BREAKING NEWS

ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට එරෙහි පෙත්සමට අත්සන් තැබීම රණවිරුවන් දිනාදුන් සාමය භුක්ති විඳින සැමගේ වගකීමක්!

_DSC0106ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට සහ රණවිරු දඩයමට එරෙහි අත්සන් දශලක්‍ෂයේ පෙත්සමට අත්සන් තැබීම රණවිරුවන් දිනාදුන් සාමය භුක්ති විඳින මෙරට සියලූ ජනතාවගේ වගකීමක් බව විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද(09) රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ අත්සන් දශලක්‍ෂයේ පෙත්සමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ් අත්සන් ලබාගැනීමට එම රථ පෙළපාලිය පාර්ලිමේන්තුවේ ජයන්තිපුර පිවිසුම අසලට පැමිණි අවස්ථාවේදී එයට අත්සන් තැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

‘‘මේ වන විට ජිනීවාවලදී විදේශ අමාත්‍යවරයා එකග වූ පරිදි විදේශීය විනිසුරන් සහිත දෙමුහුන් යුද අපරාධ අධිකරණයක් පිහිටුවලා මේ රට බේරාගත් රණවිරුවන් බිලිගැනීමට අවශ්‍ය සියලූ ක‍්‍රියාමාර්ග ගැනෙමින් තිබෙනවා. එම කටයුතුවල ප‍්‍රගතිය පිළිබඳව විමසා බැලීමටයි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත්තේ. දෙමුහුන් යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමේ කටයුතු වේගවත් කිරීම සඳහා ඔහුගේ නිර්දේශය පරිදි විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමටත් මේ ආණ්ඩුව පියවර ගෙන තිබෙනවා. දැනටමත් බුද්ධි අංශ නිලධාරීන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන මිනීමැරුම් චෝදනා නගා බන්ධනාගාරගත කොට තිබෙනවා. තවත් නාවික හමුදා සහ යුද හමුදා නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරමින් සිටිනවා. මේ රණවිරු දඩයමට එරෙහිව අත්සන් දශලක්‍ෂයේ පෙත්සමට අත්සන් තබන ලෙස රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ආරාධනාකර තිබුණා. එම ආරාධනය පිළිගෙන ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ප‍්‍රමුඛ අපි සියලූ දෙනා මෙම ස්ථානයට පැමිණියා. ‘‘ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණ එපා! රණවිරු දඩයම නවතනු!’’ කියන තේමාව යටතේ අත්සන් තැබෙන මෙම පෙත්සමට අපි අත්සන් තැබුවා. එය මේ රටට ආදරය කරන අප සැමගේ වගකීමක්. මේ රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරලා රට බේරාදුන් නිසයි අපි අද නිදහසේ ජීවත් වෙන්නේ’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.02.09

_DSC0066 _DSC0103 _DSC0132


About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Related Posts

Leave a Reply

*