත කරන්න යන්නේ ඇමරිකාවට එතන අල්ල ගන්න. අපේ රටේ ඉඩම් මනින්න contract එක දීල තියෙන්නේ ඇමරිකන් කොම්පැනියකට. මේවයි රට මුහුණ දීලා තියෙන භයානක ප්‍රශ්න. තව ටික දවසකින් අහසයි පොළොවයි මුහුදයි ඔක්කොම අයිති වෙන්නේ විදේශිකයන්ට. මම මේක වෙන කොහේදී හරිත් ලිව්වා. අපි යන්නේ හුඟක් භයානක තැනකට. මාගම්පුර වරාය වැඩේ නවත්තන්න බැරි නම් කල් දාගන්න ඕනේ. ඒ ගිවිසුමට අනිවාර්යයෙන්ම Arbitrator කෙනෙක් හරි Arbitrary Panel එකක් හරි එකතු කරන්න ඕනේ කියල කියන්න ඕනේ. ඒක තමයි රාජතාන්ත්‍රික විදියට ඔක කල් දාගන්න Presidentට පුළුවන් විදිය. ඊළඟට මත්තලටත් ඒකම කරන්න ඕනේ. President තමයි ඒකත් කරන්න පුළුවන්. He should not allow Ranil to sell or even lease Mattala to India. ඊළඟට රනිලුයි මංගලයි කරන shipping liberalization එකට ලොකු විරෝධයක් රටෙන් එන්න ඕනේ. දැනට තියෙන විරෝධය මදි. පුංචි චන්දෙ ඉස්සරහට දාල රටම ඒක පස්සේ දුවන්න සැලසුමක් හදල තියෙනවා අනිත් භයානක දේවල් වලට තියෙන අවධානය යටපත් කරන්න. රනිල් ෆෙඩරල් ව්‍යවස්ථාව අතඇරලත් නැහැ තාම. මම තාමත් කියනව පුංචි චන්දෙ මේ වෙලාවේ තියන්න හොඳ නැහැ. රනිල්ට එරෙහිව රටම හිතන දේ සිද්ධ නොවෙන්න ඉඩ තියෙනව.

  22. Champa Reply

    මොකක්ද අනේ අර Channel එක. මං ජීවිතේට බලල නැහැ.

  23. Champa Reply

    විමල් පුංචි චන්දෙ තිබ්බොත් ජාතික නිදහස් පෙරමුණ විදියට තනියම ඉදිරිපත් වෙන්න. මේ චන්දෙ Litmus Test එකක් කරගන්න. ඔයා ඊළඟ මහ මැතිවරණෙට ඉදිරිපත් වෙන්නේ තනියම. හැමදේම සිද්ධ වෙන්නේ ඒ විදියට. ඒක නතර කරන්න ඔයාටවත් බැරිවෙයි.

  24. Champa Reply

    නඩු ගැන කතා කරනකොට වැඩිපුර මුකුත් නොකියන එක තමයි හොඳ. කපිල කිව්වට කමක් නැහැ. ඔයා කතා කරන කොට ඒකෙ අන්තර්ගතය ගැන කතා නොකරනවා නම් තමයි හොඳ. සැහැල්ලු උත්තරයක් දෙන්න නේද. මිනිස්සු දන්නවා ඔයා පස්සේ පන්නන්නේ මොකොද කියල. ඉස්සර වගේ ගොඩක් කියන්න යන්න එපා. උසාවියේ තියෙන අනිත් නඩුව ගැන මුකුත් කියන්න එපා. Wish you all the best. Love you.

  25. Champa Reply

    වේරලියද්ද අර සින්දුව කියන කොට මගේ ඇස් වලට කඳුළු ආවා. මානෙල් මල් ව්‍යාපාරයේ තේමා ගීතය මම ඇහව්වමයි. මොනා කරන්නද, මම ඒ කාලේ දේශපාලනය ගැන බැලුවේ නැහැ වෙනත් විදියේ තැනක හිටිය නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු වුනේ නැහැ.

  26. Champa Reply

    විමල්ට කතා කරන්න දෙන්න නැතුව මිනිස්සු ප්‍රශ්න අහන කොට කිසි වැඩක් නැහැනේ. හරිනම් ප්‍රශ්න screen කරලනේ දාන්න තිබුනේ. කතාවට බාධා කරන්නේ නැතුව.

  27. Champa Reply

    අර ඔයාව අනිත් පැත්තට ගන්න හදනවද මොකක්ද කිව්වේ කාටද? මටද? වෙන කාට හරි මම හිතන්නේ නේද? දන්නවනෙ, මගේ චරිතේ දෙපැත්තක් තියෙනවා. සියයට 50ක් arrogant සියයට 50ක් soft, romantic, emotional, මම ඉස්සර තරම් තදින් ඉන්න arrogant වෙන අවස්ථා දැන් අඩුයි. මොකොද ඉතින් දැන් සටනක් නැහැනේ කරන්න. හැබැයි විමල්, මම ඔයා එක්ක ඔයා ඉන්න පැත්තේ ඉන්නේ නැහැ. ඔයා හිතනවා නම් රාජපක්ෂලා විතරයි මේ රටේ රජ වෙන්න ඕනේ කියල, ඔයාට වැරදිලා. රාජපක්ෂලාට ආපහු ගෙන්න හදන එකට මම විරුද්ධ වෙනවා විතරක් නෙමෙයි, ඔයා එහෙම කරන්න හදන උත්සාහෙත් මම පුළුවන් උපරිමයෙන් පරද්දනවා. ඔයා වගේ දස ගුණයක හයියකින් මම රාජපක්ෂලා 2019/2020 ආයේ බලයට එන එක නවත්තනවා. බලා ඉන්න.

  28. Champa Reply

    Oh, I just remembered something I should have said after and may be before that Anuradhapura rally and also something I sent to you recently in a hurry, you didn’t publish which is good. I placed trust in you and I want you to maintain that because I saw there you almost slipped my trust and tried to hide it with something else, don’t remember exactly what. 😀 I noticed/heard, don’t think I am idiot. Anyways, I should stop using this space as my scribbling book so there is no issue.

  29. Champa Reply

    Your position to go ahead with Hotu Pohottuwa doesn’t bother me at all. I support your principles as they tally with mine but there is no need for me to support your decisions when they are complete opposite to mine. I don’t stop my fight to bring a common man as the next President/PM although you made it clear you are not for that. No problem. I tried to do some justice to you. But nothing and nobody can stop me going my way and reaching my goal for the country. You know even the darkest night will end and the sun will rise. So I have no worries. Rajapaksas are not coming back to power. Guaranteed. I make sure they are not coming back to power. You will have to pass me to bring them back. Try.

  30. Champa Reply

    බයගුල්ල. ගරා වැටෙන පෙලැන්ති වලටයි පවුල් දේශපාලනේටයි මුක්කු ගහනව. Godfather හිතන් ඇති එයා දිනුව කියලා. හිතන්න එපා මම අත අරියි කියලා ලේසියෙන්. මම ඔයාට 2019/2020 ඔතන ඉන්න බැරිවෙන විදියට වැඩ සිද්ධ කරනවා. රාජ්‍ය බලය, රටේ නීතිය, සම්පත්, අවස්ථා මේ හැම දෙයක්ම සුපිරි පැලැන්තියට වගේම සාමාන්‍ය ජනතාවටත් එක හා සමානවම විවෘත කරන සටනක් පටන් ගන්න කොට ඔයාට ඔතන ඉන්න ලැබෙන්නේ නැහැ. එකම විදියේ එකම පංතියේ දේශපාලකයෝ සීමිත පිරිසක් අතේ විතරක් රටේ පාලනය දෝලනය වුනු හින්දා තමයි ඇස්බැන්දුම් මිසක් රටේ සැබෑ දියුණුවක් ඇති නොවුනේ. 2019/2020 දී දශක 7කට පස්සේ මිනිස්සුන්ට අවස්ථාවක් එනවා වෙනස් විදියකට හිතන්න. හිතන්න එපා මම ඒ අවස්ථාව උදුරාගන්න ඉඩ දෙයි කියලා.

    • Champa Reply

      Ok, my apologies for calling you බයගුල්ල.

  31. Champa Reply

    අර මොකක්ද රතු කට්ට ඒකෙ script එක ලියල දීල තියෙන්නේ හොටු පොහොට්ටුවයි ඔයාගේ godfatherයිද? ඒ මොකොද කිව්වා නම් ඒකෙ ප්‍රශ්ණයි උත්තරයි දෙකම ලියලා තියෙන්නේ එකම මිනිහා සහ එක අරමුණක් වෙනුවෙන් කියලා හොඳට පෙනෙනව.

  32. Champa Reply

    විමල් මම ඔයාට තාමත් කියනවා, හොටු පොහොටුවටයි ඔයාගේ godfatherටයි ආණ්ඩුවට යන්න ඕනේ නම් ගියාවේ. ඔයා ඉන්න විපක්ෂයේ. තව අවුරුදු දෙකයි. අවුරුදු තුනක් ඉවරයි දැනටම. ඔයාට කැමති වුනත් නැතත් ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. කාගේවත් පිහිටෙන් නෙමෙයි ඔයාම තනියම ගොඩ නඟා ගත්ත නමක් දර්ශනයක් ප්‍රතිපත්තියක් ඔයාට තියෙනවා. මහින්ද යුද්ධේ දිනේ ඔයා එයාගේ ආණ්ඩුව 2007 වැටෙන්න නොදී බේරලා දුන්න හින්දා. ඔයා ජනාධිපති වෙලා හිටියා නම්, ඔයත් යුද්ධෙ නවත්තනවා. යුද්ධෙ නතර නොවුනේ ඒක වවාගෙන කන්න පුරුදුවූනු සහ ඒ පිටින් දාල රටේ අනිත් ප්‍රශ්න යට ගහන්න ඕනේ වුනු දේශපාලකයෝ හිටපු හින්දා. ඔයාගේ ගමන තාම කෙලවරට ඇවිල්ල නැහැ විමල්, තාම ඔයා මැද හරියෙ ඉන්නේ. ඒ හින්දා ඔයා ඔය විදියටම ඉන්න විපක්ෂයේ

  33. Champa Reply

    විමල් අනේ අර ඔයෑගෙ යාළුව බුද්ධදාස මම දැක්ක. අයියෝ මම හිතුවේ ගස් හිටවපු තැන් වල ගෙඩිත් හැදිලා කියලා. පව් අනේ එයාට ඔයාව හීනෙනුත් පෙන්වා ඇති නේද? මම කවදාවත් දැකල නැහැ ඔයා ගැනම ඔයි තරම් හිතන බුද්ධදාස වගේ වෙන fan කෙනෙක්. ඔයාට හිනා යනව ඇති නේද කියන ඒවාට. කවුරු හරි පොවලද කොහෙද එවල තියන්නේ. 😀 😀 කියන ඒවාට මට නම් හිනා යනව. පොඩ්ඩක් වත් තරහ යන්නේ නැහැ.

  34. Champa Reply

    You look superb on that TV Programme. I didn’t notice it before, but your perfectly trimmed beard is gorgeous.

    • Champa Reply

      ඒ වුනාට මම රැවුල්කාරයන්ට කැමති නැහැ. මම ඔයාට තෑග්ගක් දුන්නොත් ඉස්සෙල්ලම දෙන්නේ ලොකු කොස් අත්තක්.

  35. Champa Reply

    I posted this somewhere for fun. Enjoy.

    “SLPP is a ghost party or more accurately, a Political Party of a Poltergeist (a noisy ghost) who makes noise, creates disturbances, extorts and torments people. “Eliya” is the same, it is a Phantom (a silent ghost.) Both Eliya Phantom and SLPP Poltergeist are prematurely dead political souls who are seeking to dominate the real world but they can never succeed as long as there are ghost-busters.” 😀

  36. Champa Reply

    මතකද මම මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුනහම LankaCNews එකට ලිව්වා ආණ්ඩුව කසල ප්‍රශ්නේ විසඳන්න ගන්න ඕනේ කියලා garbage crushers and compactors. මට මතක හැටියට මම ඒවායේ මිලත් ලිව්වා. අද දැක්ක news එකක ඒවා ගන්න ණයක් අරගෙන කියලා. අයියෝ, මේ ආණ්ඩුවට ණය නොවී කිසි දෙයක් කරගන්න බැහැ. මම ජනාධිපති වුනානම් සල්ලි වලට එකක්වත් ගන්නේ නැහැ. වෙන විදියකට ඒවා ගන්නවා. ඔයාත් දැන්හොට්ටෙක් වුනු හින්ද කියන්නේ නැහැ ඒවා මුකුත් මම ඔයාට.

  37. Champa Reply

    බලන්න විමල් ඔයාට තේරෙන්නේ නැහැනේ මම කියන දේ, රාජපක්ෂලාම ආපහු බලයට ගෙන්න උදව කරන්න එපා කියලා. බලන්න රණවිරුවන්ට සහ සාමාන්‍ය ජනතාවට මේ රටේ ලොකු අසාධාරණයක් වෙනව අධිකරණයෙන් සහ දේශපාලනයෙන්. අධිකරණය තනිකරම සුපිරි පන්තියට සහ සල්ලි තියෙන මිනිස්සුන්ට වාසි සහගත තීන්දු දෙනවා. බලන්න ගෝඨාභය තමන්ව arrest කරන්න බැරි වෙන්න නඩුවක් දැම්ම. උසාවිය ඒක පිළිගත්තා විතරක් නෙමෙයි එයාට වාසි වෙන විදියට නඩුව කල් දානවා. එහෙම කරන්න පුළුවන් වෙන විදියට AG’s Department එක කරුණු කියනව උසාවියේදී. මොකොද ගෝඨාභය සීත කාමරේ ඉඳගෙන යුද්ධ කරපු එකට රට ණයගැති නිසාලු. හැබැයි එම යුද්ධයෙදීම යුධ බිමටම ගිහින් අව්වේ වැස්සේ දුක් විඳගෙන නොකා නොබී තුවාලත් වෙච්ච රණවිරුවන්ගේ නඩු වලදී ගෝඨාභයට දෙන වාසිය දෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිහෙක් නඩුවක් කිව්වත් එහෙමයි. සාමාන්‍ය මිනිහෙකුට පුලුවන්ද තමන්ව අත් අඩංගුවට ගන්න එපා කියල නඩුවක් දාලා බේරෙන්න? මේ අහන්න විමල්, රාජපක්ෂ කෙනෙක් බලයට ගෙනැල්ල මේක වෙනස් කරන්න බැහැ, සාමාන්‍ය පංතියේ මිනිහෙක්ගේ අතට රටේ බලය යන්න ඕනේ. මම මෙහෙම කියන්නේ අපිටත් අසාධාරනකම් වුනු නිසා. ඒ හින්ද මම දන්නවා අනිත් මිනිස්සුන්ට වෙන දේවල්. මං දවසක් කිව්වා නේද පූර්විකාවක් තියෙනව කියලා මට. ඒකෙදි කියනව. දැන් කියන්න අදහසක් නැහැ. ඕනෙනම් ඈතම ඈත අතීතයේ දෙයක් කියන්නම්. මගේ ආච්චි තමයි අපි හිටපු පළාතේ ඉඳල තියෙන ධනවත්ම කාන්තාව. ඒ හරියේ ඔක්කොම ඉඩම් තිබිල තියෙන්නේ ආච්චිට. ආච්චිගේ ගෙදර තමයි ඒ පළාතේ තිබිල තියෙන එකම උළු ගෙදර. මහ ගෙදර ඉතිහාසේ යනව පෘතුග්‍රීසි කාලේ වෙනකම්. පස්සේ මහ ගෙදර කබොක් බිත්තියක හුඹසක් හැදිලා නිසා ඒ තැන්වලම අලුත් ගඩොලින් බිත්ති බැඳලා තියෙනව ඉස්සරහ ඇරපු ඉස්තෝප්පුව එහෙම වහල. ඒ වගේ උළු ගෙවල් දෙකක් තිබිල තියෙනව එකක් ආච්චිගේ අවිවාහක නංගිගෙ. ඒකත් ඉඩමත් එක්කම රවට්ටලා හොරෙක් ලියාගෙන. ඉස්සර හුගක් අනිත් මිනිස්සු වගේ ආච්චිලත් ජීවත් වෙලා තියෙන්නේ ඉඩම්වල අදායමෙන්. පස්සේ සුද්දගේ ආණ්ඩුව පාරක් කපන්න තීරණය කරලා තියෙනවා ආච්චිගේ ඉඩම මැදින්. ඒ මොකොද ඉස්සර එතනින් අඩි පාරක් තිබිල තියෙනව මිනිස්සු ලේසියට පාවිච්චි කරපු. ආච්චි මේකට විරුද්ධව වෙලා සුද්දගේ ආණ්ඩුවට විරුද්ධව, ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව නඩු කියල. අවුරුදු ගානක් නඩු කියලා. ආච්චි නාහෙට අහන්නේ සැර පරුෂ කාන්තාවක් හින්ද කවුරුවත් කියන එකක් අහලා නැහැ, පාරෙන් එහා පැත්තේ ඉඩම් ඊට පස්සේ මෙහා පැත්තේ, තව කුඹුරු විකුණ විකුණ අවුරුදු ගානක් නඩු කියල. අන්තිමට නඩුවෙන් පැරදිලා. ඒ වුනාට ඉංග්‍රීසි ආණ්ඩුව ගත්ත ඉඩම් වලට ආච්චිට ශතයක්වත් වන්දි ගෙවල නැහැ. ආච්චිට වෙච්ච දේම තව වෙන පළාත්වල සිංහලයන්ට වෙලා තියෙනව. හැබැයි පිරිසර ගමක ජීවත් වෙච්ච මගේ ආච්චි වගේ අනිත් හැමෝම නඩු කියලත් නැහැ. පස්සේ අපේ තව කොටසක් උසාවි වලට බොරු ලේඛන ඉදිරපත් කරලා දේශපාලන බලය පාවිච්චි කරල හොරුත් අල්ලන් තියෙනව. මම අනාගතේ ඒගැන නම් මොකක් හරි කරනවා. බලන්න මම දකිනවා අදත් එදා ඉංග්‍රීසි ආණ්ඩුව මගේ ආච්චිට කරපු අසාධාරණේම, සිංහල ආණ්ඩුව මිනිස්සුන්ට කරනවා. සිංහල ආණ්ඩු බලය පාවිච්චි කරලා මිනිස්සුන්ගේ ඉඩම් ගන්නවා හැබැයි ඒවායේ වෙළඳ වටිනාකම දෙන්නේ නැහැ. මට ඕනේ මේ වගේ අසාධාරනකම් නවත්තන්න. තව තියෙනවා පස්සේ කියන්න තියාගෙන ඉන්න. තව වෙච්ච දේවල් තියෙනව. එහෙම දේවල් අනිත් මිනිස්සුන්ටත් වෙලා තියෙනව. ඒ හින්ද මට ඕනේ එහෙම දේවල් ආයේ නොවෙන විදියට ස්ථිර සැලසුමකට රටේ හැම අංශයකම, දේශපාලකයන් පස්සේ නොයන, බලය හෝ වෙනත් පිහිටක් නැති සාමාන්‍ය මිනිස්සුන්ට අසාධාරණයක් නොවෙන විදියට කාටත් එක විදියකට, වෙනස් කරන්න බැරි විදියට ක්‍රියාත්මක වෙන සමාජයක් රටක් හදන්න.

  38. Champa Reply

    තව ටික දවසක් යනකොට විමල්, සිංහලයෝ ගැන කතා කරන්න කවුරුවත් ඉන්න එකක් නැහැ. දෙමල මුස්ලිම් දේශපාලකයෝ තමන්ගේ ජාතිය ගැන විතරක් කතා කරද්දී සිංහලයෝ විතරක් නෙමෙයි හාමුදුරුවරුත් ආණ්ඩුවේ කීම අහලා සිංහලයන් බෞද්ධයන් ගැන නැතුව අන්‍ය ජාතිකයන් ගැන වෙන්න පටන් අරන්. බෞද්ධ අපිට උතුරු නැගෙනහිර තිබුණු පන්සල් බොහොමයක් අද නැහැ. ඉරණමඩුවේ බුදු පිළිමේ අයින් කරන්න කියලා කියපු දෙමල දේශපාලකයාට (නම මතක නැහැ) විරුද්ධ මහනායක හිමිවරු තියා එක හාමුදුරු කෙනෙක් කතා කලේ නැහැ, දන්නා හැටියට. මම නම් එකක් දැම්ම “අද” එකට. ඒකෙ සිංහලෙන් අකුරු දාන හැටි මම දන්නේ නැහැ. ඒ හින්ද ඉංග්‍රීසියෙන් ලිව්වේ. බෞද්ධයා ගැන සිංහලය ගැන දේශපාලකයෙක් කතා කරහම දැන් දැන් සමහර හාමුදුරුවරුත් කියනවා දේශපාලන වාසි ගන්න ජාතිවාදය අවුස්සන්වලු. එහෙම වෙන්නේ කොහොමද විමල්? පුදුම වැඩේ කියන්නේ සිංහලයන්ට ජාතිවාදිය ලේබලය අලවන්නේ සිංහලයෝමයි. අපි හුඟක් ගරු කරපු හාමුදුරුවරු වෙනස් වෙලා කියලා මට පේනවා. ඔයා නම් ජාතිවාදියෙක් නෙමෙයි විමල්. හැබැයි මම නම් ජාතිවාදියෙක්. සමහර හාමුදුරුවරුන්ට සිංහල ජාතිය ගැන කැක්කුමක් නැති වුනාට මට කැක්කුමක් තියෙනව. අන්තිමට සිංහලයා ගැන කතා කරන්න දේශපාලකයන්ගෙන් ඔයා විතරක් ඉතුරු වෙයි, ඒ මොකොද කිව්වා නම් හාමුදුරුවරු මෙහෙම් කියන කොට සිංහල දේශපාලකයෝ බය වෙනවා. ඔයා දන්නවද මට හිතෙනවා මේ හාමුදුරුවරු තව ටික දවසින් කියයි දෙමල හරි මුස්ලිම් හරි අගමැති කෙනෙක් සහ ජනාධිපති කෙනෙක් පත් වුනාට කමක් නැහැ කියලා. දෙන්නම්කො ඊළඟ චන්දෙදි.

  39. Champa Reply

    Holy cow! comments කීයක්ද 45 ක්?? මේවා delete කරල දාන්න විමල්. පල් හෑලි. I don’t remember writing this many comments. මේ සමහර ඒවා මම නම් නෙමෙයි ලියල තියෙන්නේ. මෙතැන තියෙනවා මොකක් හරි අමුත්තක්. නැතනම් මෙලොව මිනිහෙක් මේ තරම් comments ලියයිද? අනේ විමල් මෙතනට අලුත් එකක් post කරන්න please.

  40. Champa Reply

    මට රතු කට්ට පැනලා අන්න මම ඔයාටත් බැන්න. ඔයාට අහල තියෙනවද ආච්චිට හාල් ගරනව කියලා කතාවක්. මොකක්ද ඇත්තටම එකේ තේරුම?

Leave a Reply

*