BREAKING NEWS

ජයග‍්‍රහණය සඳහා අද ඇති එකම මාවත තෝරාගෙන ඇති ඔබට මම සුබ පතමි. ඒ සඳහා ඔබ මගෙන් ඉල්ලා සිටින්නේ කවර භූමිකාවක් ද, එය මගේ ශක්ති ප‍්‍රමාණයෙන් ඉටු කරන්නට මම ඔබට පොරොන්දු වෙමි.- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා

10257306_413515478809999_6429318719685533232_oජයග‍්‍රහණය සඳහා අද ඇති එකම මාවත තෝරාගෙන ඇති ඔබට මම සුබ පතමි. ඒ සඳහා ඔබ මගෙන් ඉල්ලා සිටින්නේ කවර භූමිකාවක් ද, එය මගේ ශක්ති ප‍්‍රමාණයෙන් ඉටු කරන්නට මම ඔබට පොරොන්දු වෙමි.- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා

රටේ ජයග‍්‍රහණය සඳහා අද ඇති එකම මාවත තෝරාගෙන ඇති ජනාතවට සුබ පතන බවත් ඒ සඳහා තමන්ගෙන් ඉල්ලා සිටින භූමිකාව ඉටුකිරීමට පොරොන්දු වන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු මෙසේ පැවසූවේ අද (06) මහනුවරදී පැවති ‘‘දිනූ නිදහස අනතුරේ, ජාතියේ අභියෝගය ජය ගැනීමට පෙළ ගැසෙමු’’ යන තේමාව යටතේ පැවති ජාතික රැලියට සිය සුබපැතුම් එක් කරමිනි.

එම සුබ පැතුම් පණිවිඩය සම්පූර්ණයෙන් මෙසේය.

ගෞරවනීය ස්වාමීන් වහන්ස, ආගමික නායකතුමනි,
වියත් බුද්ධිමත් සම්භාවනීය අමුත්තනි

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ සහෝදර දේශපාලන පක්ෂවල නායකවරුන්, ජනතා නියෝජිතයින්, පාක්ෂිකයන් ඇතුළු සියළු සහෝදර සහෝදරියනි

නුගේගොඩින් ආරම්භ කළ ජයග‍්‍රාහී ගමනක දෙවන පියවර ද සාර්ථකව පැවැත්වෙනු දැකීම සතුටට කරුණකි. මේ අවස්ථාවේදී මමද අන්තර්ජාලය හරහා ඔබගේ ජය ඝෝෂාවන්ට සවන් දෙමින් සිටිමි. ඔබගේ මුහුණුවල ඇති අපේක්ෂාවන් මට පැහැදිලිව පෙනේ. ඒ අපේක්ෂාවන් නුදුරු අනාගතයේදී අනිවාර්යයෙන් මල් ඵල ගන්නා බව මේ අවස්ථාවේදී මම ඉතා විශ්වාසයෙන් ප‍්‍රකාශ කරමි.

අපට වුණු අතපසුවීම් සහ වැරදි අප හඳුනා ගත යුතුය. එසේම ඒවා යළි නොවන සේ සකස්කර ගැනීම ද කළ යුතුය. සමාව ගත යුතු තැනදී සමාව ගත යුතුය. දඬුවමක් හිමි නම් එයද සතුටින් භාරගත යුතුය. නමුත් මවුබිම වෙනුවෙන් අපගේ දෙවුර මත පැටවී ඇති වගකීම ඉටුකිරීමට මේ කිසිවක් බාධාවක් ලෙස නොසැළකිය යුතුය.

අපගේ වැරදි වෙනුවෙන් ලැබෙන දඬුවම දඬුවමකි. නමුත් මව්බිම වෙනුවෙන් කටයුතු කිරීම නිසා ලැබෙන දඬුවම අභිමානයකි. මව්බිම වෙනුවෙන් හිස්ගැසුම් කා ගලාගිය අභිමානනීය ලෙයින් වැඩිපුරම තෙමුණු පොළවක් වන ඓතිහාසික කන්ද උඩරටට ඔබ මේ පැමිණ ඇත්තේ ජයග‍්‍රහණය කරන්නට එක හිත් හිතාගෙන බව මට ඔබේ මුහුණින් පෙනේ.

ඔබ සැම මේ ගමන් කරන්නේ ජයග‍්‍රහණය දෙසට වැටී ඇති මාවතේ ය. ජයග‍්‍රහණය සඳහා අද ඇති එකම මාවත තෝරාගෙන ඇති ඔබට මම සුබ පතමි. ඒ සඳහා ඔබ මගෙන් ඉල්ලා සිටින්නේ කවර භූමිකාවක් ද, එය මගේ ශක්ති ප‍්‍රමාණයෙන් ඉටු කරන්නට මම ඔබට පොරොන්දු වෙමි. ඒ සඳහා අවශ්‍ය ප‍්‍රමුඛතම ශක්තිය වන්නේ ඔබයි. ඒ ශක්තිය අඩු නැතිව පවතින බවට මේ මහා ජන සන්නිපාතය සාක්ෂි දරයි.

වහසිබස් දොඩන්නට අයිතියක් නැති අය වහසිබස් දොඩනවිට එය හුදු විහිලූවක් පමණක් වේ. ඒ නිසා ඔබ ඒ ගැන කලබල විය යුතු නැත. අමුතු තාලේ නීති පණවා නතර කිරීමට උත්සාහ කළ ඔබ ඒ අවදානම හිස මත දරාගෙන සත්‍ය වෙනුවෙන්ද යුක්තිය වෙනුවෙන් ද පැමිණ පළකළ නිර්භීතභාවය මවුබිමේ ජයග‍්‍රහණ සඳහා අමතර ශක්තියක් බව විශේෂයෙන් ප‍්‍රකාශ කරමි.

ඔබ සැමට ජය වේවා!
මව්බිමට ජයවේවා!
ඔබ සැමට දළදා සමිඳු පිහිටයි!

මහින්ද රාජපක්ෂ

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
2015-03-06

10507119_424077607753786_6822792232661159268_o 10532983_424079497753597_7706354261022702757_o 10257306_413515478809999_6429318719685533232_o 11050267_424077254420488_2798559735387019696_o 11046960_424079331086947_7658512164177531752_o 11046672_424079341086946_4883569069224608651_o 11043363_424078891086991_4419040989643640764_o 11018301_424077834420430_6357007223789311109_o 11016128_424079427753604_4737667185306679630_o 11016105_424077157753831_1693903061613037612_o 11004656_424077487753798_3181324226694747121_o 11001626_424077314420482_5049794261610448923_o 10991678_424077281087152_2550681389547570033_o 10982327_424077604420453_4620212656498620291_o 10982073_424078154420398_8576514691307361111_o

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*