BREAKING NEWS

‘ජනතාව සිටින්නේ බෝඞ් ලෑලි සමඟ නොවෙයි, තම අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින ජීවමාන නායකයා සමඟ බව, 2015 ගෙදර යැවූ මහින්ද රාජපක්‍ෂයන් ඔප්පු කර පෙන්වූවා’

‘ජනතාව සිටින්නේ බෝඞ් ලෑලි සමඟ නොවෙයි, තම අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින ජීවමාන නායකයා සමඟ බව,
2015 ගෙදර යැවූ මහින්ද රාජපක්‍ෂයන් ඔප්පු කර පෙන්වූවා’

– විමල් සමනල ක්‍රීඩාංගණයේදී ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවට කියූ අපූරු කතාව

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තම දේශපාලන පක්‍ෂවල බෝඞ් ලෑලි අත්පත් කරගෙන සිටිය දී 2015 දී ගෙදර යැවූ මහින්ද රාජපක්‍ෂයන් ‘ජනතාව සිටින්නේ තම අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින ජීවමාන නායකයා සමඟ මිස බෝඞ් ලෑලි සමඟ නොවන බව’ අද ඔප්පු කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ හතා පෙන්වා දුන්නේය.

ඒ මහතා මේ බව පැවසුවේ ‘වැඩ කරන ජනතා ඒකාබද්ධ මැයි රැලියට එක්ව සිටි ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව ඉදිරියේ අදහස් දක්වමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

“පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලය, මේ රටේ දේශපාලන සිතියම කණපිට හරවමින් තිබෙනවා. උතුර, දකුණ, නැගෙනහිර, බටහිර වෙනසකින් තොරව මේ රටේ වැඩ කරන ජනතාවගේ ලෙයින්, දහඩියෙන් ගොඩනැඟුණු ව්‍යවස්ථා සංශෝධන ගෙන එමින් සිටි මේ ආණ්ඩුව පෙබරවාරි 10 වැනිදා ඡන්දයෙන් තමයි තමන්ට අත් වී තිබෙන ඉරණම දුටුවේ. එම ඡන්දයෙන් ඔවුන්ට ලැබුණු අන්ත පරාජය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැගෙනහිර වෙරළට තල්ලු වී තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අද නැඟෙනහිර වෙරළේ ‘සිප්පි කටු’ ඇහිදිනවා (ජනතාවගේ සිනා)

‘රනිල් වික්‍රමසිංහ එළවන්න’ කියලා එජාපයේ සාමාජිකයන් කියන කතාවට පණ ආවේ පෙබරවාරි 10 වැනිදා ප්‍රතිඵලයට පසුවයි. ඊයේ (06) සුගතදාස ක්‍රීඩංගණයට එකතු වුණු එජාප පිරිස පැවැත්වූයේ මැයි රැලියක් නොවෙයි. ඒක ‘රනිල් වික්‍රමසිංහ කියන බලිය එළවන මැයි වලියක්’ බවට පත්ව තිබුණා. ඒ අනුව පෙබරවාරි 10 වැනිදා ප්‍රතිඵලය, එජාපය ගෘහස්ථ ක්‍රීඩාංගණයක මැයි රැලිය පවත්වන තැනට ඇද දැමුවා.

‘පාණ්ඩුවක්’ ජනපති කරගෙන ආණ්ඩුවක් කිරීම

මේ රටේ වැඩකරන ජනතාවගේ ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරවන මැයි රැලිය තමයි අද මේ විදියට ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ ලක්‍ෂ සංඛ්‍යාත ජන ගඟකගේ සහභාගීත්වයෙන් පවත්වන්නේ. රට බෙදුම්වාදී ව්‍යවස්ථාවකින් බෙදනවාට විරුද්ධ, ජාතික සම්පත් විකුණා දමනවාට විරුද්ධ, 2015 පබරවාරි 18 වැනිදා නුගේගොඩින් ඇරඹි මහින්ද සුළඟ නිර්මාණය කරපු වැඩ කරන ජනතාවගේ මැයි රැලිය තමයි මේ අප පවත්වනු ලබන්නේ. දැන් බලන්න පාසල් දරුවාට පෙළ පොත් ටික නැතිව හූල්ල හූල්ල ඉන්න වුණු, ගොවියාට තම වගාවන් විකුණාගන්න බැරිව වහ ටිකක් කන්න වුණු පාලනයක් අද තිබෙන්නේ. ‘පාණ්ඩුවක්’ ජනාධිපති කර ගෙන ආණ්ඩුවක් කරන්නේ කොහොමද?

‘දැනටමත් විශ්‍රාම යවලා ඉවරයි’

සිරිසේන ජනාධිපතිතුමා අද මඩකලපුවේදී කියනවා, ‘මම 2020 දී විශ්‍රාම යන්නේ නැහැ’ කියලා. නමුත් ජනාධිපතිතුමනි මතක තබා ගන්න ‘මේ රටේ ජනතාව දැනටමත් ඔබතුමා විශ්‍රාම යවලා ඉවරයි’ කියා. ඔබ දැන් කල් ඉකුත් වූ භාණ්ඩයක්. පෙබරවාරි 10 වැනිදා මේ රටේ ජනතාව විසින් පෙන්වා දුන්නා ‘මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දුන් ජනවරම කල් ඉකුත් වූ ඒකක්’ කියලා. 13%ක ඡන්ද ප්‍රතිශතයක් ගත්තු කෙනෙක් කොහොමද රටක් පාලනය කරන්නේ?

‘තරඟයට හොරකම් කිරීම’

මේ ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්ව දෙක අද තරඟයට හොරකම් කරනවා. එක්කෙනෙක් මහ බැංකුව කෙල්ලකන කොට අනෙක් කෙනා කෝටි දෙකක් හොරකම් කරනවා. එක්කෙනෙක්ගේ හොරකම් අනෙක් කෙනා ‘ලීක්’ කරන කොට අනෙක් කෙනාත් ඒ දෙයම කරනවා. මේ ජනාධිපතිතුමා මේ අවුරුදු තුනේ රටට මොනවද කරලා තිබෙන්නේ? කැබිනට් සංශෝධන කරලා තිබෙනවා. ඒක හරක් පට්ටියක හරක් ටික තණකොළ කන්න බදින කණුවල මාරු කරමින් ගැට ගැසීමට සමානයි. ඒ කෙහෙල්මලට අමතරව එතුමා මේ අවුරුදු තුනේ මේ රටට වෙන මොනවාද කළේ?

‘රුපියල අද මස්තබාල්දු කරලා ඉවරයි’

ඩොලරයක් සඳහා අද රුපියල් 165 ගෙවන්න ඕනෙ. කිරිපිටි, ගෑස් ඇතුළු භාණ්ඩවල මිල ඉහළ දැමීම හැර මෙයාලට වෙන විසඳුම් නැහැ. රාජපක්‍ෂ පාලනයට වඩා අඩු මිලට බඩු ගන්න බලාගෙන හංසයාට කතිරය ගහපු අයියලා අද ලැජ්ජාව නිසා කණ්නාඩියෙන් මූණ බලා ගන්න විදියක් නැතිව ඉන්නවා. නීති විරෝධීව සිංගප්පුරුව සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරපු මේ ආණ්ඩුව සිංගප්පූරු ජාතික වෘත්තිකයන්ට පමණක් නොවෙයි, සිංගප්පූරුවේ වෘත්තීයමය සේවාවන් සපයන ඉන්දියානුවන්ටත් මේ රටේ රැකියා කරන්න ඉඩකඩ හදලා දීලා ඉවරයි. මේ අය මේ රටේ දූ දරුවන්, අනාගත පරපුර ගැන වද වෙන පිරිසක් නොවෙයි. ඔවුන් වද වෙන්නේ තමන්ගේ බටහිර – ඉන්දියානු හාම්පුතුන්ගේ න්‍යාය පත්‍රය ගැන විතරයි.

‘අලුත් උසාවියට යවන්න හදපු අලුත් හොරු’

දැන් අලුුතෙන් හොරු අල්ලන උසාවි හදනවා. ඒ උසාවිවලට ඉස්සේල්ලාම යවන්න වෙන්නේ කෝටි දෙකේ අල්ලස් සිදු වීමට අදාළව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ලේකම් පී. දිසානායක. මහ බැංකු මංකොල්ලයට අදාළව අගමැති රනිල් වික්‍රමසිංහවත් යවන්න පුළුවන්. ලස්සන වචන ටිකක් ඉස්සරහට දාගෙන ආපු මේ අය මේ හදන්නේ ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් බවට පත් කිරීමටයි. ආර්ථික වශයෙන් අසමත් වුණාම කොටින්ගේ කළු සල්ලි ටික මේ රටට ගේන්න පුළුවන්. විදේශ සමාගම්වලට මව් පොළොව අපෙන් උදුරා ගන්න පුළුවන්. දේශපාලනමය වශයෙන් අසමත් කරන්න හදන්නේ ව්‍යවස්ථා සංශෝධන හරහායි. ගෙන එන්න හදන ව්‍යවස්ථා සංශෝධනවලින් කවර ආණ්ඩුවක් ආවත් මේ රට ඇද වුටුණු තැනින් ගොඩගැනීමට නොහැකි තත්වයක් හදනවා. මේ දවස්වල නීතිඥ නෝනා කෙනෙක් දමාගෙන මේ රටේ විනිසුරුවරුන්ට පහර දෙන්නේ, ‘මේ රටේ අධිකරණ පද්ධතිය ස්වාධීන නැහැ’ කියලා බටහිරට ඒත්තු ගන්වන්න. එවිට ජාත්‍යන්තර විනිසුරන්ව මේ රටට රැගෙන එන්න පාර කැපෙනවා. මේ සියල්ල අවසානයේ ඉතිරි වන්නේ ‘ශ්‍රී ලංකාව නැමති අසමත් රාජ්‍යයයි’.

‘උතුරේ පන්සල් හදන්න දෙන්නේ නැහැ’ කියා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් කියනවා. මේ රටේ සභ්‍යත්වය, ඉතිහාසය නිර්මාණය කළේ බුද්ධාගම ද නැතිනම් සුමන්තිරන්ලා ද? සුමන්තිරන්ලාට එහෙම කියන්න හයිය ලැබුණේ මේ ජාතිවාදී, බෙදුම්වාදී, ද්‍රෝහී ආණ්ඩුවට සහ මේ තක්කඩි පාලකයන් දෙදෙනාට පිං සිද්ධ වෙන්න. මේ පොළොවේ බෞද්ධ විහාරස්ථාන හදන එක තහනම් කරන කෙනෙකුට මේ පොළොවේ ජීවත් වීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් නැහැ. අපි කියනවාද ‘මෙහෙට කෝවිල්, දේවාල එපාෟ’ කියලා. මේ රටේ බෞද්ධ සභ්‍යත්වය තමයි හින්දු, කතෝලික, ඉස්ලාම් ආගමිකයන්ට එකට ජීවත් වීමේ වාතාවරණය හදලා දීලා තිබෙන්නේ.

‘සජිත් යාල විතරක් නොවෙයි…’

සජිත් ප්‍රේමදාස, සුමන්තිරන් එහෙම කියද්දි දුටුගැමුණු රජතුමා, එළාර සමඟ අන්තිම සටන කරපු තැන, විජිතපුර පුරාවිද්‍යා භූමිය ඩෝසර් කරලා නිදන් ටිකට වැඬේ දෙන්න ගියා. ‘ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි’ කියනවානේ. මෙයා පුරුද්ද අත හරින්නෙම නැහැ. යාලට විතරක් නොවෙයි දැන් අනුරාධපුරයටත් යනවා. ඒ නිසා මේ රටේ ඉතිහාසය, සභ්‍යත්වය, උරුමය මරන, මේ රට අසමත් රාජ්‍යයක් කරලා බටහිරට සිත් සේ කොල්ල කන්න දෙන මේ තක්කඩි ආණ්ඩුවට ඉදිරියට යාමට ඉඩ දී නිහඬව බලා ඉන්න බැහැ.

රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ පක්‍ෂවල බෝඞ් ලෑලි බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින විට 2015 ගෙදර ගිය මහින්ද රාජපක්‍ෂ ඔප්පු කර පෙන්වූවා ‘ජනතාව සිටින්නේ තම අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින ජීවමාන නායකයා සමඟ මිස බෝඞ් ලෑලි සමඟ නොවෙයි’ කියා. ඒ නිසා මේ ද්‍රෝහී පාලකයන්ට මේ අපේ මව් පොළොව පාපන්දුවක් කර ගැනීමට නොදී එය ඔවුන්ගේ ග්‍රහණයෙන් මුදවා ගැනීමේ සටන ඔබ අතට ගත යුතුයි. මහින්ද රාජපක්‍ෂයන්ගේ නායකත්වයෙන් ඒ සටනට උරදෙමු. ඒ සඳහා පෙරට එමු. ඔබගේ අයිතිවාසිකම් දිනා ගැනීමට වුවත් මේ රාජ්‍යය, ඒකීය රාජ්‍යය නොනැසී පැවතිය යුතුයි. ඒ නිසා ‘පළමුව ඒකීය රාජ්‍යය – දෙවැනිව අයිතිවාසිකම්’ කියන තැනට එමු. ඒ මහා සටන ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට ඔබට ධෛර්යෟ, ශක්තියෟ

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2018/05/08

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    ගෝඨාභය ජනාධිපති වුනොත් එයා කවදාවත් මහින්දව අගමැති කරන්නේ නැහැ. ඊළඟට වෙන්න පුළුවන් දෙයක් කියන්නද? රනිල්ට මිනිස්සු විරුද්ධ නිසා ගෝඨාභය රනිල් එක්ක එකතු වෙන්නේ නැහැ. ඊළඟට හැදෙන්නේ මෛත්‍රී-සජිත්-ගෝඨාභය හවුලක්. ඒ ආණ්ඩුවේ අගමැති වෙන්නේ සජිත්. මම මේක මීට ඉස්සෙල්ල කිව්වා. හැබැයි ගෝඨාභය අගමැති කරන්නේ කවුද කියල කිව්වොත් ඕගොල්ලන්ට සිහි එලවෙන එකක් නැහැ කියල මම කීවා. දැන් තවත් තියාගෙන ඉන්න වැඩක් නැහැ. ඒකයි වෙන්න පුළුවන් දේ කිව්වේ. සියයට 100ක්ම මේකනම් ස්ථිරයි. රනිල් ඉඩ දෙයිද කියන එක කියන්න බැහැ. UNPකාරයොත් ගෝඨාභයට කැමති නැහැ. නමුත් බලය තිය ගන්න අන්තිමේ UNPකාරයෝ ඕනේ දෙකට කැමති වෙන්න ඉඩ තියෙනව. මම කොහේදී හරි දැක්ක මාස ගානකට ඉස්සෙල්ල ගෝඨාභය කියල තියෙනවා ශ්‍රීලනිප පක්ෂේ වෙනුවෙන් එයාගේ තාත්ත ගොඩක් වැඩ කළා කියල. එයා කියන්න හැදුවේ ශ්‍රීලනිප එක අයිති මහින්දට විතරක් නෙමෙයි අපිටත් අයිතියි කියන එක. මට මේ කතාව ඇල්ලුවේ නැහැ කියලා ඒ දවස්වලම ඔයාට කියන්න හිතුව. හැබැයි අමතක වුන. මෛත්‍රී ශ්‍රීලනිප එක ගෝඨාභයට භාර දෙනවා ශ්‍රීලනිපය නැති කළා කියල මිනිස්සුන්ගේ චෝදනාවලින් බේරෙන්න. මේකට එරෙහිව මහින්ද වෙනුවෙන් විකල්පයක් තියෙනවද විමල් ඔයාට? මේක හරිම අසාධාරණයි. MR හුඟක් නින්දා අපහාස අවමන වින්දේ ගෝඨාභයයි බැසිලුයි සජිනුයි තව වටේ හිටපු අම්බට්ටයොයි හින්ද. මම නොසෑහෙන්න එයාව විවේචනය කළා තමයි. ඒ කිසි දෙයක් ආපහු ඇදල ගන්නේ නැහැ. මම කරපු විවේචන ඔක්කොම නිවැරදි විවේචන. මට සමහර වෙලාවට දුක හිතෙනවා ඔයාගේ godfather stage එකෙන් stage එකට යනකොට. සිද්ධ වෙන්න ඕනේ අපි 2015 කියපු දේ මිසක් අනිත් උන්ට ඕනේ දේ නෙමෙයි. අපි මොනව හරි නිකොලොත් මහින්දව නිකම්ම ගෙදර යවයි. දැන් අපි මෙහෙම වෙන්න දීලා නිකම් ඉන්නද යන්නේ? එහෙම කොහොමද? මේ ටික ලිව්වේ වේලාසනම ලැහැස්ති වෙන්න. ගෝඨාභයට support කරලා කතා කරන්න එපා. ඔයා විතරක් නෙමෙයි ඔයාගේ පක්ෂේ අනිත් අයත්. ඕගොල්ලෝ ඔය කියන තරමේ ඉල්ලුමක් ගෝඨාභයට තියෙනව කියල මට පෙන්නේ නැහැ. කොළොඹ පිරිසකුයි තව FB එකෙයි ඉන්නවා. සාමාන්‍ය මිනිස්සු අතරේ මහින්දට තරම් ඉල්ලුමක් ගෝඨාභයට නැහැ. එයා හුඟක් ආත්මාර්ථකාමී කෙනෙක්. ඔයාට මේක තේරෙනවත් ඇති දැන්. ඔයා මම දන්නේ නැහැ, මම නම් මෙතන අවුරුදු 3 හමාරක් තිස්සේ ඉන්නේ 2015 ඔයා රට වෙනුවෙනුයි මහින්ද වෙනුවෙනුයි රටෙම් මිනිස්සු එක තැනකට එකතු කරන කොට මහින්ද වෙනුවෙන් පැත්ත පළාතක නොහිටපු මිනිහෙක්, මහින්දවම ගෙදර යවපු මිනිස්සු එක්ක එකතු වෙලා ජනාධිපතිකම ගන්නව බලන්න නෙමෙයි. මම 2016 කෙනෙක් ගැන කිව්වා මහින්දගේ විකල්පයක් ගැන. හැබැයි ඔයාට වැරදුන. කිව්වේ කා ගැනද කියන එක දැන් කියන එක හරි නැහැ. ඔයා හිතුවේ මම කියන්නේ ගෝඨාභය ගැන කියලා. මටත් ඒක තේරුනේ පස්සේ. හරියට මම එකම දවසේ මහින්දයි ගෝඨාභයයි දෙන්නම අභාරාමයට දෙපාරකට ගියපු දවසක දෙන්නගෙම video දෙක මම දැක්ක. එදා මාධ්‍ය වල කෙනෙක් ඇහැව්වා ගෝඨාභයගෙන් මහින්ද එක්ක ඉන්න කොටසක් කඩාගෙන ගිහින් ආප්ප න්‍යාය විදියටද වැඩ කරන්න යන්නේ කියලා. ගෝඨාභය ඒ වගේ ප්‍රශ්නෙකට ලැස්ති වෙලා හිටියේ නැහැ. එදා MR දැක්කහම මට දුක හිතුන. ඊට පස්සේ මං හිතන්නේ මම මහින්ද ගැන කවියක් දැම්ම ඔයාට තේරෙන්න මට කියන්න ඕනේ වුනු දේ. මෙතනින් නවත්තනවා. ගෝඨාභය කවදාවත් ලංකාවේ ජනාධිපති වෙන්නේ නැහැ. එයාව නවත්තන්න ඒ කාලේ වෙනකොට වෙන කෙනෙක් ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා. ඔයා නොහිතන කෙනෙක් වෙන්න පුළුවන්.

  2. Champa Reply

    When I wrote the above I didn’t see John Seneviratne’s speech. I watched it only now. See….. I am sure you see what is going to happen. When did write the other comment? Let me see.

    • Champa Reply

      I wrote to you on the 10th. I said if he is to be the common candidate of the other side what are you going to do? Did I give ideas to people? I hope not. It was there all the time now only coming to surface. People will leave MR and rally around him as MR can’t contest again for Presidency. Anyways, there is no way a Rajapaksa becoming the next President. I stand by what I said. And I knew he will contest. Shall I tell you something. The contenders for the next Presidency will all be outsiders. No politician will contest. Mark my word.

  3. Champa Reply

    එල එල. හිනා යන නිවුසුත් තියෙනවා. හැබැයි වෙන්නේ මේකයි. ගෝඨාභයට විරුද්ධව තව මිනිහෙක් ඉදිරිපත් වෙනවා. අවසාන මොහෙතේ. ස්වාධීන. එතකොට ගෝඨාභයට විරුද්ධ මිනිස්සු ඒ පැත්තට චන්දෙ දෙනවා. අනිත් එක යුඑන්පි එකයි මෛත්‍රීගේ ශ්‍රීලනිප එක්කයි එකතු වෙන කාටවත් මිනිස්සු චන්දෙ දෙන්නේ නැහැ, දේශපාලකයෝ මොනවා හිතුවත්. දෙමල මුස්ලිම් මිනිස්සු කවදාවත් ගෝඨාභයට චන්දෙ දෙන්නෙත් නැහැ. ගෝඨාභය පරදිනවා. කොයිතරම් ලොකුවට පටන් ගත්තත් අන්තිම මොහොතේ වෙනසක් වෙනවා. වැඩිම වුනොත් 20%ක් චන්ද ගනියි. එනවද දාන්න ඔට්ටුවක්?

  4. Champa Reply

    Congratulations for the 10th Anniversary of the National Freedom Front on the 14th May. Aren’t you celebrating? I didn’t see any preparations. Have you forgotten? Look at SLFP who laughed at NFF as a three wheel party. Look at them, soon they will be a three wheel party, unless of course, you know….

  5. Champa Reply

    What’s wrong?

  6. Champa Reply

    මම හරිම දිග comment එකක් ලිව්වා. අර LCN එකට ඉස්සර මම ලිව්වේ ඕගොල්ලෝ ඉස්සරහරට කරන්න ඕනේ focus කරන්න ඕනේ මොන වගේ දේවලටද කියල. හැබැයි මට දැන් ඒක එවන්න හිතෙන්නේ නැහැ.
    ඒකෙ කියපු එක වැදගත් දෙයක් විතරක් කියන්නම්. මහින්දයි ඒකාබද්ධයි විපක්ෂයයි විතරක් නෙමෙයි ඔයත් මෛත්‍රී ගේ උගුල් වල වැටෙන එකේ ඉවරයක් නැහැ. මම list එකක් ලිව්වා. වැටිච්ච උගුල් ගැන. හැබැයි මේ කියන්නේ අන්තිම උගුල. ඒ තමයි මෛත්‍රී, මහින්දයි ඒකාබද්ධ විපක්ෂයි ලව්වා ගෝඨාභයව ජනාධිපති අපේක්ෂකයා විදියට ඉදිරිපත් කරවන එක. එයා ඉන්නේ ඒක වෙනකම්. ඊට පස්සේ මෛත්‍රී කියනව එයයි එයාගේ ශ්‍රීලනිපයයිත් ගෝඨාභයට support කියලා. අනිත් පැත්තෙන් සජිත් එකතු වෙනවා. ඊට පස්සේ නළුවෝ වෙන්නේ ඒ තුන්දෙනා. ඔගොල්ලොම ගෝඨාභයගේ නම දුන්නට පස්සේ ආයේ ඇදල ගන්නද? ඊට පස්සේ මහින්දයි ඒකාබද්ධ විපක්ෂයයි ප්‍රේක්ෂකයෝ වෙන්ව විතරක් නෙමෙයි මහින්දව විශ්‍රාමත් ගන්වනවා. ඕගොල්ලෝ කවදාවත් පාඩම් ඉගෙන ගන්න මිනිස්සු නෙමෙයි. මෙච්චර දෙයක් තේරෙන්නේ නැත්ද? ඕක තමයි අන්තිම උගුල. හැබැයි එයා පරදිනවා ඕගොල්ලොත් පරද්දගෙන.

    ඊළඟට රනිල් මොකක් කරයිද? රනිල් කැමති වෙයි ඒ මොකොද කිව්වා නම් එයාගේ නායකත්වයට තියෙන ආසන්නම තර්ජනය වෙන සජිත් එලියට යනවට. ඊට පස්සේ එයා අනිත් පක්ෂ, ජේවීපී, දෙමල සහ මුස්ලිම් පක්ෂ එකතු කරගෙන වෙනම ඉල්ලනවා. ඕගොල්ලන්ට නැතිවුනාට රනිල්ට target එකක් තියෙනවා. එයාගේ ඉලක්කය යුඑන්පී සහ දෙමල මුස්ලිම් චන්ද වලින් දිනන එක. හැබැයි රනිල් තරඟෙට ඉදිරිපත් වෙන්නේ නැහැ. එයා වෙන කෙනෙක් දමනවා. මොකොද පැරදුනොත් රනිල්ට නැති වෙන්න දේවල් ගොඩක් තියෙන නිසා. එයාගේ පොදු අපේක්ෂකයා කවුද කියලද හිතන්නේ? චම්පික හරි රාජිත හරි කියලද? පිස්සුද? එයා දමයි සරත් ෆොන්සේකාව ගෝඨාභයට විරුද්ධව. සරත් ෆොන්සේකා උඩින්ම කැමති වෙනවා. එයාට නැති වෙන්න දෙයක් නැහැ. ඒකයි මම අර උඩ කිව්වේ ඊළඟ ජනාධිපතිවරණෙට ඉදිරිපත් වෙන ඔක්කොම outsidersලා, non-polticians කියලා.
    ඕගොල්ලන්ට ඔයිට වඩා ඉස්සරහට වෙන දේ ගැන හිතලා සූදානම් වෙන්න මොලයක් තියෙනව. මිනිස්සු අවුරුදු ගණනාවක් තිස්සේ වුනත් ඊළඟ චන්දෙ එනකම් ඉවසන් ඉන්නේ යහපාලන ආණ්ඩුවයි ජේවීපී එකයි රටට කරපු අපරදෙටයි මහින්දව එලවපු එකටයි අන්තිම පාඩම උගන්නල දේශපොලනයෙන් අයින් කරලා දාන්න. ඒ මිනිස්සුන්ව අතරමං කරලා දාන්න ඕගොල්ලන්ට කිසිම අයිතියක් නැහැ. දේශපාලකයෙක් නොවෙන විකල්පයක් හොයාගෙන ඊළඟ ජනාධිපතිවරණෙට ඉදිරිපත් කරන්න. රට වෙනුවෙන් අලුත් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්න. පරණ කතා මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ. ඕනේ නම් මම ළඟ ලියල තියෙන දේවල් මම ඔයාට එවන්නම්. මගේ ළඟ හුඟක් අලුත් අදහස් තියෙනව. මට ඒවා තියාගෙන වැඩක් නැහැ. මම ඒ ටික දෙන්නම්. ඕගොල්ලන්ට අනිත් පැත්තේ චන්ද විතරක් නෙමෙයි දෙමල මුස්ලිම් පක්ෂ එක්ක එකතු නොවී, සාමාන්‍ය දෙමල මුස්ලිම් මිනිස්සුන්ගේ චන්ද වුනත් ගන්න ඒවා ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මම මීට වඩා ගොඩක් පැහැදිලිව ලිව්වා. ඒ වුනාට මට ඒක එවන්න වැඩක් නැහැ කියල හිතුන.

  7. Champa Reply

    Wimal are you ok? Does something bother you? I feel like something is not right with you. But I can’t figure out what it is. I think of you all the time. Love you so much.

  8. Champa Reply

    “අද” එකට මම දාපු comments පරක්කු වුන. ගෝඨාභයගෙයි ශ්‍රී මහා බෝධිය ගැන තිබුණු එකටයි.

  9. Champa Reply

    මම දැක්ක cartoon එකක ඔයා ගහක් යට නිදා ඉන්නවා. මේ අවුරුදු තුනහමාරටම දැක්කමයි එහෙම එකක්. ඇයි විමල් ඔයා නිශ්ශබ්දද? කලකිරිලද? එපා වෙලාද? කම්මැලිද? අරමුණක් නැත්ද ඉස්සර වගේ? වැඩක් නැහැ කියලා හිතෙනවද? බලන්න ඔයා ඔහොම හිටියොත් අනිත් මිනිස්සුන්ට මොකද වෙන්නේ? මම වගේ තව කී දෙනෙක් ඔයා හින්ද රට ගැන කතා කරන්න පටන් ගත්තද? ඒ හැමෝම උකටලී වෙලා මන්දෝත්සාහි වෙයි අර cartoon එක ඇත්ත නම්. ඔන්න මං දන්නේ නැහැ මටත් නින්ද යයි. මම නම් කොහොමත් කැමති ගස් යට ඉන්න.

  10. Champa Reply

    අනේ හලෝ ගොළු හදවත. කෝ මෙතන Birthday Card එකක්වත් නැත්තේ මොකොද පක්ෂේ 1 වෙනි දශකයේ උපන් දිනේට? පුදුම වැඩක්නේ දෙයියොනේ මේක. මක් වුනාද නපුරුවංශට? කවුරැ හරි ඔයාව ගොළු කලාද? බය කලාද? තර්ජනය කලාද පක්ෂේ දහවෙනි වර්ෂ පූරණය සමරන්න එපා කියලා? මොකක්ද අනේ ප්‍රශ්නෙ? මෙතන මම දන්නේ නැති මොකක් හරි වෙනවා. නපුරුවංශ ගොළු වෙලා අනේ කවදාවත් නැතුව. Godfather ඔයාට part එකක් දැම්මද? මොකක්ද අනේ ඔයාට තියෙන හිතේ කරදරේ? ඉන්න දෙන්න එපා මට නිකම්. දැන් මම මෙතන තැවී තැවී ඉන්න එපැය. අනේ ඇත්තට ඔයා මගේ අතට කොටි වල්ගයක් දුන්න. හලෝ නපුරුවංශ මොකක් හරි දාන්න අනේ. එතකොට මම දන්නවනේ ඔයා හොඳින් කියලා. අර cartoon එකට මම ආස නැහැ. ඔයා කවදාවත් එහෙම නිදි යන්නේ නැහැනේ. මොකක් හරි එකක් තියෙනවා මෙතැන.

  11. Champa Reply

    ජාන්ධිපතිවරණයෙන් පරාද වෙන නිසා මේ ආණ්ඩුව ලබන අවුරුද්දේ වියරු වැටෙනවා. හිතන්න එපා මේ වගේ සිල් අරන් ඉඳියි කියලා. ඕගොල්ලන්ට තියෙන අභියෝග ටික දැම්මම list කරලා තියා ගන්න. පස්සේ වෙලාවක මම ලියන්නම්. 2015 අගෝස්තු මාසෙත් අධි තක්සේරුවක් තිබ්බ. මම වුනත් හිතුව ලොකු ජයග්‍රහණයක් කියලා. හැබැයි UPFA එකෙන් ඉල්ලන කොට මම දැන ගත්ත මහින්දව අගමැති කරන්නේ නැහැ කියලා. මම ඔයාට ලිව්වා මම හිතන්නේ. ඕගොල්ලෝ තාම එතන ඉන්නේ. මම ඉන්නවා පටන් ගත්ත සටන ජයග්‍රහණයෙන් ඉවර කරන කම්. ඊළඟ පාර නම් 2015 වගේ ඉවසන් ඉන්නේ නැහැ. ගහල හරි ගන්නවා අපේ දිනුම දුන්නේ නැත්නම්. ඒකයි කිව්වේ ආණ්ඩුවේ වියරුව තරම ගැන දැන්මම තේරම් අරන් ඉන්න කියලා.

  12. Champa Reply

    ඊශ්‍රාලය කරපු සමූල ඝාතනය බරපතල යුධ අපරාධයක්. යවමු ලියුමක් අල්-හුසේන්කාරයට ඒ ගැන ගන්න පියවර වහං අපට දැන්ව එවන්න කියලා. මෙහෙ UN Office එකට බාර දෙන්න ඕනේ ලියුම.

    විමල් මිනිස්සුන්ට කියමු හෙට රට පුරාම ජාතික කොඩි උස්සන්න කියලා රණවිරුවෝ වෙනුවෙන්. රෑට හැම ගෙදරකම අඩු ගානේ පොල්තෙල් පහනක් පත්තු කරන්න කියමු.

    • Champa Reply

      හෙට නෙමෙයි අනිද්ද. මැයි 19.

      • Champa Reply

        මම මේක 19 කලේ ඔයාගේ godfather කියල තිබුන මැයි 19 කියලා. ඒකයි. ඉස්සර victory parade තිබ්බේ මැයි 19 නමුත් ඇත්තටම යුද්ධෙ ඉවර වුනේ මැයි 18 නේද?

  13. Champa Reply

    කිරි ටිකත් ඇමරිකන් කාරයට දීල අන්න. තාම නිදිද අනේ ඔයා.

  14. Champa Reply

    මොකක්ද වුනේ ඔයාට. ඇයි ඔයා කතා කරන්න ඕනේ ඒවා කතා කරන්නේ නැත්තේ? අර රාජිතගේ කතාව. වෙනදට හැරෙන තැපෑලෙන් ගහනවනේ. මොකොද අනේ ඔයාට සනීප නැත්ද? උගුර රිදෙනවද? අනේ කවුද අනේ ඔයාගේ කටට අගුල දැම්මේ?

  15. Champa Reply

    අනේ විමල් please අනේ. හැමදාම හැමෝටම ඉස්සෙල්ල රණවිරුවන් වෙනුවෙන් කතා කලේ ඔයා. බලන්න අච්චර දෙයක් කියලත් රාජිත ඔයා තාම මුකුත් කිව්වේ නැහැ. වෙන කවුරුවත් කියල වැඩක් නැහැ. ඔයා කියනව වගේ නැහැ. කතා කරන්නකො please.

  16. Champa Reply

    අනේ මොකක්ද අනේ ඔයාගේ අරුම පුදුම නිශ්ශබ්දතාවය. ඔයා මගෙත් එක්කද තරහ? මොකොටද අනේ? මම දන්නෙත් නැහැ.

  17. Champa Reply

    පානදුරේ සැමරු ඵලකයක් තිබ්බ කියලා මම දන්නේ නැහැ. ජාතික විරු ස්මාරකය කියලා ගන්න ඕනේ කොළොඹ එක නෙමෙයි අලි මංකඩ යුධ ස්මාරකය. Excellent විමල්. Thank you.

  18. Champa Reply

    ඔන්න බලන්න මම දැනුයි ඔයාගේ කතාව දැක්කේ. හැබයි එcomment කක් ලියාගෙන තියෙංවා විග්නේශ්වරන්ගේ කතාවට. CT එකට. තාම යැව්වේ නැහැ ඒ මොකොද කිව්වා නම් article එකේ පලවෙනි පිටුව ගොඩක් ගිහින්. දෙවෙනි පිටුව දානකම් ඉන්නේ. මේ ඔයාගේ කතාවේ title එකේ කෑල්ල මමත් ලිව්වා මේක දකින්න ඉස්සෙල්ල.

  19. Champa Reply

    I think I get the root of the issue now.

    ගෝඨාභය ආරක්ෂක ලේකම් විදියට යුද්ධයට නායකත්වය දුන්නට එයාවයි මහින්දයි විශ්වාස කරලා හමුදාවට බැඳුනු, තමන්ගේ මුළු ජීවිතේම යුද්ධෙට කැපකරපු රණවිරුවන් වෙනුවෙන්, ඔවුන්ව යුධ අපරාධ චෝදනාවෙන් ගලවගන්න, මානව හිමිකම් කඩ කළා කියන චෝදනාවෙන් ගලවගන්න ඒ ගොල්ලෝ කිසි දෙයක් කලේ නැහැ. ඒ චෝදනාව අද නෙමෙයි එදත් තිබුන. රණවිරුවන්ගේ ලේ කඳුළු දහදිය උඩින් ඒගොල්ලෝ තමන්ගේ රාජධානිය ගොඩනඟා ගත්ත. අදටත් දේශපාලන අනාගතය ගොඩ නඟා ගන්න හදන්නේ ඒ මතින්. මම දැක්ක තැනක ආබාධිත රණවිරුවෝ ඉල්ලල තියෙනවා සම්පූර්ණ විශ්‍රාමික වැටුප දෙන්න කියලා. ඒ කියන්නේ ඒ මිනිස්සුන්ගේ විශ්‍රාම වැටුපවත් හරියට හදල දීල නැහැ කියන එක. මහින්ද ගෝඨාභය හිරේ දාන්න කියලා කවුරුවත් කියන්නේ නැහැ රාජිත වගේ මිනිස්සු හැරුනහම. මහින්දට මම දන්නේ නැහැ නමුත් ගෝඨාභයට යුධ අපරාධ චෝදනාවකුත් නැහැ. චෝදනා තියෙන්නේ යුධ බිමේ සටන් කරපු මිනිස්සුන්ට. නමුත් ඒගොල්ලෝ යුද්ධේ දිනුවට පස්සේ රණවිරුවන්ව සම්පූර්ණයෙන් අමතක කළා. ඔවුන්ව පාරේ කුණු අදින්න, පාර අතු ගාන්න වහල් වැඩට යොදා ගත්ත. මහින්දට විරුද්ධව හමුදාව චන්දෙ දුන්නේ මෛත්‍රී රනිල් හොඳ හින්ද නෙමෙයි, තමන්ට කරපු දේට පාඩමක් උගන්වන්න. ඔයා යන්න ගෝඨාභය පස්සේ. මට නම් කමක් නැහැ. මම මගේ තීරණ වෙනස් කරන්නෙත් නැහැ. එයා දිනන්නෙත් නැහැ.

  20. Champa Reply

    ඔයාට කියන්න ඕනේ මහින්දට කළගුණ සැලකුව ඊලඟට ගෝඨාභයට කළගුණ සලකන්න කියල. ඒ හින්දා එයාව ජනාධිපති කරන්න කියල. අන්තිම සටනට අන්තිමට ඉස්සෙල්ල ඇමරිකන් කාරයෝ ඇවිල්ල ප්‍රභාකරන්ව බේරා ගන්න හැදුව රාජපක්ෂලා ඊට ඉස්සෙල්ල යුද්ධේ ඉවර කළා කියල කවුද කිව්වා මතකයි. ඇමරිකන් කාරයෝ එන්න හැදුවෙ ගෝඨාභය අත්සන් කරපු ACSA ගිවිසුම උඩ, නිකම් නෙමෙයි. තව පොඩ්ඩෙන් මුළු රටම ඉවර වෙනවා. එයා ජනාධිපති වුනොත් මෛත්‍රී renew කරපු නැති ඒ ගිවිසුම ආයේ අත්සන් කරනවා තව අවුරුදු 10කට. ඔයාට පුලුවන්ද නවත්තන්න? මට හරියට නොතේරුණත් ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව මෙතැන. එක්කෝ බැසිල් කරපු දේට return එක දෙන්න ඕනේ ඔයාට. නැත්නම් වෙන මොකක් හරි හේතුවක්.

  21. Champa Reply

    ඔන්න දැන් කඹ ඇදිල්ල ඉවරයි. මම කඹේ අතෑරිය. කඹේත් ඔයාටම දීල දැම්ම. ආයේ අල්ලගන්නේ මට හිතුනම. එතකම් dart board එක අතට ගන්නවා. මම කොහොමත් තනියම වැඩ කරන කෙනෙක්.

  22. Champa Reply

    අර එක news එකකට ඔයා ගැන පේලි දෙකක් එකතු කළා දැන්. මම පස්සේ දැක්කේ අනිත් මිනිස්සුන්ගේ comments.

  23. Champa Reply

    හුරේ වීරවංශ මට බයායායායායායායායායි. I noticed something. Horaaaay!

  24. Champa Reply

    මෙන්න දැක්කද exact figure එක President කියලා තියෙන්නේ. අවුරුදු 30ක යුද්ධයේදී ආරක්ෂක හමුදාවල 28,708ක් දිවි පුදලා 40,107ක් තුවාල වෙලා ආබාධිත වෙලා තියෙනවා. මේ මිනිස්සු දන්න ගානට වඩා හුඟක් ලොකු ගානක් නේ විමල්. මුන්ට හෙණ ගහන්න එපෑය දෙයියොනේ මෙහෙමත් තියෙද්දීද රණවිරුවන් දන්ගෙඩියට යවන්න ජිනීවා ගිවිසුම ගහල තව හිරෙත් දාල තියෙන්නේ.

    (Quote: “The only reliable figures were those of members of security forces killed in the conflict, he said adding that 28,708 government forces had died while another 40,107 were wounded. —- President.” Unquote):

  25. Champa Reply

    එහෙම ඉන්න බැහැ විමල් නිකම් බලාගෙන. අපි කරමුද කොට පාද යාත්‍රාවක් මහින්ද එක්ක කොහේ හරි ඉඳන් කොලොඹට වහල් ආණ්ඩුවට බල කරලා LTTE ඩියස්පෝරාව කරන විදියටම බොරු සාක්කි හදලා එහෙම නැතිනම් කිසි සාක්කියක් නැතුව හිර ගත කරලා ඉන්න හැම ත්‍රිවිධ හමුදා නිලධාරියෙක්ම, පොලිස් නිලධාරියෙක්ම, සුනිල් රත්නායකත් එක්ක, වහාම නිදහස් කරන්න කියලා. කොළොඹ වාඩිලා ගෙන ඉමු ආණ්ඩුව සහතිකයක් දෙනකම්. මෙච්චර ලොකු ගානක් ජීවිත පුදල තව තුවාලත් වෙලා ආබාධිතත් වෙලා මදිවට හිරෙත් දාල. දෙන්න හොඳ නැහැ බුරුලක්. Security forces casualty is gigantic Wimal. We can’t keep quiet. You should hold a press briefing.

  26. Champa Reply

    Hey, you are excellent Wimal at 360. I don’t think there is anybody else who could explain this subject as much as you do.

    • Champa Reply

      This is about the government.

  27. Champa Reply

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් shirt එක මගේ පාට.

  28. Champa Reply

    කටට දීල උත්තර ගන්නවා. මේ වැඩ සටහන දාල තියෙන්නේ විමල්ගේ support එක තියෙන්නේ ගෝඨාභයට කියල පෙන්නන්න.

  29. Champa Reply

    11.28 p.m. I lost the interest.

  30. Champa Reply

    Sorry Wimal.

Leave a Reply

*