BREAKING NEWS

කෙසෙල්වත්තේ සජිත් හම්බන්තොටට පැන්නේ මට බයේද – විමල්ගෙන සජිත්ට පැනයක්

කොළඹ කෙසෙල්වත්තේ උපන් සජිත් පේ‍්‍රමදාස හම්බන්තොටින් ඡුන්දය ඉල්ලන්නේ තමන්ට බියේදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ප‍්‍රශ්නකර සිටී.

පසුගිය 23 වැනිදා බෙලිඅත්ත නගරයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති ජන රැලිය අමතමින් විමල් වීරවංශ මෙසේ ප‍්‍රශ්නකර සිටියේය.

    2004, 2010 යන මහ මැතිවරණවලදී කොළඹ දිස්ත‍්‍රික්කයේ ඉහළම මනාපය දිනාගත් විමල් වීරවංශ මහතා, හම්බන්තොටින් මහින්ද රාජපක්‍ෂ කුරුණෑගලට පැන ගියේ තමන්ට බියෙන් යැයි සජිත් පේ‍්‍රමදාස මහතා හම්බන්තොට දිස්ත‍්‍රික්කය පුරා ගෙන යන ප‍්‍රචාරක මෙහෙයුම’ හමුවේ ඔහුට අභියෝග කරමින් ඉහත පැනය ඉදිරිපත් කර තිබිණි.

    බෙලිඅත්ත රැලිය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

    ” ‘දින 100න් අලූත් රටක්’ කියපු වික‍්‍රමසිංහ මහත්තයා ජූලි 22 වැනිදා තමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කරමින් කියනවා, ‘මාස 60න් අලූත් රටක්’ කියලා. දින 100න් අලූත් රටක් හැදුනාද? මාස 60න් නොවෙයි අවුරුදු 60කින්වත් මේ රට අලූත් රටක් කරන්න වික‍්‍රමසිංහ මහත්තයෝ ඔයාට බැහැ.

    මහින්ද රාජපක්‍ෂට කරන්න බැරි වෙනසක් කරාවි කියලා තමයි සමහරු හංසයාට රැුවටුණේ. දැන් තේරෙනවා තමන් හංසයා කියලා රැුවටුනේ කොකාට බව. දැන් මේ කොකා ජනතාවට ‘කොකා පෙන්වනවා’ රජයේ සේවකයාගේ මූලික වැටුප රුපියල් 10.000කින් වැඩි කළේ නැහැ. යතුරු පැදිය නොමිලේ දුන්නේ නැහැ. රුපියල් 50,000 නැවත දුන්නෙත් නැහැ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු කළේ නැහැ. ‘යෞවනයේ පොපියන චමත්කාරය: කොත්තමල්ලි’ මිල අඩු කළා. දැන් ඒකත් ගණන් ගිිහිල්ලා. දින 100, දින 180 දක්වා දිර්ඝකර ගත්තත් සිදු වුණු වෙනසක් නැහැ.

    මෛත‍්‍රීපාල නංගි පෙන්වා වික‍්‍රමසිංහ අක්කා බලයට ආවා. දින 100න් අලූත් රටක් හැදුවේ නැති වුනාට උතුරු සහ නැෙ`ගනහිර නම් අලූත් රටක් හැදෙනවා. උතුරු සහ නැෙ`ගනහිරට අදාළව නම් මේ අය මහින්ද රාජපක්‍ෂට කරන්න බැරි වෙනස්කම් කරනවා. ඒ මොනවාද කියලා බලමු. උතුරට යන තහනම් බඩු ලැයිස්තුව අයින් කළා. ඔමන්තේ මුර කපොල්ල ඉවත් කළා. අධිආරක්‍ෂිත කලාප ගැලෙව්වා. සාම්පූර් නාවික හමුදා කඳවුර ඉවත් කළා. උතුරු මුහුදේ නාවික හමුදා ආරක්‍ෂාව ඉවත් කළා. මිය ගිය කොටි නායිකාවකට අයත් නිවසක් ඇයගේ පවුලේ අයට ලබා දුන්නා. නමුත් ජවිපෙ නායක රෝහණ විජේවීර සහෝදරයා විසූ නිවස ඇතුළු පක්‍ෂයට අයත් දේපළ සියල්ල එවකට පැවැති එජාප ආණ්ඩුව විසින් රාජසන්තක කළා. අද මිය ගිය කොටි ත‍්‍රස්තවාදීන්ට සලකන විදිය බලන්න.

    මහින්ද රාජපක්‍ෂ යුද්ධය දිනලා ගතවුණු අවුරුදු 05 තුළ උතුරේ අධිකරණවලට ගල් ගැහුවේ නැහැ. සමූහ ස්ත‍්‍රී දූෂණ සිදු වුණේ නැහැ. යහපාලනය ආවා. ඒ සියල්ල සිදු වුණා. ඒ තමයි සිදු කළ වෙනස්කම්. දැන් හමුදාවට පාරේ යන්න දෙන්නේ 08දෙනාගේ කණ්ඩායම් විදියට පමණයි. දැන් හමුදාවට තනියෙන් පාරේ බැහැලා යන්න බැහැ. උතුරේ මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් පොලීසිය භාර ඇමති ජෝන් අමරතුංග ළග තියාගෙන මාධ්‍ය හමුවකදී කියනවා, ‘උතුරට කුඩු බෙදන්නේ ශ‍්‍රී ලංකා හමුදාව, ඔවුන් උතුරෙන් යවන්න  ඕනෙ’ කියලා. එතකොට ජෝන් අමරතුංග බම්මන්නා වගේ ඒක අහගෙන ඉන්නවා. විදේශ අමාත්‍ය මංගල සමරවීර, ගෝලීය දෙමළ සංසදයේ ප‍්‍රධානියා එමනුවෙල් පියතුමා, සුරේෂ් සුරන්දිරන් ලන්ඩන්වලදී හමුවෙනවා. කොටි ඩයස්පෝරාව 2015 නොවැම්බරයේදී කොළඹට ගෙනල්ලා සැණකෙළි පවත්වන්න කතා කරනවා. කොටි හිතවාදී ඩයස්පෝරාව ලක්‍ෂ 4කට ද්විත්ව පුරවැසිභාවය දීම ආරම්භ කොට තිබෙනවා. ඒ විදියට මහින්ද රාජපක්‍ෂට බැරි වුණු වෙනස්කම් මේ අය කළා. මේ දේ තමයි මහින්ද රාජපක්‍ෂට කරන්න බැරි. මේක තමයි දෙමළ ජාතිවාදී බෙදුම්වාදයේ උවමනාව. රනිල් වික‍්‍රමසිංහලා දින 100න් නතර කොට 180 දක්වා ඇදගෙන ආවේ ඒ උවමනාව ඉටු කිරිමේ න්‍යාය පත‍්‍රය

    දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ‘ආගෝස්තු 18 වැනිදා ජයග‍්‍රහණයෙන් පසුව එළඹෙන වසර 03 සඳහා අපට ස්වයංපාලන අයිතිය දීමට රනිල් වික‍්‍රමසිංහ පොරොන්දු වුණා. අපි ඒක විශ්වාස කරනවා’ කියලා කියන්නේ ඒ අනුවයි. මේ ප‍්‍රවෘත්තිය මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාර වුණා. මහින්ද රාජපක්‍ෂ මහතාට ඒවා කරන්න බැහැ. මේවා තමයි මහින්දට  බැරි රනිල්ට පුළුවන් දේවල්. 27,000ක් දරුවෝ ජීවිත පරිත්‍යාග කරලා පරද්දපු බෙදුම්වාදයට පණ දීපු එක තමයි මේ ආණ්ඩුව කළේ.

    2009 මැයි 18 වැනිදා පරද්දපු මේ රටට සතුරු බලවේග හිස ඔසවමින් තිබෙනවා. ශ‍්‍රී ලංකාවට ශක්තිමත් හමුදා මූලස්ථානයක් හදන එක මේ අය ඇවිල්ලා නතර කළා. සිදු වූ ඉදිකිරිම් පිළිබඳව තීරණය කිරීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක එවපු විගණන නිලධාරීන් සම`ග දෙමළ ජාතිකයන් දෙදෙනෙකු ඉදලා තියෙනවා. විගණන නිලධාරීන් නොවන ඒ අය ආරක්‍ෂක හමුදා මූලස්ථානයේ සැලැස්ම ඉල්ලා තියෙනවා. එහෙත් අපි දන්නා ආකාරයට හමුදාවේ ඉහළ නිලධාරීන් ඒ රහස් ඒ අයට ලබාදීලා නැහැ. ඒ එන්නෙ කොටි ඩයස්පෝරාවේ පිල්ලි.

    මේ ගමන වහාම නතර කරන්න  ඕනේ. ඒ සඳහා පණ නැති පෙන්දන් වෙනුවට පණ ඇති මිනිසා බලයට ගෙන එන්න  ඕනෙ. ඒ සඳහා ඔබට අවස්ථාව ලැබී තිබෙනවා. අගෝස්තු 17 වැනිදා එම අවස්ථාව බුද්ධිමත් ලෙස යොදා ගන්න. පණ ඇති මිනිසාට සැබෑ ලෙසම සවියක් විය හැකි, පාවා නොදෙන රටට හිතැති මිනිසුන් පාර්ලිමේන්තුවට යවන්න. මුදලට විකිණෙන, පිල්මාරු කරන, වරප‍්‍රසාදවලට කෑදර පිරිස් ප‍්‍රතික්ෂේප කරන්න”    

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*