BREAKING NEWS

ජනපති විමල්ට කණගාටුව පළ කරයි

ජනපති විමල්ට කණගාටුව පළ කරයි

පසුගිය සඳුදා ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම සාකච්ඡාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, මහජන එක්සත් පෙරමුණේ නායක , දිනේෂ් ගුණවර්ධන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ද ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂය, දේශවිමුක්ති ජනතා පක්‍ෂය යන පක්‍ෂවල නියෝජිතයෝද සහභාගී වූහ.

එහිදී සන්ධාන නායකයන් ඉල්ලා තිබුණේ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ බහුතර කැමැත්ත මත විපක්‍ෂ නායකවරයා තෝරා ගැනීමට ඉඩකඩ සලසා දෙන ලෙසය. ජනාධිපතිවරයා ඊට පිළිතුරු වශයෙන් පවසා තිබුණේ තම කැමැත්ත මත විපක්‍ෂ නායකවරයකු තෝරා පත් කර ගැනීමේ අදහසක් නොමැති බවත් විපක්‍ෂයේ බහුතර මන්ත‍්‍රීවරුන්ගේ කැමැත්ත මත විපක්‍ෂ නායකවරයකු තෝරා ගැනීමට ඉඩකඩ සලසන බවය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව පසුදා ඇතැම් මාධ්‍ය මගින් ‘විමල් ජනපතිගෙන් සමාව ඉල්ලයි’ යන අදහස රැගත් ප‍්‍රවෘත්තියක් නිර්මාණය කොට පළ කොට තිබිණි. ඒ පිළිබඳව විශාල කතාබහක් සමාජය තුළ ඇති වී තිබිණි.

මේ අතර එම ප‍්‍රවෘත්ති වාර්තා පළව තිබු දිනයේදී ද ජනාධිපතිවරයා හා විමල් වීරවංශ මහතා මුණ ගැසී තිබිණි. ඒ විමල් වීරවංශ මහතා කුමාර වෙල්ගම මහතා විපක්‍ෂනායක ධුරයට පත් කරන ලෙස ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් 56 දෙනකුගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපතිවරයාට භාර දීමට වාසුදේව නානායක්කාර සහ රංජිත් සොයිසා යන මන්ත‍්‍රීවරුන් සමග ජනපති නිල නිවසට ගිය අවසථාවේදීය.

‘‘ඊයේ පැවැති සාකච්ඡුාවේදී මම ඔබතුමාගෙන් සමාව ඉල්ලපු කතාවක් රජයේ හා වෙනත් මාධ්‍ය වාර්තා පළව තිබුණා’’ ලිපිය භාරදීමෙන් අනතුරුව පැවති සුහද කතාවේදී විමල් වීරවංශ මහතා පැවසීය.

‘‘ඒ පුවත්පත් වාර්තා දැකලා මමත් පුදුම වුණා. සමාව ගැනීමක් ගැන කතාවක් එතැන සිදු වුණේ නැහැනේ. ඒ ගැන මම විමල්ට කණගාටුව පළ කරනවා. ඇත්තටම ඒ වගේ වාර්තා පළ කිරීම හරි සවුත්තු වැඩක්’’ ජනාධිපතිතුමන් ඊට ප‍්‍රතිචාර දැක්වූයේ එසේ පවසමිනි.

2015-09-06 jnp gossip

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*