BREAKING NEWS

කෝප් කමිටුවේ වාර්තාව එළියට ඒමේ අවදානමෙන් මිදීමට පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරියා – ජානිපෙ නායක, විමල් වීරවංශ

මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ(COPE) වාර්තාව එළි දැක්වුවහොත් ඉන් ඇති වන ජනමතය තමන්ට ඉතාමත් අවාසිදායක වන නිසා වත්මන් පාලකයන් හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

අද(28) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මහතා එසේ චෝදනා කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසුවේය.

‘‘එක්සත් ජාතික පක්‍ෂය පාර්ලිමේන්තු බලය අත්පත්කර ගත්තාට පසුව ඔවුන් පැවසුවේ ඔවුන්ගේ පාලනය දින 100කට සීමා කරන බවයි. පසුව ඔවුන්ට දින 100කින් පාර්ලිමේන්තුව විසුරුවා නොහැර දිගටම බලයේ සිටිමේ උවමනාව තිබුණු බව පෙනුණා.

නමුත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අසීරුතාවයට පත්වන ආකාරයේ බැඳුම්කර වංචාවට ඔහුගේ සම්බන්ධය අනාවරණය වන ආකාරයේ වාර්තාවක් නිකුත් කිරීමට නියමිතව තිබුණා. පාර්ලිමේන්තුව රැස් වුණු අන්තිම දිනයේදී කෝප් කමිටුවේ සභාපති ඩිව් ගුණසේකර මහතා එම වාර්තව එළි දැක්වීමට විශාල උත්සාහයක නිරත වුණා. නමුත් කෝප් කමිටුවේ සාමාජික එජාප මන්ත‍්‍රීවරුන් යොදා ගෙන, ‘එම වාර්තාව තවදුරටත් අධ්‍යයනය කරන්න ඕනේ. අද අත්සන් කරන්න බැහැ’ කියලා ඔවුන් ලවා ප‍්‍රකාශ කරවීමට රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කළා. ඒ වන විට රනිල් වික‍්‍රමසිංහ මහතාට අවබෝධයක් තිබුණා එදින මධ්‍යම රාත‍්‍රීයේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියලා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට ඕනෙ වෙලා තිබුණේ කෝප් අනු කමිටුවේ වාර්තාව එළිදැක්වීමට ප‍්‍රථම පාර්ලිමේන්තුව විසුරුවා හැර ගන්න. සමහරවිට කෝප් කමිටුව බැඳුම්කර වංචාව පිළිබඳව මේ විදියේ පරික්‍ෂණයක් පටන් නොගත්තා නම් මේ අය පාර්ලිමේන්තුව විසුරුවා නොහරින්න තිබුණා.

වංචාවට සම්බන්ධ කවුද? බැඳුම්කර ගනුදෙනුවට කලින් දවසේ රවී කරුණානායක, මලික් සමරවික‍්‍රම යන මහත්වරු මහ බැංකුවට ගියේ ඇයි? මහ බැංකු අධිපතිවරයා කෝප් කමිටුව ඉදිරියේ ප‍්‍රකාශ කරනවා ‘මට මේ සඳහා උපදෙස් දුන්නේ අගමැතිවරයා’ කියලා. ඒවා අපට දැන ගැනීමට ලැබිලා තියෙනවා. මේ වන විට මහ බැංකු අධිපතිවරයා විදේශගතවී තිබෙනවා. මේ සියලූ කරුණු අනුව ඉතා පැහැදිළිව පෙනෙනවා, තමන් කියපු දිනයේ පාර්ලිමේන්තුව විසුරුවා නොහැරිය මේ අය මේ වෙලාවේ හදිසියේ පාර්ලිමේන්තු විසුරුවා හැරියේ වෙන කිසිම හේතුවක් නිසා නොවෙයි, කෝප් වාර්තාව එළියට ඒමේ අවදානමෙන් මිදීම සඳහායි.

රනිල් වික‍්‍රමසිංහ මහත්තයාව ආරක්‍ෂා කර ගැනීම සඳහාත් එම වාර්තාව නිල වශයෙන් පාර්ලිමේන්තුවේ සභාගතවීම හරහා ඇතිවන ජනමතය වළක්වා ගැනීමත් වෙනුවෙන් තමයි ඉතාම හදිසියේ, ආරංචි විදිහට ජනාධිපතිතුමන් ඉතා සමීපතමයන් පවා නොදන්නා තරම් වේගයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු වුණේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාම පිළිබඳව අපට අවුලක් නැහැ. ඊට ශක්තිමත්ව මුහුණදීමට අපි සූදානම්. ඒත් මේ මොහොතේ මේ අය පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ කොප් කමිටු වාර්තාව එළිදැක්වීමෙන් ඇතිවන අවදානමෙන් මිදිමට බව අවධාරණය කළ යුතුයි.

පසුගිය මාස කිහිපය තුළ අපි ‘මේ ආණ්ඩුව මොනතරම් බොරු කියලා බලයට ආපු ආණ්ඩුවක්ද? මහජනයාගේ ඇස්වලට වැලි ගැහුවේ කොහොමද?’ යන කරුණු සාක්‍ෂි සහිතව ජනතාවට තහවුරු කළා. සමහරු හිතුවා අපව දේශපාලන වශයෙන් වල දමන්න හැකිවෙයි කියලා. මහින්ද පාර්ශ්වය වල දමන්න කල්පනා කරපු සමහරුන්ට අද සිද්ධ වෙලා තියෙනවා, ‘මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමන් සම`ග දේශපාලන ක‍්‍රියාමාර්ගවලට අපටත් එකතුවෙන්න පුළුවන්ද?’ කියලා අහන්න.

අපි පසුගිය මාස කිහිපය තුළ, බොරුවෙන් මේ රටේ පාලන බලය ගත්තු මේ අය ප‍්‍රතික්ෂේප කරවන්න ඕනෙ ආකාරයේ මහජන බලවේගයක් ගොඩනැ`ගුවා. දැන් ඒ මහජන බලවේගය ඉතා මැනවින් සූදානම් මේ මහ මැතිවරණයේදී ජනවාරි 08 වැනිදා සිදු වුණු වැරැද්ද නිවැරදි කරන්න.

ජනවාරි 08 වැනිදා වුණේ ලොකු වැරැද්දක්. ඒ වැරැුද්ද දිග පළල අපට තෝරා බේරා දෙන්න පුළුවන් එක්තරා දෙමළ රූපවාහිනී නාලිකාවක වැඩසටහනකදි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. සුමන්තිරන් සිදු කළ ප‍්‍රකාශ කිහිපයකින්. එම ප‍්‍රකාශයන්හි දළ සිංහල පරිවර්තනය මම කියන්නම්. ඒවායින් මැනවින් තේරුම් ගන්න පුළුවන්, මොන විදියේ කුමන්ත‍්‍රණකාරී මෙහෙයුමකින්ද මේ අය බලය ලබාගත්තේ කියලා. ඒ වගේම මේ අය නැවත බලය ගත්තොත් අත්වන ප‍්‍රතිඵලයත් එම ප‍්‍රකාශ මගින්ම වටහා ගන්න පුළුවන්. අප ඉල්ලා සිටිනවා ඊට අදාළ වීඩියෝ දර්ශන නරඹන්න කියලා.’’

මාධ්‍යවේදීන් වීඩියෝ දර්ශනවල මුල් කොටස නැරඹීමෙන් අනතුරුව සුමන්තිරන් මහතාගේ අදහස්වල දළ සිංහල පරිවර්තනය කියැවූ විමල් වීරවංශ මහතා

‘වැදගත් දෙයක් ඔබ ප‍්‍රකාශ කළා. ‘‘ඒකීය රට’’ සංකල්පය පිළිබඳව. මෙවර මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප‍්‍රකාශයේ ආරම්භයේදී ජාතික හෙළ උරුමයේ ඉල්ලීම පරිදි ‘‘ඒකීය රටක් තුළ විසඳුම’’ යන පදය තිබුණු නමුත් අපි ඔහුව මුණ ගැහිලා කිව්වා ඒකීය රටක් තුළ විසඳුමක් ගන්න බැහැ කියලා. එය සාර්ථක වෙන්නේ නැහැ කියලා. ඒ නිසා එම වචනය ඉවත් විය යුතුයි කියලා අපි කිව්වා.
ඉන්පසුව ජාතික හෙළ උරුමයයත්, අපවත් කැඳවා දෙපැත්තම එකගව එම වචනය මැතිවරණ ප‍්‍රකාශයෙන් ඉවත් කරන්න පුළුවන් යැයි එකග වූ පසුවයි අපි ඔවුන්ට සහාය දුන්නේ. ඔබ මුල් පිටපත හා ප‍්‍රකාශිත පිටපත් අරන් බැලූවොත් එය පෙනේවි.

ඒ නිසා, ඒකීය රටක් තුළ කිසිඳු විසඳුමක් අපට පිළිගත නොහැකියි යන්න ආණ්ඩුවත් දන්නවා. ජනාධිපතිවරයාත් දන්නවා. එපමණක් නොව ජාතික හෙළ උරුමය ද එය පිළිගෙන තියෙනවා.ඒ නිසා මෙය සුළු වශයෙන් ඉදිරියට යෑමක් වුවත් මෙය විසඳුමේ වැදගත් පියවරක්.’

‘‘මෙතැන තියෙන වැදගත් කරුණ තමයි, පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා සම`ග සිටි ජාතික හෙළ උරුමය ‘ඒකීය රාජ්‍යයක් තුළ විසඳුමක්’ කියලා මුලින්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට දමනවා. දෙමළ ජාතික සන්ධානය කියනවා, ‘එහෙම දානවා නම් අපට බැහැ’ කියලා. එහෙම කියපුවාම ‘එ්කීය රාජ්‍යය’ කියන කොටස අයින්කර ගන්නවා. ඒක තමයි මේ සුමන්තිරන් මහත්තයා කියන්නේ. ඔහු කියනවා, ‘ජනාධිපතිවරයාත් පිළිගන්නවා ඒකීය රාජ්‍යයක් ඇතුලේ විසඳුමක් නැහැ කියලා. හෙළ උරුමයත් ඒක පිළිගන්නවා’ කියලා. මේවා පසුගිය ජනාධිපතිවරණ කාලයේ ඇති වූ දේවල්’’

මාධ්‍යවේදීන් විඩියෝ දර්ශනවල දෙවන කොටස නැරඹීමෙන් අනතුරුව සුමන්තිරන් මහතා එහිදී දක්වූ අදහස්වල දළ සිංහල පරිවර්තනය කියැවූ විමල් වීරවංශ මහතා

‘උතුරු – නැගෙනහිර එකතු කිරීම අපගේ මූලික ඉල්ලීමක්. ඕනෑම විසඳුමක් තුළ එය මූලික ඉල්ලීමක් ලෙස අන්තර්ගත විය යුතුමයි. මෝඩි කොළඹට පැමිණි විට සම්බන්ධන් මහතා සමග කථා කළා. පැයක් පුරා අපේ සාකච්ඡාව පැවතුණා. මෙම රට දෙකඩ කරන ලෙස අප කීවේ නැහැ. නමුත් අපගේ ජනතාව බෙදන්න එපා. අපේ ජනතාව එක් ජනතාවක් ලෙස ඔවුන්ගේ දේශපාලන බලය භාවිතා කළ යුතුයි. උතුරු – නැගෙනහිර එක්වන විසඳුමක් ලැබිය යුතුයි. එය අපගේ මූලික ඉල්ලීමක්. එය කෙලෙස ද කරන්න ඕනේ. පුද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ගෙනල්ලා ප‍්‍රයෝජනවත් නොවන තත්ත්වයට එය පත් නොකළ යුතුයි. කොහොම හරි නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ඉතිං මම මුලින් කිව්වා වගේ එක් පක්‍ෂයක් පක්‍ෂයි නම් අනෙක් පක්‍ෂය විරුද්ධයි. නමුත් වර්තමාන තත්ත්වය SLFP නායක ජනාධිපති, ඹභඡු නායක අගමැති ලෙසත් ඉන්නවා. මෙම තත්ත්වය (සංශෝධනය) ඊළග මැතිවරණයෙන් පසුවත් ඇති වේ නම් විරුද්ධත්වයක් නොමැතිව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ හැකියාව තියෙනවා. කෙරෙයි කියලා නොවෙයි කියන්නේ හැකියාවක් තියෙනවා කියලයි.’
ප‍්‍රශ්නය – නමුත් ඔභ් කීවේ මීළග මහ ඡන්දයෙන් පසුවයි විසඳුම ලැබෙන්නේ කියලයි. (මින්නල් නිවේදක)
‘ඔව්! බහුතරය එයි කියලා අපි හිතනවා.SLFP නායක මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති, UNP නායක රනිල් අගමැති මොවුන් දෙදෙනාම එකතුව රජයක් ගොඩ නගන්නේ නම්(ජාතික ආණ්ඩුවක් යැයි ඔවුන්ම ප‍්‍රසිද්ධියේ කියලා තියෙනවා) එවැනි ජාතික ආණ්ඩුවක් අපේ සහයෝගයත් සමග 2/3 ලබාගනීවී. එම ආණ්ඩුවක් ගැනීම සඳහා අපි සියලූ උත්සාහයන් ගන්නවා.’

‘‘සුමන්තිරන් මහත්තයා කියන්නේ, ‘පළමුව හවුල් ආණ්ඩුවක් හදලා, ඊට පස්සේ දෙමළ ජාතික සන්ධානයත් එකතුවෙලා 2/3 හදලා, උතුර හා නැග‍ෙනහිර ඒකාබද්ධ කරපු වෙනම ස්වයං පාලනය නිර්මාණය කරන, ඔවුන් ඉල්ලන ජාතිවාදී බෙදුම්වාදී විසදුම් ලබාගන්න පුළුවන් වෙයි ඊළග මහ මැතිවරණයෙන් පස්සේ ‘කියන එකයි.
මේ වැඩසටහනේදීම සුමන්තිරන් මහත්තයා ප‍්‍රකාශ කරනවා, ‘ඔව් අපට මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා සමග එකගතාවක් තිබුණා. ඒක අපි කාටවත් කියන්නේ නැහැ. ඔබට (ප‍්‍රතිවිරුද්ධ පාර්ශ්වයෙන් වැඩසටහනට එක්ව සිටි ඩග්ලස් දේවානන්ද මහතාට) කියන්නෙත් නැහැ. ඔබට කියලා අපිට සිංහල ජනතාව අවුස්සන්න අපට අවශ්‍ය නැහැ. අපි අතර එකගතාවක් තියෙනවා’ කියලා. මේ මොකක්ද වෙන්නේ? හොර එකගතා හදාගෙන ආණ්ඩුවක් හදාගෙන තියෙනවා. මේ එකගතාවලින් කොටසයි මේ කාලය තුළ ඉටු වූයේ. ඉතිරි කොටස කරගන්න තමයි මේ ‘දනිපනි’ ගාලා ආයෙත් එන්න හදන්නේ. ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියනවා, ‘දීපු පොරොන්දු ඉටු නොකරපු, තමන් මේ රටට කරපුු කිසි දෙයක් කියාගන්න බැරි මේ අයට යළි අවස්ථාව දෙන්න එපාෟ’ කියලා.

නෙළුම් කුළුණ දැන් හැදෙමින් තිබෙනවා. එහි විදුලි සෝපානය හැදිමේ කොන්ත‍්‍රාත්තුව පසුගිය ආණ්ඩුව නිසි පරිදි ආයතනයකට ලබාදී තිබුණා. මේ ආණ්ඩුව ඒ කොන්ත‍්‍රාත්තුව ඉවත් කරලා සුදුසු නැති ආයෙකුට ඒ කොන්ත‍්‍රාත්තුව ලබාදී ‘අතයට ගාණක්’ ලබාගත්තා. ඒ වගේ හොරාකෑමේ ව්‍යාපාර සිදුකළා හැරෙන්න, මේ රට වෙනුවෙන් මේ ආණ්ඩුව කිසිවක් සිදුකර නැහැ. දුප්පත් ජනතාවගේ ජනප‍්‍රිය කෑම වේලේ මිල අඩු කරන්න මේ අයට බැරි වුණා. හාල්, පොල්, පරිප්පු, කරවල මිල අඩු කළා නම් ඔවුන්ට ඒ ජනප‍්‍රිය ආහාර වේලවත් අඩුම තරමින් කන්න තිබුණා. ඉතාහාසයේ වැඩිම සහල් මිල දැන් තමයි වාර්තා වෙන්නේ. අතුරු අය- වැයෙන් අඩු කළ භාණ්ඩවල මිලත් තිබුණු මිලටත් වඩා වැඩි වී තිබෙනවා.
රුපියල අවප‍්‍රමාණය වන සෑම මොහොතකම ආනයනික භාණ්ඩවල මිල වැඩිවෙනවා. අපි අනතුරු හගවපු දේවල් ජනතාවට අත් විඳින්න සිදු වුණා. නැවත බෙදුම්වාදය හිස ඔසවන රටක් ඇති. වෙලා තියෙනවා. දෙමළ ඩයස්පෝරාවට සැණකෙළි පවත්වන්න ඉඩ හදලා දෙන රටක් ඇතිවෙලා තියෙනවා. 2015 නොවැම්බර් වන විට ගෝලීය දෙමළ සංසඳයේ කාර්යාලය කොළඹ පිහිටුවන්න ඒ අය තට්ටු ගොඩනැගිල්ලක් හොයනවා. ඔවුන් බලා ඉන්නවා ඩයස්පෝරාවේ සල්ලි ටික ගෙනල්ලා මේ රටේ ආර්ථික මර්මස්ථාන හැසිරවීමේ බලය තමන් අතට ගන්න. දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ ලක්‍ෂ 04කට ද්විත්ව පුරවැසිභාවය ලබාදෙන්න යනවා. ඡන්ද බලය විතරක් නොවෙයි, ඒ ලක්‍ෂ 04ට මේ රටේ වැදගත් ස්ථානවල දේපළ මිලදී ගැනීමේ හැකියාවත් ලැබෙනවා.
‘කොටින්ට නිදහස – රණවිරුවන්ට සිපිරිගෙය’
මේ විදියට අපි දිනාගත් රටේ ආරක්‍ෂාව දිනෙන් දිනම දුර්වල වෙනවා. උතුරු පළාතේ සිදු වන දේ ගැන අද නියම වාර්තාව මාධ්‍යවල පළ වන්නේ නැහැ. පසුගිය දිනවල ආරක්‍ෂක හමුදා සාමාජිකයකුට අත් වූ ඉරණම අපි දන්නවා. 2000 වන විට ඒ හමුදා සාමාජිකයා සේවයේ නිරතව සිටි ප‍්‍රදේශය කොටින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටි ප‍්‍රදේශයක්. ඒ ප‍්‍රදේශවලට අපේ ‘මහසෝන් බලකාය’ නමින් හඳුන්වපු බලකාය රිංගුවේ රට බේරාගැනීම වෙනුවෙන්, හමුදා ප‍්‍රධානීන් දුන් නියෝග අනුවයි. ඒ පිරිස ඒ සඳහාම පුහුණු කරපු අය.
‘මහසෝන් බලකායේ එක් සෙබළෙක් දුෂ්කර මෙහෙයුමකට ගිහිල්ලා තම රාජකාරිය ඉටු කිරිමේදී එකම ඉරියව්වවෙන් ඉන්න සිදු වෙලා, බඩ පස්වලට ඇලිලා තුවාල වෙලා, පනුවන් ගහලා තිබියදී යළි පණ බේරාගෙන ආවා’ කියලා. මම අහලා තියෙනවා. මේ අය ඒ විදියට රට වෙනුවෙන් දැවැන්ත කැපකිරිම් සිදු කල අය. ඔවුන් ඒ ප‍්‍රදේශවලට ගියේ පෞද්ගලික කෝන්තරයක් පිරිමසාගන්න නොවෙයි. මේ අය රට බෙදන්න සන්නද්ධව සටන් කරපු ත‍්‍රස්තවාදීන්ගේ අඩවියට ගිහිල්ලා දවස් ගණන් රැකගෙන ඉදලා සතුරාගෙන් ඒ ප‍්‍රදේශ බේරාගත් වීරයන්. එහෙම ගියාම ඒ බව දකින අයට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරන එක හමුදා සංස්කෘතියේ ස්වභාවයක්. ඒක කරන්නේ තමන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන්. ඒ ප‍්‍රදේශවල ඒ දිනවල සිටියේ එක්කො කොටින්ගෙන් අවි පුහුණුව ලබපු අය, කොටින්ගේ ඔත්තු කරුවන් වැනි අය. කොටින්ට සිවිල් සන්නද්ධ බලකායක් හිටියානේ, ‘මක්කල් පඩෙයි’ කියලා. ඒ අය සටනට ආවේ ආයුධය අතින් අරගෙන නමුත් සරම, කමීසය ඇදගෙන. දැන් මේ පිරිස සිවිල් ජනතාව ලෙස සලකලා ඒ හමුදා සාමාජිකයාව ජීවිතාන්තය දක්වා සිරගත කරනවා.
නමුත් කණගාටුදායක දේ තමයි, තමලනී ඇතුළු කොටි නායක නායිකාවන්ට දැන් ඇප ලැබෙනවා. මින්නල් රූපවාහිනී සංවාදයේදී සුමන්තිරන් කියනවා. ‘මම දේශපාලන සිරකරුවන් නිදහස් කර ගන්න ජනාධිපතිතුමන් සමග සාකච්ඡා කළා. 278ක් ඉන්නවා අධිකරණ ඇමතිතුමන් එක්කත් කථා කළා, ඔවුන්ට විරුද්ධ නඩු ඉවත් කරවා ගන්න. 54ක් නිදහස් කරන්න ජනාධිපති සමාව ඕනෙ. අනෙක් අයගේ නඩු ඉවත් කළාම ඇති’ කියලා. උසාවි හරහා නිදහස් කරගන්නේ කොහොමද? නිතිපති දෙපාර්තමේන්තුවෙන් කියනවා විරුද්ධත්වයක් නැහැ කියලා. ඒකට දැන් කමිටුවක් දාලා තියෙනවා. සුමන්තිරනුත් ඒ කමිටුවේ ඉන්නවා.
මනුෂ්‍ය ඝාතන ඇතුළු බරපතල අපරාධ සිදුකළ කොටි සැකකරුවන් නිදහස් කරගන්න දැන් කමිටු දාලා තියෙනවා. ඒ සාකච්ඡා හොඳින් සිදු කෙරෙනවා. අපේ රට බේරා ගන්න කොටියාගේ අඩවියට ගිහිල්ලා අනේකවිද දුෂ්කරතා මැද කැප කිරීම් කරපු හමුදා සාමාජිකයන් ජීවිතාන්තය දක්වා සිරගෙට යවනවා. මේකයි අද ඇති වෙලා තියෙන වෙනස.
ඉදිරි මහ මැතිවරණය තමයි මේ රට ඇදගෙන යන විපත්තිදායක මාර්ගයෙන් රට බේරාගන්න ලැබෙන එකම සහ අවසන් අවස්ථාව. ඒ නිසා ජාතියේ දූ දරුවනි, අපි ඔබෙන් ආයාචනාත්මකව ඉල්ලනවා, ‘සූදානම් වෙන්න. මේ සටන ජයග‍්‍රහණයෙන් කෙළවර කළ හැකි සටනක්. මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් අග‍්‍රාමාත්‍ය ධුරයට පත් කරලා අලූත් ආණ්ඩුවක් හදලා රට නැවත නිසි ම`ග ගෙන යාමේ ප‍්‍රයත්නය සඵලකර ගැනීමට අත්වැල් බැඳ ගන්න’ කියලා.’’
මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල්, නියෝජ්‍ය ලේකම් නීතිඥ කපිල ගමගේ යන මහත්වරුද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015-06-2803 02

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*