BREAKING NEWS

“ කොළඹ ළමයි 2014 ” ළමා චිත්‍ර හා සිතුවම් දැක්ම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කලාභවනේදී

“ කොළඹ ළමයි 2014 ” ළමා සිතුවම් තරඟයේ ජයග්‍රාහී නිර්මාණ 700 ක් ඇතුළත් “ කොළඹ ළමයි – ළමා චිත්‍ර හා සිතුවම් දැක්ම ” ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) දින කොළඹ 07, ජාතික කලාභවනේදී පැවැත්විණ.

ඔක්තෝම්බර් 01 වන දිනට යෙදෙන ලෝක ළමා දිනය හා ඔක්තෝම්බර් 06 වන දිනට යෙදෙන ලෝක ජනාවාස දිනයට සමඟාමීව මෙම කොළඹ ළමයි 2014 සිතුවම් දැක්ම පැවැත්වේ. මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ඉදිකිරීම්, ඉංජිනේරු සේවා,‍ නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් කොළඹ ළමයි චිත්‍ර හා සිතුවම් දැක්ම මෙවර පවත්වනු ලැබුවේ 04 වන වරටයි.

මේ යටතේ කොළඹ නාගරික කලාප 04 ක දරු දැරියන් (උතුරු කොළඹ, නැගෙනහිර බටහිර කොළඹ, මැද කොළඹ, බොරැල්ල) 12,500කගේ සහභාගිත්වයෙන් මෙහි මූලික වටයේ තරඟ කොළඹ දී පැවැත්විණ. ඒ වයස අවුරුදු 06-09 / 09-14 / 14- 18 යන වයස් ඛාණ්ඩය යටතේය. එම තරඟයේ දෙවන වටය සඳහා දරු දැරියන් 5000 ක් සහභාගී වූ අතර, එම තරඟය සැප්තැම්බර් 20 වන දින කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ දී පැවැත්වූයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

මෙම චිත්‍ර හා සිතුවම් ප්‍රදර්ශනයේ 1 වන දින වන ඔක්තොම්බර් 01 දින ප.ව. 4.00 ට සිතුවම් දැක්ම ආරම්භ වන අතර එය එදින ප.ව.6.00 දක්වා එය ජනතාවට විවෘතව පවතී. ඔක්තොම්බර් 02 – 03 යන දිනයන්හි පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා එය ජනතාවට විවෘතව පවතී. එහි සමාරම්භක අවස්ථාව සඳහා සිතුව්ම දැක්මේ ප්‍රදර්ශනය කරන සිතුවම් 700 නිර්මාණය කළ දූ දරුවන් හා ඔවුන්ගේ දෙමවුපියන් සහභාගී විය. මෙම තරඟයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග හා සහතික පත් ප්‍රදානය ඔක්තොම්බර් 06 වන දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන ලේක ජනාවාස දින ජාතික සමුවවේ දී සිදු කිරීමට නියමිතයි.

කොළඹ අඩු පහසුකම් ජනාවාසවල ජන ජීවිතය ගොඩනැංවීම සඳහා විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ජනසෙවණ ස්වශක්ති මානව සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර ඇත. එම දරු දැරියන්ගේ කලා කුසලතා ගොඩනැංවීම සඳහා දියත්කර තිබෙන වැඩසටහන් අතරින් “ කොළඹ ළමයි ” චිත්‍ර ප්‍රදර්ශනයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.

මෙම අවස්ථාවට විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් , ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න එහි ලේකම් පී.එච්.එල් විමලසිරි පෙරේරා, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති පාලිත ගමගේ එහි අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සුමිත් වන්නිආරච්චි යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

NMD_2160 NMD_2177 NMD_2234 NMD_2245

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Related Posts

Leave a Reply

*