BREAKING NEWS

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් පොත් මිලදී ගැනීමට ලක්ෂ ගනනින් ජනතාව සහභාගී වන බවට ප්‍රවෘත්ති වාර්තා පළ වුණත් ඉන් වැඩිපුරම මිලදී ගන්නේ කොපිපොත් බව ඉදිකිරීම් ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි

ජාත්‍යාන්තර පොත් ප්‍රදර්ශනයෙන් පොත් මිලදී ගැනීමට ලක්ෂ ගනනින් ජනතාව සහභාගී වන බවට ප්‍රවෘත්ති වාර්තා පළ වුණත් ඉන් වැඩිපුරම මිලදී ගන්නේ කොපිපොත් බව ඉදිකිරීම් ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ “ කැළණි සිතුවිලි දියවර 2014“ ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි. එම උත්සවය අද (03) දින මාලඹේ පිහිටි කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

පංචායුධ පදනමේ පූර්ණ අනුග්‍රහයෙන් සංවිධානය කරනු ලැබූමෙම සාහිත්‍ය කලා මහෝත්සවය කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්විණි.

මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය මහත්මා විසින් ආරාධිත දේශනය පවත්වනු ලැබීය.

මෙහිදී කලාකරුවන් කිහිපදෙනෙකුට අමාත්‍යතුමා අතින් සමරු තිළිණ ප්‍රදානය කෙරිණි.

මේ අවස්ථාවට බස්නාහිර පළාත්සභා මන්ත්‍රීවරුන් වන රොජර් සෙනෙවිරත්න, හෙක්ටර් බෙත්මගේ, කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල්, කඩුවෙල සහකාර ප්‍රාදේශීය ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ යන මහත්වරු, කලාකරුවෝ, සම්මාන ලාභීහු, පාසල් ශීෂ්‍ය ශිෂ්‍යාවෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

NMD_2690 NMD_2712 NMD_2725 NMD_2794

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Indunil Chinthaka Reply

    මහත්මයාණනි ඔබ සැබවින්ම උදාර මහත්මයෙකි කළගුණ දන්නා උතුම් මිනිසෙකි මහින්ද මහතා ජනාධිපති වූ රටක ඔබ අගමැති උනානම් අපි කෙතරම් වාසනාවන්තද බාධක මැඞගෙන නොනැවතී ඉදිරියට යමු අප ඔබ සමගයි සැමදා

Leave a Reply

*