BREAKING NEWS

“ජවිපෙ වත්මන් නායකත්වය පක්‍ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීරයන්ගේ ප්‍රතිපත්ති දශමයකින් හෝ පිළිගන්නවා නම් ආණ්ඩුවේ බෙදුම්වාදී ව්‍යවස්ථා මෙහෙයුමට එරෙහිව සිට ගත යුතුයි”

“ජවිපෙ වත්මන් නායකත්වය පක්‍ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීරයන්ගේ ප්‍රතිපත්ති දශමයකින් හෝ පිළිගන්නවා නම් ආණ්ඩුවේ බෙදුම්වාදී ව්‍යවස්ථා මෙහෙයුමට එරෙහිව සිට ගත යුතුයි”

– ජානිපෙ නායක විමල් වීරවංශ

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරයන් රටේ ඒකීයභාවය වෙනුවෙන් සටන් වැදීම කොන්දේසි විරහිත වගකීමක් ලෙස සැලැකූ බවත් එසේම ෆෙඩරල්වාදයෙන් රටට සිදු වන අගතිය කල් තබා පෙන්වා දුන් බවත් එහි වත්මන් නායකත්වය රෝහණ විජේවීරයන්ගේ ප්‍රතිපත්ති දශමයකින් හෝ පිළිගන්නවා නම් ආණ්ඩුවේ බෙදුම්වාදී ව්‍යවස්ථා මෙහෙයුමට එරෙහිව සිට ගත යුතු බවත් ජානිපෙ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද(27) කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් යෝජිත ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහි පත්‍රිකා දශලක්‍ෂයක් බෙදාහැරීමේ දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ඇරඹූ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සම්මත කළ යෝජනාවලිය අනුව, යුරෝපා සංගමය GSP+ බදු සහනය ලබා දෙන්න දාපු කොන්දේසිය අනුව, දෙමළ බෙදුම්වාදීන් දීර්ඝ කාලයක් තිස්සේ බලාපොරොත්තු වූ ෆෙඩරල් ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීමට අදාළ මූලික කෙටුම්පත පසුගිය සතියේදී අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එම මූලික කෙටුම්පත අනුව සැකසෙන ෆෙඩරල් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් එමගින් ඉතා පැහැදිලි ලෙසම ශ්‍රී ලංකාව කැබලිකරණයට ලක් වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව මහජනතාවට අනතුරු අඟවලා, එම බෙදුම්වාදී ව්‍යවස්ථාව රැගෙන එන එක වැළැක්වීමට ජනතාව සටන්කාමීව, විරෝදාරව පෙරට ගෙන ඒම වෙනුවෙන් තමයි අපි මේ දැනුම්වත් කිරීමේ පත්‍රිකා දශලක්‍ෂයක් රට පුරා බෙදාහැරීමේ දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරනු ලැබුවේ. දැනටමත් අපි මේ පිළිබඳව රට පුරා පෝස්ටර් ව්‍යාපාරයක් ද දියත් කරනු ලැබ තිබෙනවා. දිවි පුදා මේ මව් පොළොවේ ඒකීයභාවය රැක දුන් රණවිරුවන් වෙනුවෙන්, අපි මේ ආණ්ඩුවේ ෆෙඩරල් ව්‍යවස්ථා මෙහෙයුම පැරදවීම සඳහා කළ හැකි සියල්ල සිදු කරනවා.

බෙදුම්වාදය පිළිබඳව මේ රටට ඉගැන්වූවේ, ෆෙඩරල්වාදයෙන් මේ රටට සිදු වන අගතිය කල් තියා පෙන්වා දුන්නේ, රටේ ඒකීයභාවය වෙනුවෙන් සටන් වැදීම කොන්දේසි විරහිත දෙයක් ලෙස සලකපු රෝහණ විජේවීර සහෝදරයායි. ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකත්වයට අපි කියනවා ‘විජේවීර සහෝදරයාගේ ප්‍රතිපත්ති දශමයකින් හෝ පිළිගන්නවා නම් මේ බෙදුම්වාදී ව්‍යවස්ථාවට එරෙහිව හිට ගන්න. එහෙම නොකළොත් ඔබලා පිටුපාන්නේ රටට වගේම පක්‍ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයාටයි.‘ කියලා.

‘ඔබේ ඉරණම තීරණය වන, මේ රට කැබැලි කරන කෙටුම්පත දැන් තිබෙනවා පාර්ලිමේන්තුවේ. ඒ කෙටුම්පත මේ රටේ මූලික නීතිය බවට පත් වීමට ඉඩ දුන්නොත් අහිමි වෙන්නේ ඔබේ දරුවාගේ අනාගතයයි. පළාත් සභාවලට ඉඩම්, පොලිස්, පරිපාලන ඇතුළු සියලු බලතල ලබා දෙන, මධ්‍යම ආණ්ඩුව මදය නැති ගෙඩියක් බවට පත්වන ව්‍යවස්ථාවක් තමයි නිර්මාණය කරමින් සිටින්නේ. ඒ නිසා ඊට එරෙහිව මුළු වෙර යොදා සටන් වැදීමට පෙරට එන්න’ කියා අපි දෑහිතකාමී සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනකොටස් වෙතින් ඉල්ලා සිටිනවා”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-09-27

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    පත්‍රිකා දශ ලක්ෂයක් සහ පෝස්ටර් ව්‍යාපාරයක්!!! විමල් මේ දවසට දෙකට ගොඩක් දේවල් කරලා ජනතාව දැනුවත් කරන්න. අනේ ව්මලුත් නොහිටියා නම් මගේ රටට මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ.

    විමල් පාර්ලිමේන්තුවේදී සහ ඉරිදා මාධ්‍ය හමුවේ කියපු දේ ගැන, රනිල් කාරක සභා අවස්ථාවේදී හොරට රටට අහිතකර පනත් සම්මත කරගන්නවා කියන එක ගැන දැන් හුඟ දෙනෙක් විරෝධය පානවා. මම හැමදාම දැකපු දෙයක් විමල් තමයි රටට අවදි කරලා ගන්නේ. මිනිස්සු ඊට පස්සේ තමයි හිතන්න ගන්නේ.

  2. Champa Reply

    JVP is like a headless chicken now. They don’t know what they are doing. They have even called for an investigation against Buddhist priests who protested against bogus Rohingya refugees.

    Pathetic JVP is encapsulated by UNP.

    I am failed to understand the reason for JVP having two minds. One day they take people’s side and passionately talk about some issues. The next day they take a totally different approach and support Ranil on issues that are detrimental to the country.

    Anura Kumara and JVP should not support Federal Constitution. Whose principles are they following? Surely not Wijeweera’s. I appreciate Wimal calling them to come to senses and standby the country in this hour of the need. If they take sides with Ranil and support Federal Constitution, people will teach them the last lesson.

    Wimal, Ranil is hell bent on bringing the Federal Constitution because then he need not to face a fierce competition in the general election as the Parliament and the President (I think Exe. Presidency will be abolished or see to its natural death) will only be in name and all the politicians will be interested in taking over Provincial Governments as the real power lies there. Do you get what I am saying? There won’t be a general election or a presidential election in 2020. Instead there will be provincial council elections. Politicians will not be interested in the feeble Parliament where there is only a very limited power. Country will be governed by Provincial Governments separately. There will be a Premier in every Provincial Government. We are heading for the most disastrous period in the Sri Lankan history.

    I saw an article by Dayan. The latest one. I didn’t have time to read. May be I will cut and paste this there. Wimal, do you get this? Ranil knows he can’t win the Presidential or the General election and I think he is scared to lose power too because of the return of his own boomerang, the political witch-hunt. This way he won’t have a strong contender against him as his political opponents will think that there is no point of having a powerless PM title. They will try to become Premiers in Provincial Governments. That is the end of the journey of Sri Lanka. Wimal, I want you to just think about this possibility. Do you think I am insane to think like this? Do you think I am seeing crocodiles in my tea cup? I think this is the reason President is so cool about everything. The way Ranil going around, introducing a vision 2025, housing schemes for middle class, youth empowerment programmes, all these are to hoodwink people that he and the UNP is heading for elections, presidential and general. But in actual terms, there are not going to hold any of the major elections but PC and LG. RW (with the knowledge of MS) is pulling wool over our eyes. Remember, run-up to general elections in August 2015, they let the whole country believe that MR will win. Remember there was a rumour that PM’s Secretary even moved files and things out of his office. Then we lost. All that were done to hoodwink people. Nobody suspected. This is the same thing. Ranil has started very early pretending that he is getting ready for presidential election and then the general election. But in actual terms they are not going to hold those elections in 2020. They are only passing time.Then in 2020 nobody will get a chance. Wimal I don’t say things for no reason. Sometime my mind is sharp like a blade and sometimes I can penetrate and see the future. No actually, that is an exaggeration. But I think my mind works overtime. Because I see RW and MS both are very cool. Too cool. So I thought something is cooking. Look I never thought of writing a piece like this. I only wanted to say something about JVP. See how it ended up. Wimal, I want you to relax, empty you mind and then think about what I say here. Do you think I am crazy?

    • Champa Reply

      I saw a small news item today in a national Sinhala newspaper confirming what I said here, but in a different angle. See, what I felt that there won’t be presidential or general elections in 2020 is coming true.

      Let’s warn people of the conspiracy of RW and MS to rob the universal suffrage.

  3. Champa Reply

    විමල් අර handbill එක හුඟක් හොඳයි. හොඳට පැහැදිලිව ලියලා තියෙනවා.

    හැබැයි ජනමත විචාරණයට වැඩි බරක් දාන්න එපා. ඒ මොකොද කිව්වා නම් මිනිස්සු හිතයි එහෙදි විරුද්ධව චන්දෙ දීලා පරද්දන්න පුළුවන් කියලා. මම දැක්ක අනුනායක හාමුදුරු කෙනෙකුත් එහෙම කියනව.

    ඒක හරියන්නේ නැහැ විමල්. ඒක එහෙම නොවෙන විදියටත් වැඩ සිද්ධ වෙන්න පුළුවන්. උතුරේ ලියාපදිංචි චන්දදායක සංඛ්‍යාවයි චන්දෙ දීපු සංඛ්‍යාවයි වෙනස් වුනොත් කොහොමද? එහෙම වුනා නේද? ඊළඟට නැගෙනහිර ඉස්සරහට කී දාහක් අලුතින් ලියා පදිංචි වෙයිද කවුද දන්නේ? ඊළඟට පිටරට ඉන්න කලින් IDP කියපු මිනිස්සු, මැරිච්ච මිනිස්සු ලක්ෂ ගානක් එකතු වුනොත් කොහොමද?

    President පොරොන්දු වුනානේ එක පාරක් මහනායක හාමුදුරුවන්ට මේ ව්‍යවස්ථාව ගෙන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි දෙන්න එකතු වෙලා මූලික කෙටුම්පතට date එක fix කලේ UNGA කාලෙට. President ව බේරන්න. දැන් මහනායක හාමුදුරුවරුන්ට දීපු පොරොන්දුව කඩලා ඉවරයි. ඉතුරු ටිකත් දෙයි. UNGA ඉඳලා ආව ගමන් Nobel Peace Prize එකට shortlist කළා කියලා තියෙනව. ඒක නම් වැඩක් නැහැ, කවුරු හරි උදාහරණ සහිතව ලියලා යැව්වොත් නොබෙල් සාම ත්‍යාගයට සුදුසු නැහැ රට බෙදලා ඒ මගින් එකට ඉන්න එකමුතුව ඉන්න සිංහල දෙමල මුස්ලිම් ජනතාව භේද භින්න කරනවා සහ සිංහල පළාත් වල ජීවත් වෙන දෙමල මිනිස්සුන්ගේ උන්හිටි තැන අහිමි වෙනවා කියලා සහ රටේ වැඩි ජනගහනය වන සිංහල ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගන්නවා කියල (තව ඕනේ නම් කිව්වැකි) එතකොට ඕක ලැබෙන්නේ නැහැ. රට නොබෙදා, රට බේරා ගත්ත හමුදාව හිරේ නොයවා, මිනිස්සුන්ගේ සර්ව ජන චන්ද බලය උදුරා ගන්නේ නැතුව, පාර්ලිමේන්තු බලය හීන කරන්නේ නැතුව, විධායක ජනාධිපති බලය (තියෙන බලතල ටික හරි) ඒ විදියට තියලා ඕනේ තෑග්ගක් ගත්තට මට නම් කමක් නැහැ. හැබැයි රට පාවා දීලා ගන්න තෑග්ගට “සාම තෑග්ග” කියන්න බැහැ, “ලංකාව පාවාදීම වෙනුවෙන් ලැබුණු විශේෂ නොබෙල් තෑග්ග” කියල තමයි කියන්න ඕනේ. ඒ මොකොද කිව්වා නම් අනිවාර්යයෙන්ම උතුර නැගෙනහිර දේශ සීමා අරගල පටන් ගන්න නිසා. කාශ්මීරේ වගේ වෙනවා. අපි පරදිනවා මොකොද පළාත් විදියට බෙදලා නිසා රටක් විදියට එකමුතු වෙන්නේ නැති නිසාත්, රටේ සියලු භූ නිධි, පාරිසරික, මුහුදු සම්පත්, තෙල්, දූපත්, ඒ කියන්නේ රටේ හොඳම සම්පත් වලින් 2/3ක්ම පිහිටලා තියෙන්නේ Northern, Eastern & North Western Provinces වල නිසා ජාත්‍යන්තර සහයෝගය හම්බ වෙන්නේ දෙමළුන්ට. Northern Province එක කවදා හරි North Western Province එකේ කොටසක් – Puttlam (or entire province) අල්ල ගන්නවා. වයඹ තමයි ලංකාවේ දෙවෙනියට දල ජාතික නිෂ්පාදනයට වැඩිම දායකත්වය දෙන පළාත.

    මං පටන් ගත්ත තැනට ආපහු යනවා නම්, ජනමත විචාරණය අපේ අන්තිම තුරුම්පුව වෙන්න ඕනේ. ඊට කලින් අවස්ථා දෙකක් වත් පාවිච්චි කරන්න ඕනේ මේක නවත්තන්න. මහින්දගේ SLFP කෑල්ල ව්‍යවස්ථාදායක සභාවේ ඉඳගෙන එහා පැත්තේ ඉන්න මෛත්‍රී පිලට ව්‍යවස්ථාවට විරුද්ධ වෙන්න කියන එක විහිළුවක්. ඒ මිනිස්සු කියයි මහින්දගේ කට්ටියත් Constitutional Council එකෙන් අයින් වෙන්නේ නැත්තේ රනිල්ගෙන් අල්ලසක් අරන් කියලා.

    මම President ට විරුද්ධව කතා කරන්නේ නැත්තේ මම විධායක ජනාධිපති ධූරය නැති කරලා රට අරාජික වෙන එකට කැමති නැති නිසා, නැත්නම් මට ඕනේ හැටියේ පහර ගහන්න පුළුවන්. එහෙම කරලා ඒ තනතුර දුර්වල කරන්න මම කැමති නැහැ. Then Ranil will get the upper-hand.

    අපේ හාමුදුරුවරු ඔහොම ඉඳලා හරි යන්නේ නැහැ. ඉංග්‍රීසින්ගේ කාලේ අපේ හාමුදුරුවරු ඉස්සරහට ඇවිල්ල සටන් කළා වගේ සටනකට එකතු වෙන්න ඕනේ. ආරාම වල ඉඳලා හරි යන්නේ නැහැ. ලංකා ඉතිහාසයේ කිසි දවසක නොවුණු විදියට විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය තුනම සිංහලයන්ට එරෙහිව ඇවිල්ල තියෙනවා. (අධිකරණයත් අපිට එරෙහියි, ඇයි කිව්වනේ Federalism කියන්නේ Separatism නෙමෙයි කියලා, තීන්දුව දීලා තියෙන්නේ ලෝකය සමස්ථයක් විදියට අරගෙන මිසක් ලංකාවට අදාලව නෙමෙයි. අනේද කියන්නේ. මට ඕක ගැන ලියන්න තැනක් තිබුනේ නැහැ.)

    මම කියන්න ගියේ මෙහෙම කාලෙක හාමුදුරුවරු පාලකයන්ට බණ කියලා වැඩක් නැහැ. මොකොද අවුරුද දෙකහමාරක් කියපු බණ අහපු නැති නිසානේ රටත් බෙදලා රණවිරුවොත් පාවා දෙන්න යන්නේ. මිනිස්සු වුනත් මීට වඩා ආවේගශීලීව ඉස්සරහට එන්න ඕනේ රට වෙනුවෙන්. සමහරක් කෙනෙකුට සමහර දේවල් හුඟක් දේවල් අහිමි වෙන්න පුළුවන්. හැබැයි රට වෙනුවෙන් හිත හදා ගන්න වෙනවා. මම දැක්ක සනත් නන්දසිරි කියලා තියෙනවා එයා “මගේ රටට දළදා හිමි සරණයි” සින්දුව කියන කොට කොහෙද රටකදී, මුළු audience එකම නැගිට්ටලු. ඊට පස්සේ සින්දුව ඉවර වෙනකම් හිටගෙන හිටියලු. දන්නවද විමල්, පිටරට ඉන්න සිංහලයෝ ටික ලංකාවට ආවනම්, මේ ආණ්ඩුව පලවෙනි අවුරුද්දෙම ගෙදර යවන්න තිබ්බ. වැඩක් කරමු 2019 දී. විමල් මම කියන්න හිටියේ 2020 වෙනකම් ඉන්න බැහැ. 2019 තමයි ලංකාවට තීරණාත්මක. ඒ හින්ද “අන්තිම සටනට සැරසෙමු”. මේ පාර ඔයා තනියම නෙමෙයි, ඔයා එක්ක ගොඩක් හිටගන්නවා එකට. වේදිකාවට අළුත් මූණු. ඉස්සර නම් දේශපාලකයෝ වේදිකාවට ගේන්නේ නළු නිලියන්වනේ. ඒක වෙනස් කරමු. හැම දේටම දේශපාලනය ගාවන නිසා මිනිස්සු එන්න කැමති නැහැ. දේශපාලනයෙන් තොර වේදිකාවක් හදලා පිටරට ඉන්න හාමුදුරුවරුන්ට සහ පිටරට සිංහල සංවිධාන වල සිංහලයන්ට එන්න කියමු රට වෙනුවෙන්. පස්සේ ආපහු යන්න පුළුවන් ඒගොල්ලන්ට. මහනායක හාමුදුරුවරුන්ට සහ මහජනතාවට පුළුවන් වෙන්න ඕනේ මේ මුල ටිකෙන් රට බේරා ගන්න. අමාරු කොටසට උර දෙන්න මිනිස්සු ඉන්නවා.

    (මම අර උඩ ඉංග්‍රීසියෙන් ලියපු එකේ වැරදි තියෙනව, are කියන්න ඕනේ තැන is කියලා. their කියන්න ඕනේ තැන there කියලා. මම ඒක කෙලින්ම comment box එකට type කලේ ආයේ කියැව්වේ නැහැ.)

  4. Champa Reply

    “ජාතික සංහිඳියාව” වෙනුවෙන් ත්‍රෛභාෂා පාසලක් හදන්න ලංකාවේ ජනාධිපතිතුමා ඉන්දියාවෙන් ආධාර ඉල්ලුවලු. ඉන්දීයන මහා කොමසාරිස් මුල්ගල තිබ්බලු. මට හිනා යන හින්දා type කර ගන්නත් බැහැ. ඒකෙ කොහෙවත් කියලා නැහැ භාෂා තුන මොකක්ද කියලා. මම හිතන්නේ දෙමල, හින්දි සහ ඉංග්‍රීසි වෙන්න ඇති. තමන්ගේ රටේ ජාතික සංහිඳියාවට වෙන රටකින් ආධාර ඉල්ලන ලෝකේ එකම රට. මුන්ට නම් අමු කැවිලා දෙයියනේ.

    පිටරටවල් දැන් පැන පැන ව්‍යවස්ථා සංශෝධනයට උදව් කරන්න ඉල්ලන එක පුදුමයක් නෙමෙයි. එහෙම ඉල්ලන එක ගැන අපේ රට මොන තරම් ලජ්ජා වෙන්න ඕනෙද?

    කිසිම ජාතිකයකට යටත් නොවී කොන්ද කෙලින් තියාගෙන හිටපු අපේ රට. බ්‍රිතාන්‍ය මහාධිරාජ්‍යයට යටත් වෙලා ඉඳලත් අපේ මිනිස්සු කොන්ද කෙලින් තියාගෙන හිටිය. නිකම් හිටියෙත් නැහැ, කැරලි ගැහැව්වා. ෂිකේ මේ වගේ ලංකාව දීන, නිවට වුනු කාලයක් කවදාවත් තිබුනේ නැහැ.

  5. Champa Reply

    පවු අනේ අගමැතිතුමා, පන්සල් ගානේ යන්නේ, දේවාල ගානේ යන්නේ අපලයක් නිසාලු. මුකුත් කියන්න හොඳ නැහැ. ලංකාවේ හැමෝම ඔහොම කරනවා. අසරණ වුනහම මිනිස්සු පන්සල් වල, දෙවියන්ගේ පිහිට පතනවා. මමත් එහෙම කරලා තියෙනව. හැබැයි මට නම් දෙයියො පිහිට වුනේ වැඳපු කාලේ නෙමෙයි, කේන්ති ගිහිල්ල වැඳ වැඳ හිටපු දෙයියන්ගේ පින්තූරේ අරන් කුඩුවෙන්න බිත්තියේ ගහපු දවසට පස්සේ දවසේ. (I am not joking.)

    කේන්ති ගිහින් සමහර වෙලාවට මම කිව්වට මහ බැංකුව කොල්ල කෑවට රනිල් හිරේ යන්න ඕනේ කියලා, කවුරුවත් හිරේ යනවට මම කැමති නැහැ. කාන්තාවන්ට දරුවන්ට අතවර කරන මිනිස්සුන්ට, අනුන්ට වද හිංසා කරන මිනිස්සුන්ට සහ මිනීමරුවන්ට හැර අනිත් වැරදි කරන මිනිස්සුන්ට ශාරීරික මානසික වද හිංසා දෙන විදියට හිර ගෙවල් වලට දානවට මට කණගාටු හිතෙනවා. කරන්න ඕනේ හිරේ ඉන්න කාලේ ඒ මිනිස්සුන්ව පුනරුත්ථාපනය කරන එක.

  6. Champa Reply

    පවු අනේ අගමැතිතුමා, පන්සල් ගානේ යන්නේ, දේවාල ගානේ යන්නේ අපලයක් නිසාලු. මුකුත් කියන්න හොඳ නැහැ. ලංකාවේ හැමෝම ඔහොම කරනවා. අසරණ වුනහම මිනිස්සු පන්සල් වල, දෙවියන්ගේ පිහිට පතනවා. මමත් එහෙම කරලා තියෙනව. හැබැයි මට නම් දෙයියො පිහිට වුනේ වැඳපු කාලේ නෙමෙයි, කේන්ති ගිහිල්ල වැඳ වැඳ හිටපු දෙයියන්ගේ පින්තූරේ අරන් කුඩුවෙන්න බිත්තියේ ගහපු දවසට පස්සේ දවසේ. (I am not joking.)

    කේන්ති ගිහින් සමහර වෙලාවට මම කිව්වට මහ බැංකුව කොල්ල කෑවට රනිල් හිරේ යන්න ඕනේ කියලා, කවුරුවත් හිරේ යනවට මම කැමති නැහැ. කාන්තාවන්ට දරුවන්ට අතවර කරන මිනිස්සුන්ට, අනුන්ට වද හිංසා කරන මිනිස්සුන්ට සහ මිනීමරුවන්ට හැර අනිත් වැරදි කරන මිනිස්සුන්ට ශාරීරික මානසික වද හිංසා දෙන විදියට හිර ගෙවල් වලට දානවට මට කණගාටු හිතෙනවා. කරන්න ඕනේ හිරේ ඉන්න කාලේ ඒ මිනිස්සුන්ව පුනරුත්ථාපනය කරන එක.

    • Champa Reply

      Oh, this is repetition.

  7. Champa Reply

    තලතා කියලා තියෙනවා දේශපාලකයන්ට ඕනේ විදියට සිංහල බෞද්ධ බලයක් හොද නැගෙන්න ඉඩ දෙන්න බැහැලු. (මීට සමාන වචන)

    එයා කොහොමද එහෙම කියන්නේ? අනිවාර්යයෙන්ම සිංහල බෞද්ධ බලයක් මේ රටේ ගොඩ නැඟෙනවා. රටයි හමුදාවයි පාවා දීපු LTTE diaspora සල්ලි වලටයි දෙමල මුස්ලිම් ජාතිවාදීන්ටයි බෙදුම්වාදීන්ටයි රට පාවා දීපු එවුන්ට අනිවාර්යයෙන්ම පාඩමක් උගන්වනවා. ඒක නවත්තන්න හම්බ වෙන්නේ නැහැ. එක බෞද්ධයෙක් ආපහු මේ ආණ්ඩුවට චන්දෙ දෙන්නේ නැහැ. එහෙම දෙන්න ඉඩ දෙන්නෙත් නැහැ. අපේ ඉවසීම ආණ්ඩුව හිතා ඉන්නේ දුර්වලකමක් විදියට. අපි දැන් 2015ට වඩා ශක්තිමත් බව ආණ්ඩුව තවම දන්නේ නැහැ.

    විමල් අපි හැම තිස්සෙම විකල්පයකට ලැස්ති වෙලා ඉන්න ඕනේ. මම ඔයාට මේක 2015 හිටන් කියනව. ඔයා හිරේ දැම්මොත් ඒ තැන ගන්න වෙන කෙනෙක් ඉන්න ඕනේ. ලබන අවුරුද්දේ මම ඔයාට කතා කරනවා. දැන්ම වේලාසන වැඩියි. ඔයා 2019/2020 හිට ගන්න යන්නේ කා එක්කද කියලා මම දන්නේ නැහැ. මගේ තීරණයට ඉස්සෙල්ල මම දැන ගන්න ඕනේ ඔයා අරන් තීරණ මොනවාද කියලා. මම ඔයත් එක්ක හුඟක් කල් ඉඳන් ඉන්නවා. එහෙම නොවුනා නම් මම ඔයාට කතා කරන්නේ නැහැ. You are very special to me. නැත්නම් මම කවදාවත් අනුන්ගෙන් අහලා වැඩ කරන කෙනෙක් නෙමෙයි.

  8. Champa Reply

    රනිල් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න තරම් නිර්භය වුනේ මහින්දයි ඒකාබද්ධ විපක්ෂෙයි ඒකට සහයෝගය දෙන නිසා, දෙමල මුස්ලිම් චන්ද ගන්න. ඒකාබද්ධ විපක්ෂෙ unitary කතාවයි බුද්ධාගමයි ගැන කිය කිය මිනිස්සුන්ව නොමඟ යවනවා. Sorry විමල් මම හිතන්නේ මම මේවා කලිනුත් කීප සැරයක් ලිව්වා නේද? මක් කරන්නද? මට හරිම කේන්තියි.

    මම මේක කලිනුත් කිව්වා, මහින්දයි ඒකාබද්ධ විපක්ෂෙයි රනිල් එක්ක එකතු වෙනවා ඊළඟ චන්දෙදි. JVP එකත් එකතු වෙනවා. මොනවා කලත් පරදිනවා. හැබැයි අනිත් පැත්තට මේ පාර්ලිමේන්තුවේ කාලේ දික් කරගන්න යටින් ගේමකුත් යයි. ඒවාට නම් බය වෙන්න දෙයක් නැහැ. එහෙම වුනොත් ඒකට මුළු රටෙන්ම ලොකු විරෝධයක් එනවා. අපිට කරන්න වැඩි වැඩක් නැතිවෙයි, දෙබරෙට ගලක් ගහන්න විතරයි තියෙන්නේ. අද මල් තියන මිනිස්සුම තමයි හෙට ඒගොල්ලන්ට ගල් ගහන්නෙත්. එහෙම වෙන විදියට වැඩ සිද්ධ වෙයි.

  9. Champa Reply

    තරහකාරයො වැරදි කරනකොට අහක බලන් නොදැක්ක වගේ ඉන්න කියලා කතාවක් කියනවා. ඒ වුනාට මේක කියන්න හිතුව.

    හැබැයි පරණ තැටියක්. බැසිල් ආවේ JO එකේ බලය නැති කරන්න. SLFP එක කඩන්න. මෝඩ මහින්ද අහුවුනා. බැසිල් මහින්දව රනිල් එක්ක deal එකකට අරන් ගියා. SLPP හැදුව. ඔක්කොම කලේ SLFP එකේ චන්ද ටික කඩන්න. වැඩේ හරි. මොනවා කලත් SLFP එක ආයේ ඔලුව උස්සන්නේ නැහැ, ඒ කියන්නේ ආණ්ඩුවක් පිහිටුවන්න තරම් seats හම්බ වෙන්නේ නැහැ. 2015 රනිල් කරන්න හැදුවේ 20 වෙනි සංශෝධනය අප්‍රේල් මාසෙට ඉස්සෙල්ල ගෙනැල්ල ශ්‍රී ලංකා එකට ආසන 30ක් විතර වෙන්න boundary delimitation manipulate කරලා චන්දෙ අප්‍රේල් මාසේ තියල තනි UNP ආණ්ඩුවක් හදලා විධායක ජනාධිපති අයින් කරලා අගමැති විදියට තමන්ට විධායක බලතල ගන්න. ඊට පස්සේ අවුරුද 10/12ක් එක දිගට රට පාලනය කරන්න. වැඩේ වැරදුනා දෙකක් නිසා, එකක් ආණ්ඩුව බලාපොරොත්තු නොවුණු විමල්ගේ පෙබරවාරි ජනගඟ සහ 20 වෙනි සංශෝධනයට UPFA එක අකමැති වීම.

    දැන් බැසිල් හමුදාවේ කීයක් හරි චන්ද මහින්දට ලැබෙන්න තිබුනා නම් එකත් කැඩුවා හමුදාව තනි තනිව යුධ අපරාධ කළා කියලා. යාපනේට ගිහින් එක කිව්වේ මහින්දට දෙමල චන්ද අරන් දෙන්න වගේ පෙන්වන්න. හැබැයි දෙමල මිනිස්සු මහින්දට ආයේ චන්දෙ දෙන්නේ නැහැ, diaspora එක විරුද්ධ නිසා. දැන් මහින්දට දෙමල චන්දත් නැහැ හමුදාවේ චන්දත් නැහැ. පහුගිය දවස් වල රාජපක්ෂලා තමන් බේරිලා හමුදාවේ තනි තනි නිලධාරීන්ව හිරේ දාන්න හදපු එකෙන් තේරෙනව ඒගොල්ලන්ගේ ආත්මාර්ථකාමී කම. ඔත්තු සේවා නිලධාරීන් බිල්ලට දීලා තියෙන්නේ ඒ නිසා. කොහොමත් හමුදාවේ චන්ද රනිල්ටවත් මහින්දටවත් ආයේ හම්බ වෙන්නේ නැහැ.

    බැසිල් දන්නවා ශ්‍රීලංකා එකේ එයාට අනාගතයක් නැහැ කියලා. මොකොද ශ්‍රීලංකා කාරයෝ බැසිල්ට කැමති නැති නිසා. රනිලුයි බැසිලුයි දැන් හිතා ඉන්නේ pitch එක තනියම UNP එකට කියල. එහෙමද? නැහැ. හැබැයි එහෙම හිතන්න ඉඩ අරිමු. ඔක්කොම තුරුම්පු මෙසේ උඩට වීසි කරන සිරිතක් මට නැහැ.

    ඔයා මහින්ද ගැන මොනා හිතුවත් රාජපක්ෂලා කියන්නේ අන්තිම ආත්මාර්ථකාමී ජාතියක්. ඊළඟට බලය හම්බ වෙනවා නම් ෆෙඩරල්ම නොවෙන නමුත් උතුර සහ නැගෙනහිර දෙමල සහ මුස්ලිම් ජාතීන්ට වැඩි බලයක් ස්ථිර ලෙස හම්බ වෙන විදියේ deal එකකට යනවා. රනිල්ගේ ෆෙඩරල් ව්‍යවස්ථාවට රාජපක්ෂලා මුල ඉඳන්ම support බල තණ්හාව නිසා.

    රනිල්ට/මෛත්‍රීට support කලාට diaspora එක සහ TNA එක හිතපු තරම් වැඩේ ලේසි වුනේ නැත්තේ මහනායක හාමුදුරුවරු ඇතුළුව මහා සංඝරත්නය ඒකට එරෙහිව තදින් ඉන්න නිසා. දන්නවද විමල් ඔයා පෙබරවාරි හදපු මහ ජන පවුර තමයි හාමුදුරුවරුන්ටත් ශක්තියක් වුනේ. එදා නුගේගොඩට ආපු සෙනඟ කන්දරාවට තමයි සිංහලයන්ගේ ඇඟේ ලේ රත් වුනේ. ඊළඟ චන්දෙන් පස්සේ මුළු රටම හතර අතට බෙදිලා විනාශ වෙලා යනවා තුන්වෙනි බලවේගයක් ආවේ නැත්නම්. මහින්දලා ආයේ බලයට එන්නේ නැහැ. තුන්වෙනි බලවේගයක් ආවොත් රනිලුත් මේක දාල යනවා, බලන්නකො. එයාට තේරෙනව දිනන්න බැහැ කියලා. එකක් තියෙන්නේ 2015 වගේ නෙමෙයි මහත්මයෙක් වගේ හැසිරෙනවා, මොකොද එයාට තේරෙනව සටනක් නැහැ කියල. තව එකක් තියෙනව කියන්න හැබැයි ඒක කිව්වොත් ඒක කරන්න ඉඩ තියෙනවා ඒ නිසා කියන්නේ නැහැ.

  10. Champa Reply

    අර අජිත් ප්‍රසන්න දැන් කතා කරන්නේ NGO කාරයෙක් වගේ නේද? හිනහත් යනව. JO එක මුස්ලිම් දෙමල චන්ද ගන්න ඕනේ කෙනෙක් පාවා දෙන්න ලෑස්තියි කියන එක නම් දැන් හොඳටම පෙන්වා.

  11. Champa Reply

    විමල්, අන්න ජනාධිපතිතුමා ඔයාට සී සාන්නයි පැල හිටුවන්නයි කතා කලා, කොළොඹ කලම්ඹන අයට උපවාස කරන අයට ඒවා නෙමෙයිලු කරන්න ඕනේ කඩුව අරන් එන්නලු ගොයම් කපන්න.

    මෙහෙ රනිල් රට බෙදන්න දඟලනවා, චන්දෙකට යන්නේ නැතුව දිගටම බලයේ ඉන්න දන්නා සෙල්ලම් නීති වලට හරවන වචන හරඹ දානව, රටේ හැම ආයතනයක්ම පෞද්ගලීකරණය කරනවා බොරු financial discipline කරන්න කියලා, මේ පොඩි ආයතන ඔක්කොම statutory boards පෞද්ගලීකරණය කරනවා අර යකා, මංගල. රෝමය ගිනි ගන්න කොට ජනාධිපතිතුමා කුඹුරට ගිහින් බට නලා වාදනය කරනවා. මදිවට කෑගහන මිනිස්සුන්ට එන්නලු ඒකට තාලෙ අල්ලන්න. ඇත්තටම විමල් මේගොල්ලෝ ඉස්සරත් මෙහෙමද? ඔයා අවුරුදු 30ක් විතර දේශපාලනේ ඉන්නවනෙ. මේ ඇත්තටම මුන්ගෙ හැටිද, නැතනම් අන්දකයිප්පු කැවිලද?

    (Do you know, government didn’t sign the Nuclear Weapons Treaty. A big diplomatic blunder. But I said the opposite, I said somewhere, yeah yeah no need to sign. Why should we. Because I want Mangala to make blunders. We should not disturb a traitor like Mangala when he makes mistakes.)

  12. Champa Reply

    If the President is wise, this is the best time for him to assert himself and build the confidence among people. Hope he knows how.

    Wimal, the House was half empty on the day of the 70th Celebrations. It is not a political event. All MPP should have attended the event. I am surprised of the attitude of our people. I don’t know, may be Ranil and the UNP conspired to keep the House half empty to show the world that the President has no support in the Parliament and that he is unpopular. Do you know what I mean? If he is popular, everybody would have attended right, may be that is the message Ranil and the gang wanted to present to the world. Poor President. Sometimes I feel sorry for him. Other than the organized smear campaign launch by Rajapaksa clan on social media, people are less critical of the President than PM. But the picture is the opposite. President should know that Ranil is hoodwinking him. Ranil uses a bait only once. He will never go for an alliance with the President again. Ranil and Basil are the same they will betray anything or anybody to retain or gain power.

    President’s only saviours are Buddhist priests and the public. He should not let his position be weakened. There is a golden opportunity to assert his base and trust among Sinhalese. Let’s see whether he will see it.

  13. Champa Reply

    ලියම් දෝ නොලියම් දෝ කියලා හිතපු comment එකක් තියෙනව අර කිසි ජීවයක් ප්‍රාණයක් නැති, කිසි ආවේගයක් දැනෙන්නේ නැති toffee වර්ගයක් විකුනන්න දාන වෙළඳ දැන්වීමක් වගේ දාල තියෙන විමල්ගෙ පින්තූරේ නැති poster එක දැක්කහම. කවුද ඒ වෙළඳ දැන්වීමේ (sorry, poster එකේ) නිර්මාතෘ? JVP එකද ආණ්ඩුවද නැත්නම් විමල්ගෙ ජනප්‍රියත්වයට 2015 ඉඳන් බය වෙලා ඉන්න Rajapaksa clan එකද? ඉතුරු ටික ලියනවද නැත්ද? තාම හිතනව.

    ඒක නෙමෙයි විමල්, දැක්කද ගැලරියේ හූ හඬ මැද්දේ එක දවසෙන් වීසි වෙච්ච හම්බන්තොට බාල චිත්‍රපටිය?

    • Champa Reply

      Sorry I miss the best part.

      දැක්කද ගැලරියේ හූ හඬ මැද්දේ එක දවසෙන් වීසි වෙච්ච හම්බන්තොට බාල චිත්‍රපටිය? Hambantota Hindi Movie? No, actually, Sino-Indian dumb movie? (Sorry Mr. former President)

  14. Champa Reply

    කෝ විමල් ඔයාගේ සටන් පාඨ? හොරු ගත්තද? “ජාතික සමුළුව” ඒකද ව්‍යවස්ථාවට එරෙහි නම? “රට රකින්න පෙරට එන්න” චැක්. කිසි ගැම්මක් නැති වචන ටිකක්. ලේ රත් වෙනවා වෙනුවට ඔක්කාරෙට එනවා. ඔතන ඉන්න ඔක්කොම ෂුවර්ද, ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා? ඇත්තට කෝ අනේ ඔයාගේ වචන set එක?

    “මාතෘභූමියේ ගමනක අවසානයට එරෙහි ජාතික සටනට එකතු වෙන්න”
    “වහලුන් මෙන් යටත්වෙනවාද, විරුවන් මෙන් සටන් කරනවාද”
    “මාතෘ භූමියේ ඒකීය භාවයද, බෙදුනු රටක ගැතිභාවයද? ඔබේ තේරීම මේ මව් පොළොවේ අනාගතයයි”
    “අධිරාජ්‍යවාදී ව්‍යවස්ථාවක ගැත්තන් නොවී, මාතෘභූමියේ ඒකීය භාවය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් වදිමු.”

    “දෙපා තබන මව් පොලොවට ඔබෙ ණයගැති බව සිහිකර – ලක් මෑණිව සුරකින්නට එක හඬින් වරෙව්”
    “සිංහල රජවරු රැකි රට රණවිරුවන් පණ දුන් රට – සිංහල ලේ වල සවියෙන් දිරි අරන් වරෙව්”
    “දිනා දුන්නු මේ මව්බිම රැක ගැනීම ඔබෙ යුතුකම – රට වෙනුවෙන් පණ දෙන්නට සැරසිලා වරෙව්”
    “හුස්ම පොවා ලක් මෑණිට හුස්ම තියෙන තුරු රැකගමු – හුස්ම වැටෙන සිංහලයන් හැමදෙනා වරෙව්”

    ඉකේ විමල්, බලන්න මම මුළු ජීවිත කාලෙම රස්සාව කලේ ඉංග්‍රීසි භාෂාවෙන්. සමහර ලස්සන සිංහල වචන ඉගෙන ගත්තෙන් ඔයාගෙන්. ඒ වුනාට මටත් මේ විදියට ලියන්න වචන එනවා ආවේගයක් ආවහම. ඇයි වෙනදා වගේ මිනිස්සුන්ට ආවේගයක් එන වචන පාවිච්චි කලේ නැත්තේ? “රට රකින්න පෙරට එන්න” – චික්, පණ්ඩිතයා.

    හොඳට මතක තියාගන්න විමල්, රට බෙදන ව්‍යවස්ථාවට විරුද්ධ එකම දේශපාලන නායකයා ඔබ. අනිත් පැත්තෙන් හාමුදුරුවරු සහ තව ලක්ෂ ගණන් මිනිස්සු විරුද්ධ වුනාට, ව්‍යවස්ථාවට විරුද්ධ මහා සංඝරත්නයේ සහ මහජනතාවගේ හඬට අභීත නායකත්වයක් දෙන්න ඉන්න එකම දේශප්‍රේමී දේශපාලන නායකයා ඔබ. ලක්ෂ 15ක සිංහල ජනතාවක් රට බේරා ගනියි කියලා ඔබ ගැන විශාල බලාපොරොත්තු තියාගෙන ඉන්නවා කියන එක අමතක කරන්න එපා. ඔබේ නායකත්වයට විතරයි පාට පක්ෂ භේදයක් නැතුව මුළු රටම එක තැනකට ගන්න පුළුවන්. ඔබට මීට වඩා හොඳට මේක කරන්න තිබුන. ඔබත් මෙහෙම කරන කොට අපි කා ගැනද බලාපොරොත්තු තියන්නේ විමල්?

    • Champa Reply

      මේ comment එකට තරහද විමල්? හිත රිදුනද? Sorry හොඳද. විමල්ගේ පින්තූරේ නැති අර පොස්ටරේට මගේ හිත නරක් වුනා. මට තේරෙනව වෙලා තියෙන දේ. දේශපාලනයේ ඉන්න හුඟක් මිනිස්සු තමන් අද ඉන්න තැනට ආවේ කා නිසාද, අද ඔහොම ඉන්න පුළුවන් වුනේ කා නිසාද, තමන් වැටුණු වෙලාවල නැගිටින්න උර දුන්නේ කා නිසාද කියන එක අමතක කරනවා තමන් establish වෙලා කියලා හිතුවට පස්සේ. JVP එකට වුනෙත් ඒක. විමල් දිවා රෑ නොබලා ප්‍රචාරක ලේකම් විදියට වැඩ කරලා JVP එකට ඇලවිලා තිබුණු මිනීමරු ලේබල් එක නොගලවන්න JVP එක කවදාවත් නැගිටින්නේ නැහැ. එදා ආසන 39 තිබ්බ පතාක යෝධයෙක් වගේ හිටපු JVP එක විමල්ට කරපු අසාධාරණේට පස්සේ අද 6කට වැටිලා තියෙන එක තමයි ඇස් පනාපිටම පෙන උදාහරණේ. තවත් උදාහරණ තියෙනවා. ඉස්සරහට පෙනෙයි.

      ජාතික නිදහස් පෙරමුණ දේශපාලනේට ආවේ ඊයේ පෙරේද හැබැයි විමල් රට වෙනුවෙන් කරපු භූමිකාව පටන් ගත්තේ අවුරුදු 28කට 29කට ඉස්සෙල්ල. විමල්ගෙ පක්ෂේ රට වෙනුවෙන් පෙනී හිටියේ විමල් ජාතිකත්ව දේශප්‍රේමී දේශපාලනයට නායකත්වය දෙන ප්‍රතිපත්ති ගරුක දේශපාලකයෙක් නිසා. විමල් වෙනුවෙට එතැන අනුර කුමාර වගේ කෙනෙක් හිටිය නම් ජාතික නිදහස් පෙරමුණත් මෙලහට අලියාගේ නැට්ටේ එල්ලිලා.

      විමල්ගේ පිහිටෙන් චන්දෙ අරන් පාර්ලිමේන්තු (?), පළාත් සභා ගිය මිනිස්සු, පළාත් පාලන දේශපාලනයට ආපු සමහරු වාසි තකා පස්සේ ශ්‍රීලංකා එකට එකතු වුනා. ඉස්සරහටත් ඒවා වෙයි. හැබැයි එක්‌කෙනෙක් වගේ ඇරුනු කොට පක්ෂේ අතාරපු, විමල්ට විරුද්ධව ගිය වැඩි දෙනෙකුට යන එන මං නැති වුනා. ඉස්සරහටත් එහෙම වෙනවා. හැබැයි ඊළඟ පාර සිද්ධ වෙන්නේ ඒකෙ අනිත් පැත්ත. දැන් කියන්නේ නැහැ විමල් මාත් එක්ක තරහ වෙන්න පුළුවන් නිසා. හැබැයි ඒක වෙනවාමයි.

  15. Champa Reply

    කියන්න හිටපු එක අමතක වුණානෙ.

    අර වාහන වලට දෙන high tech number plates එකට අනිවාර්යයෙන්ම විරුද්ධ වෙන්න ඕනේ. ඒක තනිකරම මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට තියෙන අයිතිය උල්ලංඝනය කිරීමක්. අනිත් අතට මිනිස්සුන්ගේ ජීවිතාරක්ෂාවට විශේෂයෙන් දේශපාලකයන්ගේ ජීව්ත ආරක්ෂාවට බරපතල තර්ජනයක්.

    ඩොලර් මිටියකට තමන්ගේ රට පාවලා දෙන අලුගුත්තේරුවො ඉන්න රටක, ඩොලර් මිටියකට මේ වාහන detect කරන්න පුළුවන් frequency එක දුන්නොත් ත්‍රස්තවාදියෙකුට විතරක් නෙමෙයි පාතාල කල්ලියකට අපරධාකරයෙකුට වුනත් ඕනේ කෙනෙක් ලේසියෙන්ම ඝාතනය කරන්න් පුළුවන්.

    හුඟක් අපරාධ තියෙන සමහර රටවල මේ number plate එක දෙනවා diplomatic vehicles වලට, ඒ කියන්නේ හදිසියේ වාහනේ නැති වුනොත්, හොරකම් කලොත් තියෙන තැන හොයා ගන්න.

    එහෙම නැතුව මේ විදයට තමන්ගේ වාහනේ යන තැන හොයා ගන්න පුළුවන් වෙන එක, follow කරන්න පුළුවන් වෙන එක දේශපාලකයන්ට විතරක් නෙමෙයි සාමාන්‍ය මිනිහෙකුට වුනත් හරිම භයානකයි. මම නම් කැමති නැහැ ආණ්ඩුව මං යන එන තැන් දැනගන්නවට. යකාගේ වැඩක් නේ කෝ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වීමේ අයිතිය? මෙහෙම කලාම පාරට බහින කොට බයයි ආයේ ගෙදර එයිද කියලා. Easy target. මිනිස්සු මේවාට එක හෙලා විරුද්ධ වෙන්න ඕනේ. කලින් අර e-ID එක දැන් මේක. මංගල කරන්න හදන්නේ මුළු රටේම ආරක්ෂක, ආර්ථික සහ පුද්ගලයන්ගේ හැම පෞද්ගලික විස්තරයක්ම ඩොලර් මිටියකට දෙකකට පිටරටවලට, LTTE diaspora එකට, ISIS එකට පහසුවෙන් ලබා ගන්න පුළුවන් ක්‍රම හදලා දෙන්න. තමන්ගේ රටට එරෙහි මිනිහෙක් මිසක් වෙන කෙනෙක් නම් කවදාවත් මේ දේවල් කරනවා තියා හිතන්නෙවත් නැහැ. මේක කලොත් ලේසියෙන්ම ඊළඟ චන්දෙට ඉස්සෙල්ල රටේ දේශපාලන නායකයෝ කිහිප දෙනෙක් වාහන අනතුරු, වෙඩි ප්‍රහාර වලට ලක් වෙයි.

    ලංකාවේ දැනට පේන හැටියට වැඩිම ජීවිත තර්ජනේ තියෙන්නේ President ට. Second you.

Leave a Reply

*