BREAKING NEWS

ජනතාවට අවුරුදු සතුටත් අහිමි කළ මේ ආණ්ඩුව දෙපෝයකින් නොවෙයි එක පෝයකින්ම ගෙදර යැවිය යුතුයි

ජනතාවට අවුරුදු සතුටත් අහිමි කළ මේ ආණ්ඩුව දෙපෝයකින් නොවෙයි
එක පෝයකින්ම ගෙදර යැවිය යුතුයි
– ජානිපෙ නායක විමල් වීරවංශ
අවුරුදු 30ක යුද සමයේදීවත් නොපැවති දුෂ්කර තත්ත්වයකට රට ඇද දමා ජනතාවගේ අවුරුදු සතුටත් අහිමි කළ මේ ආණ්ඩුව දෙපෝයකින් නොව එක පෝයකින්ම ගෙදර යැවීමට ජනතාව පෙළගැසිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

අද(11) ශ‍්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් සහ රාමඤ්ඤ නිකායේ මහ නාහිමි සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

‘‘මාස තුනකට ආසන්න කාලයක් සිරගතව සිටියදී මා දේශපාලන දඩයමට එරෙහිව ආහාර වර්ජනය කරමින් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කරනු ලැබුවා. එම උපවාසයට දින 08ක් සම්පූර්ණ වූ පසු රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පෙමසිරි මහ නාහිමි සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමි ලිඛිතවත් සියම් මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝ නායක පූජ්‍ය පල්ලත්තර සුමනජෝති නාහිමි ඇතුළු මහා සංඝරත්නය ජාතික රෝහලට වැඩම කර වාචිකවත් උපවාසය නතර කරන ලෙස මාගෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම් අනුව මා උපවාසය නතර කරනු ලැබුවා. උන්වහන්සේලාගේ ඉල්ලීම් අනුව මා උපවාසය නතර කිරීමට අදාළ වූ කරුණු දන්වා සිටින්නයි අද මහනුවරට පැමිණියේ.

අපිව සිරගෙවල්වල දාන්නේ රටට යහපතක් කරන්න නොවෙයි. අපිව සිරගෙවල්වල දැම්මාම මේ රටේ මිනිස්සුන්ගේ අතමිට සරු වෙනවා නම් අපි හැමදාම සිරගෙවල්වල ඉන්න සූදානම්. එට්කා ගිවිසුම අත්සන් නොකරනවා නම්, නව ව්‍යවස්ථාවක් ගෙනල්ලා මේ රට දෙපලූ නොකරනවා නම්, අපි සිරගෙවල්වල ඉන්න සූදානම්. හැබැයි අද සිදු කරන්නේ රටට ආදරය කරන දේශපාලන නායකයන්, පැවිදි නායකයන් රණවිරුවන්ගෙන් සිරගෙවල් පුරවන එක. අද රට ඇදගෙන යන්නේ දිනාගත් ජයග‍්‍රහණ අහිමි කරවන දිසාවටයි.

එට්කා ගිවිසුම අත්සන් කරලා ඉන්දියාවේ මනදොල සපුරන්න, ව්‍යවස්ථාවක් ගෙනල්ලා ජාතිවාදී, බෙදුම්වාදී සියලු බලවේගවල මනදොල සපුරන්න, ඉන්දියාවට, ඇමෙරිකාව ඇතුළු බටහිර බලවතුන්ට මේ රට විකුණන්න තමයි මේ ආණ්ඩුව හදන්නේ. ඒ ප‍්‍රතිපත්තියට එරෙහිව අපි ජනතාව සමග සටන්වදින නිසයි මේ විදියට සිරගෙවල්වල දාන්නේ. සිරගෙවල්වල සිටියත් එළියේ සිටියත් අපි මේ ආණ්ඩු විරෝධී සටන ජනතාව වෙනුවෙන් ඉදිරියට ගෙන යනවා.

මා සිරගතව සිටි මාස තුනකට ආසන්න කාලයේ ජනතාව සාමුහිකවත් තනි තනිවත් මා වෙනුවෙන් භාරහාර වුණා. විරෝධතා පැවැත්වූවා, විවිධ ක‍්‍රියාමාර්ගවල නිරත වුණා. අපට සිරගත ජීවිතය අර්ථවත් ලෙස ගෙවන්න එම ක‍්‍රියාමාර්ග පිටුවහලක් වුණා. ඔවුන්ට අපගේ කෘතවේදීත්වය දැක්වීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

අපි කළ නිරීක්ෂණ අනුව ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් මේ අවුරුදු සමයේ ඇතිව තිබෙන්නේ. අවුරුදු 30ක යුදමය තත්ත්වයකදී වුවත් මේ රටේ ජනතාව මීට වඩා හොඳින් අවුරුදු සමරුවා. ජනතාවගේ ආදායම පහළ යාමත් ව්‍යාපාරිකයන්ට ආදායම් නොලැබී යාමත් විසින් මේ අවුරුදු සමයේ ඉහළම සතුට භුක්ති විඳීමේ අවස්ථාව අහිමි වෙලා තිබෙනවා.

මේ සියලු තත්ත්වයන් අනුව මේ ආණ්ඩුව පෝය දෙකකින් නොවෙයි එක පෝයකින්ම ගෙදර යැවිය යුතුව තිබෙනවා’’

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර, දේශපාලන මණ්ඩල සභිකවරු වන උදයශාන්ත ගුණසේකර, නිරෝෂන් පේ‍්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුද, නියෝජ්‍ය ලේකම්වරු වන පළාත් සභා මන්ත‍්‍රී නිමල් පියතිස්ස හා නීතිඥ කපිල ගමගේ යන මහත්වරුද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-04-11

 

විමල් වීරවංශ මහතා අද(11) මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි බැහැදැකීම සහ ඉන් අනතුරුව මාධ්‍ය වෙත දැක්වූ අදහස්

 

 

විමල් වීරවංශ මහතා අද(11) ශ‍්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් පසු රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පෙමසිරි මහ නාහිමි බැහැදැකීම හා ඉන් අනතුරුව මාධ්‍ය වෙත දැක්වූ අදහස්

 

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    මේකට ලියන comment එක මොකක්ද කියල හිතා ගන්න බැරුව ඉන්නවා. The title and the main photo make me look different directions.

    මේ newitem එකේ title එකේ හැටියට මට හිතුනේ විමල් අවුරුදු සෙල්ලම් කරන්න යනවා වගේ. සාටකයෙන් ඇස් බැඳගෙන කණ අලියාට ඇස් තියන සෙල්ලම එහෙම. තව මොනාද සෙල්ලම්, මට මතක නැහැ. ඔන්න කණා මුට්ටි බිඳින්න යනවා නම් එහෙම, ඇස් බඳින කොට මුට්ටිය අල්ලන් ඉන්න හොඳද, නැත්නම් ඇස් බැන්දට පස්සේ සංවිධායකයෝ මුට්ටිය අයින් කරන බව පේන එකක් නැහැ.

    Title එක එහෙම වුනාට, පින්තූරේ බලපුවහම නම් හරිම පහන් හැඟීමක්, සැනසිලිදායක හැඟීමක් ඇති වෙනවා.

    විමල්ගේ ජීවිතේ බේරලා දුන්නට, මුළු ලංකාවම රාමඤ්ඤ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපානේ පෙමසිරි මහ නාහිමි සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමිවරුන්ට සදා ණය ගැතියි. (ලංකාවේ ලොකුම හාමුදුරුවරු දෙනමක්නේ, විමල්. එදා ලියුම් හරියට කියැව්වෙත් නැති නිසා මට ඒ හාමුදුරුවරුන්ගේ නම් මතක හිට්යේ නැහැ). ඒ වගේම එදා විමල් වෙනුවෙන් ජාතික රෝහලට වැඩම කල සියම් මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝ නායක පූජ්‍ය පල්ලත්තර සුමනජෝති නාහිමි ඇතුළු මහා සංඝරත්නයටත් අපේ ගෞරවය හිමි වෙනවා.

    විමල් ඔබටත් ජාතික නිදහස් පෙරමුණේ හැමදෙනාටමත්, ඔබ හැමෝගෙම පවුල්වල හැමදෙනාටමත්, රණවිරුවන්ටත් ඔවුන්ගේ පවුල්වල හැමදෙනාටමත්, සියලු ලංකාවාසීන්ටත් සුභ අළුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා.

    මොන තරම් දුෂ්කරතා තිබුනත්, අන්තිම දුප්පත් පවුලක් වුනත් සිංහල අවුරුද්දට කිරිබතක් උයලා සිංහල අවුරුද්දු සමරනවා කියලා මම හිතනවා. අපේ සිංහල සංස්කෘතිය ඉදිරි පරම්පරාවටත් දකින්න පුළුවන්වෙන්නේ අපි සිංහල අවුරුද්ද, වෙසක්, පොසොන් වගේ සිංහල අපේ සංස්කෘතිය සමඟ බැඳුනු ජාතික සහ ආගමික උත්සව සමරලා අපිට ආවේනික සංස්කෘතික අංග ලක්ෂණ, අපේ වටිනාකම්, අපිට උරුම අපේ දේවල් අගය කරමින් ඒවා රැක ගත්තොත් විතරයි.

    හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    • Champa Reply

      ප්‍රියතම මන්ත්‍රීතුමා, මේ ප්‍රවෘත්තියට “අවුරුදු ක්‍රීඩා” ගැන මම කරපු විහිළුවට සමාව ඉල්ලනවා.

      It was nothing but a light hearted joke. I most sincerely apologize if it hurt your feelings.

      එදාට පස්සේ දැන් තමයි ඒක කියැව්වේ. අනිත් එක මම video බලන්න හරිම කම්මැලියි. මම කියැව්වේ news එකේ caption එක විතරයි. මම ඒක ලියනකොට video එක බලලා තිබුනේ නැහැ. අද දැන් තමයි බැලුවේ. මගෙ විහිළුව ගැලපෙන්නේ සහ අදාළ නැති බව දැන් තමයි තේරුම් ගියේ.

      I am so sorry Wimal. I mean it. මම ලේසියෙන් ලියපු දෙයක් ගැන සමාව ඉල්ලන කෙනෙක් නෙමෙයි. පසු තැවෙන කෙනෙකුත් නෙමෙයි. වෙන කාගෙන්වත් ලියපු දේකට සමාව ඉල්ලුවා කියලා මතකයක් නැහැ. හැබැයි ඔබට කල විහිළුවට දැන් පසු තැවෙනවා වගේම සමාවත් ඉල්ලනවා. (තරහද? අනේ තරහා වෙන්න නම් එපා. I love you so very very much).

  2. Champa Reply

    විමල් දළදා වහන්සේ වඳින්න ගිහින් ඉන්නවා දැකලා හරිම සතුටක් ඇති වුනා. සුදු මල් වට්ටියක් අරගෙන ගිහින් හුඟක් භක්තියෙන් දළදා වහන්සේ වඳිනවා දැක්කා. මම වඳින තරම්ම භක්තියෙන් වඳිනවා දැක්කා. එතකොට තමයි මමත් විමල් වෙනුවෙන් දළදා හාමුදුරුවන්ට වෙච්ච භාරයක් මතක් වුනේ. දළදා වහන්සේ ගැන මගේ ලොකු භක්තියක් විශ්වාසයක් තියෙනවා. මම විශ්වාස කරන්නේ කවුරුවත් කියපු නිසා නෙමෙයි, මගේ පෞද්ගලික අත්දැකීම් වලින්.

    විමල් ඔබට දළදා වහන්සේගේ පිහිට, ආශීර්වාදය, ආරක්ෂාව, රැකවරණය තියෙනවා. කවදාවත් වරදින්නේ නැහැ.

    1989 ඉඳන් ඔබ පියවරෙන් පියවර, අඩියෙන් අඩිය, පඩියෙන් පඩිය උඩට ආව කෙනෙක්. ඔබ ඔබේ නොසැලෙන, නොබිඳෙන තනි ශක්තියෙන්, වීර්යයෙන් ඔබේ පාර හදා ගත්ත කෙනෙක්. හිමිහිට නමුත් රටම දෙදරවමින්, කිසි කලබලයක් නැතුව වුනත් රටම අවදිකරමින්, ඔබේ හඬ මුළු රටටම දැනෙන, හැඟෙන, පෙනෙන සහ අද වෙනවිට නැතුවම බැරි විදියට ඉතාම ස්ථාවරව ඔබේ ගමන ඇවිල්ල තියෙනවා. (ජනතා විමුක්ති පෙරමුණ කරපු ලොකුම මෝඩකම තමයි ඔබට එහි නායකත්වය නොදීම). රටත් ඔබත් දෙකක් නොව එකක් විදියට රටම සලකන තරම් වැදගත් කමක්, ප්‍රමුඛත්වයක් ඔබට අද රටේ තියනවා.

    ඔබ තරම් තමන්ගෙ පණත් දෙවැනිව රටට ආදරේ කරන තවත් කෙනෙක් ලංකාවේ ඇති කියල මම හිතන්නේ නැහැ. කාලෙන් කාලෙට එහෙම චරිත අපි දකිනවා. නමුත් ඔබ වගේ නොබෙදුණු රටක් වෙනුවෙන්, ඒකීය රටක් වෙනුවෙන් එක දිගටම සටන් කරපු, රට වෙනුවෙන් නොනවතින නිරන්තර අරගලයක යෙදුනු, රණ විරුවන් රැක ගන්නට අභීත හඬක් නඟපු, එදා වගේම අදටත් වෙනස් නොවී එකම ප්‍රතිපත්තියක හිටපු, තවත් දේශපාලන නායකයෙක් ලංකාවේ නැහැ.

    මම කැමති ලංකාවම ඔබ වගේම රටට ආදරේ වෙනවා දකින්න. ඔබ වගේ හිතන බොහෝ දෙනෙක්, තවත් ලක්ෂ ගණනක් සිංහලයෝ බිහි වෙනවා දකින්න.

    “ජනසටන -1” ට ඔබ කල කතාව අහලා මම ලියපු කවියක පේලි ටිකක් මට මතක් වුනා. අනිත් ඔක්කොම මතක නැහැ.

    ඔබ හිතුවේ ඔබෙ යුතුකම
    රට රැකීම එකම පැතුම
    මට ඕනෑ දහස් ගණන්
    ඔබෙ අඩි පාරේ දැකීම!

    යෝධ වීර්යය ලැබෙන්ට
    ඔය දෑතට ඔබේ හිතට
    මගෙ සෙනෙහෙත් සවියක් වී
    ඔබේ ධෛර්යය වැඩෙන්ට!

    පාට පක්ෂ භේද නැතුව
    රටකම ආදරෙ ලබනවා
    ඔබ ලැබුනේ රටේ පිනට
    දළදා හිමි ඔබ රකිනව!

    විමල් ඔබට මහානුභාව සම්පන්න ශ්‍රී දළදා සමිඳු පිහිටත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදයත්, රුහුණු කතරගම කඳ සුරිඳුන්ගේ රැකවරණයත්, යෝධ බල යෝධ වීර්යයත්, ශක්තියත්, ධෛර්යයත් මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

Leave a Reply

*