BREAKING NEWS

ජන සටන අරඹමු! 17 දා හයිඩ් පිටියට එන්න

12819301_890422587742229_6453571225574623451_oරණවිරු දඩයමට, ගොවි සහන කප්පාදුවට, එට්කා (ETCA) පාවාදීමට, ජනතා මර්දනයට හා මැතිරණ කල් දැමීම ඇතුළු ආණ්ඩුවේ ජනතා විරෝධී ක‍්‍රියාකාරීත්වයට එරෙහි ’ජන සටන’ ලබන 17 වැනිදා හයිඩ් පිටියේදී පවත්වනු ලබන දැවැන්ත විරෝධතා රැලියකින් අරඹන බව ජාතික නිදහස් පෙමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් මාර්තු 02 දා බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

‘‘ ඕනෙ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්’ කියලා කියපු උසස් අධ්‍යාපන හා මහාමාර්ග සංවර්ධන ඇමතිතුමා මේ දවස්වල ඔප්පු කරමින් ඉන්නවා ‘ ඕනෙ ගොනෙකුට උසස් අධ්‍යාපන ඇමතිකම නම් කරන්න බැහැ’ කියලා. අද කිරිඇල්ල මහත්තයා විශ්ව විද්‍යාලවල කථිකාචාර්ය ඇතුළු පත්වීම් සිදු කරන්න නියෝග නිකුත් කරන ඇමතිවරයා බවට පත්ව තිබෙනවා. ඔහු කැළණිය විශ්ව විද්‍යාලයට සහ රජරට විශ්ව විද්‍යාලයට යැවූ ලිපි 02ක් අද ප‍්‍රසිද්ධියට පත්ව තිබෙනවා. රජරට විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයට වයස් සීමාව නොසලකා එක් තැනැත්තියක් බඳවා ගන්න කියා එක් ලිපියකින් කිරිඇල්ල මහත්තයා නියෝග කරනවා. මෙම එක් ලිපියක නිරවද්‍යතාවය පැහැදිළිකර ගැනීමට දිනපතා පුවත්පතක මාධ්‍යවේදියකු දුරකථන ඇමතුමක් ලබා ගත්තාම ඔහුට තිත්ත කුණුහරුපයෙන් බැන වදින උද්දච්ච මානසිකත්වයට කිරිඇල්ල ‘අප්පෝ’ පත්වෙලා තිබෙනවා. මේ වන විට බොහෝ ජනතාව කිරිඇල්ල ‘අප්පෝ’ එම මාධ්‍යවේදියාට තිත්ත කුණුහරුපයෙන් බැන වදින හඩපටය අසා තිබෙනවා. කුණුහරුපයෙන් පමණක් නොවෙයි, ‘අයිසේ, තමුසේ, ඕයි’ යන වචන භාවිතා කරමින් තමන් සිටින තත්වය ගැන අධිමාන්නයක් අරෝපණයකර ගෙන කිරිඇල්ල මහත්තයා එකී මාධ්‍යවේදීයාට බැනවැදී ඇති බව එය අහන ඕනෑම කෙනෙකුට පැහැදිළි වෙනවා.

ඒ අතරේම කිරිඇල්ල මහත්තයා කැළණිය විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයාට බැන වදිනවා, ‘සුනන්ද, මහින්ද රාජපක්‍ෂගේ මිනිහෙක්. ඒත් අපි මිනිහාට ඉන්න ඉඩ දුන්නා. ජනධිපතිවරණ කාලයේ මිනිහා මෛත‍්‍රීපාලව විවේචනය කරලා ලිපියක් ලිව්වා’ කියලා. රටේ ජනාධිපතිවරයාව එතැනදි මේ ඇමතිවරයා හදුන්වන්නේ ‘‘මෛත‍්‍රීපාල’ විදියට. උප විඥානයේ තැන්පත්වෙලා තියෙන හැගීමක් නිසා වෙන්න ඇති මෙතැනදී හිටපු ජනාධිපතිවරයාට නම් ‘මහින්ද රාජපක්‍ෂ’ කියලා සිල්ලර නොවන විදියට ආමන්ත‍්‍රණය කරලා තියෙනවා. මේ හඩපටය අහනකොට තේරෙනවා, මාධ්‍යවේදියාට තර්ජනය කිරීම පමණක් නොවෙයි, කැළණිය විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයාට තර්ජනය කිරීම, රටේ නායකයා හෑල්ලූ වන ලෙස කතා කිරීම, ‘මට ලැබී ඇති බලය මේ විදියට පාවිච්චි කළාම මොකක්ද තිබෙන ප‍්‍රශ්නේ’ කියලා අහන අධිමාන්නයකින් කටයුතු කිරීම යන පහත් ක‍්‍රියා සියල්ල කිරිඇල්ල ඇමතිවරයා සිදුකර තිබෙනවා කියා.

‘රනිල්ගේ අඩි පාරේ යන කිරිඇල්ල‘

මේ දිනවල අගමැතිවරයා මාධ්‍යවේදීන්ට ‘ගෙම්බා, රීරි යකා, මහසෝනා’ කියමින් බැන වදිනවා. යම් ප‍්‍රගිතිශීලී මෙහෙවරක් සිදු කරන මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට අද අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ඉහත ආකාරයට තර්ජනය කරද්දී ඔහුගේ අඩි පාරේ යමින් උසස් අධ්‍යාපන ඇමතිවරයා මාධ්‍යවේදීන්ට තිත්ත කුණුහරුපයෙන් බැන වදින තත්වයකට පත්ව තිබෙනවා. අපේ ඉතිහාසය සලකා බලපුවාම ආණ්ඩුවක් බලයට ඇවිල්ලා ටික කලක් ගියාමයි මෙවැනි විකාරරූපී දර්ශන දකින්න ලැබෙන්නේ. නමුත් ඉතා කෙටි කලකින් මේ ආණ්ඩුව තමන්ගේ නිස`ග ස්වරූපය පෙන්වමින් ඉන්නවා. කණගාටුවට කරුණ තමයි, අද නිදහස් මාධ්‍යවේදීන්ගේ ව්‍යාපාර සොයා ගැනීමට නොහැකි වීම. අපි මෙතැනදී ඔබතුමාලාගේ පත්තරවලින් ඉල්ලීමක් කරනවා, ‘නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පිළිබඳව තොරතුරක් වෙතොත් අපට වහාම දැනුම් දෙන්න කියලා දැන්වීමක් දාන්න’ කියලා. අපිත් දැන් හොයනවා. ඒ දවස්වල හිටපු නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කෙරුමෝ ටික කොයි පදුර අස්සේද හැංගිලා ඉන්නේ’ කියලා.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ (FUTA) හිටපු සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහත්තයා නම් දැන් පිළිගෙන තිබෙනවා, ‘ඇදිවත උනා දමා ඉන්නේ’ කියලා. ඒ නිසා එයාට නම් ප‍්‍රසිද්ධ කරළියට එන්න බැහැනේ ‘විලි’ පෙනෙන නිසා. ඔහු හැංගිලා ඇති. අද උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මාධ්‍යවේදියකුට තිත්ත කුණුහරුපයෙන් බැන වදිද්දී, කැළණිය විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයාට තර්ජනය කරද්දී විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය(FUTA) නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, කර්තෘ සංසඳය මේ සියල්ල නිහඩව බලා ඉන්නවා. නමුත් අපි ඒකාබද්ධව විපක්‍ෂය ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඒ තුච්ඡ හා සාහසික ක‍්‍රියාකාරීත්වය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. මේ මොහොතේ මතක් කරන්න කැමතියි, මීට සති කිහිපයකට ඉහතදී ‘ඔයා මගෙන්ද ඇහුවේ?’ කියලා මා එක්තරා මාධ්‍යවේදියකුගෙන් විමසූ අවස්ථාවේ එම මාධ්‍ය ආයතනය කටයුතු කළ අන්දම. තමුන්නාන්සේලා හැමෝම ඉන්න අවස්ථාවක තමයි ඒ සිදුවීම සිදු වුණේ. එතැනදී මතු වූ සංවාදයට මම සම්බන්ධ වුණෙත් නැහැ. ‘ඔයා මගෙන්ද ඇහුවේ?’ කියලා විමසමින් මම තවත් ප‍්‍රශ්නයක් විමසූ මාධ්‍යවේදී මහතෙකුට ප‍්‍රශ්න අහන්න අවස්ථාව හදලා දුන්නා. ඒකට ඉතාමත් දරුණු ලෙස ප‍්‍රතිචාර දක්වපු ඒ මාධ්‍යයත් මේ සිදුවීමේදී ප‍්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා අපි බලාගෙන ඉන්නවා. තමුන්ගේ මාධ්‍ය රැුහේ ඉන්න සහෘද මාධ්‍යවේදියකුට රටේ ඉන්න ‘උසස් අධ්‍යාපන අප්පෝ’ තිත්ත කුණුහරුපයෙන් බැන වැදුනාම ඔහුගේ සගයන්ගේ හා සහෝදර මාධ්‍ය ආයතනවල ප‍්‍රතිචාර කෙසේ වේවිද කියලා අපි බලාගෙන ඉන්නවා.

‘ආලාපාලූ ඇමති කළ හපන්කම’

දැන් නීතිය ක‍්‍රියාත්මක වන අපූරුව බලන්න. අර ‘ආලාපාලූ ඇමතිවරයා’ තනියෙන් වාහනයක් පදවාගෙන ගිහිල්ලා තරුණයන් දෙදෙනෙකු හප්පලා තිබෙනවා. ඒ එක තරුණයකුට ඉතා අසාධ්‍යයයි. නමුත් මේ ඇමතිවරයා අත්අඩංගුවට ගැනීමක් නැහැ. උසාවියට ඉදිරිපත් කිරීමක් නැහැ. නීතිය කිසිසේත්ම නිසි පරිදි ක‍්‍රියාත්මක වන්නෙ නැහැ. ඇමතිවරයකුට පුළුවන් නම් වාහනයක් පදවාගෙන ගිහිල්ලා ඕනෑම තරුණයකු යට කරලා ආරක්‍ෂා වෙන්න ‘මොකක්ද මේ රටේ නීතිය? මොකක්ද මේ රටේ තිබෙනවා යැයි කියන සාධාරණය?’

මේ අය එක පැත්තකින් විපක්‍ෂය දඩයම් කරන්න ‘නීතිය ක‍්‍රියාත්මක කරනවා’ කියලා කියනවා. නමුත් හිරුණිකා නෝනාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වුණෙත් නැහැ. ආලාපාලූ ඇමතිවරයාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වෙන්නෙත් නැහැ. දැන් නීතිය ක‍්‍රියාත්මක වීමේ දෙබිඩි ස්වභාවය සමාජයට පෙනෙනවා. අපට, 18 වැනිදා උසාවියට එන්න කියලා තිබෙනවා. අල් හුසේන්ට විරුද්ධව පාගමනක් ගිය අපට පදිකයන්ට බාධා කළා කියලා, කවදාවත් අහලා නැති නීති මගින් දඩුවම් කරන්න හදනවා. නමුත් මහ දවාලේ තරුණයන් දෙදෙනෙකු යටකරගෙන වාහනය නොනවත්වා ධාවනය කරන්න හදපු, පසුව ඒ තරුණයන්ගේ මිතුරන් විසින් ලූහුබැඳ අල්වා ගත් ඇමතිවරයා, නීතියෙන් රිංගා ගොස් තිබෙනවා. ඒ පිරිස ඇමතිවරයා ලූහුබැඳ අල්ලා ගත් අවස්ථාවේ ඔහු ගැලවී ගොස් ඇත්තේ ‘මම අහවල් ඇමති. මම මේ හැම දෙයක්ම විසඳනවා’ කියලා, ඒ පිරිසට විශාල සහතිකයක් දීලා. එම අනතුර සිදු වූ ප‍්‍රදේශයේ ඕනෑ තරම් ක්‍ක්‍ඔඪ කැමරා තිබෙනවා. පොලීසිය ඒවා බලන්නේ නැත්තේ ඇයි? ස්වාධීන පොලිස් කොමිසම අද කොහේ නිදාගෙන ඉන්නවාද කියලා අපි දන්නේ නැහැ. දැන් රටේ ස්වාධීන මැතිවරණ කොමිසමක් තිබෙනවා, පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ නැති. ස්වාධීන පොලිස් කොමිසමක් තිබෙනවා, ඇමතිවරු රටේ තරුණයන් යටකර ගෙන යන කොට ඇස් අරින්නේ නැති.

‘මංගල වොෂින්ටන් හාම්පුතුන්ට දුන් පොරොන්දු’

පසුගියදා විදේශ අමාත්‍ය මංගල සමරවීර වොෂින්ටනයට ගිහිල්ලා තමන්ගේ ස්වාමියා ඉදිරියේ දණ ගහලා පොරොන්දු ගණනාවක් දීලා තිබෙනවා. එකක් තමයි, දෙමළ ජාතික සන්ධානයේ අදහස් යෝජනා ද සලකා බලා කඩිනමින් යුද අපරාධ අධිකරණයක් පිහිටුවීම. ඒ වගේම ‘අද වෙන කොට අපි අපේ හමුදාව 37%කින් අඩු කරලා තිබෙනවා’ කියලාත් මංගල සමරවීර එහිදී පවසා තිබෙනවා. ඔබ දන්නවා අද උතුරේ හමුදා කඳවුරු දවසින් දවස ගැලවෙනවා. ඉදිරි සති කිහිපය තුළ තවත් අක්කර 600ක භූමි ප‍්‍රමාණයකින් ආරක්‍ෂක හමුදා කඳවුරු ඉවත් කරන බවටත් මංගල සමරවීර එහිදී තම වොෂින්ටන් හාම්පුතුන්ට පවසා තිබෙනවා. වොෂින්ටනයට, දෙමළ ඩයස්පෝරාවට හා දෙමළ ජාතික සන්ධානයට ඕනෑ විදියට නොවෙයි හමුදා කඳවුරු පවත්වාගෙන යාම සිදුවිය යුත්තේ. මේ සියල්ල සිදු විය යුත්තේ ජාතික ආරක්‍ෂාව රැකෙන විදියටයි.

වොෂින්ටනයේදී දුන් තව පොරොන්දුවක් තමයි ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසිකර ඒ වෙනුවට නව පනතක් කඩිනමින් ගෙන ඒම. අද ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරලා රට බෙදන්න හදපු කොටි ත‍්‍රස්තවාදීන් එළියට දානවා. රට බේරාගත් නායකයා සහ ඔහුගේ දරුවන්, ඔහු වටා සිටින ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙනවා.

දැන් බලන්න, තාජුඞීන් සිදුවීමට මුලින් චෝදනා එල්ල කළේ යෝෂිත රාජපක්‍ෂට. ‘යෝෂිතගේ පෙම්වතිය සමග තාජුඩින්ගේ සම්බන්ධයක් තිබුණා. ඒකට උරණ වූ යෝෂිත තාජුඞීන් මැරුවා,’ ඕක තමයි මුලින්ම මාධ්‍ය මගින් වපුරපු මතය.’ නමුත් මේ සිදුවීම සිදු වුණු දිනවල යෝෂිත ලංකාවේ ඉඳලා නැහැ. ඒ නිසා සී.එස්.එන්. එකට පටලවලා යෝෂිතව හිරේ දැම්මා. දැන් තාජුඞීන් නාටකය අලූත් පිටපතක් සම`ග එළිදක්වා තිබෙනවා. දැන් කියනවා ‘මේක කළේ නාමල් රාජපක්‍ෂ. එක්තරා රගර් ක‍්‍රීඩා සමාජයක් අත්කර ගැනීම සඳහා දෙන්නා අතර තරගයක් තිබුණා’ කියලා. මේකෙන් ඔප්පු වෙන්නේ නැද්ද අද තියෙන්නේ කතා හදා හදා සිදු කරන දඩයමක්, මර්දනයක් කියලා.

‘ජන සටන අරඹමු!

අපි මේ රටේ ප‍්‍රගතිශිලී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ‘මේ තත්වයට එරෙහිව පෙළගැසෙමුෟ’ කියලා. මාර්තු 17 වැනිදා මීට එරෙහිව අපි දැවැන්ත නැගී සිටීමක් අරඹනවා, ‘ජන සටන’ නමින්. ‘ජන සටන’ දැවැන්ත විරෝධතා රැලිය එදින සවස 3:00ට කොළඹ හයිඞ් පිටියේදී පවත්වනවා. ගොවි සහනාධාර කප්පාදුවට, රණවිරු දඩයමට, ජනතා මර්දනයට, එට්කා පවා දීමට එරෙහිව පෙළ ගැසෙන්න, එදාට හයිඩ් පිටියට පැමිණෙන්න’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.03.03

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Related Posts

Leave a Reply

*