BREAKING NEWS

ජනතාවාදී ආණ්ඩුවක් හදන්න පළමු වෙඩි මුරය තබන්න මැයි පළමුවැනිදා කිරුලපනට එන්න – ජාතික නිදහස් පෙරමුණ

දිනූ නිදහස අහිමි කරමින් මේ රට බටහිර අධිරාජ්‍යවාදයේ අගුපිලක් බවට පත් කරමින් සිටින මේ ආණ්ඩුව පලවා හැර ජනතාවාදී ආණ්ඩුවක් සෑදීමේ පළමු වෙඩි මුරය තැබීම සඳහා එළඹෙන මැයි පළමුවැනිදා කිරුලපන දී පැවැත්වෙන මැයි දින රැලියට එක්වන ලෙස ජාතික නිදහස් පෙරමුණ සියලූ ප‍්‍රගතිශීලී ජනකොටස් වෙතින් ඉල්ලා සිටි.

අද(27) කොටුව දුම්රියපොළ අසලදී දැනුම්වත් කිරීමේ පත‍්‍රිකා බෙදාහැරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ ජානිපෙ නියෝජ්‍ය සභාපති, හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය පියසිරි විජේනායක මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ පියසිරි විජේනායක මහතා මෙසේද පැවසීය.

‘‘දින 100ක් ගත වන විට හාල් කිලෝව රුපියල් 110ක් වෙලා තිබෙනවා. අඩු වෙලා තියෙන්නේ ආප්ප. බල්ලන්ට කන්න ආප්ප අරන් දෙනවා වගේ තමයි මේ ආණ්ඩුව ජනතාවගේ බත්පතට කෙළෙව්වේ. ජනතාවගේ ප‍්‍රධාන ආහාර වේලේ අයිතිය මේ ආණ්ඩුව විසින් අහිමිකර තිබෙනවා. බඩු මිල අඩු කරනවා කියලා ඔවුන් ජනතාව රවටලා තියෙනවා. මේ වංචාකාරී, ප්‍රෝඩාකාරී ආණ්ඩුව අපි ගෙදර යැවිය යුතුයි.

ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය වගේම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රගතිශීලී කොටස් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සමග අත්වැල් බැඳ ගෙන මේ ආණ්ඩුව ගෙදර යැවීමේ සටන අරඹලා තියෙනවා. පොරොන්දු වුණු ජනතා සහන ලබා නොදුන්නා පමණක් නොවෙයි, බෙදුම්වාදීන්ගේ උවමනාවන් ඉටුකරන තැනට මේ ආණ්ඩුව පත්වී තිබෙනවා. ශ‍්‍රී ලංකාව පසුගිය කාලයේ ලෝකය තුළ තනිවී තිබුණා කියා ජාතිය අමතමින් වත්මන් ජනාධිපතිවරයා පැවසුවා. තනිවී සිටි ශ‍්‍රී ලංකාව ලෝකය සමග එකතු කළා කීවාට ඇත්තෙන්ම සිදු කර ඇත්තේ ඉන්දියාවේ, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල උවමනාවන් සමග ශ‍්‍රී ලංකාව ගැටගැසීමයි.

පසුගිය අවුරුදු 10 පුරා බටහිරට යටත් නොවී ඔවුන්ගේ උවමනාවන් ඉටු නොකර ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය රැුකදීමට මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් සමත් වුණා. ඔහු මේ රටේ ජනතාව අභිමානයක් සහිත ජනතාවක් බවට පත් කළා. මේ රට යළිත් බටහිර අධිරාජ්‍යවාදීන්ගේ අගුපිලක් බවට පත් කළ රනිල් – මෛත‍්‍රී ඇතුළු හත් හවුල ගෙදර යවන්න අපි අත්වැල් බැඳගත යුතුයි. මේ ආණ්ඩුව ගෙදර යවලා යළිත් මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් ජනතාවාදී ආණ්ඩුවක් හදන්න අපි මේ රටේ සියලූ ප‍්‍රගතිශීලී ජනකොටස්වලට ආරාධනා කරනවා.

ඒ ජනතාවාදී ආණ්ඩුව සෑදීමේ පළමු වෙඩි මුරය තබන්න ඒකාබද්ධ ජාතික වෘත්තීය සමිති බලමණ්ඩලය සමග එක්ව අප දේශපාලන පක්‍ෂ විසින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන් කිරුලපනදී පවත්වනු ලබන මැයි දින රැලියට එක්වන ලෙස සියලූ ප‍්‍රගතිශීලී ජනකොටස් වෙතින් ඉල්ලා සිටිනවා.’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015-04-27

GLA_9731

GLA_9772

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*